ජීවිතයට වැදගත් යමක්

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    ජීවිතයට වැදගත් යමක්

    386938_272095626162955_193218727383979_720817_1155841105_n.jpg


    දවසක්දා ධණවත් ව්‍යාපාරිකයෙක් ඉතා දිලිදු ධීවර ගම්මානයකට සංචාරයකට ගියා. මෙයා වෙරළේ ඇවිද ඇවිද ඉන්නකොට දැක්කා කුඩා ඔරුවක මුහුදු ගිය ධීවරයෙක් වෙරළට එනවා. ධණවත් ව්‍යාපාරිකයා ඔරුව ළගට ගිහින් බලනකොට දැක්කා විශාල මසුන් 5ක් 6ක් ඔරුව ඇතුලේ ඉන්නවා.
    ධීවරයා ලගට ගිය ධණවත් ව්‍යාපාරිකයා ධීවරයත් එක්ක කතා කරන්න පටන් ගත්තා.

    "හොද මාලු අස්වැන්නක්...ඔබට මේ මාලු ටික අල්ලන්න කොච්චර වෙලා ගියාද" ධණවත් ව්‍යාපාරිකයා ඇහුවා.

    "පොඩි වෙලාවයි" අහිංසක හිනාවක් සමගින් ධීවරයා පිලිතුරු දුන්නා "පැය දෙකක් විතර"

    "ඉතින් ඇයි ඔබ තව වෙලා මසුන් මරන්නේ නැත්තේ ? පැය හයක් විතර මසුන් මැරුවොත් මේ වගේ තුන් ගුණයක් මාලු ඔබට ගේන්න පුලුවනිනේ" ධණවත් ව්‍යාපාරිකයා ඇහුවා.

    "මගේ පවුලට අවශ්‍ය දේවල් මිලදී ගන්න මේ මාලු ටික හොදටම ඇති මහත්මයා" ධීවරයා උත්තර දුන්නා.

    "නමුත් ඔබ ඉතුරු වෙලාවේදී මොකද කරන්නේ" ධණවත් ව්‍යාපාරිකයා ඇහුවා.

    "මම දවල් වෙනකන් නිදා ගන්නවා,මගේ දුවයි පුතයි එක්ක සෙල්ලම් කරනවා,මගේ හාමිනේට ගෙදර වැඩ කරගන්න උදව් කරනවා,හවස් වරුවේ ගම්මානේ පැත්තේ ගිහිල්ලා යාලුවොත් එක්ක පොඩි අඩියක් ගහලා සින්දුවක් කියලා රෑ කෑමට ගෙදර එනවා මහත්මයා" ධීවරයා උත්තර දුන්නා.

    ධණවත් ව්‍යාපාරිකයා සමච්චලේට හිනා වෙලා මෙහෙම කිව්වා
    "මට හාවඩ් විශ්ව විද්‍යාලේ ව්‍යාපාර කළමණාකරනය පිලිබද උපාධියක් තියනවා,මට පුලුවන් ඔබට දියුණු වෙන්න උදව් කරන්න.ඔබ හෙට ඉදලා මීට වඩා වැඩි වෙලාවක් මසුන් මරන්න පුරුදු වෙන්න,එතකොට මීට වඩා ලොකු මුදලක් හොයා ගන්න පුලුවන්,ඒ මුදල් ඉතුරු කරලා මීට වඩා ලොකු ඔරුවක් ගන්න,ඒ ලොකු ඔරුවෙන් ගොඩක් වෙලා මසුන් මරලා ඒ මුදලින් ඔබට ඔරු කීපයක් මිලදී ගන්න පුලුවන්,අවසානයේදී ඔබට ඔරු රාශියක හිමි කාරයා වෙන්න පුලුවන් වෙනවා. ඔබේ මාලු අස්වැන්න මාලු මුදලාලිට විකුණන්නේ නැතිව කෙලින්ම මිනිස්සුන්ට විකුණන්න පුරුදු වෙන්න,එතකොට ඔබට මීට වඩා වැඩි ලාභයක් ගන්න පුලුවන්,අවසානයේදී ඔබට පුලුවන් ඔබේම ටින් මාලු කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න,ඔබට පුලුවන් නිවසේ ඉදලා ඔබේ කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු පාලනය කරන්න.ඔබට මේ කුඩා ධීවර ගම්මානය අත් හැරලා නගරයෙන් විශාල නිවසක් මිලදී ගන්න පුලුවනි,අවසානයේදී ඔබේ ව්‍යාපාරය ලෝකය පුරාම ව්‍යාප්ත කරලා මම වගේ ලොකු ධණවතෙක් වෙන්න පුලුවනි"

    ගොඩක් අවධානයෙන් අහගෙන හිටපු ධීවරයා ධණවත් ව්‍යාපාරිකයාගෙන් මෙහෙම ඇහුවා "ඉතින් මහත්මයා ඔය ඔක්කොම කරන්න කොච්චර කාළයක් ගත වෙයිද?"

