ජීවත් වෙන්න ළමයි ඕනද එන්න ඇතුලට

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    කිරියේ ඉමොයිස් හැම thread එකකම no kids no worries දාන නිසා මට හිතුනා thread දාන්න.ඒක උගේ view එක..

    මේ දවස් වල හරියට මේ ගැන කතා වෙනවා කිරියේ හැම තැනම. IT thread හරි job ගැන හරි මොකක් හරි ගැන අහල දැම්ම ගමන් මූ අරක දැම්ම thread එක වෙන පැත්තකට යන්නේ :lol:

    උබලගේ අදහස මොකද්ද

    1.කොල්ලෙක් කෙල්ලෙක් මැරි කරන්න අවශ්‍යයද අනිවාර්යයෙන් (ලංකාවේ 25 පැන්න ගමන් ගෙදරින් බල කරනවා බදින්න කියලා)

    2.ලංකාවේ ලිවින් ටුගෙදර් වගේ ⁣කන්සෙප්ට් එකකට යන්න බැරි හේතු(මේ වගේ මයින්ඩ් සෙට් එකක් තියෙන කෙල්ලෙක් හොයාගන්නත් හරි අමාරැයි)

    3.මැරි කරත් ළමයි හදන්න ඕනද

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    1. ඕනෑම නැහැ ඒත් කාලයක් ගිහින් තනියෙන් ඉද්දි ඕනේ කියලා දැනෙනවා.එතකොට සමහරවිට පරක්කු වෙන්න පුළුවන්. ඒ වගේම තව සමහරුන්ට බැන්දම අපරාදේ කලින් බැන්දේ කියලත් හිතෙනවා. ඉතින් තමන් ඒ ගැන හොදට හිතල දුක් නොවෙන්න තීරණයක් ගන්න ඕන

    2. එහෙම කන්සෙප්ට් එකකට යන්න පුළුවන් ඒ විදියට හිතන අය එක්ක. බහුතරය එහෙම නැති වුනාට එහෙම හිතන අයත් ඉන්නවා.

    3. මැරී කරා කියලා ළමයි ඕනෑම නැහැ. තමන් දෙන්නටම ඕන නම් සහ ළමයෙක්ගේ වගකීම ජිවිත කාලෙට ගන්න පුළුවන් නම් ළමයෙක් හදන්න. හැබැයි ළමයි හදන එක ගැන බදින්න කලින් කතා වෙන්න. හා නම් හා බෑ නම් බැහැ කියලා. බැදගන්නකන් අරම හදමු මෙහෙම හදමු කියලා හීන මවලා බැදලා කෙල කරගන්න එපා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144

    :yes::yes:
     
    • Haha
    Reactions: Master malli

    schathuranga

    Active member
  • Feb 24, 2007
    130
    90
    28
    ළමයෙක් ඉන්න එකේ වටිනාකම ඔය උකන එකේ ආතල් ගන්න කාලේ තේරෙන්නෙ නෑ පුතී - ඒක තේරෙන්නෙ තමන්ට බැරි වුණ වෙන කවුරුත් පිහිට නොවුන වෙලාවකයි.

    lamayek kiyanne future investment 1k balan yaddi. nice 😂
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    lamayek kiyanne future investment 1k balan yaddi. nice 😂
    නැත්තම් ඔච්චර කටු කාගෙන , නිදි මරාගෙන , ඒකාගෙ ජරාව ඇද ඇද , උගෙ ගෙම්බරුත් බල බල , ඒවත් ඉවසගෙන , ඉල්ලන ඉල්ලන හැම දේමත් අරන් දීගෙන කටු කන්න ඕන යෑ. :D :D දෙනවානේ ඒකව වෙන කාට හරි ළමයි නැති පවුලකට ;)
     
    schathuranga

    Active member
  • Feb 24, 2007
    130
    90
    28
    අපේ සිංහලු ළමයි මාරම ආත්මාර්ථකාමී ළමයි හදන්නේ වයසට ගියාම කවුද බලාගන්නේ කියන අදහසින්
    okun thamai wayasata yaddi ara media wala nahayen adanne apita arama kara mehema kara kiyala. lamayek hadala lamayagen dewal balaporoththu wenawa. lamaya kiwwe nane mawa hadapan man ubalawa wayasata giyama balagannam kiyala. wayasata giyama lamainta atha nopa inna puluwan wenna ona. untath wadayak wena welawal enawa eka. dan kiyogena ei ubath ammata thaththata ehemada kare kiyala :rolleyes2:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Short Answer : ජීවත් වෙන්න ළමයි ඕනි නෑ. සතුටින් ඉන්නත් ළමයි ඕනී නෑ

    හැබැයි ළමයි හිටියා කියාල ආතල් කුඩු වෙන්නේ නෑ ඒක වෙනම ආතල් එකක් ඒ වගේම වගකීමක්..
    ළමයා ලොකු වෙද්දි ළමයා අපිට වඩා ඉස්සරහට යද්දි අපිට සතුටු වෙන්න පුලුවන් ඒවා බලලා

    මම නම් වයසට යද්දි ළමයි අපිව බලාගනියි කියල බයිලා නම් විශ්වාස කරන්නෙත් නෑ බලාපොරොත්තු වෙන්නෙත් නෑ..
    ළමයෙක් කියන්නේ investment එකක් නෙමෙයි වගේම ලොකු commitment එකක්
    අපි ළමයා ලොකු කරද්දි ඒක දරාගෙන උං ලොකු වෙද්දි උන්ට උන්ගේ ආතල් එක ගන්න දෙන්න ඕනි.. උන්ට migrate වෙන්න හිතුනොත් උන්ට යන්න දෙන්න ඕනී..

    මෙහෙම හිතපන් ගමනක් යන්න උඹේම වාහනයකින් යන්න ඕනි නෑනේ.. pickme එකක් uber එකක් අරගෙන යන එක ලාභයි වගේම ලේසියි සමහර වෙලාවට
    හැබැයි වාහනේ උඹේම උනාම ආතල්, drive කරන එක කෙනෙක්ට කරදරයක් වගේ පේන්න පුලුවන්. වාහන maintenance and service කරන එක කරදරයක් වගේ පේන්න පුලුවන්.

    මගේ නම් මතය එක එකා කියන නිසාවත් හදන්න සමාජය නිසාවත් හදන්න ඕනි නෑ උඹයි ගෑනියි කැමති නම් හදපන්... උඹයි ගෑනියි අකැමතිනම් නොහදා හිටපන්..
    උඹ හැදුවා කියලා අනිත් එවුන්ට හදන්න බල කරන්නවත් උඹ හැදුවේ නෑ කියලා අනිත් අයට හදන්න එපා කියන්නවත් හොඳ නෑ...

    ලැන්කාවේ සමාජයේ ළමයෙක් නොහදනවා කියලා තීරණය කරන එක ටිකක් අමාරු වැඩක්.. හැබැයි කසාද නොබැඳ living together ඉන්නවා කියන්නේ ඊට වඩා අමාරු වැඩක්..
    ඒක නිසා හොඳ තමන්ට ගැලපෙන එකියක් හොයාගෙන.. ආතල් එකේ ඉන්න බලපන්
    ළමයි හදන නොහදන එක උඹලා දෙන්න තීරණය කරපන්..
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    okun thamai wayasata yaddi ara media wala nahayen adanne apita arama kara mehema kara kiyala. lamayek hadala lamayagen dewal balaporoththu wenawa. lamaya kiwwe nane mawa hadapan man ubalawa wayasata giyama balagannam kiyala. wayasata giyama lamainta atha nopa inna puluwan wenna ona. untath wadayak wena welawal enawa eka. dan kiyogena ei ubath ammata thaththata ehemada kare kiyala :rolleyes2:
    ගෙදරත් එක්ක රණ්ඩු උන වේලාවක මම ඇහුවා ඇයි මාව හැදුවේ කියලා..එදා කට උත්තර නැති උනා.ගොඩාක් කාලෙකට කලින්. පස්සේ මන් එහෙම කියපු එක ගැන දුක් උනා
     
