ජීවමාන සුවිසල් කොරල්පරය
ඕස්ට්‍රේලියාවේ ඊශාන දිග වෙරළ තීරයේ සැතපුම් 1,400 ක දුරක් ආවරණය කරන ‘මහා බාධක පරය’ දැනට මිහිමත පවතින විශාලත ම ජීවමාන ව්‍යුහය ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. ජීව විද්‍යාත්මක පුදුමයක් ලෙස සැලකිය හැකි එය නිර්මාණය වී ඇත්තේ ස්වාධීන කොරල්පර 3,863 ක් එක්වීමෙන්. එසේ ම මහා බාධක පරය, මත්ස්‍ය විශේෂ 1,600 ක්, මුහුදු කැස්බෑ විශේෂ 6 ක්, මුහුදු ක්ෂීරපායී විශේෂ 30 ක්, මුහුදු සර්ප විශේෂ 14 ක් ඇතුළු මුහුදු ජීවින් විශේෂ 9,000 කට නිවාසස්ථාන සපයනවා.
ප්‍රමාණයෙන් දැවැන්තයෙක් වන මහා බාධක පරය නිර්මාණය වීම ආරම්භ වී ඇත්තේ අදින් වසර 6,000 – 9,000 කට පමණ පෙර අයිස් යුගයේ අවසන් කාලයේ දී ගෝලීය ජල මට්ටම ඉහළ යාමෙන් පසු ව යි. නමුත් වර්තමානයේ දී ක්‍රමයෙන් ඉහළ යන ගෝලීය උෂ්ණත්වය, මහා බාධක පරයේ පැවතීමට දැඩි අභියෝගයක් වී ඇති බව යි පරිසරවේදීන් ප්‍රකාශ කරන්නේ. එසේ ම පසු ගිය තෙවසරක කාලය තුළ මහා බාධක පරය සතු කොරල්පර අතරින් අඩකට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා.

Last edited: