ජීවිතය පිලිබද ප්‍රශ්නයක්.. උදව්වක් දෙන්න..

වල්පාල

Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    ජීවිතය පිලිබද ප්‍රශ්නයක්.. උදව්වක් දෙන්න..

    යාලුවනේ කරුනාකරල මේක කියවලා උදව්වක් දෙන්න

    මට කාත් එක්කවත් සුහදව ඉන්න බැ.. මන් හිත්න් ඉන්නේ මන් හරි කියලා.. මන් meක මග හරින්න යාලුවො එක්ක හොදට හිනා වෙලා කථා karala උත්සහ කලත් හරි යන්නෙ නැ....මට යාලුවො ගොඩාක් ඉන්නවා campus 1ke එත් ගොඩාක් අය මට කැමති නෑ..

    මන් පාරේ ඇවිදින වෙලාවට මට බයක් හිතනවා මන් දිහා අනිත් අය බලන් ඉන්නවා කියලා..
    මේක විකාරයක් කියලා මටත් හිතනවා තමයි.. එත් ඇත්ත 1යි..
    මට මන් හිතන දෙයක් හරියට communicate කරන්න බැ..කලබලයි.. මට සැහෙන්න තරහා යනවා.. මට මාව නැති වෙනවා වෙලාවකට..
    මොන degree 1k තිබුනත් මෙහෙම ජිවත් වෙන 1ක අමාරුයි..

    මට මේකෙන් මිදෙන්න උදව් කරන්න.. දොස්තරලා සල්ලි කනවා.. මට හොද දොස්තර කෙනෙක් හරි උපදෙසක් හරි දෙන්න.. ගොඩාක් පින්...
     

    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    දෝස්තරලාට කරන්න පුළුවන් බොහොම ටිකයි,ඇත්තටම කියනවා නම් අපිට හැදෙන ලෙඩ උනත් සෙල්ෆ් හිල් කරගන්න පුළුවන් ක්‍රම තියනවා බෙහෙත් ගන්නෙ නැතුව,ඔකට ප්‍රධාන හිතයි,ඔයාගේ හිත නිරෝගී නැ,හිත නිරෝගී කරගන්න නම් යහපත් පැවැත්මක් තියෙන්නෙ ඔනේ,යහපත් පැවැත්මක් ගත කරන්න ප්‍රධාන වශයෙන්ම කරන්න ඔනේ පන්සිල් පද පහ ආරක්ෂා කරගන්න එක,භාවනා ක්‍රමයක් ප්‍රගුණ කලොතින් යහපතක් වෙයි සිකුරටම.

    යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි !!!
     

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    ගොඩාක් පින් ඔයාට .. :-)
    මට පන්සලකට යන්න හිත දෙන්නෙ නැ.. ම්න් අර කලින් කිව්ව බුත හිතෙනවා.. භාවනා කරන්න try කරනවා එත් 1ක කරන්නම බෑ.. :-(
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,491
    274
    83
    Kingdom of Solitude..!!
    1. අනිත් අයගේ අදහස් වලට සවන් දෙන්න maybe ඒවා උබට වැඩක් නැති වෙන්නත් පුළුවන්
    2. නිශ්ශබ්ද කෙනෙක් වෙන්න.
    3. හිතේ තියෙන කලබල ගතිය අඩු කරගන්න භාවනා කරන්න.

    ඕනවට වඩා හිතන එක නවත්තපන් බන්. ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව ඉන්න try කරපන්. ඕවා දැන්ම හදාගනින් කොල්ලෝ නැත්තම් ඕවා බරපතල ප්‍රශ්න දක්වා යන්න පුළුවන්. මන් පොර කියන මානසිකත්වයෙන් බැහැලා සාමාන්‍ය කොල්ලෙක් වගේ ඉදපන් :yes::yes: ජය වේවා..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබෙ වැරදි අඩු පාඩු උබටම තේරෙන කියන්නෙ ලොකු දෙයක්, දැන් පුලුවන් තරම් ඒවා නොකර ඉන්න බලපන්:dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔයා මේ වගේ ත්රෙඩ් එකක් දාපු එකේනම පේනවා ඔයා ඔයා ගේ වැරදි තේරුම් ගන්න පුලුවන් හොද කෙනෙක් කියලා. ගොඩක් අයට ඔය වැරදි තියනවා. නමුත් තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න පුලුවන් නම් ඒ වැරදි හදාගන්න අමාරු නැ. ඔය හැම දේටම මුල්වෙන්නේ හිත. හිත පාලනය කරගන්න පුරුදු වුනොත් ඔය ඔක්කොම හරිගස්සගන්න පුලුවන්. ඔයා පුලුවන් නම් භාවනා කරන්න යොමු වෙන්න. මුලින් ටිකක් හිත එකග කරගන්න අමාරුයි තමයි. ඒත් පස්සේ පුරුදු වුනහම හරි යනවා. නැත්තං ඉතිං භාවනා උපදේශකයෙක් ලගට යන්න වෙනවා. මම නම් හිතන්නේ ඕක සුලු ප්‍රශ්නයක් ඒ නිසා මානසික වෛද්‍යවරයෙක් ලගට යන්න උවමනාවක් නෑ. භාවනාව මගින් යහපත් ප්‍රතිඵල ගන්න පුලුවන්. හැම තිස්සෙම ඔයා හොදයි කියලා හිතන්න. අනිත් අයට උදව් කරන්න. අඩුවෙන් කතා කරලා වැඩියෙන් සවන්දෙන්න. පුලුවන් නම් කුංෆු වගේ සටන් කලාවක් කරන්න.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඉස්සෙල්ලම මචං මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙයන්