ජීවමාන ධර්මයක් තුළ මළකඳන් වෙන්න එපා...!!!

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
ජීවමාන ධර්මයක් තුළ මළකඳන් වෙන්න එපා...!!!

man-running-web.jpg

දයාබර යාලුවනේ...

මිනිසුන් ගේ සිත් පිරිහෙන්න පටන් ගත්තෙ අද ඊයෙ ඉදන් නොවෙයි.. පරමායුෂ අඩුවෙන්න පටන්ගත්තේ යම් කාලයක ඉදන් ද එදා සිටන් ම මිනිසුන් ගේ සිත් ටික ටික පිරි‍හිලා යනවා. කාලය දක්වන්න එහෙම කිව්වත්, ඇත්තෙන් ම කියනවා නම් සිත් පිරිහෙන්න පටන් ගත් දා ඉදන් තමයි,ආයුෂ අඩුවෙන්ට පටන් ගත්තේ.

ඉතින් අද වෙනකොට මිනිස්සු කෙතරම් නම් පිරිහිලා ද.. සිතා ගන්ටවත් බැරි තරම්. බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය පවා,ආදුනික කෙනෙකුට තොරා බේරා ගන්නට බැරි මට්ටම ම අවුල් කරල දමන්ට තරම් මිනිසුන් පිරිහිලා. විවිද මතවාද,පුද්ගලික අදහස්, යෝජනා චෝදනා,කෙළවරක් නැහැ. මේ සියල්ල මැද්දෙන්,නිවන් මගේ ගමන් කරනවා කියන එක සිතා ගන්නට ත් බැරි තරම් අපහසු දෙයක් හැටියට කෙනෙකුට හිතෙන්න පුලුවනි. ඇත්තෙන් ම ඒක තමයි අමාරු ම දේ.

ව්‍යාජ අදහස් වලට රැවටෙන්ට එපා...

යාලුවනේ නිවන් මග වඩනවා කියන්නේ,තම තමන් ගේ ජීවිතය තුළ සිදු විය යුතු දෙයක්. නමුත් බොහෝ දෙනෙක් කරන්නේ,අන් අයට උපදෙස් දි දී ඉන්න එක. එක්කෝ වාද විවාද කර කර ඉන්න එක. ඒකට හේතුව තමයි බෝහෝ දෙනෙකුට,'ඇත්තෙන් ම මේ ධර්මය අවබෝධ කරගන්ට ඕනෑ..' කියන,සෘජු ඉලක්කය නැති වීම. 'මේ දුකෙන් නිදහස් වෙන්න ඕනෑ...'කියන සැබෑහැගීම නැති වීම.

යන්තම් හිත ඇතුළේ එහෙම අදහසක් තියෙන්න පුලුවන්. ඒක ලොකු දෙයක් වගේ පෙනෙන්නත් පුලුවන්. නමුත් කල්පනා කරල බලන්න,ඇත්තෙන් ම තමන් තමන් ගේ දුක නිවා ගන්න තමන් කටයුතු කරනවා ද කියල. එහෙම කරන්නෙ නැත්නම් එ‍්කෙන් පේන්නේ තමන්ට 'දුකෙන් නිදහස් වෙන්න ඕන' කියන නිශ්චිත සැබෑ හැගීම නෑ කියන එක යි. හිතේ තිබෙන්නේ ව්‍යාජ අදහසක් පමණ යි.

ඇත්තෙන් ම මහා දෙයක් කරන්නෙ නැති වුනත්,කෙනෙකුට පුලුවනි නම්,බුදු රජාණන් වහන්සේ ගැන යම් ශ්‍රද්ධාවක් ඇතිවුනා ද,ධර්මය ගැන, සංඝරත්නය ගැන යම් ශ්‍රද්ධාවක් ඇති වුනා ද,ඒ ශ්‍රද්ධාව ම වඩන්ට, ටික ටික හරි දියුණු කර ගන්ට, එයා නිවන් මග වඩන කෙනෙක් බවට පත්‍ වෙනවා.

කෙතරම් මතවාද ඇති වුනත්,ඒ සේරම මැදින් බුදු රජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන දේවල් වල සත්‍ය නුවණැති කෙනෙකුට නම් තේරුම් ගන්නට පුලුවනි. ඒ ඔසේසේ ම ශ්‍රද්ධාව ඇති කරගන්ටත් පුලුවනි. ඇත්තෙන් ම නුවණ කියන්නෙත් ඒකට යි.

නිවන් පරතෙරට යන්නේ ඉතා ම සුලු පිරිස යි...

බුදු රජාණන් වහන්සේ එක් අවස්ථාවක මේ විදියට වදාළා..

අප්පකා තේ මනුස්සේසු
යේ ජනාපාරගාමිනෝ
අථායං ඉතරා පජා
තිරමේවානුධාවති...

මේ මිනිසුන් අතරින් නිවන් පරතෙරට යන්නේ ඉතා ම සුලු පිරිස යි. අනෙක් බොහෝ ජනයා සංසාරය කියන මෙ‍‍‍තෙර ම සැරිසරනවා."

දයාබර යාලුවනේ,මේ ප්‍රකාශය ම වුනත්, බුදු රජාණන් වහන්සේ ගැන,උන්වහන්සේ වදාළ ධර්මය ගැන ශ්‍රද්ධාව ඇති කරගන්ට ප්‍රමාණවත් නේ ද..? මේකෙ වාද කරන්න කරුණක් තිබෙනවා ද..? මේ දේ කෙතරම් නම් සත්‍යයක් ද..? ඒ ධර්ම පාඨයේ සත්‍ය අපේ ඉදිරියේ ම බබලමින් තිබෙනවා. බොහෝ පිරිසක් ධර්මය පවා අල්වාගෙන වාද කරමින් සිටීම නම් කරන්නේ, නිවන් පරතෙරට යන්නේ ඉතා ම සුලු පිරිසක් කියා බුදු රජාණන් වහන්සේ දේශනා කළදේ කෙතරම් නම් සත්‍යයක් ද..? ඉතින් නුවණැති කෙනෙකුට බෝධි පාක්ෂික ධර්මයක් වන ශ්‍රද්ධාව ඇති කර ගන්නට, මේක සම්මුතිය ද පරමාර්ථය ද කියල හොයන්න අවශ්‍ය නැහැ.

ධර්මය සුපහන් විලක් වගේ පිරිසිදු යි...

භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ සත්‍ය පිරිසිදු ජලය වගේ පැහැදිලි යි. ඒ පැහැදිලි භාවය,නිරවුල් භාවය වගේ ම ගැඹුර හැම දහම් පදයකින් ම අපූරුවට විද්‍යමාන වෙනවා. ඒ විද්‍යමාන වෙන ධර්මයේ ගැඹුර දකින්න තිබෙන්නේ සරළත්වය තුළින්. ධර්මය සත්‍යයක් කියන එකතෝර බේරා ගන්න, අමුතු අර්ථකථන අවශ්‍ය නැහැ. බර වචන අවශ්‍ය නැහැ. අනු පරමාණු දක්වා කඩල බලන්න අවශ්‍යනැහැ. ධර්මය ගැන ශ්‍රද්ධාව වඩන්න, නුවණැති කෙනෙකුට නම් මේ ටික උනත් ඇති. ඒ නිසා ම යි එක්තරා අවස්ථාවක,සහම්පති මහා බ්‍රහ්මරාජයා ප්‍රකාශ කළේ, "එක් දහම් පදයක මරු පරදන රහතුන් දහසක් වැඩ සිටින බව."

ඒ නිසා කිසි ම විදියකින් වාද විවාද, ආදියට පැටලි පැටලි යන්න එපා. ඒක තමයි සංසාරේ යන ක්‍රමය. එක දහම් පදයක් හරි කමක් නැහැ ඉගෙන ගෙන ඒක තමන් ගේ ජීවිතේට ගලපා ගන්ට බලන්න. ඒ තුළින් ශ්‍රද්ධාව දියුණු කර ගන්න බලන්න. සසරින් එතෙර වෙලා නිවන් පරතෙරට යන සුලු ම සුලු පිරිසට ඇතුළත් වෙන්ට බලන්න. වාද විවාද කර කර කාලය කා දමන,අරයගෙ-මෙයා ගෙ ඇදකුද හොය හොය ඉන්න උදවිය, සංසාරය කියන මෙ‍තෙර ම ඇවිදීවි. ඒක කොහොමටත් හැමදා ම සිදු වෙන දෙයක්. ඒ උදවිය වාද හට ගන්න විවිධ අදහස් පතුරුවමින්, දැනුවත් ව හෝ නො දැනුවත්වඔබවත් මෙතෙරට ම අදින්න උත්සාහ දරාවි. ඒ දේවල් වලට පැ‍ටලෙන්ට එපා. ඒ අයට අනුකම්පාව ම දක්වන්න. නමුත් එයාලවත් කරේ තියාගෙන එතෙරට පීනන්න උත්සාහ කරන්න එපා. ඒ වගේ දෙයක් කරන්න, මෙවැනි යුගයක ඉපදුණු,සුලු පිනක් තියෙන අපි වගේ උදවියට බෑ. එහෙම කරන්න ගියොත් අපිට ත් වෙන්නේ එතෙර නො වීමගදි ම ගිලෙන්න යි.

අප්පමාදේන සම්පාදේථ...

අපිට තියෙන්නේ ඉතා ම ටික කාලය යි. ජීවිතේ දිය පිට ඇදි ඉරක් වගේ. හරිම ඉක්මණින් ගෙවිලා යනවා. ඒ ටික කාලයත්,ධර්මය පුරුදු කරන්නෙ නැතිව,"අරක ද හරි මේක ද හරි.." කිය කියා හොය හොයා ඉන්න යෙදෙව්වොත් අපි කෙතරම් නම් අවාසනාවන්ත ද.. ඒ නිසා කාලය නාස්ති කරගන්ට එපා. උතුම් ධර්මයක් තුළමළකඳන් බවට පත් වෙන්ට එපා.

මෛත්‍රී භාවනාව හෝ ඉගෙන ගෙන,අනිත්‍යභාවනාව හෝ ඉගෙන ගෙන,එක දහම් පදයක් හෝ ඉගෙන ගෙන, ඒක පුරුදු කිරීම පිණිස, කාලය යෙදෙව්වොත් එයා නේ ද ජය ගන්නේ...? එයා තමයි සංසාරය කියන මෙතෙර හැරදමා නිවන් පරතෙරට යන්නේ. එයා තමයි,භාග්‍යවතුන් වහන්සේ ගේ නිය සිලේ පස් ටිකට ඇතුළත් වෙන්නේ, එයා තමයි බුදු සමිඳුන් ගේ අනුශාසනාව කළ කෙනා වෙන්නේ. එයා තමයි ඇත්තෙන් ම සම්බුදු සසුනේ චිරස්ථිතියට දායක වුන කෙනා වෙන්නේ. එයා තමයි සම්බුදු සසුන රැක ගන්න දායක වෙන කෙනා වෙන්නේ. එයා තමයි දිනන්ට දුෂ්කර, අතිශයින් ම දුෂ්කර කෙළෙස් යුද්ධය ජය ගනිමින් මෙලොවින් නික්ම යන්නේ. ඒ වාසනාව ඔබට උදාවේවා..!

අප්පමාදෝ අමතපදං
පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති
යේ පමත්තා යථා මතා.

අප්‍රමාදය අමෘතයට (නිවනට) කාරණය යි (හේතුව යි). ප්‍රමාදය (ධර්මය තුළ) මරණයට කාරණය යි. අප්‍රමාදී උදවිය නොමැරෙන අය වගෙයි. ප්‍රමාදීඅය (ජීවත් වුනත්) මිය ගිය අය වගෙයි.

සදා සැනසිල්ල වේවා..!!
තෙරුවන් සරණයි...!!!

[E mail හරහා ලෑබුනු ලිපියකි.]
 
amalrukmal

Member
Sep 24, 2010
190
48
0
ඕනේම බූරුවෙක්ට තේරෙනවා, මේ ගොන්නුන්ට තේරෙන්නෙ නැහැ:P:P

http://elakiri.com/forum/showthread.php?t=1084605

එහෙනම් මෙක තේරිච්චි බූරු උපාසක මහතා, මෙ ටිකත් කියවලා බලන්නකො එහෙනම් .
මෙ කියලා තියෙන දේ හරියි කියල හිතෙනව නම් ඔබ බූරුවෙකි. වැරදි කියලා හිතෙනව නම් ගොනෙකි.

තුප් නොදකින් මුන් වගේ (laknath123) අවජාතකයෝ බිහි වුනේ නැත්තන් බුදු දහම අදත් නිර්මලයි.

අර ජපානේ බේරුන බුදු පිලිමේ දැකලා උදන් ඇනුවා. සාධු නාද දුන්නා, මේ හැත්ත දැනගෙන හිටියේ නැහැ ඒක සෙන් ආගමේ පිළිමයක් කියලා. ථෙරවාද උන් සෙන් ආගම ප්‍රතික්ෂේප කරනවා. ඒකේ ඉන්නෙම බෝසත් පිළිම. අනේ මේ හරක් ඒ පිළිනොගත් සෙන් ආගමේ පිළිමෙටත් සධු සාධු සාධු නද දුන්නා.
ඉතින් ලංකාවේ බෞද්ධයන්ට මේක තේරුම් ගන්න මොලයක් නැති එකේ ධර්මය ගැන තේරෙයිද?

උඹල වගේ අවජාතක උන් නිසා තමයි බමුණන්ගේ පස්සෙ ගිහින් ඇබිත්තයෝ වෙලා ඉන්නේ. දැන් පන්සලේ හාමුදුරුවන්ට සංඝය කියන්නත් ලැජ්ජයි. මොකද උන් දවල්ට බණ කියලා රෑට ගෑනු පස්සෙ, කොල්ලො පස්සෙ යනවා. මම නොදන්නවද ඒ හරක් ගැන. ඉතින් උඹල ඒ හරක්ගේ ඇබිත්තයෝ. පන්සලේ දැන් ඉන්නේ හාමුදුදුරුගොල්ලො නෙමෙයි, වනචර බමුණො ටිකක්. ඉතින් ඒ වනචර බමුණො පස්සේ යන උඹල වගේ ඇබිත්තයන්ට මෙව්වා තේරෙන්නේ නැහැ. උඹත් අර ප්‍රසිද්ධ බමුණෙක්ගේ ඇබිත්තයෙක්ද කොහෙද?

උන් කියන වැදි බණ පොත බලාගෙන, ඒකවත් හරියට කියව ගන්න බැහැ. උඹල ඉතින් පාලි දන්නේත් නැහැ. උන් කියල ඕන පචයක් උඹල පිලිගන්නවා. උන්ට පොත නැත්තන් බණත් නැහැ. ඉස්සර පොත් කටපාඩම් කරගෙන බණ කිව්වේ නැහැ. තමන් අවබෝධකරගෙන රහත් වෙලා තමයි බණ කිව්වේ.

අද මේ ගොන්නු රහත් වෙලාවත් නැහැ. අපිවගේම කලිසන් කමිස අඳින උන්ටිකක් වෙනසකට තියෙන්නේ කහ රෙදි කෑල්ලක් පෙරෝ ගත්තු නරි. උන්ට පොත ඉස්තරම්. අර සුරංගය කිව්වා වගේ උඹලටනම්

බුදු පිළිම සරණං ගච්චාමි, ධම්ම පොත සරණං ගච්චාමි, නරි සරණං ගච්චාමිම තමයි.
 
Last edited:

anurudda

Member
Aug 24, 2007
2,463
2
0
Lankawe
godak pin... meh poya dawase mamat meka share karanna hituwa...

පලමුව කලයුත්ත භාවනා කිරීමද නැතහොත් ධර්මාවබෝධය ලබාගැනීමද ?
http://aaryadharma.org/Shrawya/KarthruThereem/KARTHRU THEREEM 1.mp3
- පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ

source: http://aaryadharma.org/Bhawana/Bhawana.htm
http://aaryadharma.org/

budusaranai..
 
Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
කාලෝචිත ත්‍රෙඩ් එකක් මචෝ.... :D:D
:D
Obata godak pin yalu..:)
Theruwan Saranai!!!

තෙරුවන් සරණයි යාලුව...
godak pin... meh poya dawase mamat meka share karanna hituwa...

පලමුව කලයුත්ත භාවනා කිරීමද නැතහොත් ධර්මාවබෝධය ලබාගැනීමද ?
http://aaryadharma.org/Shrawya/KarthruThereem/KARTHRU THEREEM 1.mp3
- පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ

source: http://aaryadharma.org/Bhawana/Bhawana.htm
http://aaryadharma.org/

budusaranai..
1.gif

නියමයි යාලුවා... බුදු සරණයි...
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තුප් නොදකින් මුන් වගේ (laknath123) අවජාතකයෝ බිහි වුනේ නැත්තන් බුදු දහම අදත් නිර්මලයි.

    අර ජපානේ බේරුන බුදු පිලිමේ දැකලා උදන් ඇනුවා. සාධු නාද දුන්නා, මේ හැත්ත දැනගෙන හිටියේ නැහැ ඒක සෙන් ආගමේ පිළිමයක් කියලා. ථෙරවාද උන් සෙන් ආගම ප්‍රතික්ෂේප කරනවා. ඒකේ ඉන්නෙම බෝසත් පිළිම. අනේ මේ හරක් ඒ පිළිනොගත් සෙන් ආගමේ පිළිමෙටත් සධු සාධු සාධු නද දුන්නා.
    ඉතින් ලංකාවේ බෞද්ධයන්ට මේක තේරුම් ගන්න මොලයක් නැති එකේ ධර්මය ගැන තේරෙයිද?

    උඹල වගේ අවජාතක උන් නිසා තමයි බමුණන්ගේ පස්සෙ ගිහින් ඇබිත්තයෝ වෙලා ඉන්නේ. දැන් පන්සලේ හාමුදුරුවන්ට සංඝය කියන්නත් ලැජ්ජයි. මොකද උන් දවල්ට බණ කියලා රෑට ගෑනු පස්සෙ, කොල්ලො පස්සෙ යනවා. මම නොදන්නවද ඒ හරක් ගැන. ඉතින් උඹල ඒ හරක්ගේ ඇබිත්තයෝ. පන්සලේ දැන් ඉන්නේ හාමුදුදුරුගොල්ලො නෙමෙයි, වනචර බමුණො ටිකක්. ඉතින් ඒ වනචර බමුණො පස්සේ යන උඹල වගේ ඇබිත්තයන්ට මෙව්වා තේරෙන්නේ නැහැ. උඹත් අර ප්‍රසිද්ධ බමුණෙක්ගේ ඇබිත්තයෙක්ද කොහෙද?

    උන් කියන වැදි බණ පොත බලාගෙන, ඒකවත් හරියට කියව ගන්න බැහැ. උඹල ඉතින් පාලි දන්නේත් නැහැ. උන් කියල ඕන පචයක් උඹල පිලිගන්නවා. උන්ට පොත නැත්තන් බණත් නැහැ. ඉස්සර පොත් කටපාඩම් කරගෙන බණ කිව්වේ නැහැ. තමන් අවබෝධකරගෙන රහත් වෙලා තමයි බණ කිව්වේ.

    අද මේ ගොන්නු රහත් වෙලාවත් නැහැ. අපිවගේම කලිසන් කමිස අඳින උන්ටිකක් වෙනසකට තියෙන්නේ කහ රෙදි කෑල්ලක් පෙරෝ ගත්තු නරි. උන්ට පොත ඉස්තරම්. අර සුරංගය කිව්වා වගේ උඹලටනම්

    බුදු පිළිම සරණං ගච්චාමි, ධම්ම පොත සරණං ගච්චාමි, නරි සරණං ගච්චාමිම තමයි.

    ඔය සහොදරයට උත්තර දීලා ඇති මම අදාල Thread එකේ. වෙන වෙන ඒවා අදාල නැති තැන්වල Copy Paste කරන්න එපා. දානවා නම් Link එකත් එක්ක දාන්න....