    • Like
    Reactions: jennt and Gihanjs

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Short Answer : ජීවත් වෙන්න ළමයි ඕනි නෑ. සතුටින් ඉන්නත් ලමයි ඕනී නෑ

    හැබැයි ළමයි හිටියා කියාල ආතල් කුඩු වෙන්නේ නෑ ඒක වෙනම ආතල් එකක් ඒ වගේම වගකීමක්..
    ළමයා ලොකු වෙද්දි ළමයා අපිට වඩා ඉස්සරහට යද්දි අපිට සතුටු වෙන්න පුලුවන් ඒවා බලලා

    මම නම් වයසට යද්දි ලමයි අපිව බලාගනියි කියල බයිලා නම් විශ්වාස කරන්නෙත් නෑ බලාපොරොත්තු වෙන්නෙත් නෑ..
    ළමයෙක් කියන්නේ investment එකක් නෙමෙයි වගේම ලොකු commitment එකක්
    අපි ළමයා ලොකු කරද්දි ඒක දරාගෙන උං ලොකු වෙද්දි උන්ට උන්ගේ ආතල් එක ගන්න දෙන්න ඕනි.. උන්ට migrate වෙන්න හිතුනොත් උන්ට යන්න දෙන්න ඕනී..

    මෙහෙම හිතපන් ගමනක් යන්න උඹේම වාහනයකින් යන්න ඕනි නෑනේ.. pickme එකක් uber එකක් අරගෙන යන එක ලාභයි වගේම ලේසියි සමහර වෙලාවට
    හැබැයි වාහනේ උඹේම උනාම ආතල්, drive කරන එක කෙනෙක්ට කරදරයක් වගේ පේන්න පුලුවන්. වාහන maintenance and service කරන එක කරදරයක් වගේ පේන්න පුලුවන්.

    මගේ නම් මතය එක එකා කියන නිසාවත් හදන්න සමාජය නිසාවත් හදන්න ඕනි නෑ උඹයි ගෑනියි කැමති නම් හදපන්... උඹයි ගෑනියි අකැමතිනම් නොහදා හිටපන්..
    උඹ හැදුවා කියලා අනිත් එවුන්ට හදන්න බල කරන්නවත් උඹ හැදුවේ නෑ කියලා අනිත් අයට හදන්න එපා කියන්නවත් හොඳ නෑ...

    ලැන්කාවේ සමාජයේ ළමයෙක් නොහදනවා කියලා තීරණය කරන එක ටිකක් අමාරු වැඩක්.. හැබැයි කසාද නොබැඳ living together ඉන්නවා කියන්නේ ඊට වඩා අමාරු වැඩක්..
    ඒක නිසා හොඳ තමන්ට ගැලපෙන එකියක් හොයාගෙන.. ආතල් එකේ ඉන්න බලපන්
    ළමයි හදන නොහදන එක උඹලා දෙන්න තීරණය කරපන්..
    හරියටම හරි මචන් මේ කතාව
     
    Sen-lu

    Well-known member
  • තම තමන්ම තමයි ඕවට උත්තර හරියටම දන්නේ.

    මගෙ ගැන ගත්තොත්. මම ලමයින් හදන්න කැමතිනෑ. කසාද බඳිනවද නැත්ද නෙවේ හැබැයි life partner කෙනෙක් ඉන්න එකට කැමතියි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,548
    113
    ළමයි ඕනි නෑ කියල හිතන උන්ගෙ අම්මල තාත්තලට වැරදීමකින් හිටල තියෙන නිසා ඔය වගේ උන් වැඩිය නෑ. නැත්තන් මිනිස්සු වද වෙලා හෙන කල්.