ජාතක pothen apee ජීවිතයට ..

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
ජාතක pothen apee ජීවිතයට ..

attachment.php


[B]මෝර පිරිතට වස්තු බීජය සපයා ඇත්තේ ජාතක පොතේ 158 වැන්න වූ ස්වර්ණ මයුර (මෝර) ජාතකයෙන්ය. එය අපූරු, රසවත්, කෙටිකතාවක් වැන්න.

බුදු බව ලබාගත් තථාගතයන් වහන්සේ එක්තරා බෝධිසත්ව ආත්මභාවයකදී, “ස්වර්ණ මොණරෙක්ව“ ඉපිද හිරු, සඳු වඳිමින්, ධර්මානුකූලව තම මනස ඉහළ තලයකට ගෙන ආවේය. අප අතර නිතර දෙවෙලේ අසන්නට ලැබෙන මෝර පිරිතේ මුල් වස්තුබීජය මෙයයි.

බුදුන් වහන්සේ මෝර ජාතකය දේශනා කොට වදාළේ, භික්‍ෂූන් වහන්සේ නමක් මුල්කොට ගෙනය. (ජාතක පොතේ 158 වැන්න)

බරණැස් නුවර බඹදත් රජ දවස, අප බෝසතාණන් වහන්සේ රන්වන් මොණරෙකු, ලෙස උත්පත්තිය ලැබීය. පුණ්‍යවන්ත මෙම රණ මොණරා, හිරු දෙවි පුදන්නෙකි. මිනිස් වාසයෙන් තොරව, තම පින්දහම් කිරීමට යෝග්‍ය පරිසරයක්වන අති රමණීය හිමාල කඳුවළල්ලේ, කඳු තුනකට ඈතින් දක්නට ලැබෙන, දණ්ඩකාර නම් ලස්සන පරිසරයක, දිනපතා හිරු දෙවි පිදීම ඔහුගේ සිරිතවිය. මෙම පින්වන්ත, මොණරා දිනපතා

උදාතයං චක්ඛුමා ඒකරාජා - හරිස්සවණ්ණෝ පඨවීප්ප භාසො -
තං තං නමස්සාමි හරිස්සවණ්ණං - පඨවිප්පභාසං - තයජ්ජ ගුත්තා විහෙරේමු දිවසං යන ගාථාව ගායනා කරයි.

පිරිත, උදේ සවස කියමින් තම ආරක්‍ෂාව සලසා ගන්නේය. උදේට උදේතයං යන්න වෙනුවෙන් ප්‍රකාශ කරන මොණරා සවසට ‘අපේතයං’ යනුවෙන් පිරිත අරඹයි.

වරක් මෙම ශෝභා සම්පන්න රන්වන් පැහැයෙන් යුත් මොණරා දුටු එක්තරා වැද්දෙක්, රන්වන් මොණරා ගැන තම පුතුට මෙසේ කීය.

“පුතා, දණ්ඩකාරණ්‍ය කන්දේ රන් මොණරෙක් ඉන්නවා. කවදා හරි අපේ රජ්ජුරුවන්ට, රන් මොණරෙක් අවශ්‍ය වුණ දවසක, උඹ ඒ බව රජුට කියලා, රන් මොණරා රජුට අල්ලලදීපන්. උඹට විශාල ධනයක් ලැබේවි.” ටික දිනකින් වැදි පියා මිය ගියේ ය.

දිනක්, බඹදත් රජ බිසව සිහිනෙන් රන් මොණරෙකුගෙන් බණ අසනවා දුටුවාය. ඇයට රණ මොණරෙකු දැක ගන්නට සිත්වූවාය. මේ අවශ්‍යතාව කෙතරම්දැයි කිවහොත්, තමාට රණ මොණරෙකු නොලැබුණහොත්, දිවිනසා ගන්නා බව රජුට කීවාය. රජු කලබලයට පත්විය. රට පුරා රණ මොණරෙකු සෙව්වේය. වැදි පුතුට මේ ආරංචිය ලැබුණි. දන්ඩකාරණ්‍ය කදු මුදුනේ රණ මොණරෙකු වසන බව රජුට දැන්වීය. මෙම රණ මොනරා රජුට ලබා දෙන්නෙකුට ඇතෙක් බරට වස්තුව ලබාදෙන බව රජතුමා ප්‍රසිද්ධ කළේ ය.

වැද්දෝ ක්‍රියාත්මක වූහ. රණ මොණරාට උගුල් පිට උගුල් ඇටෙව්වේය. එලුවේය. “උදේතයං - අපෙතයං “ යන මොණර පිරිතේ බලයෙන් වැද්දන් හත්දෙනෙකුට “ස්වර්ණ මයුරා” අල්ලාගන්නට නොහැකිවිය. රණ මොණරෙකු නොලදව කලකිරීමට පත් බඹදත් බිසවද රණ මොණරා නොලද දුකෙන්ම මිය ගියා ය. ඒ දණ්ඩ කාරන්‍ය වසන රන් මොණරා කෙරෙහි රජතුමා වෛර බැන්දේය. රජු තම උත්සාහයද අත්හැරියේ නැත. එක්තරා වැද්දෙකුට අපූරු උපායක් සිතිණ.

මේ උගුල්වලින් රැහැන් වලින් වැඩක් නැත. මේ රණ මොණරාගේ තවුස් බලය බිඳින්නට අප කදිම උපායක් යොදමු. මොහු, රණ මොණරා යන එන තැනක අප සෙබඩක් රදවමු. ඌට ගී ගයන්න කියමු. එවිට, රන් මොණරාවුවත් මේ සෙබඩ ළඟට පැමිණ එකට කම්සැප විඳිනවා ඇති. මේ තමා ලොව දහම කපටි වැද්දාගේ උපාය හරිගියේය. රන් මොණරා අල්ලා රජු වෙත ගෙන ආවේය.

“දේවයන් වහන්ස, මා රජ මාලිගාවට ගෙන ආවේ කුමකටද?” රන් මොණරා රජතුමාගෙන් උගේ මස් කාපුවම” අමරණීය” වනවා. ඒ නිසා උඹව මරලා මස් කරන්න අපට අවශ්‍යයි රජතුමා කීවේ ය.

ස්වාමීනී, මාත් මැරෙනවා නම්, මගේ මස් කාපුවහම අජරාමර වන්නේ ‍ෙකසේද? රජතුමනි, මා පෙර ආත්මයක මේ දඹදිව සක්විති රජු ලෙස මේ දඹදිව රජ කළා. නිතිපතා පන්සිල් රැක්කා. දෙව්ලොව උපන්නා. කරුමයක මහත මේ සිදු කළ එක්තරා සුළු පාපකර්මයක් නිසා මොණරෙක් ලෙස මෙසේ ඉපදුනා. පින්කළ නිසා, නිකම්ම මොණරෙක් නොවෙයි. රත්තරන් පාට මොණර රජෙක් වෙලයි මා ආත්මභාවය ලැබුවේ ඔබතුමාගේ දැන ගැනීමට කියන්නම්. මා එදා සක්විති රජ වී සිටින කාලයේදී මා ‘අහසින් ගමන් කළ ලස්සන රන්රුවන් වාහනයක්, රථයක්’ මට එදා තිබුණා. ඔබතුමාගේ මඟුල් පොකුණේ එය සඟවා ඇති. ඒ පොකුණේ ඒ රථය ඇති. වතුර හිස් කොට, ගොඩගන්න. මහා පුදුමයකි රන්රුවන් වාහනය එම මගුල් පොකුණ අඩියේ දක්නට ලැබුණි.

සතුටට පත් රජු, රන් මොණරා මුදා හැරියේය.

දහමෙහි ඇති වටිනාකම පස් පවින් වැළකී ධාර්මිකව ජීවත්වීම පිළිබඳව රන් මොණරා, රජතුමා දැනුම්වත් කළේ ය.

මෙම අතීත කතාව භික්‍ෂූන් වහන්සේලාට දේශනා කළ විට, එහි වැඩසිටි භික්‍ෂූන් වහන්සේ රහත්ඵලයට පත්වූහ.

“එදා රජු - ආනන්ද තෙරුන්ය. රණ මොණරා මා” යි බුදුන්වහන්සේ වදාළ සේක.[/B]
 

Attachments

  • z_p17-sawarna.jpg
    z_p17-sawarna.jpg
    41.7 KB · Views: 116

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පුංචි නිවැරදි කිරීමක් -

    ඔය බිසවට අවශ්‍ය වුනේ රන් මොණරාගෙන් බණ ඇසීම මිස මස් නොවේ. වැද්දෝ යවන්නේ නැතිව එතනට බිසව ගෙනිහින් වැඩේ ගොඩින් විසඳගන්න තිබ්බා. නමුත් රජු කළේ වැද්දෝ යවන එක.. (අල්ල ගන්න බැරි වුනහම වැද්දෝ එකෙක් වත් රාජ කෝපයට බයේ ආපසු ගියේ නැහැ.)

    අන්තිමට බිසව ලෙඩ වෙලා මළා. රජු ජීවිතය තියනකම් මොණරා මරන්න උත්සහ කරල බැරි වුනහම "අහවල් තැන වසන රන් මොණරාගේ හෘදය මාංසය කෑ එකා අමරණීය වෙනවා.." කියලා තල්පත් වල ලියලා භාණ්ඩාගාරයේ තියලා වෛරයෙන්ම මිය ගියා.:lol:

    පසුව ආ රජවරුත් මේක කියවලා කළින් විදිහටම වැද්දෝ ඇරලා පච වුනා. (මොණරාගේ ආයු කාලය වැඩියි.)

    අන්තිමට තමා මේ කපටි වැද්දා මොණරාට වැඩේ දුන්නේ...:(

    Rep+++
     

    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    පුංචි නිවැරදි කිරීමක් -

    ඔය බිසවට අවශ්‍ය වුනේ රන් මොණරාගෙන් බණ ඇසීම මිස මස් නොවේ. වැද්දෝ යවන්නේ නැතිව එතනට බිසව ගෙනිහින් වැඩේ ගොඩින් විසඳගන්න තිබ්බා. නමුත් රජු කළේ වැද්දෝ යවන එක.. (අල්ල ගන්න බැරි වුනහම වැද්දෝ එකෙක් වත් රාජ කෝපයට බයේ ආපසු ගියේ නැහැ.)

    අන්තිමට බිසව ලෙඩ වෙලා මළා. රජු ජීවිතය තියනකම් මොණරා මරන්න උත්සහ කරල බැරි වුනහම "අහවල් තැන වසන රන් මොණරාගේ හෘදය මාංසය කෑ එකා අමරණීය වෙනවා.." කියලා තල්පත් වල ලියලා භාණ්ඩාගාරයේ තියලා වෛරයෙන්ම මිය ගියා.:lol:

    පසුව ආ රජවරුත් මේක කියවලා කළින් විදිහටම වැද්දෝ ඇරලා පච වුනා. (මොණරාගේ ආයු කාලය වැඩියි.)

    අන්තිමට තමා මේ කපටි වැද්දා මොණරාට වැඩේ දුන්නේ...:(

    Rep+++

    ෴ගොඩක් පිං ෴