    "අවුරුදු 15ක් 20ක් විතර" ධණවත් ව්‍යාපාරිකයා උත්තර දුන්නා.

    "ඒත් ඊටත් පස්සේ මොකද කරන්නේ මහත්මයා?" ධීවරයා ආයෙත් ඇහුවා.

    "ඊට පස්සේ තමා හොදම ටික තියෙන්නේ,නිවැරදි කාලය ආපු ගමන් ඔබට පුලුවන් ඔබේ ව්‍යාපාරයේ කොටස් මහජනතාවට නිකුත් කරන්න,ඒ කොටස් කොටස් වෙළදපොලේ විකිණීමෙන් ඔබට කෝටිපතියෙක් වෙන්න පුලුවන්" ධණවත් ව්‍යාපාරිකයා හිනා වෙලා කිව්වා.

    "මහත්මයා ඊටත් පස්සේ මොකද කරන්නේ?" ධීවරයා ආයෙත් ඇහුවා.

    "ඊට පස්සේ ඔබට පුලුවන් ඔබේ ව්‍යාපාරික කටයුතු වලින් ඈත් වෙන්න ඈත් වෙලා මේ ලස්සන කුඩා ධීවර ගම්මානය ලගින් ලස්සන කුඩා නිවසක් මිලදී ගන්න පුලුවනි,ඊට පස්සේ ඔබට පුලුවනි දවල් වෙනකන් නිදා ගන්න,ඔබේ දරු මුණුපුරන් සමග සෙල්ලම් කරන්න,ඔබේ බිරිදට ගෙදර වැඩ වලට සහාය වෙන්න, හවස් වෙලා ගම්මානේ පැත්තේ ගිහින් පරණ යාලුවන් එක්ක පොඩි අඩියක් ගහලා,සින් දුවක් කියලා විනෝද වෙලා රෑ කෑමට ගෙදර එන්න"ව්‍යාපාරිකයා හැගීම්බරව කිව්වා.

    "ඉතින් මහත්තයෝ මම දැන් කරන්නෙත් ඔය ටිකමනේ" ධීවරයා පුදුමෙන් ඇහුවා.

    ▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄
    ඔබට ජීවිතයේ සතුට සදහා අවශ්‍ය දේ පලමුව හදුනාගන්න. ඒ අවශ්‍ය දේ මේ වන විටත් ඔබ නොදැනීම ඔබ අසල තිබෙනවා විය හැක.
    සතුටින් ජීවත් වීම සදහා මුදල් අත්‍යවශ්‍ය සාධකයක් නොවේ.නමුත් බොහෝ මිනිසුන් හෙට සතුටින් ජීවත් වීමට මුදල් සෙවීම සදහා අද දවසේ ඔවුන්ගේ සතුටත් ඔවුන් ගේ පවුල වෙත ඉටු විය යුතු යුතුකමුත් පැහැර හරිමින් සිටී.
    ▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄
    .
    .
    Source :

    කජුවත්ත එක්සත් Cricket සමාජය
    Code:
    https://www.facebook.com/Kaju.Waththa.Eksath

    :yes::yes::yes::):):):):)


     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සිරාම කතාවක්...............
    ඇත්තටම මේ දේ තේරුම් ගත්තහම පුදුම සැහැල්ලුවක් දැනේනනේ..............
    අපිට ඕන දේවල් ගොඩක් ලැබිලත් අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ................
    නියමයි බන්.......
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka


    සිරාම කතාවක්...............
    ඇත්තටම මේ දේ තේරුම් ගත්තහම පුදුම සැහැල්ලුවක් දැනේනනේ..............
    අපිට ඕන දේවල් ගොඩක් ලැබිලත් අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ................
    නියමයි බන්.......

    :yes::yes::yes::yes:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඇත්තම ඇත්ත
    මම ඔය කතාව මීට කලින් වෙනස් විධිඅට අහල තියනවා
    මේක හැමෝටම හොඳ පාඩමක්
    සල්ලි කියන්නේ ජීවිතයම නෙවෙයි
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    niyamai machan...
    thanx shate kara gaththata :)

    You must spread some Reputation around before giving it to gihand4r again.:(