ජීවිතයේ අමුතු කතා

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ජීවිතේ හරියන්න හරි වරදින්න හරි මගේ ජීවිතේ ලොකුම කඩයිම මම හිතන්නේ මගේ කෙල්ල සෙට් උන එක...:love:
    ඒක ටිකක් අමුතු කතාවක්..හෙමින් කොටන්නම්...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජීවිතේ හරියන්න හරි වරදින්න හරි මගේ ජීවිතේ ලොකුම කඩයිම මම හිතන්නේ මගේ කෙල්ල සෙට් උන එක...:love:
    ඒක ටිකක් අමුතු කතාවක්..හෙමින් කොටන්නම්...


    මොකුත් කියන්නේ නෑ නෑ මයි....
    මල්කවි පීස්...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජීවිතේ හරියන්න හරි වරදින්න හරි මගේ ජීවිතේ ලොකුම කඩයිම මම හිතන්නේ මගේ කෙල්ල සෙට් උන එක...:love:
    ඒක ටිකක් අමුතු කතාවක්..හෙමින් කොටන්නම්...

    සිරාවට.. අපිටත් ඒක අමුතු කතාවක් තමයි.... :lol::lol:

    රං.සා.පු. ( copyright : Minimuthu Mora) :lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකුත් කියන්නේ නෑ නෑ මයි....
    මල්කවි පීස්...
    මන් කතාව කොටන්න හිටියේ....
    දැන් කොටන්නේ නෑ
    සිරාවට.. අපිටත් ඒක අමුතු කතාවක් තමයි.... :lol::lol:

    රං.සාං.පු. ( copyright : Minimuthu Mora) :lol:
    මන් කතාව කොටන්න හිටියේ....
    දැන් කොටන්නේ නෑ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බීලා පුලුවන්ද බං ටේස්ටිං කරන්න..? :baffled:

    :no:
    ඔෆිස් වෙලාවේ නෙමෙයි සහෝ..

    ක්ලයන්ට් එන්ටර්ටේන්මට් පට්ට විදියට වියදම් කරනවා.. :)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බීලා පුලුවන්ද බං ටේස්ටිං කරන්න..? :baffled:
    Z
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :no:
    ඔෆිස් වෙලාවේ නෙමෙයි සහෝ..

    ක්ලයන්ට් එන්ටර්ටේන්මට් පට්ට විදියට වියදම් කරනවා.. :)

    හරි හරි... මම කියන්නෙ අම්බානක බොනකොට ඔය රස නහර සවුත්තු වෙනවනේ... අනිත් එක ඊයේ රෑ අම්බානක ගහලා අද කොහ්මද ටේස්ටින් කරන්නෙ..? :nerd:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මගේ ශනූව බේර ගන්න බැරි වෙනවා නෙහ් ඔයාගෙන්:lol:

    පැහැදිලි නිවැරදි පිලිතුරු සපයන්න. සියලුම ප්‍රශ්න වලට සමාන ලකුණු ලැබේ.


    • සනූ සහ දොස්තර කමේ සම්බන්දය පැහැදිලි කරන්න.
      [*]
      "මගේ සනූ" අර්ත දක්වන්න

      [*]ඔබගේ කතාව මෙම හුයට අදාල වන ආකාරය කෙටි සටහන් ලියන්න.
      [*]
      ඔබගේ ප්‍රියම්බිකාව හමුවීම "අමුතු" වන්නේ ඇයි දැයි පහදන්න.
      [*]
      රං.සාං.පු යන්නේ අදහස විචාරය කරන්න


     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    mama me kathawa poddak wenas kerela kiyannam..poddak kiwwata godak.moko thama me naduwa tiyanawa Anuradhapura usawiye.. mekai secene eka..

    meeta aurudu gaanakata kalin mama yaluwekge gedera giya anuradhapure...miniha witarai thaniyama hitiyee...gedera aya katharagama gihiin...mama giya uge thaniyata meka une antima dawase ra...ekiyanne deweni dawase..

    muge gedereta horek panna ,horek kiwwata uuu thambuththegama tikak marayek..muu hitala tiyenne mage yaluwa witarai kiyala gedera inne..eka nisa uta game deela raththaran badu tika ussanna hora panne gedetta...api dennama hitapu nisa minihata wade kereganna bari unaa..api denna shot ekaka dada innakota almariyak arana sadde awa ra 11.30 witara...mage yaluwa giya balanna sathek wenna athi kiyala..eka parata kambare light eka dammama yaluwa kaa gahuwa adooo kiyala math duwan giyaa balanna ...aru yaluwawa allagena ...hora danne na thawa ekek gedera kiyala..mama shape eke gal innak aran awa aru badu hoyana asse yaluwata kiyala...man gahuwa aruge oluwata gal innen..uu ande wadi wela yaluwa badu hoyanawa balan hitiye..gahuwa gaman uuu passa baluwa e ekkama uuuta sihi nathuwa watunaa wagee....muu machan ethanama malaa.maai yaluwai police ekata kiyanna haduwa..eth yaluwa kiwwa epa meka api walalala daamu kiyala...eka nisa api miniya walanna haduwa...eth tanak naha...
    man ituru tika kiyanne naaa..
    mage yaluwa eeta dawas 2kata passe bike accident ekakin maruna...mama danne na aru gedetta man awa kiyala kiwwadawath....thirappanedi bike eka happune..:(:(
    ara miniya passe hambuna ..eke parikshanekin oppuwela oluwata tadin parak gahala kiyala..gahuwe kauda kiyala tamath hoyanawa...

    PS-me kathawe.. body eka 100% hari..eth nam gam wenas...
    :nerd::nerd:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මට ඔය වගේ සිද්දි ගොඩක් වෙලා තියෙනවා...

    මේකට නම් උඹල හිනහ වෙයි...

    මේක උනේ මම 3/4/5 පන්ති වල ඉන්නකොට. අපිට ඒ පන්තිවලදී ඉංග්‍රසි ඉගැන්නුවේ ඇල්ලේපොල කියල මැඩම් කෙනෙක්.... පුදුම විදියට දඩුවම් කරන්නේ... පන්තියේ වැඩිදෙනෙක් හැමදාම ගුටිකනවා...හැමදාම වේවැලක් දෙකක් කැඩෙනවා....

    ඒ දවස්වල මට තිබ්බේ කරේ දගෙනයන රෙක්සින් බැග් එකක්. එකේ එක බට්න් එකක ඇතුලේ කම්බි රව්මක් තියෙනවා... එක දවසක් අහන්බෙන් ඒ කම්බි රව්ම කට උඩ පැත්තට හැරෙව්වා... එදා මම ගුටි කෑවේ නැහැ.. :D .. ඉතින් මම හැමදාම එක කරන දවස් වලට ගුටි කෑවේ නැහැ.... සමහර දවස් වලට ගෙදර වැඩ කරගෙන අපු නැති දවස් වලට පෝලිමේ ඉඳන් ගුටි කද්දී මම ගාවට මැඩම් ආපු ගමන් එක්කෝ ඔෆිස් එකෙන් කෝල් එකක් එනවා... නැත්නම් මව මග ඇරිලා ඊළඟට ඉන්න එකාට ගහනවා... අඩුම තරමින් මම ලඟට ආවහම පීරියඩ් ඉවරවෙන බෙල් එක හරි වදිනවා... ඉතින් ඒ දවස්වල මම තමයි පන්තියෙන් ගුටිනොකාම උන්නේ.....

    එත් එකදවසක් මම ඔක්කොම ගෙදරව වැඩ කරගෙන අපු දවසක වෙනින් එකෙක් කෑ ගහපු එකකට මම හොඳටම ගුටි කෑවා... එදා ගහපු එකට මට තුවාලත් වෙලා... ඉතින් බොහොම අමාරුවෙන් ගිහින් පුටුවේ ඉඳගෙන අර බට්න් එක ඇරලා බැලුව කම්බියේ කට මොන පැත්තේද තියෙන්නේ කියලා....

    අවසනාවට එදා එක හැරිලා තිබ්බේ යට පැත්තට.......

    එදා ඉඳන් මම හැමදාම පීරියඩ් එක පටන් ගන්න කලින් දෙපාරක් චෙක් කරනවා කම්බි කට උඩ පැත්තටද තියන්නේ කියල.... එදා ඉඳන්ම මම කවදාවත් මැඩම්ගෙන් ගුටි නම් කෑවේ නැහැ......
    :rofl::rofl::eek::eek::P:P:lol::lol:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    රස්සාව කියන්නේ කෙනෙකුගේ ලැබීම.. කොච්චර සුදුසුකම් තිබුනත් ලැබීම තියෙන එකාට කැරකිලා ඒක එනවා. මේ හොඳ උදාහරණයක්. මගේ දැන් රස්සාව මහා ලොකූ එකක් නම් නෙමෙයි. ඒත් ජීවත් වෙන්න සරිලන වැටුපක් ලැබෙන කිසි කරදරයක් නැති ගොඩක් හොඳ තැනක්. අවුරුදු 07යි දැන්. දැන් නම් වෙන එකක් බලනවා.. :)

    මගේ පලවෙනි රස්සාවට ගියේ අවුරුදු 20න්. ඒත් තේ කොල රට පටෝන කොම්පැනියක. රු. 10,000යි පඩිය. පරිගණක ක්‍රියාකරු. අවුරුද්දක් වැඩ කලා. ඒ කාලේ ඉඳන් මට තිබුන ලොකූ පුකේ අමාරුවක් තමා ටී ටේස්ටර් කෙනෙක් වෙන එක. ටී ටේස්ටර් කෙනෙක්ට ලැබෙන පහසුකම්, වැටුප, සහ වරප්‍රසාද ගැන දන්නෝ දනිති. ඒක ගැන මම මෙතන කියන්න යන්නේ නෑ. දන්න දන්න අයට කියලා කොහොම හරි බැලුවේ ටී ටේස්ටිං වලට පැන ගන්නයි. ඔය වෙනකොට මම ලිනක්ස් දරුණුවටම ඉගෙන ගත්තු කාලේ. (දැන් නම් මතක නෑ ලොවෙත් :sorry: ) ඉස්කෝලේ OBU එකේ අයියා කෙනෙක් උන්නා. ඒ අයියා ටී බ්‍රෝකරිං ෆර්ම් එකක (නම කියන්න බෑ) ඩිරෙක්ටර් බෝර්ඩ් එකේ. ඒ අයියා බොක්කෙන්ම උදව් කරා මට ටේස්ටින් වලට එන්න. එයාලගේ කොම්පැනියේ වේකන්සි එකක් ආවා. මගේ හිතේ මලක් පිපුනා වගේ. ඉන්ටර්විව්ගියා. එක ඉන්ටර්විව් එකයි. චෙයාර්මන් ගේ පුතා එක්ක. ඒකෙන් පාස් නම් මම ටී ටේස්ටර්. නැත්තම් ගෙදර. විනාඩි 45ක් විතර ඉන්ටර්විව් කලා. කරකව කරකව එක එක විදියේ ප්‍රෂ්ණ. ලිනක්ස් ගැන දැක්කා සීවී එකේ දලා තිබුන. මගෙන් ඇහුවා ඇයි මේ ඉගෙන ගන්නේ කියලා. මම කිවා මම ආසයි. ඒකයි ඉගෙන ගත්තේ කියලා. ඉන්ටර් විව් එකෙන් රිජෙක්ට්!!!

    ඊට පස්සේ වැඩකරපු කොම්පැනියේ ලොක්කට ඒක ආරංචි වෙලා. මම ඉන්ටර්විව් එකට ගිය බව. මාව පරිගනක ක්‍රියාකරු තනතුරෙන් පහ කලා. ටී බොයි වේකන්සියක් තියෙනවා. කැමති නම් ඒකට යන්න. එහෙම නැති නම් අස් වෙලා ගෙදර යන්න කීවා. මට ඕන උනේ ට්‍රේනී ටී ටේස්ටර් කෙනෙක් වෙන්න මිසක්කා ටීබොයි කෙනෙක් වෙන්න නෙමෙයි නේ. මම රෙසිග්නේශන් දීලා අස් උනා.
    මාස 07ක් රස්සාවක් හෙවුවා. හම්බු උනේ නෑ. සල්ලි නෑ. වයිෆ් එක්ක යාලුවෙලා ඉන්න කාලේ. එයා තමා ඇඳුම් පවා අරගෙන දුන්නේ. එයාව බලන්න එනවට බස් එකට සල්ලි පවා දුන්නේ මගේ දැන් නෝනා.. :love:

    පස්සේ වයිෆ්ගේ ඔෆිස් එකේ යුනිටි ප්ලාසා ශෝරූම් එකේ රස්සාවට ගියා. රු.9000 පඩිය. උදේ 9 රෑ 7 වැඩ. ඒක ගැන කලින් කියලා තියෙනවා. පට්ටම කාලේ. සල්ලි නෑ. ඒත් සුපිරි දවස් ටික. ඔහොම ඉඳැද්දි මාස ගානකින් මාව හෙට් ඔෆිස් එකට ගත්තා බොස්. Fluke Products වලට.
    ජනාධිපති ලේකම් කාර්යාලයේ නෙට්වර්ක් එකේ ටෙස්ටින් එකක් කරන්න ගියා දවසක්. උදේ 8ට විතර. ෆෝන්ස් ගෙනියන්න දෙන්නේ නෑ ඇතුලට්. ෆෝන් එක ඕෆ් කරලා බාරදීලා ගියේ. දවල් 2ට විතර එලියට ඇවිත් බලනකොට මිස්කෝල් ඇලර්ට් එකම එකයි තිබුනේ. ඒකත් නොදන්න නොම්මරේකින්. මම කෝල් බැක් කරන්නේ නෑ මිස්කෝල් අලර්ට් නොදන්න නොම්මරේකට. ඒත් මම වාහනේට නඟිනකොට වැරදිලා මගේ අතින් කෝල් එක ඩයල් උනා. එහා පැත්තේන් ආන්සර් කලා.

    Caller : Hello... I was trying to call you several times. I'm calling from .....
    This is regarding your CV which you have sent few months ago for the post of IT executive. Are you willing to come for an interview?

    Me : Yes. May I know your name please..

    Caller : I'm ............... Senior tea taser ........ Tea Colombo

    මගේ අවුරුදු 04ක් බොස් වෙච්චි රත්තරං මනුස්සයා ඉස්සෙල්ලාම කෝල් කරේ මට එහෙමයි.
    ඉන්ටර්විව් ගියා. පළවෙනි එක. සීවී එකසිය ගානකින් 05ක් ශොර්ට් ලිස්ට් කරලා තිබුනා. First Priority මට. කන්ට්‍රි ඩිරෙක්ටර් ඉන්ටර්විව් කලා. ගෙදර යන්නත් කලින් කෝල් කලා තෝරගත්තා කියලා. Tea Department එකේ සියලු IT වැඩ මම කලා. හොඳට සැලකුවා. බලාගත්තා ඔෆිස් එකේන්.

    2012 දවසක මගේ බොස් මට කතා කලා එයාගේ කැබින් එකට.
    පුතා.. මම උඹට ටේස්ටින් උගන්වනවා. හෙට ඉඳන් ටී ග්‍රේඩින් වලට පහලට බැහැපන්. ඉස්සෙල්ලා තේ කොලේ අඳුර ගනින්. පාට, සුවඳ, කැරැක්ටර් එක අඳුරගනින්. ඔතන ඉඳලා උඹට ලොකු දියුණුවක් ගන්න බෑ. අවුරුදු 02කින් මම උඹව ජූනියර් ටී ටේස්ටර් කෙනෙක් විදියට ප්‍රොමෝට් කරනවා කීවා. මට හිතා ගන්න බැරි උනා. මම කවදාවත් මගේ ලොක්කට කියලා නෑ ටේස්ටින් ඉගෙන ගන්න ඕනේ කියලා. පුදුමාකාරයේ සන්තෝසයක් ආවේ. ඒත් ඒ සන්තෝසේ දවස් දෙකයි තිබුනේ. නොකල වැරැද්දකට ලොක්කට ගෙදර යන්න උනා... Ask to leave... :sorry:

    මම තාම එකම තැන. දැන් නම් ඇති වැඩ කලා. අවුරුදු 07ක් උන්නා.
    සමහර දේවල් තියෙනවා. කොච්චර උත්සහ කලත් ලැබෙන්නේ නෑ. නොලැබීම කියලා එකක් අපේ ජිවිත වල ලියවිලා තියෙනවා. මේ මගේ ජීවිතේ එහෙම උත්සක කරලා නොලැබුන ලයිෆ් ගොල්ස් වලින් පලවෙනි එක. දෙකයි තියෙන්නේ.. :sorry:
    හරියන්නෑ කියල පස්ස ගහල ඉන්න එපා බන්.. සමහර විට පහු වෙලා හරි උබට ඕක හරි යාවි..
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    uba oka wife ta wath kiyala dammothneda hoda. naththan hithe thiyan idala thawa aul yai. loku prshnayak naththan aulak na ban.
    Athma arakshawata or Kshanika kopen pahara dunna kiyala newida okata watenne?
    ක්ෂණික කෝපය නම් එක් ප්‍රහාරයක් විතරයි නේද බන්..??
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඒ කියන්නේ උබ ගහල තියෙන්නේ පිටි පස්සෙන් මේකට නඩුවක් වැටුනොත් උබට බෑ බේරෙන්න මොකද තමන්ගේ ආත්මාරක්ෂාවට ගැහුවා කියල ඔප්පු කරන්න බෑ උබ පිටිපස්සෙන් ගහපු නිසා අනිවා plan කරපු murder එකක් ගනයට වැටෙන්නේ :growl: මොකද හොරා ගෙදරින් යන්න හදද්දී උබ පිටිපස්සෙන් ගිහින් ගැහුවා කියල ඔප්පු කරන්න පුළුවන්. :nerd:
    එක්සියා කියන කතාවෙත් ඇත්තක් තියනවා වගේ.. සන්සිල්ක් උබ ඔය පරණ කුණු ගොඩවල් හිතෙන් අයින් කරල දාපන්..
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේක තමයි මගෙ ජීවිතේට වෙද්දි අහඹුම සිද්ධිය. මම කැම්පස් ගිය හැටි.

    ඕ ලෙවල් වල මම තමයි ඉස්කෝලෙ බෙස්ට්ම රිසල්ට්ස්. ඉතින් මම ඒ ලෙවෙඋත් හොදින්ම කරයි කියල තමයි හැමෝම හිතන් උන්නෙ. ඒකට ඒ දේ එහෙම උනේ නෑ .මම පිස්සු නටපු එක කලේ. කෙල්ලො පස්සෙ ගියා (එකෙක් වත් සෙට් උනෙත් නෑ) බිව්වා, ක්ලාස් කට්කරල ෆිල්ම් හෝල් වල ෆිල්ම් බැලුවා. ඕව තමයි කලේ අන්තිමට ඒ ලෙවෙල් සී දෙකයි එස් දෙකයි. රිසල්ට්ස් එන්න කලින්ම බඩු බනිස් කියල දන්න නිසා සෙකන්ඩ් ශයි කරන්න ක්ලාස් ගියේ ෆස්ට් ශයි ඉවර උන ගමන්ම තමයි.

    කොහොම හරි මට හිටිය ගමේ අම්මලගෙ තාත්තලගෙ ස්ටාෆ් වල ටීචර්ස්ලගෙ යාලුවො සෙට් එකක්. බහුතරය කෙල්ලො. ඔක්කොම ආර්ට් කරල ඒ දෙක තුන. ඉටිහ්න් මම සෙcඅන්ඩ් ශයි ලියල ඉවර වෙනකොට උන් සෙට් එක කැම්පස් යන්න ඇප්ලිකෙශන් දාන කාලෙ. මට ෆුල් අවුල් . මමත් තියෙන තරං ජොබ් වලට දාන්න ගත්ත. අඩවි වන නිලදාරි, මීරට් රීඩර්, තැපැල් ස්තානාදිපති අනම් මනම්. මම ඔක්කොටම දානවා.

    මගෙ එක පුරුද්දක් තිබ්බ අතට අහුවන ඕනි දෙයක් කියවනවා. බත් කෑවත් පත්තරේ දිග ඇරගෙන තමයි. දවසක් ගෙදෙට්ට ගෙනාව හාල්මැස්සො මුලක් සුද්ද කරන්න දුන්න අම්මා. මම හාල් මැස්සො ටික සුද්ද කරල ඉවර වෙලා ඔතල තිබුන පත්තරේ කියවන්න ගත්තා. ඕකෙ තිබුන මොරටුව විශ්ව විද්යාලෙ එක්තරා පාටමාලාවකට මූලික සුදුසුකම් වලට තරග විදාගයක්. ක්ලෝසින් ඩේට් වලට දවසයි හරි දෙකයි හරි. මම අම්මගෙන් සල්ලි ඉල්ලන් ඕක දැම්ම. දාල මම අර කෙල්ලො සෙට් එකේ එක ගොඩක් හිතවත් එක්කෙනෙක්ට කිව්ව මම මෙහෙම එකක් දැම්ම, විස්තර නම් දන්නෙ නෑ කියල. එයා කොහොම හරි ඒ ගන දැනන් උන්න. කොහොම හරි ඒක මොන වගේ එකක්ද කියල කියල දුන්නේත් එයා තමයි.
    පස්සෙ මට එග්සෑම් එක ආව. මමත් දන්න තරමින් තාත්තත් එක්ක මොරටුවට ඇවිත් කලා. කොහොම නමුත් පස්සෙ දැනගන්න ලැබුන ඒ කෝස් එකට තෙරේන්න කැම්පස් ඇප්ලිකේශන් දාල, ඒ කෝස් එකට කැමතියි කියල දන්වල තියෙන්නෙ ඕනි කියල. ලකුනු 200 ක් තිබ්බ මට මොන කැම්පස්ද කියල මම ඇප්ලයි කලේ නෑ.
    කාලෙ ගතවුනා. ඊට මාස දෙකකට විතර පස්සෙ මට ටෙල්ග්රෑම් එකක් ආව " ඔබගේ විශ්ව විද්යාල ප්රවෙශය පිලිඹද සාකච්චා කිරීමට මෙය ලද වහාම පැමිණ මා හමුවන්න- තිස්ස නන්දසේන, අතිරේක ලෙඛම්, විශ්ව විද්යාල ප්රතිපාදන කොමිශන් සභාව" මගෙ ඇස් උඩ ගියා මේක දැකල. තාත්තත් හොල්මන්.
    කොහොම හරි පහුවෙනිදම මායි තාත්තයි තිස්ස නන්දසේන සර් හමුවෙන්න යුනිවර්සිටි ග්රාන්ට් කොමිශන් එකට ගිය. මෙන්න මෙහෙමයි කතා බහ.

    සර් : පුතා අහවල් කෝස් එකේ ඇප්ලිටියුඩ් ටෙස්ට් එකට ලියුවද?
    මම: ඔව් සර්.
    සර්: පුතා ඒ විභාගෙ හොදට කලාද?
    මම: ඔව් සර්.
    සර්: පුතා කැම්පස් යන්න ඇප්ලිකෙශන් දැම්මද?
    මම : නෑ සර්
    සර්: ඇයි දැම්මෙ නැත්තෙ?
    මම: සර් මට ලකුනු 200 යි තිබ්බෙ. (මේ සබ්ජෙක්ට් හතරක් තියෙන කාලෙ )
    සර් :ඉතින්.
    මම: සර් බයෝ කරල ලකුනු 200 න් කැම්පස් යන්න බෑනෙ.
    සර්: පුතා දන්නවද අහවල් කෝස් එකට කැම්පස් ඇප්ලයි නොකර ලියල වැඩක් නෑ කියල?
    මම: නෑ සර්. පස්සෙ යාලුවෙක් කිව්ව.
    සර්: ඒකන. ඔය ලමය ලොකු අපරාදයක්නෙ කරගේන් තියෙන්නෙ. මේ බලන්න එක්සෑම රිසලිටස්.
    සර් එක්සෑම් රිසල්ට්ස් පෙන්නුව. මම ලංකාවෙන්ම තුන් වෙනිය.)
    සර්: බලන්න. ඔයා කැම්පස් ඇප්ලිකේශන් දැම්මනම් මේ කෝස් එකට සිලෙක්ට්. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මේ පාරත් දාල ආයෙ ලියල කැම්පස් යන්න බලන්න. පණ්ඩිත් වැඩ කරන්න එපා. දැන් යන්න පුලුවන්.​

    මම යන්න නැගිට්ට. ඇස් වල කදුළු හංගන්න පුලුවන් උනේ නෑ. වෙනද සැර වැර කරන තාත්තගෙත් ඇස් වල කදුළු.

    මම සර්ට වැදල යන්න හැරුන. දොර ගාවට එත්දි සර් ආයෙත් කතා කලා.

    "පුතා මෙහෙ එන්න, ඔයා ගෙ දක්ශතාවය බලල අපි ඔයාට අවස්තාවක් දෙන්න තීරණය කලා. මේක අරන් උඩ තට්ටුවට ගිහින් ඇප්ලිකේශන් එකක් අරන් ගිහින් පුරවල මට ගෙනත් දෙන්නෙ හෙටම". සර් මට තුණ්ඩු කෑල්ලක් දුන්න.

    ,මම ඒක අරන් උඩට ගියාම මට ඇප්ලිකේශන් එක දුන්නෙ නෑ. කල් පැනල කියල. මට ආයෙත් නන්දසේන සර් ගාවට යන්න උනා. සර් කෝල් කරල ඇප්ලිකෙශන් එක ගෙනත් දුන්න. සල්ලි ගත්තෙත් නෑ.

    මට නිකන් හීනයක් වගේ. රෑ ගෙදර ගිහින් ඒක පුරවල, පහුවදා උදේම ප්රින්සිපල් හම්බ වෙලා අත්සන් කරන් මායි මල්ලියි කොලඹ ඇවිත් ඒක භාර දුන්න. සත් දෙකකින් මට කැම්පස් යන්න ලියුම ආව.

    ඉතුරු සියල්ල අතීතය පමණයි.

    දෙවන පාර විභාගයෙන් මට මෙඩිසින් යන්න තරමට ලකුණු තිබ්බත් මම පටන් ගත්ත වැඩේ අතෑරියේ නෑ.

    තිස්ස නන්දසේන මහතාට / ජීවතුන් අතර නොමැති මගේ පියාට හිස නමා ආචාර කරමි.

    අඩෝ පට්ට මචන්.. හරියට ෆිල්ම් එකක කොටසක් වගේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි හරි... මම කියන්නෙ අම්බානක බොනකොට ඔය රස නහර සවුත්තු වෙනවනේ... අනිත් එක ඊයේ රෑ අම්බානක ගහලා අද කොහ්මද ටේස්ටින් කරන්නෙ..? :nerd:

    :lol::lol:
    එහෙම එකක් නෑ බන්...
    :lol::lol:
    ට්‍රේඩ් එකේ මුස්ලිම් අයගෙනුත් 50%ක් විතර හොදට බොන උන් ඉන්නේ..