ජීවිතයට_යමක්_එකතු කරගන්න..

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ජීවිතයට_යමක්_එකතු කරගන්න..

    මනෝ වෛද්‍යවරයෙක්ගේ දේශනාවක් අතරතුර, ඔහු ඒ වේලාවේ එතනට පැමිණි සියළු දෙනාටම බැලුම ගානේ අතට දෙනවා. දීලා කියනවා ඒක පුම්බල තම තමන්ගේ නම ඒකේ ලියන්න කියලා. දැන් ඔක්කොම බැලුම් පුම්බල ඉවර වෙලා එක එක්කෙනාගෙ නම් තමන් ලඟ තියෙන බැලුමේ ලිව්වා.


    2995309_orig.jpg


    ඊට පස්සේ මනෝ වෛද්‍යවරයා එතන තිබුන කාමරයක් පෙන්නලා කියනවා හැමෝම ගිහින් ඒ කාමරේට ඔයගොල්ලෝ ලඟ තියෙන බැලුම ගිහින් දාන්න කියලා. දැන් ඔක්කොම දුවලා ගිහින් ඒ කාමරේට බැලුම් ඔක්කොම දාලා ආපහු ආවා. ආවාට පස්සේ ආපහු මනෝ වෛද්‍යවරයා මෙහෙම කියනවා.

    "දැන් කට්ටියම දුවලා ගිහින් විනාඩි දෙකක් ඇතුලත තමන්ගේ නමට අදාල බැලුම තෝරාගෙන එන්න" කියලා.

    දැන් හැමෝම දුවලා ගිහින් තමන්ගේ නම ගහල තියෙන බැලුම හොයනවා. විනාඩි දෙක ගෙවුන බව මනෝ දේශකතුමා සංඥා කලා. ඒත් කවුරුත් තමන්ගේ නම තියෙන බැලුම හොයාගෙන නෑ. පස්සේ දේශක තුමා හැමෝටම අඬගහලා මෙහෙම කියනවා.

    "ඔබලාට මං තව අවස්ථාවක් දෙන්නම්. හැමෝම කාමරේට ගිහින් තමන්ට මුලින්ම හම්බවෙන බැලුමේ නම සඳහන් කෙනාට කතා කරලා ඒක භාර දෙන්න"

    ඇත්තටම විනාඩියක් වත් ගියේ නෑ තම තමන්ට අදාල බැලුන් එක තමන්ගේ අතට ඇවිල්ලා තිබුණා. අවසානයේ දේශකතුමා කට්ටියට අඬ ගහල කතා කරනවා.

    "අපේ නියම සතුට රැකගන්න නම් අනික් කෙනා සතුටින් තියන්න ඕන. ආත්මාර්ථකාමී විදිහට තමන් ගැනම පමණක් හිතන කෙනාට ජීවිතයේ කවදාවත් සැබෑ සතුට සැහැල්ලුව ලබා ගන්න බෑ !"

    ඒක තමයි පාඩම. වටිනා පාඩමක්!





    proboscis-monkey-juvenile-playing-with-baby-sabah-borneo-malaysia-picture-id576821443



    මෙවැනි කතාවක් මම කලකට පෙර කියෙව්වා. එක්තරා විදේශිකයෙක් සත්ත්ව හැසිරීම් ගැන පර්යේෂණයකට ලංකාවට ආවලු. එයා අනුරාධපුරේ වැවක් ළඟ දවසක් වඳුරු රංචුවක් දිහා බලාගෙන උන්ගෙ හැසිරීම් දිහා බලන් හිටිය ලු. එතකොටම කැලේ පැත්තෙන් දුරින් වෙඩි සද්දයක් ඇහිලා. වැවේ වතුර බිබී හිටපු වඳුරු රංචුව තත්ත්පරයක කාලයකදි පැටවුනුත් අරන් ගහකට නැඟලා.

    අර පර්යේෂකයාට හරි පුදුමලු මේ තරම් ඉක්මනට කොහොමද තමන්ගෙ පැටියත් අරන් ගහට නැග්ගෙ කියල. එහෙම හිත හිත ඉන්න කොට ගහ උඩ අපූරු දසුනක් දිස්වුණා. ගසට නැග්ග වඳුරො තමන් අතේ හිටි පැටවුන් හුවමාරු කරගන්නව. එයාල පැනලා තියෙන්නෙ ළඟම හිටපු පැටියව අරන්. තම තමන්ගෙ පැටියා හොය හොය හිටියම කාලය ගතවෙනවා. අනතුරකට පත්වෙන්නත් පුළුවන්. මේ වගෙ පාඩම් මිනිස්සු කවදා ඉගෙන ගනීද?? 🙂🙂🙂

    (උපුටා ගැනීමකි)