පවතින අධික වියලි කාලගුණයත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීමේ ගැටළු පැනනැගී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එහි සභාපති කරුණාදාස හෙටිටආරච්චි ප්‍රකාශ කළේ මාතර, මහනුවර හා ගම්පහ දිස්ත්‍රික්කවලට මෙහි වැඩි බලපෑම එල්ල වී ඇති බවය.
මේ හේතුවෙන් මණ්ඩලය මගින් සැපයෙන් ජලය වාහන සේදීම හා මල්පැල ආදියට යෙදීම හැකිතාක් අවම කරන ලෙස සභාපතිවරයා ජල පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
පවතින තත්ත්වය මත ජලය සැපයීම සීමාකර ඇත්දැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කරුණාදාස හෙටිටආරච්චිගෙන් අප විමසීමක් කළේය.
ඔහු පැවසුවේ මේ වනවිට ජල සැපයුම සීමාකර නොමැති බවය.
NF