ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 02

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 02

    ගිය වතාවේ අපි ජෛමිනි ක්‍රමයේ රාශි දෘෂ්ඨි ගැන කථා කලා මතක ඇති. (මතක නැත්තන් මෙතනින් ගිහින් බලන්න.) මෙවර දෙවෙනි කොටස යටතේ තවත් වැදගත් දෙයක් ගේන්නයි බලාපොරොත්තුව. අද කියන්න යන්නේ කාරක ග්‍රහයන් ගැන. සමහර විට ඔයාලා අහලත් ඇති ජ්‍යොතිෂ ගැන කථාවෙන තැන් වල මාතෘකාරක ආත්ම කාරක කියලා කියවෙනවා. ඉතින් මොකක්ද මේ කාරකයන් කියන්නේ? ජෛමිනි ක්‍රමයේදී මේ ග්‍රහයන් තෝරන්නේ ඒ ඒ ග්‍රහයන් රාශියක සිටින අංශක ගනන අනුවයි. අපි දැන් එකින් එක මේ කාරකයන් ගැන බලමු.


    Xf3oUXT.jpg

    ආත්ම කාරක
    ජන්ම පත්‍රයේ වැඩිම අංශක ගනනක් ලබාගෙන සිටින ග්‍රහයාට ආත්ම කාරකයා කියා කියනවා. ග්‍රහයන් දෙදෙනෙකුගේ අංශක සමාන නම් කලා ප්‍රමානද කලා ප්‍රමානත් සමාන නම් විකලා ප්‍රමානද සලකා බලා වැඩි අගය ඇති ග්‍රහයා ආත්ම කාරකයා විදිහට ගන්නවා. යම් හේතුවක් නිසා මේ ඔක්කෝම සමාන නම් උච්ච, ත්‍රිකෝන විදිහට වඩා බලවත් ග්‍රහයා තෝරාගන්නවා. මේ ග්‍රහයා ජන්ම පත්‍රයේ උච්චව, ස්වක්ශේත්‍රව හෝ සුභ ග්‍රහ දෘශ්ඨි ලබා බලවත්ව ඉන්නවා නම් සැපතට අධිපතියා ලෙසත් නීචව හෝ පාප දෘෂ්ඨි ලබා ඉන්නවනම් දුකට අධිපතියා ලෙසත් සලකනවා. යහපත් සිදිහට පිහිටි ආත්ම කාරකයා ඔහුගේ දසා අන්තර් දසා කාල වලදී අනෙහ් ග්‍රහ දෝෂ වලින් පවා ජන්මියා මුදා ගන්නා බවත් නරක විදිහට පිහිටපු ආත්ම කාරකයාගේ දසාවේදී ජන්මියාව පාපයට පොලඹවලා දුකට පත් කරන බවත් ජෛමිනි සෘෂිවරයා ලියපු ජෛමිනී සූත්‍රය කියන පොතේ සඳහන් වෙනවා.

    අමාත්‍ය කාරක
    ආත්ම කාරකයාට පසුව වැඩිම අංශක,කලා,විකලා ප්‍රමානයක් ලබාගෙන සිටින ග්‍රහයා අමාත්‍ය කාරකයා ලෙස හඳුන්වනවා. යම් ග්‍රහයො දෙන්නෙක් ගේ අංශක කලා සමානම් කලින් වගෙම බලවත් ග්‍රහයා තෝඅරා ගන්න ඕන. ආත්ම කාරකයා ජන්මපත්‍ර හිමියා ගැන පැවසුවා වගේ අමාත්‍ය කාරකයා පවසන්නේ ජන්මියා හා රජු, රජය හෝ ප්‍රභූන් සමග ඇති සම්භන්ධ කම.
    අමාත්‍ය කාරකයා උච්ච හෝ සුභ දෘෂ්ඨි ලබා ඉන්නවනම් ඒ දසා අන්තර් දසා කාලවලදී ප්‍රභූන් ගෙන් සැප ලැබෙන අතර අමාත්‍ය කාරකයා නීචව හෝ පාප පීඩිත නම් අමාත්‍ය කාරකයාගේ දසා අන්තර් දසා කාල වලදී ප්‍රභූන් ගෙන් ඇමතිවරුන් ගෙන් කරදර සිදුවෙනවා.

    භ්‍රාතෲ කාරක (සහෝදර කාරක.)
    අමාත්‍ය කාරක ලඟට වැඩිම අංශක ගනනක් තියන ග්‍රහයා සහෝදර කාරකයා. මෙයාගේ දසා අන්තර් දසා වලදී සහෝදරයන්ට සුභ අසුභ පල ලැබෙනවා. කලින් වගේමයි ග්‍රහයා බලවත් නම් සුභ පල ග්‍රහයා දුර්වල නම් අසුභ පල. ඒ වගේම සහෝදරයන්ගෙනුත් ජන්මියට ලැබීම් හෝ පාඩු මේ ග්‍රහයගේ තත්වය අනුව ලැබෙනවා.

    මාතෲ කාරක
    මව ගැන තොරතුරු බලන්න පුලුවන් මේ මාතෲ කාරකයගෙන් සහෝදර කාරකයට පස්සේ ඉන්නේ මාතෲ කාරකයා..

    පීතෲ කාරක
    ඊලඟට ඉන්නේ පීතෲ කාරක, පියා ගැන විස්තර බලන්න පුලුවන් පීතෲ කාරකගෙන්. මෙයා බලවත්ව ඉන්නවනම් දසා වලදී පියාට බොහොම යහපත්..

    පුත්‍ර කාරක
    පිලිවෙලින් ඊලඟට ඉන්නේ පුත්‍ර කාරකයා. මෙයාගේ තත්වය අනුව මෙයාගේ කාල වලදී දරුවන්ට සුභ අසුභ පල ලැබෙනවා.

