ජීවිතයේ අමුතු කතා

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
මම ඒ.ලෙවල් කරන කාලේ.. මතක විදියට අන්තිම මාස 5 දී වගේ මේක උනේ.. මම එදා කෙමිස්ට්‍රි පාඩම කර කර හිටියේ.. මම හොඳටම දන්නවා ඒ ලෙවල් ඇනෙනවා කියලා...මම සම්පූර්ණයෙනම වැඩේ අත ඇරලා හිටියේ.. හවස 4 ට විතර පාඩම් කිරිල්ල අත ඇරලා කඩේට ආවා ගෙදරට බඩුවගයක් ගේන්න.... අපේ ගෙදර ඉඳන් කඩයට එන පාරේ පොඩි කන්දක් තියන්වා.. එතනින එන්කොට වසයක සීය කෙනෙක් මගේ ඉස්සරහට ඇවිදගෙන ආවා.. හැබැයි පාර එහා පැත්තෙ.. සරමක් ඇඳලා, සුදුවට හුරු ශර්ට් එකක ඇඳලා හිටියේ.. සෙරප්පු මුකුත් දාලා හිටියේ නෑ... උඩු රැවුල වවලා හිටියේ.. ලොකු සුදු කොණ්ඩයක් තිබුනා.. රැවුලත් සුදුයි.. පොර මගේ ඉස්සරහට කෙලින්ම ආවා.. මගේ දිහාම බලාගේන.. මම ටිකක් අයින් වෙලා යන්න ඉඩ දුන්නම පොර මා ගාව නැවතිලා මගේ ඇතින් අල්ල ගත්තා මාර තදින්.. එකපාරටම මගේන් ඇහුව "මොකද කරන්නේ?" කියලා.. මම බොක්ක කූල් වෙලා උත්තර දුන්නේ... මට මුලින් හිතුනේ දන්න කෙනෙක් ද කියලා.. පස්සේ හිතුනා මොල කරවෙච්ච් එකෙක් වත් ද කියලා... මම කිව්වා "කඩේට යනවා " කියලා.. ඒ පාර පොර සැරෙන් ඇහුවා.. "මං ඇහුවේ මොනව්ද කරන්නේ කියලා...?" ඒ පාර මන් කිව්ව ඒ ලෙවල් කරන්වා කියලා.. ඒ පාර අහපි.. මොනවද? කියලා.. මම කිව්ව මෑත්ස්.. කියලා.. ඒ පාර පොර කියපි.. විබාගේ පාස් වෙනවා නෙ ද? කියලා...
මම: ඔව්..
සීයා: විභාගෙ පාස් වෙලා පුත කැම්පස් යන්න ඔනා.. තෙරුණාද?
මම: හරි...
සීයා: කැම්පස් ගිහින් ඉංජිනේරුවෙක් වෙන්න ඔනා.. පුතාට තේරුනාද?
මම: ඔව්. තේරුනා...
සීයා: පුතා ඉංජිනේරුවෙක් වෙලා.. සීයගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඔන.. තෙරුනාද? පුතාට....
මම: ඔව්...
සීය: හරි දැන් පරිස්සමේන් යන්න.

කියලා පොර මගේ අත අත ඇරියා.. මම හෙන බය වෙලා හිටියේ මොකෙක් හරි දන්න් කියන එකෙක් දැක්කොත් කියල මේ විගඩම..
කොහොම හරි මම කඩේ පැත්තට ගියා.. සීයා එයා අනික් පැත්තට ගියා.. මම හැරිලා බලුවෙ වත් නෑ.. මූත් බලං කින්නවද දන්නේ නෑ...අයේත් බණ පටන් ගනී කියලා... එත ටික දුරක් ඇවිත් හැරිලා බැලුවාම පොර අතුරු දහනි... ඔක මම කඩේ ගිහින් ඇවිත් අම්මට කිව්ව.. එයා නම් කිව්වේ කවුරු හරි පිස්සු හරි , බීපු කෙනෙක් වෙන්න ඇති කියලා... මටත් සිද්දිය අමතක.. උනා..
මම ඒ ලෙවල් නා ගත්තා... හැබැයි ගේම ඇත ඇරියේ නෑ.. ආයේ ඒ ලෙවල් කරෙත් නෑ... උපාදියක් ගත්තා... අද මම සිනියර් ඉන්ජෙක්...ඒත් සොෆ්ට්වෙයාර්... එදා හම්බ උන මනුස්සය කව්ද කියලා මම අදටත් දන්නේ නෑ.. ඒ මනුස්සයා මට එහෙම කිව්වේ ඇයිද කියලා දන්නේ නෑ... ඒත් ඉන්ජෙක් වෙනකන් බෑ කියල හිතෙන හැම වෙලාවකම් ඒ සීයා කියපු දේවල් මතක් උනා.. කොහොම හරි මම ඉන්ජෙක් වෙයි කියලා හිතලා වැඩ කරා....

