රෝහිත මුණසිංහ සුප්‍රකට ලේඛකයෙකි. ඔහු ජවිපෙ හිටපු ක්‍රියාධරයෙකි. මීට මාස කීපයකට උඩදී මට රෝහිත මුණසිංහව ප්‍රංශයේ පැරිස් නගරයේදී හමු විය. පහත සාකච්ඡාව හරහා ඔහු ජවිපෙ අභ්‍යන්තරය පිලිබඳව කතා කරයි.
එය හේතූන් කිහිපයක එකතුවෙන් සිදුවෙන්නක්. මම හැදුනේ වැඩුණේ විශාල ඥාති මිත්‍රාදීන් පිරිසක් නිතර ආව ගිය දේශපාලන සංවාද ඇතිවුන මගේ මවගේ මහගෙදර. මේ පිරිසෙන් මගේ පියා ඇතුළු වැඩි දෙනෙකු ශ්‍රී,ල,නි,ප, පාක්ෂිකයෝ. කොමියුනිස්ට්, සමසමාජ අයත් හිටියා. මගේ පුංචි මාමා හබරාදුවේ “ප්‍රින්ස් ගුණසේකර” මහත්තය සමග දේශපාලනය කළ සමසමාජ කාරයෙක්. අපේ පරම්පරාවටම මම දැනගෙන හිටපු එකම යු,එන්,පී, කාරී මගේ අම්මා. මට මතකයි මහා මැතිවරණ වලදී අම්ම ජන්දේ දාන්න යනකොට මගේ ආච්චිලා අම්මට කියනවා “බත්ගොට්ටි, උඹ ඉතින් අලියට ගහල ඒවි. ඊට වැඩිය හොඳයි ගෙදරට වෙලා ඉඳපන්” කියල. යමක් කමක් තේරෙන කාලේ ඉඳලම මට හිතුනේ සමාජවාදය හොඳ දෙයක්. යු,එන්,පිය නරක මිනිස්සු ඉන්න පක්ෂයක් කියලයි. දෙවනුව, මම මාතර ශාන්ත තෝමසයේ 10 වැනි ශ්‍රේණියේ ඉන්න කොට ජවිපෙට සම්බන්ධ වුන යාලුවෙක් මගේ පන්තියේම හිටිය.( එයා 71 කැරැල්ල ට සම්බන්ධ වෙලා අතුරුදහන්ව ඉඳලා අවුරුදු 10 කට පස්සේ ජවිපෙ කළුතර දිසා ලේකම් ලෙස මට හමුවුණා. මම එතකොට වැලිගම සංවිධායක) තෙවනුව, පාසල් වියේ ඉඳලම මම සෝවියට් සාහිත්‍ය පොත පතට ආශක්ත වුණා. “වානේ පන්නරය ලැබූ හැටි” කියවලා “පාවෙල් කොර්චාගින්” වගේ අපේ රටත් සමාජවාදෙන් ගොඩ නගන්න ඇත්නම් කියල හිතුනා. වයස අවුරුදු 12 දී මගේ හොඳම යාලුවා උනේ හේවිසි ගහන පරම්පරාවක ළමයෙක්. දවසක් ඔහු අපේ ගෙදරට කැඳවා ගෙන ඇවිල්ල ඉස්තෝප්පුවේ ලොකු පුටුවක වාඩි කරවපු දවසේ මගේ වැඩිහිටියෝ මට දොස් කියපු වෙලාවේ මගේ හිත හොඳටම රිදුන. ඒත් මම යාළුකම අත් හරියේ නෑ.( ඔහු පිළිකාවක් හැදිලා වයස 40 දී විතර මියගියා. නැත්නම් අදටත් ඔහු මගේ හොඳම මිත්‍රය) එසේම, අපේ ගෙදර කිළුටු රෙදි ගෙනියන්න එන උස-මහත ඩොබි මාමට වාඩිවෙන්න පුටු භාගයක් දෙන කොටත් මගේ හිත තදට රිදුන. මම එයට විරෝධය ත් පෑවා. ඒ අභිමානවත් මනුස්සය හිටගෙනම ඉඳල ගියා මිසක් කවදාවත් පුංචි පුටුවේ වාඩි උනේ නැහැ. සිව්වෙනි හේතුව මම අත් දැකපු ඒ වගේ සමාජ අසාධාරණ වෙන්න ඇති. පස්වෙනුව, අපේ අසල් වැසියෙකුව හිටපු කොස්තාපල් කෙනෙක් පුද්ගලික කාරණාවකට මා සමග තරහ වෙලා මම චේගුවේර කාරයෙක් කියල හංවඩු ගැහුවා. හයවෙනුව, 1976 දී ගමනායක සහෝදරයා වැලිගම ට ඇවිල්ල අපේ ගෙවල් ළඟ පිට්ටනියේ රැස්වීමක් තිබ්බ. එතැනදී “කතරගම සිරිපාල නෙත්තිකුමාර” කියන හොඳ සහෝදරයා මට හම්බ වුණා. කොහොමටත් ඒ වෙනකොට මට විප්ලවවාදී ගාය හැදිලයි තිබුණේ.
2.ඔබ ජවිපෙ පූර්ණ කාලීනයෙකු වෙන්නේ කොහොමද?
මම එවිට අර්ධ කාලීනව වැඩ කළ සාමාජිකයෙක්. 1980 දී විතර පක්ෂයේ නායකයන්ගේ ගමන් බිමන් සඳහා කාර් කිහිපයක් ගත්තා. රෝහණ සහෝදරයට එකක්, බෝපගේ සහෝදරයට එකක් වශයෙන්. දවසක්, මාතර උයන්වත්ත පිට්ටනියේ පවත්වපු මහා රැස්වීමකට ආපු රෝහණ සහෝදරයා මේ කාර් එකෙන් රැස්වීම් භූමියටම ඇවිල්ල බැස්ස. “පොල්හේනේ යසන්තල” වගේ මෝටර් සයිකල් තිබුණ සහෝදරවරු කාර් එක ඉදිරියෙන් සහ දෙපසින් ආරක්ෂක භටයෝ වගේ ආව. කවුද සහෝදරයෙක් පැනල ලොකු මහත්තයට බහින්න දොරත් ඇරලා දුන්න. මේවා රෝහණ සහෝදරයා කියල කරපු දේවල් නෙවි. අනිත් අයට හිතිලා කරපු දේවල්. හැබැයි එයා ඒවා ඉවසුවා. ඒත් මේ අපි පාරවල් ගානේ කැටවලට සල්ලි එකතු කරන කාලේ නිසා සාමාන්‍ය මිනිස්සුන්ට පේන්න රැස්වීම් භූමියටම ඇවිල්ල කාර් එකෙන් බහින එක මට ලස්සනට පෙනුණේ නෑ. එතකොට වැලිගම සංවිධායක” නෙත්තිකුමාර.” මම මේ කාර් ප්‍රශ්නය ගැන නෙත්තිට තද විවේචනයක් ඉදිරිපත් කරලා ඒ විවේචනය පක්ෂ මුලස්ථානයට ලිඛිතවත් ඉදිරිපත් කළා. ඒක පත්තු වෙලා ගිහින් මාතර දිස්ත්‍රික් කමිටුවේත් ලොකු කැළඹීමක් ඇතිවෙලා. ඊට පස්සේ මාතර දිස්ත්‍රික්කේ ආසන හතේම අර්ධ කාලීන- පූර්ණ කාලීන සියල්ල රැස් කරලා අභ්‍යන්තර සාකච්ජාවක් තියල රෝහණ සහෝදරයා පැහැදිලි කළා ඇයි වාහන පාවිච්චි කරන්නේ කියල. “සහෝදරවරු කියනවා නම් මම වෙනද වගේ කෝච්චියේ, බස් එකේ යන්නම්. මට දුක මේවා අපේ සහෝදරවරු ම කියන එකටයි කියල හොඳටම ඇඩුවා. අපිටත් කඳුළු වැටුණා. ඊට පස්සේ රෝහණ සහෝදරයා මට කිව්වා,” රෝහිත සහෝදරයා අද ඉඳන් පූර්ණ කාලීනව පක්ෂේ වැඩ කරන්න ඕන” කියල. මම මේ කියන කතාව ඇත්ත බව දන්න කිහිප දෙනෙක් ඉන්නවා. ලයනල් බෝපගේ, කතරගම නෙත්තිකුමාර, අමරදාස කුරුප්පු, ආරියදාස රණවක යන සහෝදරවරු සහ කුසුමා බුද්ධිකෝරාළ සහෝදරිය.
1976 සිට 1993 දක්වා. අවුරුදු 16 ක් පමණ. 1984 සිට 89 දක්වා සිටියේ ත්‍රස්තවාදයට හා පුද්ගල ඝාතන වලට එරෙහි වූ පාක්ෂිකයකු ලෙස. එසේ සිටිමින් එවිට පැරිසියේ ගොඩ නැගෙමින් තිබු ජවිපෙ හිතවාදී කණ්ඩායම සහ පක්ෂය අතර සම්බන්ධීකරණ කටයුතු කළේ මම. අද පරපුර නමින් හා පින්තුර වලින් පමණක් දැන සිටින “රෝහණ විජේවීර, ලයනල් බෝපගේ, දයා වන්නිආරච්චි, සෝමවංශ අමරසිංහ, ඇල්ගිරියේ ප්‍රේමචන්ද්‍ර මුණසිංහ, කතරගම සිරිපාල නෙත්තිකුමාර, තල්පාවිල ධර්මේ, සහ වෙනත් නායකයන් සමග වැඩ කිරීමට ලැබීම. පොලිසි,හිරගෙවල්,හමුදා කඳවුරු, වධකාගාර වල අත්දැකීම් ලැබීම. (භාවිතාව) = ජවිපෙ දෙස පිටත සිට බලා සිටින කෙනෙකුට පෙනෙන ඉහළ තක්සේරුව මායාවක් බව එහි අභන්තරයට ගියවිට අත්විඳ ගැනීමට ලැබීම ප්‍රධානයි.
පොතක් ලියන්න ප්‍රමාණවත් කරුණු තියෙනවා. ඉහළම නායකයාගේ සිට පහළම සාමාජිකයා දක්වා තිබුණේ අධිතක්සේරුව, අතිශයෝක්තිය, ප්‍රදර්ශනාත්මක බොළඳ බව හා තමන්ම ඒ සිහින මායාවේ ගිලී සිටින ස්වභාවය. ගුණ යහපත්, අවංක, එඩිතර සහෝදර සහෝදරියන් රාශියක් හිටියා. කාගේත් ඉංග්‍රීසි දැනුම, න්‍යායික දැනුම අන්තිම දුර්වලයි. තර්ක ශාස්ත්‍රය සහ කටින් ගසා ජය ගැනීම හරි ඉහළයි. කැපවීම අනර්ඝයි. ප්‍රධාන සූත්‍රය තමයි නායකයන් කියන දේවල් කමිටු හරහා පහළට ගලා එමින් පුනරුච්චාරණය වීම සහ යට තියන සංක්‍යා ලේඛන ඉහළට ගොස් නායකයන් මුලාවීම. පහළ සාමාජිකයන් හිතාගෙන හිටියේ නායකයන් සියලු දේ දන්නවා කියල. නායකයන් හිතාගෙන හිටියේ පහළ සාමාජිකයන් හැමදෙයම ඉටු කරයි කියල. අන්තිමට බලන කොට දෙගොල්ලන්ම දන්නේ නැහැ.
නායකයන් ළඟ නිලධාරිවාදය ගොඩ නැගීමේ මූලික අවස්තාව ඇතිවී තිබුණා. පසුව ඝාතනයට ලක් උනත් 88-89 කාලේ වුවත් නායකයෝ තම දරු පවුල් සමග ගෙවල් දොරවල් වල හොඳින් හිටියා. ඔවුන්ට පහසුකම් සැපයීම වෙනුවෙනුත් සාමාජිකයෝ දිවි පිදුවා. එක් අයෙකු තමයි “තල්පාවිල ධර්මේ” බිම් මට්ටමේ සාමාජිකයෝ කන්න දෙයක්, නිදා ගන්න තැනක්, අතේ සතයක් නැතිව මාරාන්තික දුකක් එක්ක නායකයෝ කියන කියන විදියට සටන් කළා. ඒක අදත් එහෙමයි. බලන්න අද ජවිපෙ නායකයෝ දිහා! පත්තරවල යනවා ඔවුන් පෙට්ටි කඩේකින් බත් පාර්සලයක් අරගෙන බෙදාගෙන කනහැටි! ඒත් “වෝටර්ස් එජ්” වගේ හෝටල්වල ඉන්න පින්තුර වැටෙන්නේ නැහැ. නිර්ධන පන්ති ජනතාවගේ දහදිය සුවද විදින්න බස් එකක තෙරපිලා යන එක නායකයෙක් කාටවත් හමුවෙලා තියනවද? ආණ්ඩු පක්ෂෙ එවුන් මහජන මුදලින් රට සවාරි යනවා වගේම, බැලුවොත් ජවිපෙ නායකයන්ගෙන් කවුරුම හරි කොහේ හරි පිට රටක! ඒවා සම්මන්ත්‍රණ! විදේශීය ශාඛා වලින් ලැබුණ ආරාධනාලු!
6.රෝහණ විජේවීර පිලිබඳ ඔබේ තක්සේරුව කුමක්ද? ඔහුගේ දක්ෂතා සහ දුර්වලකම් මොනවාද?
මම මේ ප්‍රශ්න දෙකටම එක පිළිතුරක් දෙන්නම්. රෝහණ විජේවීර කියන්නේ (අපිට) සිංහලෙනුයි ග්‍රීක් වලිනුයි ලියපු පොතක් කියවනවා වගෙයි. ඔහු අසාමාන්‍ය චරිතයක්! අපි සාමාන්‍ය මිනිස්සු කොහොමත් සාමාන්‍ය වගේ ඒ වගේ අසාමාන්‍ය චරිත ඇතුළේ තියෙන්නෙත් අසාමාන්‍ය චරිත ලක්ෂණ. ඔහු අතිශය දක්ෂ වගේම දුර්වල මනුෂ්‍ය ආත්මයක්! මොන විදියකින් හරි ඔහු රටේ පාලකය වුණා නම් කවදාක හරි ලියවෙන ඉතිහාසයේදී ඔහු ජනතාවගේ ආදරණීය මතකයක් වෙන්නේ නැහැ.
- ඔබ ජවිපෙ සාමාජිකයෙකු වන්නේ ඇයි?

- ඔබ ජවිපෙ තුළ කොපමණ කාලයක් හිටියද? ඔබගේ ප්‍රධාන අත්දැකීම් මොනවාද?
1976 සිට 1993 දක්වා. අවුරුදු 16 ක් පමණ. 1984 සිට 89 දක්වා සිටියේ ත්‍රස්තවාදයට හා පුද්ගල ඝාතන වලට එරෙහි වූ පාක්ෂිකයකු ලෙස. එසේ සිටිමින් එවිට පැරිසියේ ගොඩ නැගෙමින් තිබු ජවිපෙ හිතවාදී කණ්ඩායම සහ පක්ෂය අතර සම්බන්ධීකරණ කටයුතු කළේ මම. අද පරපුර නමින් හා පින්තුර වලින් පමණක් දැන සිටින “රෝහණ විජේවීර, ලයනල් බෝපගේ, දයා වන්නිආරච්චි, සෝමවංශ අමරසිංහ, ඇල්ගිරියේ ප්‍රේමචන්ද්‍ර මුණසිංහ, කතරගම සිරිපාල නෙත්තිකුමාර, තල්පාවිල ධර්මේ, සහ වෙනත් නායකයන් සමග වැඩ කිරීමට ලැබීම. පොලිසි,හිරගෙවල්,හමුදා කඳවුරු, වධකාගාර වල අත්දැකීම් ලැබීම. (භාවිතාව) = ජවිපෙ දෙස පිටත සිට බලා සිටින කෙනෙකුට පෙනෙන ඉහළ තක්සේරුව මායාවක් බව එහි අභන්තරයට ගියවිට අත්විඳ ගැනීමට ලැබීම ප්‍රධානයි.
- ජවිපෙ අභන්තරය විස්තර කරන්න පුලුවන්ද?
පොතක් ලියන්න ප්‍රමාණවත් කරුණු තියෙනවා. ඉහළම නායකයාගේ සිට පහළම සාමාජිකයා දක්වා තිබුණේ අධිතක්සේරුව, අතිශයෝක්තිය, ප්‍රදර්ශනාත්මක බොළඳ බව හා තමන්ම ඒ සිහින මායාවේ ගිලී සිටින ස්වභාවය. ගුණ යහපත්, අවංක, එඩිතර සහෝදර සහෝදරියන් රාශියක් හිටියා. කාගේත් ඉංග්‍රීසි දැනුම, න්‍යායික දැනුම අන්තිම දුර්වලයි. තර්ක ශාස්ත්‍රය සහ කටින් ගසා ජය ගැනීම හරි ඉහළයි. කැපවීම අනර්ඝයි. ප්‍රධාන සූත්‍රය තමයි නායකයන් කියන දේවල් කමිටු හරහා පහළට ගලා එමින් පුනරුච්චාරණය වීම සහ යට තියන සංක්‍යා ලේඛන ඉහළට ගොස් නායකයන් මුලාවීම. පහළ සාමාජිකයන් හිතාගෙන හිටියේ නායකයන් සියලු දේ දන්නවා කියල. නායකයන් හිතාගෙන හිටියේ පහළ සාමාජිකයන් හැමදෙයම ඉටු කරයි කියල. අන්තිමට බලන කොට දෙගොල්ලන්ම දන්නේ නැහැ.
- බිම් මට්ටමේ සාමාජිකයන් සහ නායකයන් අතර වෙනස කුමක්ද?