    ඥාති කාරක
    ඥාති කාරකයා බලවත් නම් ඒ දසා වලදී ඥාතීන්ගෙන් ලැබීමත් ඥාති කාරකයා දුර්වල නම් ඥාතීන්ගෙන් කරදරත් සිදු වෙන්න පුලුවන්

    භාර්‍ය්‍යා කාරක
    අන්තිමට ඉතුරු වෙලා ඉන්න ග්‍රහයා තමයි භාර්‍ය්‍යා කාරකවෙන්නේ. බිරිඳ ගැන විස්තර මෙයාගෙන් බලාගන්න පුලුවන්.

    විශේෂ
    කාරකයන් තෝරා ගැනීමේදී කේතු ග්‍රහයා සලකන්නේ නෑ ප්‍රධාන ග්‍රහයන් 7 දෙනයි රාහුයි විතරයි සලකන්නේ.

    අපි පුන්චි උදාහරනයක් බලමු.

    යම් හඳහනක ග්‍රහයන්ගේ අංෂක ගනන් පහත පරිදි කියලා හිතමු

    රවි - අංශක 15 කලා 25
    සඳු - අංශක 26 කලා 12
    කුජ - අංශක 14 කලා
    බුධ - අංශක 15 කලා 29
    ගුරු - අංශක 6 කලා 10
    සිකුරු - අංශක 00 කලා 20
    ශනි - අංශක 20 කලා 07
    රාහු - අංශක 8 කලා 29

    අපි දැන් බලමු මේ අය මොන මොන කාරකයන්ද වෙන්නේ කියලා

    සඳු - අංශක 26 කලා 12 -- ආත්ම කාරක
    ශනි - අංශක 20 කලා 07 -- අමාත්‍ය කාරක
    බුධ - අංශක 15 කලා 29 -- සහෝදර කාරක
    රවි - අංශක 15 කලා 25 -- මාතෲ කාරක
    කුජ - අංශක 14 කලා 20 -- පීතෲ කාරක
    රාහු - අංශක 08 කලා 29 -- පුත්‍ර කාරක
    ගුරු - අංශක 06 කලා 10 -- ඥාති කාරක
    සිකුරු - අංශක 00 කලා 20 -- භාර්‍ය්‍යා කාරක

    මම හිතන්නේ කට්ටියට දැන් පැහැදිලි ඇති. ඊලඟට කාරකාංෂය ගැන අපි තවත් ලිපියකින් හමුවෙමු. එතෙක් ඔබට ජය හා සතුට...


    http://tharaka-eli.blogspot.com/2014/06/02.html
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වටින් ගොඩින් අහලා තිබුනත් සම්පූර්ණ කතාව අද තම‍යි දැනගත්තේ........
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.

    :(:(
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;16755054 said:
    පට්ටා ඈහ් අයියණ්ඩී!:P ඒත් කොහොමෙයි බං ඔය අංශක ගාන බලාගන්නෙ:baffled:

    බොලාගේ හඳහනේ දාලා නැද්ද? :shocked:දාලා නැත්තන් බොලාට නවාන්ෂක බලන විදිහ ඉගෙන ගන්න වෙනවා.. ඔය බාගෙට හදපු හඳහන් තියන උන්ට නවාන්ෂක බලන හැටි මම තව ත්‍රෙඩ් එකකින් කියලා දෙන්නම්..:nerd:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    නැකැත් රාල;16755101 said:
    බොලාගේ හඳහනේ දාලා නැද්ද? :shocked:දාලා නැත්තන් බොලාට නවාන්ෂක බලන විදිහ ඉගෙන ගන්න වෙනවා.. ඔය බාගෙට හදපු හඳහන් තියන උන්ට නවාන්ෂක බලන හැටි මම තව ත්‍රෙඩ් එකකින් කියලා දෙන්නම්..:nerd:
    නෑ බං අයියේ. :no:එහෙමත් දානව ද? එළ එළ ඊළඟ thread එක වෙනකම් ඉන්න වෙනව එහෙනම්.:( වන් මෝ ක්වෙක්ෂන් ! නවාංෂකෙන් කියවෙන්නෙ මොකක් ද?:dull:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;16755167 said:
    නෑ බං අයියේ. :no:එහෙමත් දානව ද? එළ එළ ඊළඟ thread එක වෙනකම් ඉන්න වෙනව එහෙනම්.:( වන් මෝ ක්වෙක්ෂන් ! නවාංෂකෙන් කියවෙන්නෙ මොකක් ද?:dull:

    පලවෙනි පොරෝජනේ ග්‍රහයො ඉන්න අංශක ගාන බලා ගන්න චාර්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්. අනික තමයි ජෛමිනි ක්‍රමයේ කාරකාන්ෂයෙන් පලාපල කියනකොට බලන්නේ නවාන්ශක හඳහන. ඒකෙන් විවාහය ගැනත් ගොඩක් තොරතුරු කියවෙනවා..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජොනී බට්ට;16754777 said:
    කිසිවක් නොදනිමි. බම්පියක් පමණක් දෙමි :dull:
    BUMP

    මීටූ .. නිකන් මෝල් වගේ මේක දැක්කම :nerd:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මීටූ .. නිකන් මෝල් වගේ මේක දැක්කම :nerd:

    බොලාලා සබ්ජෙක්ට් එකට ඉන්ට්‍රස්ට් මදි නිසයි ඒ. කවුරුහරි එකෙක් මට කාර් එකක එන්ජිම ගැන කිව්වනම් මටත් ඔහොම තියෙයි..