මට හිතෙන්නේ එදා ඒ ආවේ මගේ ඉශ්ඨ දේවතාව කියලා.. මට මගේ මාර්ගයක් තියනවා කියලා කියන්න.. මොකද ඒ වෙලාවේ මම හොඳටම වැටිලා හිට්යේ.. මානසිකව.. විභාගේ ඇනෙනවා බවත් දන්නවා.. ඊර පස්සේ එන ප්‍රශන .. අම්ම තාත්තා... නෑයො... මම හිතං හිටියේ ගෙදරින් යනවා කියලා.. මම අදටත් පිනක් කරලා අනුමොදම් කරනකොට හිතින් එයාට/ඉශ්ඨ දෙවතාවන්ට පිං දෙනවා... ඇත්ත නැත්ත මොකද්ද කියලා දන්නේ නෑ
 
gepa

Well-known member
  • මමත් හීනෙන් දැකලා තියෙනවා මට ටිකට් එකක් ඇදෙනවා කෝටි ගානක..තාම නෑ..ඒත් හැමදාම මම ටිකට් ගන්නවා.මොකද ලොතරැයි මන්ඩලෙනුත් කියනවා ඔබේ හීන සැබෑවෙනවා කියලා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    :dull::dull:
     
    gepa

    Well-known member
  • මගේ පොඩි අමුතු කතාවක් තිබේ............:eek::eek::eek::eek::eek::eek:

    මම ඉපදුන වෙලාවේ පටන් අද මේ මොහොම දක්වා මට 9 ඉලක්කමෙන් අපලයක් හෝ වෙන දෙයක් ඇත...:)

    මම ඉපදුනේ 1991,09,19,උදේ 9.අහවල් වෙලාවේ ඒකේ අගටත් 9ක් තිබේ....
    මම ඉස්සෙල්ලම ෆෝන් එකක් ගත්තේ 9 වසරෙදි...
    ෆෝන් එක 9900 ක් උනා...ගතිපු සිම් එකේ 9 දෙකක් තිබ්බා
    (ෆෝන් එක සහ සිම් පත මිල්දී ගෙන මා අතට ලැබෙන මොහොත දක්වා ඒ කිසි දෙයක් මා දැන සිටියේ නැත):baffled:

    එදා ඉදන් මම සිම් එකක් ගත්ත හෝ මොකෙක් හරි දුන්න එකක් උනත් 9 එනවා කොහෙන් හරි...:shocked:
    දැනුත් මන් යූස් කරන සිම් එක 9 තියෙනවා..:nerd:
    මගේ බයික් එකේ නම්බර් එක 9828...මේකේ ඔක්කොම එකතු කරල බෙදුවත් එන්නේ 9...:shocked::shocked:
    මගේ අත දෙකම හතර පාරක් පැනල තියෙනවා...

    පලවෙනි එක 2013,04,19...:sorry:
    දෙවැනි එක 2014,03,09:(
    තුන් වෙනි එක 2015,08,29..:sorry:
    හතර වෙනි එක 2015,12,09..:(

    ශුවර් නැති එකෙක් ඉන්නවනම් කියපන් මෙඩිකල් දාපුවා ඇත...
    ඔක්කොමටම කොහෙන් හරි 9 ගෑවිලා :(:(

    මේක අහඹුවක්ද නැත්තම් මට පිස්සුද:(:(

    මේ =කෙන් තේරෙන්නේ තව අත පස් පාරක් පනින්ඩ නියමිතයි
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මේක සුනාමිය දවස් වල වුන සීන් එකක්. ලෝන් වීකෙන්ඩ් එක නේ. ඉතින් අපි මෙගා ෆැමිලි ට්‍රිපක් සෙට් කර ගත්තා. මාස ගානකට කලින් වැඩේ ප්ලෑන් කරා. අපේ මාමා කෙනෙක් ගේ පුතෙක් ට හොටෙල් එකක් තිබ්බ බේරුවල. රූම්ස් 20 ක විතර එකක්. පොරට කලින්ම කියල තිබ්බේ. පොර හා කිව්වා. හැබැයි එකේ මැනේජර් කාරයාට කියන්න අමතක වෙලා අය්යාට. පොර වෙන කොහෙද ගිහින් එද්දී මැනේජර් වෙන කාට ද දීල ඒවායින් බාගයක්.

    සීන් එක වෙලා තියෙන්නේ කලින් දවසේ. ඉතින් අර අයිය දන්න වෙන එකෙක්ට කතා කරලා වෙන ප්ලේස් එකක් බුක් කරලා. අපි 50ක් විතර. එච්චර ලොකු සෙට් එකකට ඉන්න පුළුවන් පොට් එකක් වේකන්ට් තිබිලා නෑ. තිබිල තියෙන එකම ප්ලේස් එක හොස්ටල් එකක් වගේ එකක්. ලොකු හෝල් එකක ඇඳන් දාලා. ඉතින් ගෑනු අය ඔක්කොම අය්යාගේ හොටෙල් එකේ රූම්ස් වල නැවැත්තුවා. පිරිමි සෙට් එක අර හොස්ටල් එකේ. දෙකම තිබ්බේ මුහුද අයිනෙමයි. අඩි 20ක් නෑ මුහුදට. කෑම බීම අයියගේ හොටෙල් එකෙන්. නිදා ගන්න විතරයි හොස්ටල් එක.

    පහු වෙනිදා උදේම (සුනාමි දවසේ) අපි ලෑස්ති වෙලා ගියා කන්න කියලා. බලද්දී එදා හොටෙල් එකේ චෙෆ්ලා සෙට් එකටම නින්ද ගිහින්. කෑම නෑ. අයියාට හෙන අප්සට්. ඊට පස්සේ අපිට සොෆ්ට් ඩ්‍රින්ක්ස් ටිකක් දීල කිව්වා මෙතන ළඟ කන්දේ විහාරේ තියෙනවා, චෙෆ්ලා කෑම උයනකල් එතනට ගිහින් එන්න, පැයක් යන්නේ නැති වෙයි ගිහින් වැඳලා එන්න කියලා. ඉතින් අපිත් ඔන්න ගියා. ගිහින් බලද්දී එදා එතන ධාතු ප්‍රදර්ශණයක්. ඉතින් කට්ටිය එක එහෙම වැඳලා එද්දී පැයට වඩා ගියා. ගිහින් එද්දී සුනාමිය (පලවෙනි රැල්ල) ඇවිත් ගිහින්. හෝටලේ තිබ්බ පැත්තට යන්න වත් බෑ. අයියා ගහක එල්ලිලා බේරිලා. පොර කොහෙන්ද බයිසිකලයක් හොයන් මගට ආවා. ඇවිත් බස් එක හරවන් ඇතුලේ ඇතුලේ පාරවල් වලින් රට මැදට ආවා.

    පස්සේ අපි බලන්න ගියාම තමයි දන්නේ පලවෙනි රැල්ලට හොස්ටල් එකේ ගඩොලක්වත් නැති වෙන්න ගහගෙන ගිහින්. දෙවෙනි රැල්ලට අයියගේ හෝටලේ ටත් බඩු හම්බෙලා. අයියට මනේජරයට කියන්න අමතක වුන එකෙනුයි, චෙෆ් ලා සෙට් එකට නින්ද ගිය එකෙනුයි අපේ ගෙදර 50ක් විතර මැරෙන්නේ නැතුව ආවා. දෙගොල්ලෝ දෙපොලේ හින්ද බඩු ඔක්කොම බස් එකේම තිබ්බේ. ඒක හින්ද කිසිම දෙයක් නැති වුනේ වත් නෑ. පිස්සු වගේ එක මතක් වෙද්දීත් :shocked::shocked::shocked:
     
    මාරයි මචන්.. වාසනාවකටත් වඩා පෙර පිං මහිමය වෙන්නත් පුළුවන්..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මාත් කියන්නං එහෙනම් එක සිද්ධියක්.. මේක උනේ 2012 අවුරුද්දෙ. ඔය වෙනකොට මම ඩිග්‍රිය කම්ප්ලීට් කරලා හිටියෙ හැබැයි හොඳ ජොබක් තිබ්බෙ නෑ මට. රුපියල් 12000 පඩිය. ඉන්ටවීව් ගියා අම්බානක් එකක්වත් හරි ගියේ නෑ. බෝඩිමට සල්ලි ගෙව්වෙත් ගෙදරින් ඉල්ලගෙන. අවුරුද්දක් විතර කෙල්ලගෙ පස්සෙන් ගියා (දැන් වයිෆ් <3) 4 පාරක් ඇහුවා කැමති උනේම නෑ. ඔය අස්සෙ ඉඩම් නඩුවකුත් පටලැවිලා කෙලවිලා ඔක්කොම එපාම වෙලා හිටියෙ. ඔය අතරෙ බෝඩිමේ එවුන් එක්ක සිරීපාදෙ යන්න සෙට් උනා. මම දෙවියො විශ්වාස කරන කෙනෙක් නෙමෙයි හැබැයි ට්‍රිප් එකක් නිසා ගියේ. සිරීපාදෙදි යාලුවෙක් කිව්වා පළවෙනි පාර ආපු කෙනෙක් සමන් දෙයියන්ගෙන් දෙයක් ඉල්ලුවොත් ඒක ඉශ්ට වෙනවා කියලා. වැඩි ව්ශ්වාසයක් නැතත් මම දේවල් 3 ක් ඉල්ලුවා දෙයියන්ගෙන්.
    1 හොඳ ජොබ් එකක්
    2 කෙල්ල ගෙ කැමැත්ත
    3 නඩුවෙන් විසඳුමක්

    මාස 3ක් ඇතුලත ඔය ඔක්කොම හරි ගියා බන්. :)
     
    • Love
    Reactions: Inigo Montoya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,820
    30,997

    පට්ටනෙ බං
     
    :rolleyes::rolleyes: