ජීවිතයක් දානය කළෙමි.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    චගු;10126140 said:
    කැම්පස් (කැළණිය ) යනකොට හැමදාමත් දකින දර්ශනයකින් හිත සසල වෙනවා.. මාලිගාවත්තෙ මස් කඩ පේලියට .. කීප තැනකම පණ පිටින් කුකුළොත් ඉන්නවා.. එයාලව ස්ටොක් එක අඩු වෙනකොට මරනව වෙන්න ඇති. ඔක්කොම එක පාරටම මැරුවොත් Freezer එකේ තියන්න වෙනව.. එතකොට light bill එක වැඩි වෙනව නෙ.

    මස් කඩ පේලියෙ එක තැනක මේ පණ තියෙනෙ කුකුළො ටික ඉන්නෙ ගහක එල්ලලා. ගිනි අව්වෙ. කොහොමත් මරන නිසා එයාලව අව්වෙ තිබ්බට කමක් නෑ කියල මස් කඩේ මුදලාලි හිතනව වෙන්න ඇති. මට නම් හරිම දුකයි . ගහේ එල්ලල ඉන්න කුකුළන්ට පේන තැනක තමයි විකුණන්න තියෙන චිකන් තියෙන්නෙත්. එයාලටත් පේනව ඇති drumsticks, wings, gizzards, whole chicken.... එල්ලිලා ඉන්න ගමන් මොනවා හිතනව ඇතිද ??
    කුකුළන්ට විචක්ෂණ බුද්ධියක් නෑ කියල තමයි කියන්නෙ. ඒත් එක එක ඇතුළට අරන් ගිහින් , පිහාටු ගැළවිලා, කෑලි වෙලා, display rack එකට ආපහු එනකොට පොඩ්ඩක් හරි මරණ බය හිතෙනව ඇති කියල මට හිතුණ. හැමදාම සෙනසුරාදට දකින මේ දර්ශනය දර්ශනය නිසා මම vegitarian උන එක ගැන ගොඩාක් සතුටුයි.

    මට හිතුණ මේ වගේ මරණෙට නියම වෙච්ච සතෙක්ව නිදහස් කරන්නම් කියල.
    ඒත් logistical ගැටළු ගොඩාක්:

    • හරකෙක්? එළුවෙක්? කුකුළෙක්? ද ?
    • නිදහස් කලාට පස්සෙ එයා ඉන්නෙ කොහෙද ?
    • එක දං ගෙඩියකින් තවත් දං ගෙඩියකටද මම මේ එක්කගෙන යන්නෙ (හැම වෙලාවෙම එයා ආරක්ෂිතද ?)

    අන්තිමට මෙහෙමයි උනේ:
    අද 2011 මැයි මාසෙ 15 වෙනිදා උදේම මම ගියා රත්මලානෙ මස් කඩේට. ඒ වෙලාවෙ තමයි ලොකු ලොරියකින් පණ ඇති කුකුළ්ලු ගෙනාවෙ. පොඩි පෙට්ටි වල හිර වෙලා වකුටු වෙලා හිටියෙ. ඊයෙ රෑ වැස්සට තෙමිලද කොහෙද පිහාටු ඔක්කොම තෙතයි. ඉවසන්න බැරි තරම් ගඳ. මුදලාළිගෙන් අහුවා "මේ එක්කෙනෙක් මට පණ පිටින් ගන්න පුළුවන් ද" කියලා. මම හිතාගෙන හිටියෙ මසට මරන්නෙ කුකුළො කියල.. ඒත් ලොරියෙ තිබුණ හැම පෙට්ටියෙම කිකිළියො හිටියෙ.
    මට 2KG සතෙක් තෝරලා දුන්නා. රුපියල් 700යි.
    සල්ලි ගන්න ගමන් මුදලාළි කියනව "ඔයා තමයි පළවෙනි බිස්නස් එක අද දවසට.. හොඳ දෙයකට නෙ" කියලා. පවු.. මම හපොයි මේ පව් කාර බිස්නස් එකක් කියල හිතෙන් කිය කියා හිටියෙ.. අද බිස්නස් පාඩු වෙන්න ඇති.. ඒ පැත්තෙ ආයෙම යන්න නම් හොඳ නෑ ටික දවසකට..

