ජිංතක ජිල්ලබකිට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,028
    1
    43,445
    113
    ජිංතක ජිල්ලබකිට

    ජිංතක ජිල්ලබකිට වෙත
    අනේ මංද සහෝදරය, මගේ අනාත්ම ත්‍රෙඩ් එකේ උඹ කියන දේ මට තේරෙන්නෙ නෑ..
    ඉස්සෙල්ල අපි මේක පැහැදිලි කරගමු..
    බුද්ධාගමේ මම කියල කෙනෙක් නෑ කියනව..
    ඒ වුණාට මට කවුරු හරි කට්ටකින් ඇන්නොත් දැනෙන්නෙ මට නෙමේද ?
    වේදනාව සතුට දැනෙන්නෙ මට නෙමේද ?
    මේ සංසාරෙ කෙටි කරගන්ඩ මහන්සි වෙන්නෙත් මට දුක දැනෙන නිසා නෙමේද ?

    මම කියල කෙනෙක් බුද්ධාගමේ නෑ කියල කියන්නෙ ඇයි ? :confused:
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    යාලුවා ඔයා කැමතිද ඒ දුකට එ් කියන්නෙ අකමැති වේදනාවන් වගේ...ඇගට කටිටක් ඇනෙන් නැතිව සුව පහසුවට ඉන්න කැමති නේද...
    එතකොට තමා ඔයා කැමති විදිහට ඉන්නව කියන්නෙ....තමන් කැමති විදිහ...මම.....ඒත් එහෙම පුලුවන්ද....බැනෙ....එතකොට ඒ මම කැමති විදිහ නෙමෙ..මම නෙමේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,028
    1
    43,445
    113
    අනාත්ම ත්‍රෙඩ් එකේ මට නොතේරෙන මොනාහරි තියෙනවනං, ඒක තියෙන්නෙ "මම" කියන පොයින්ට් එකේ කියලයි මට හිතෙන්නෙ...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇත්තටම මම කියල කෙනෙක් නැහැ..
    අපි මම මගේ කියල දේවල් අල්ලගෙන හිටියට ඇත්තටම මම කියල දෙයක් නැහැ..

    ඒත් අපි කරන්නෙ හැම තප්පරේම මම මගේ කියල දේවල් අල්ලාගෙන ඉන්න එක..
    ඒකෙන් වෙන්නෙ කර්ම රැස් වෙන එක..
    මේ භවය ඉවර උනත් තව කොහෙන් හරි තව තැනක් අල්ලගන්නව..
    මමත්වය කියන දේ නැති කරගන්න තමයි බෞද්ධ දර්ශනය පුරාවට තියෙන්නෙ..
    මම කියල කෙනෙක් ඇත්තටම නැහැ කියන දේ තේරුම් ගන්න එක..

    කොතනද දැන් තේරෙන්නෙ නැත්තෙ ?
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ජිංතක ජිල්ලබකිට වෙත
    අනේ මංද සහෝදරය, මගේ අනාත්ම ත්‍රෙඩ් එකේ උඹ කියන දේ මට තේරෙන්නෙ නෑ..
    ඉස්සෙල්ල අපි මේක පැහැදිලි කරගමු..
    බුද්ධාගමේ මම කියල කෙනෙක් නෑ කියනව..
    ඒ වුණාට මට කවුරු හරි කට්ටකින් ඇන්නොත් දැනෙන්නෙ මට නෙමේද ?
    වේදනාව සතුට දැනෙන්නෙ මට නෙමේද ?
    මේ සංසාරෙ කෙටි කරගන්ඩ මහන්සි වෙන්නෙත් මට දුක දැනෙන නිසා නෙමේද ?

