ජීවත්වෙන්නේ රස්සාවක් කරන්නද? කියවන්න
“සතුට එකතු කරන්නේ කොහොමද? දුක අඩු කරන්නේ කොහොමද කියලා ගණිතය අපට කියලා දෙන්නේ නැහැ. නමුත් මේ ලෝකයේ තියෙන සෑම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙන බව ගණිතය කියලා දෙනවා”
“සමහර වෙලාවට ඉස්කෝලේ යන කාලෙදි පන්තියක් දෙකක් කට් කරපු එක හොඳයි කියලා මට දැන් හිතෙනවා. පාසල් යන කාලේදී එහෙම දඟ වැඩත් කරන්න ඕන. මොකද මම දැන් හිනා ගස්වන්නේ ඒ අතීත මතකයන් මිසක් ඒ කාලේදී ගත්ත ලකුණු නෙවෙයි”
ඒ ලස්සන කතාව කිව්ව මහාචාර්ය අබ්දුල් කලාම් ගැන ඔයා අහලා නැති වෙන්න බැහැ.
අබ්දුල් කලාම් මහතා රැකියාවල නියුතු වෘත්තිකයන් වෙනුවෙන් ඉතා වැදගත් පණිවුඩ රැසක් ලබාදීලා තිබෙනවා. වත්මන් සමාජයේ මිනිස් ජීවිතය පාලනය කරන මූලික සාධකයක් ලෙස රැකියාව පත්වෙලා තිබෙනවා. එම නිසා බොහෝ දෙනා ජීවත් වෙන්න රැකියාවක් කරනවා වෙනුවට රැකියාවක් කරන්න ජීවත් වෙනවා.
සමාගම් දිනෙන් දින ලාභ ලැබුවත්, ආර්ථිකය දිනෙන් දින දියුණු වුණත් පාරිභෝගිකයා තෘප්තිමත් වුණත් මිනිස් ජීවිතවල සතුටක් නැත්නම් එම දියුණුවෙන් කිසිම වැඩක් නැහැ. යහපත් සමාජයක් බිහිවන්නේ රටේ ඉන්න සල්ලි තියෙන මිනිසුන් ප්‍රමාණය මත නොව යහපත් සිතුම් පැතුම් සහිත මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගිය විට.
1. වැඩ කිරීම කියන්නේ නොනවතින ක්‍රියාවලියක්. ඒක නිසා එහි නැවතීමක් නැහැ. ඒක මතක තියාගන්න.
2. පාරිභෝගිකයාට දක්වන ඇල්ම වගේම පවුලට දක්වන ඇල්මත් ඉතාම වැදගත් බව හිතන්න.
3. ඔබ ජීවිතය තුළදී ඇද වැටුණොත් ඔබට නැඟිටින්න අත දෙන්නේ පවුලේ අය මිසක් බොස් හෝ පාරිභෝගිකයා නෙවෙයි.
4. ජීවිතය කියන්නේ පාරිභෝගිකයා සහ සමාගම නෙවෙයි. තවත් ගොඩක් දේවල් තියෙනවා. ජීවිතයේ අනෙක් සතුට උපදවන ඉසව් ගැනත් හිතන්න.
5. කාර්යාල වේලාවෙන් පසුවත් වැඩ කරන කෙනා මහන්සි වෙලා වැඩ කරනම පුද්ගලයා වශයෙන් නම් කරන්න බැහැ. මන්ද යත් ඔහුට කාලය සහ වැඩ නියමිත වෙලාව තුළ කළමනාකරණය කරගන්න බැරිවෙලා තිබෙනවා.
6. ඔයා මහන්සිවෙලා ඉගෙන ගත්තේ මැෂින් එකක් වෙන්න නෙවෙයි කියලා හොඳට මතක තියාගන්න.
7. ඔයාගේ බොස් රාත්‍රි වෙනකල්ම ඔයාට වැඩ කරන්න බල කරනවා නම් ඔහු තේරුමක් නැති පිස්සු බොස් කෙනෙක්. එයාට දැන්ම ගිහින් පහත සමීකරණය පෙන්වන්න.
කාර්යාලයෙන් කලින් පිටවීම = කාර්යක්ෂමතාව+හොඳ සමාජ ජීවිතය+ හොඳ පවුල් ජීවිතය
කාර්යාලයෙන් පමාවෙලා පිටවීම=අකාර්යක්ෂමතාව+සමාජ ජීවිතයක් නැතිවීම+අයහපත් පවුල් ජීවිතය
ඉහත උපදෙස් දුන්නේ වෘත්තිකයන් අසාර්ථක කරන්න නෙවෙයි. ඒ වගේම ඔහු කියන්නේ නැහැ අකුරට වැඩ කරන්නම කියලා.
මේ කාලයේදී මිනිස්සු වැඩවලට පමණක් යොමුගත කිරීම තුළ ඇතිවන සමාජ ප්‍රශ්න සහ ගැටලු ඉතා වැඩි නිසා සමස්ත සමාජයටම වැඩ කිරීම කියන්නේ ජීවිතේමද කියලා නැවත හිතන්න කාලය ඇවිත් තියෙන්නෙ. තරුණ කාලේ මහන්සි වෙලා වැඩ කරලා අවසානයට හැරිලා බලද්දි තමා හැදූ වැඩූ මවුපියන්ටවත් යමක් කරලා නැති දරුවන්ගෙන් ඇති වැඩක් නැහැ. අන්න ඒ නිසා ජීවිතයේ සමබර බව ඉතාම වැදගත්. හිතන්න ජීවිතය කියන බයිසිකලය සාර්ථකව ඉදිරියට පැදගෙන යන්න නම් එක පැත්තකටවත් වැඩිය බර නොකර පැදගෙන යා යුතුයි. මන්ද යත් ඔබ එක පැත්තකට බර කළොත් බයිසිකලය ඉක්මනින්ම ඇද වැටෙන බව, ඔයා දන්නවා. මේ විශ්වයේ තියෙන ඕනෑම වස්තුවක් ඉදිරියට ඇදෙන්නේ මනා සමබරතාව මතයි කියන සාධකය සදාතනික සත්‍යයක්.

අනිත් අයටත් බලන්න bump 1ක් හරි දාල යන්න