අපි හොදයි කිව්වට ඒ මිනිස්සු ඒ භාෂා වලින් අපිට වඩා ඉහලට ගිහින් නැද්ද.
මං කියන්නෙ භාෂාව ගැන බන්.
වටකුරු ලස්සන, ශබ්ද නෙමේ බන් පාවිච්චි කරලා කරන දේවල්.
අපි සිංහල හොදයි කිව්වට සමහර තේරුම් අපිට වඩා හොදට ඉංග්‍රීසි භාෂාවේ එක්ස්ප්‍රස් කරන්න පුලුන්වන්. (ආදරය, සමහර තේරුම්.)
උදා : අපිට ඔක්කොම හොරු, හැබැයි ඉංග්‍රීසි වල හොරු ජාති ගොඩයි.
i like you කිව්වොත් සිංහලෙන් අහපු එකා බලනවා මු මොකටද එන්නේ කියල. සුද්දෙකුට කිව්වොත්, එක ගොඩක් වෙලාවට තව යාලුවෙක් හදාගනිල්ලක්.
මම දකින විදිහට නම් අපි අපේ දේ හොදයි කියනවා. වැරද්දක් නෑ. හැබැයි අනිත් දේවල් ඉගෙනගත්තාම ඒවයෙත් අපේ ඒවායේ නැති හොද දේවල් තියනවා.....