    මම කියල කෙනෙක් බුද්ධාගමේ නෑ කියල කියන්නෙ ඇයි ? :confused:

    මටත් ඕක හරියටම තේරෙන්නෙ නෑ. ඒත් ඔතන තමයි වැදගත්ම පොයින්ට් එක තියෙන්නෙ. දැන් මෙහෙම හිතපන්. සලායතන, එහෙමත් නැත්තම් ඇස. කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රියන් හය (මනස කියන්නෙත් ඉන්ද්‍රියක්.) ක්‍රියාත්මක නැත්නම් ඔය ‘මම‘ කියන සංකල්පය කෙනෙක්ගෙ හිතේ ඇතිවෙන්න පුලුවන්ද? කෙනෙක් මැරිල ඉපදෙනකොට ඔය ඉන්ද්‍රිය හයම පහල වෙනව. අන්න ඒ මොහෙතෙ නේද මම කියල කියල පුද්ගලයෙක් අපි හදාගන්නෙ. ඊට පස්සෙ මැරෙනකම්ම ඔන්න ඔය මායාවත් එක්ක අපි ජීවත් වෙනව. මැරිල ගිහින් අපි රැස් කරල තියන කර්ම අනුව ආයිත් අලුතෙන් ඔය ඉන්ද්‍රිය 6 එක්ක වෙන තැනක උපත ලබනව. එතකොට ‘මම‘ කියල දාගන්නෙ වෙනත් කෙනෙක්. මට තේරෙන හැටියට ඕකයි කතන්දරේ.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මම මගේ කියල දෙයක් නෑ කියලා බුදු දහමේ තියෙන්නේ.... සියලු දේ මගේ කියලා අල්ලාගෙන සිටිමේන් තන්හාව , වෛරය , රාගය....... කියන මේ කෙලෙස් ධර්ම රාශියක් සිතේ ඇතිවෙනවා. එය නිවනට බාදාවක් ඒක නිසායි මමත්වය අතහරින්න කියන්නේ.

    තමන්ගේ ශරීරයේ සියලු කොටස් වලට විිවිධ නම් තියනවා. බේල්ල, කකුල ඔලුව වගේ. එ්ක ඒ අවයවය හදුනාගැනීමට යොදන නමක් විතරයි. අපි බෙල්ලට කකුල කියල දාලා ති්බ්බනන් අපි කියන්නේ කකුල කියල. ඔයා කියනව වගේ මේක මගේ කකුලනන් මට වෙදනවාන් දැනෙනවනන් මේක මගේ ශරීරය නම් ඇයි අපිට ඒවා පාලනය කරන්න බැරි. විටක ඒවා රෝගී වෙනවා. විනාශ වෙමින් යනවා. ඔයාට ඔන විදිහට නෙමේ ඒවා වෙනස් වෙන්නේ. එහෙම නන් මට පාලනය කරන්න බැරි දෙයක් මගේ දෙයක් වෙන්නේ කොහොමද?

    ඔය දන්නවද සතර මාහාභුත ( අපො, දේජෝ, වයෝ, පඨවි) මේවා තමියි ඔන දෙයක සැකැස්ම, මූල ධාතූන්. මේවගෙන් තමයි අපේ ශරීර ගස්වැල් සියලු දේ නිර්මාණය වෙනා තියෙන්නේ. අපට පෙනෙන සියලු දේ අන්තිම ප්රෝටෝනය නියුට්ට්‍රෝනයටත් එහා කඩාගෙන ගියොත් අන්තිමට ඉතුරුවෙන්නේ අපො, දේජෝ, වයෝ, පඨවි යන ධාතුන් විතරයි. ඒකියන්නේ හැම දෙයකම මුල ධාතුව මේ හතර. ඒක නිසා මීහිපිට තියන සියලු දේ සමානයි. එහෙනම් මම කියල කෙනෙක් මෙතන ඉන්න බෑ. තියෙන්නේ අපො, දේජෝ, වයෝ, පඨවි යන ධාතුන්ගේ සැකැස්මක් විතරයි.:):)
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ep-9-wall-slam-bitten-by-salvatores1.gif


    Ill kill you
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,028
    1
    43,445
    113
    මගේ ශරීරය මගේ නෙමේ වගේ, මේ අතත් මගේ නෙමේ කියන්ඩ පුලුවන්..
    ඒ වුණාට පිහියකින් අත කපද්දි වේදනාව දැනෙන්නෙ මට නෙමේද ?