    කිකිළිව shopping බෑග් එකකට දාල දුන්නා. පවු එයාගෙ බඩ පැත්ත අර පෙට්ටියට තෙරපිලා අසුචි වලින් නෑවිලා තිබුණෙ.
    15052011864-1.jpg

    මම එයාව නිදහස් කරන්න හිතුවෙ ලුනාව ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයෙ. ගෙදර ගෙනියන්න ආසයි. ඒත් බලු රාල ඉන්නව නෙ. අනික අපිට ලොකු මිදුලකුත් නෑ. ඉතින් හාමුදුරුවන්ගෙ අවසරෙයෙන් පන්සලේ ඉන්න කිකිළිට පුලුවන්. පන්සලේ දේවාලවලට පූජාකරපු තවත් කුකුළො ඉන්නවා.. ඉතින් මිනිස්සුන්ගෙන් පරිස්සම් ඇති කියල මම හිතනව. පන්සලේදි කකුල් වල ලණු ලිහලා මම කිකිළිව අතෑරියා. පවු.. බයටම ගල් ගැහිල වගේ.. ටිකකින් එහාට මෙහාට අවිද්දා.. එයාව බලන්න boyfriends ල දෙන්නෙකුත් දුවගෙන ආවා.. සතුටින් ඉන්න කියල මම කිකිළි වෙනුවෙන් හිතුවා.

    අනාගතය හොඳ වෙන්න කියල හිතනවා.. ඒක කිකිළිගෙ වෙලාව.. මම කලේ අද මස් කඩේදි නියත මරණයකින් බේරගත්ත එක විතරයි. කළවැද්දෙකුට, මස් වැද්දෙකුට කිකිළි අහු වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා. ඒත් සත්තු, මනුශ්‍යයො ඔක්කොම තම තමන් ගෙ කුසල අකුසල කර්ම විදියට නෙ ඉතින් ඉන්නෙ.

    ගොඩාක් සතුටුයි මට.
    උඹ හොද කොල්ලෙක් බං
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අභය දානය දාන අතර ප්‍රධාන වෙයි. අභය දානය යන්නෙන් අදහස් කරන්නේ ජීවිත දානය ලබාදීමයි.

    “සබ්බේ තසන්ති දණ්ඩස්ස
    සබ්බේ භායන්ති මච්චුනෝ
    අත්තානං උපමං කත්වා
    නහනෙය්‍ය න ඝාතයේ”

    දඬුවම් විඳීන්නට සැම කෙනෙක්ම බිය වෙති. මරණයටද සෑම කෙනෙක්ම බිය වෙති. එබැවින් තමා උපමා කොටගෙන අන් සතුන්ට තැලීම් පෙළීම්, නැසීම් නොකළ යුතුය, යනුවෙන් ධම්මපදයෙහි දැක්වෙන්නේ මිනිසාගේ හෝ වේවා සත්වයෙකුගේ හෝ වේවා ජිවිතයට හානි නොපැමිණවීමයි. සෑම සත්වයෙක්ම තමාගේ ජීවිතයට ඇලුම් කරයි. ‘පණාතිපාතා වේරමණී සික්ඛාපදං’ සික්ෂාපදය පංචශීල ප්‍රතිපදාවේ පළමුව දැක්වීමෙන් බුදුරදුන් අභය දානයේ උත්තරීතරභාවය ලොවට හෙළිකළහ. මරණයට කැප වූ සත්වයින් නිදහස් කිරීම දීර්ඝායුෂ ලැබීමට හේතුවන මහා පින්කමක් වෙයි. එසේම පරපණ නැසීම පුද්ගලයාට අඩු ආයුෂ ලැබීමට හේතුවන බව දක්වයි. දන්දීමේ නාමයෙන් ඇතැම් පුද්ගලයින් සියදහස් ගණන් අසරණ තිරිසන් සතුන් ඝාතනය කරයි. මනා සිහිනුවණින් යුතුව කල්පනා කර බැලීමේදී එය සාපරාධී ක්‍රියාවක් බව පැහැදිලිව අවබෝධ වෙයි.

    -උපුටා ගැනීම බුදුසරණ

    පින්සිදු වේවා !!! :D
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    . දන්දීමේ නාමයෙන් ඇතැම් පුද්ගලයින් සියදහස් ගණන් අසරණ තිරිසන් සතුන් ඝාතනය කරයි. මනා සිහිනුවණින් යුතුව කල්පනා කර බැලීමේදී එය සාපරාධී ක්‍රියාවක් බව පැහැදිලිව අවබෝධ වෙයි.

    -උපුටා ගැනීම බුදුසරණ

    පින්සිදු වේවා !!! :D

    ස්තුතියි තරින්ද, සහ අනිත් යාළුවනේ

    මමත් මේ ගැන හිතුවා.. මගේ පෞද්ගලික අදහස නම් දානයක් (මහා සංඝරත්නයට -පන්සලට ගෙන ගොස් හෝ ගෙදරට වැඩමවා දෙන ) නම් වඩා උචිත වන්නේ මස් මාංශයෙන් තොර ආහාර. මගේ පෞද්ගලික මතය මම කිව්වෙ. මම මගෙ අම්මව කැමති කරවගත්ත අපි දෙන දාන වලදි මාළු, මස්, උම්බලකඩ, කරවල නොදා ඉමු කියල.

    එක දවසක් මම දැක්ක ගමේ පන්සලේ මල් ආසනය මත බුද්ධ පූජාව තියල තිබුන පුන්චි භාජන වල. ඉන් එකක තිබුනෙ මාළු කෑල්ලක්. මම නම් බුද්ධ පූජාවෙ තිබුණ ඒ මාළු කෑල්ල ලොකූ නොගැලපීමක් දැක්ක.

    මේ මගේ පෞද්ගලික මතය විතරයි. දාන වලදි මස් මාළු මොනවත් නැතුව හදනව නම් හොඳයි , ගැලපෙනව, කියලයි මට නම් හිතෙන්නෙ. අපේ දානෙ නිසා සත්තු කවුරුවත් සෘජු ව හෝ වක්‍රව තමන්ගෙ ජීවිත නැතිකර ගන්න ඕනි නෑ නෙ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චගු;10342820 said:
    ස්තුතියි තරින්ද, සහ අනිත් යාළුවනේ

    මමත් මේ ගැන හිතුවා.. මගේ පෞද්ගලික අදහස නම් දානයක් (මහා සංඝරත්නයට -පන්සලට ගෙන ගොස් හෝ ගෙදරට වැඩමවා දෙන ) නම් වඩා උචිත වන්නේ මස් මාංශයෙන් තොර ආහාර. මගේ පෞද්ගලික මතය මම කිව්වෙ. මම මගෙ අම්මව කැමති කරවගත්ත අපි දෙන දාන වලදි මාළු, මස්, උම්බලකඩ, කරවල නොදා ඉමු කියල.

    එක දවසක් මම දැක්ක ගමේ පන්සලේ මල් ආසනය මත බුද්ධ පූජාව තියල තිබුන පුන්චි භාජන වල. ඉන් එකක තිබුනෙ මාළු කෑල්ලක්. මම නම් බුද්ධ පූජාවෙ තිබුණ ඒ මාළු කෑල්ල ලොකූ නොගැලපීමක් දැක්ක.

    මේ මගේ පෞද්ගලික මතය විතරයි. දාන වලදි මස් මාළු මොනවත් නැතුව හදනව නම් හොඳයි , ගැලපෙනව, කියලයි මට නම් හිතෙන්නෙ. අපේ දානෙ නිසා සත්තු කවුරුවත් සෘජු ව හෝ වක්‍රව තමන්ගෙ ජීවිත නැතිකර ගන්න ඕනි නෑ නෙ.

    ඔව් සහෝදරයා... ඔය මතය මමත් පිලිගන්නවා ... මේ කියන මමත් මස් මාංශ ආහාරයට ගන්නවා (ගවමස් නම් ආහාරයට ගන්නේ නෑ ) ... අපි උපතේ ඉඳල කරන වැරදි හදාගන්න ටිකක් කල් යනවා ... කාටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා අපි ඒක දැනගන්න ඕන... පන්සිල් පද පහ රකින සමාජයක් අද නෑ.. ඔය පද පහ රකිනවානම් මේ ලෝකේ ලස්සන තැනක් වේවි .. අපිට මේ සංසාරේ නිවන් යන්න පුළුවන් වෙන එකක් නෑ .. නමුත් තමන්ට හැකි පමණින් දෙයක් කරලා ඉපදෙන ආත්ම වල නිදුක් නිරෝගී වෙන්න අවස්ථාවක් සලසා පුළුවන් දාන පාරමිතාව පිරුවොත් .. දස පාරමිතාව පුරන ඒක ඉතා දුෂ්කර කටයුත්තක් ...
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ane sadhu sadhu....
    me kargathta pinen ubata jathi jathith akal viyowayangen berenawa macahan
    uba karapu pina apitath anumodan wennda dunna eke pinath ubatama thama
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    wow mara pinak karagatte math asai oya wage dekata hawl wenna aye nidahas karanawanam apitat kiyapan