ජීවමාන පාලම් වවන මිනිස්සු

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ජීවමාන පාලම් වවන මිනිස්සු

    පාලම් කියන්නේ අපි කාටත් හුරු පුරුදු දෙයක් නේ. ගමනක් යද්දි මග තොටෙදි කොච්චර නම් පාලම් පහු කරනවාද නේද? අපි දැකලා තියන පාලම් හදන්නේ, කොන්ක්‍රීට් හෝ යකඩ වලින්. නමුත් උතුරු ඉන්දියානුවන් විසින් පාලම් වගාකරනවා කියලා ඔයාලා දන්නවාද? මේ පාලම් වලට පණ තියනවා. :yes::yes:


    6TmV3DK.jpg


    ඊසාන දිග ඉන්දියාවේ පිහිටි මෙඝාලය ප්‍රාන්තය සාරවත් වනාන්තර බහුල ප්‍රදේශයක්. කොයිවෙලාවෙත් වැස්ස. මහා ජල කදන් කඩා හැලෙන රමණිය දියඇලි බහුලයි.
    ලොව වැඩිම වර්ෂාපතනයක් පතිත වන ස්ථානය වන Mawsynram පිහිටා තියෙන්නෙත් මෙඝාලයේ තමයි.

    DdQ9JEn.jpg


    ‍මෙඝාලයේ පිහිටි සානු වල ජිවත් වෙන කාසි ඇතුලු ස්වදේශික ජන කොට්ඨාශ වලට වැහි සමයන්හිදි ඇතිවන බාධා බොහොමයි. සරල ජිවිතයක් ගෙවන ගැමියන් හා ගග අතර
    ඇති සම්බන්දය ගංගාව හා ඉවුර වගේ. එගොඩ ඉවුරේ නැදැයෝ බලන්න,
    කැම ටිකක් හොයාගන්න, පල වැල නෙලාගන්න/බෙදාගන්න ගංගා හරහා යන්නම එපැයි.

    අධික වැසි ඇදවැටිම සමග ගංගා පිටාර ගලා නිම්න ජලයෙන් යටවීම නිසා කැලයේ ජිවත් වන ඔවුන්ට ගංගා ඉවුරෙන් ඉවුරට ගමන් කිරිමට බාදා පැමිණෙනවා.

    මුල් කාලයේ කාසි ජනයා විසින් බම්බු වලින් සෑදු පාලම්/ඒදඩු බාවිතයෙන් වැසි ජලයෙන් පෝෂිත චණ්ඩ වූ ගංගා තරණයට උත්සහ දැරුවද ඒවා ස්ථිර පිලියම් වූයේ නැ.
    එක වතුරක් ආවාම පාලම කොහේ ගියාද නෑ.

    KSIBeIy.jpg


    මේ උණ බම්බු ‘‘බම්බුව‘‘ හරියන්නැ කියලා ටික කාලයක් යනකොට කාසි ජනයාටම තේරුනා. මීට සියවස් දෙකකට පමණ පෙර ලොව නොදුටු අලුත්ම පාලම් තාක්ෂණයක් කාසි ජනයාගේ හිතේ පහල වුනා.

    පණ තියන පාලම් !!!


    1g4Rvyn.jpg


    ඔවුන් විසින් නුග හා රබර් වර්ගයේ ශාක ගෙනත් ගං ඉවුරු වල ඉන්දුවා. ඊට පස්සේ එම ගසේ මුල්, ශාක පට වලින් තැනු බට හා වේවැල් උපයෝගි කරගෙන අනිත් ඉවුර වෙත යවන්නට සැලැස්වූවා. ගසේ මුල් කාලයත් සමග වැඩෙමින්, සෙමින් සෙමින් අනිත් ගං ඉවුරට ආවාම, පස් දාලා ඒ ඉවුරේ මුල් පැල වෙන්නට සැලැස්වුවා. ගහ එක ඉවුරක, එහි මුල් ගග හරහා අනෙත් ඉවුරේ!!!

    mfLqGbB.jpg


    මෙහෙම මුල් විශාල ගනනාවක් ඉවුරු අතර හුවමාරු කරගන්නවා. ගං ඉවුරු දෙකේම ගස් වවලා පාලම මුල් වලින් ශක්තිමත් කරනවා.ශාක මුල් වලින් තැනු ස්වභාවික පාලමක්. බම්බු පාලම් වගේ ජල පහරට කැඩෙන්නෙත් නැ. දිරන්නෙත් නැ.

    දැන් ඉතින් ඕනා කෙනෙක්ට බය නැතුව ගග හරහා මාරු වෙන්න පුලුවන්. මෙලෙස සාදාගත්ත
    ‘‘මුල් පාලම‘‘ මත පස් පුරවා, ගල් පුවරු තබා තවත් ගමනාගමනයට සුදුසු වන සෑදු අවස්ථාද දකින්න තියනවා.සමහර පාලම් උඩින් වාහන යන්නත් පුලුවන් තරම් සවිශක්තිමත්.

    o6FvwH7.jpg


    ඔයාලා දන්නවාද? මෙසේ එක් පාලමක් හදන්න වසර 15- 20 අතර කාලයක් වැය වෙනවා. මෙසේ සාදාගත්ත ජීවමාන පාලම් වසර සිය ගනනක් පුරා අදටත් භාවිතා වෙනවා. කාලය යන්න යන්න තවත් මුල් වැඩිම නිසා පාලම තවත් ශක්තිමත් වෙනවා.

    මීට අමතරව ඩබල් ඩෙකර්, ත්‍රිබල් ඩෙකර් ආකාරයේ තට්ටු දෙකේ, තට්ටු තුනේ පාලම්ද දකින්න පුලුවන්. පුදුමයි නේද?

    3i8noKg.jpg


    kBwHekh.jpg


    f0t7MQX.jpg


    නමුත් වර්තමානය වන විට ජිවමාන පාලම් තැනිමේ කලාව කාසි ජනයා අතරින් ගිලිහෙමින් යනවා. මීට හේතු ලෙස යකඩ හා කම්බි බාවිතයෙන් පහසුවෙන් හා ඉක්මනින් පාලම් තැනිම,
    ජනයා කැලයෙන් ඈත්විම මෙන්ම නව මංමාවත් ඉදිවිම නිසා පාලම් භාවිතයද අත්හැර දමා තිබිමද දැක්විය හැකියි.

    බලන්න!!!
    යකඩ පාලමකින් මෙච්චර ලස්සනක් පේනවාද කියලා?


    - රොෂීන් ප්‍රනාන්දු
    ජනේලය බ්ලොග් අඩවිය


    ඔබේ කෙටි ප්‍රතිචාරය උවද මහත් සේ සලකමි.
    ස්තුතියි:):):):)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පට්ට මචන්
    සමහරවිට සමහර පාලම් හදන්න පටන් ගත්ත එක්කෙනාට පාලමෙන් යන්න ජීවත්වෙනහ් බැරිව ඇති.හරිම නිර්මානශිලි හා පරාර්ථකාමී වැඩක්