    “මම මගේ කියල අල්ලන් ඉන්නව“ කිව්වට බෑ.. මට හරියට කවුරු හරි පැහැදිලි කරල දෙන්ඩ..
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,944
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ ශරීරය මගේ නෙමේ වගේ, මේ අතත් මගේ නෙමේ කියන්ඩ පුලුවන්..
    ඒ වුණාට පිහියකින් අත කපද්දි වේදනාව දැනෙන්නෙ මට නෙමේද ?


    “මම මගේ කියල අල්ලන් ඉන්නව“ කිව්වට බෑ.. මට හරියට කවුරු හරි පැහැදිලි කරල දෙන්ඩ..

    "මම" කියන්නෙ සංකල්පයක් මිස දෙයක් නොවෙයි.

    හිතන්න හම්බයෙක් ඇවිත් කුරානෙ තියෙන විදිහට ඔයාගෙ කෑල්ලෙන් කෑල්ල කපනව කියල.

    මුලින්ම ඇඟිලක් කපනවා. එතකොට "මම" ඉන්නෙ කැපුන ඇඟිල්ලෙද? නැත්නම් අත ඇතුලු ඉතිරි සරීරෙද? සරීරෙනෙ

    දැන් අතේ කෑල්ල කෑල්ල කපාගෙන උරහිස ගාවටම ආව කියමු. "මම" තාමත් ඉන්නෙ පණ තියෙන සරීර කොටසෙ. හරිද?

    දැන් කකුල් දෙකත් කපල බිජ්ජත් කැපුව කියමු. මම තාමත් ඉන්නව (වෙන්න ඕනේ නෙ? ඔව්.

    දැන් බෙල්ල කැපුව කියමු. "මම" ඉන්නෙ බෙල්ලෙන් පහල කොටසෙද? ඔලුව කොටසෙද? නැත්නම් "මම" කියල කෙනෙක් නැතිවෙනවද?
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මම කියලා කෙනෙක් නැහැ කියන එක තේරුම් ගන්න ටිකක් අමාරුයි මචං. උඹට පොඩි උදාහරණයක් දෙන්නම් තේරෙනවද බලපන්. උඹට පේන්න උඹ ඉස්සරහා ගඩොල් ටිකක්, වැලි ටිකක්, සිමෙන්ති ටිකක් සහ වතුර ටිකක් තියනවා කියලා හිතපං. ටිකකින් මේසන් බාස් කෙනෙක් ඇවිත් සිමෙන්ති ටිකයි වතුරයි කලවම් කරගෙන බදාම එකක් හදාගන්නවා. ඊට පස්සෙ අර ගඩොල් ටිකත් අරගෙන සිමෙන්ති එක්ක එකට තිය තිය මොකක් හරිහැඩයකට උඩට උඩට බැදගෙන යනවා කියලා හිතපං. පස්සෙ ටික වෙලාවකින් උඩටම බැදලා ඉවර වෙනවා. දැන් ඔතෙන්ට වෙන කවුරු හරිත් එනවා. ඇවිත් මේක දැක්ක ගමන් කියනවා ඒක කුළුනක් කියලා. ඒත් උඹදන්නවා ඇත්තටම මෙතන කුළුනක් කියලා එකක් නැහැ. තියෙන්නෙ වැලි ගඩොල් සිමෙන්ති සහ වතුර මිශ‍රණයක් කියලා. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් හතර කියලා. (පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නෙ මොකද්ද කියලා කොහෙන් හරි හොයලා කියවලා තේරුම් ගනින්.) මේ මිනිස් ශරීරය කියන එකත් ඔය වගේමයි මචං. ඒක හැදිලා තියෙන්නෙත් ඔය කලින් කියපු පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් හතරෙන්මයි. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කලේ මම කියලා කෙනෙක් නැහැ කියලා. නමුත් ඔය මම කියලා කෙනෙක් නැහැ කියන එක උඹගෙ සාමාන්‍ය ජීවිතේදි පටලවා ගන්න එපා. ඇත්තටම ඔතන ගඩොල් කියලා දෙයකුත් නැහැ. සිමෙන්ති කියලා දෙයකුත් නැහැ. තියෙන්නෙ එකම දෙය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමහා භූත කොටස් විතරයි.
     
    Last edited: