ඔන්න බලන්න පරණ අය ත්‍රෙඩ් එකක් දැම්මම එලකිරිය අළු ගසා දාල නැගිටින හැටි+

ඔන්න බලන්න පරණ අය ත්‍රෙඩ් එකක් දැම්මම එලකිරිය අළු ගසා දාල නැගිටින හැටි+

You must spread some Reputation around before giving it to Mr.Tom again.
හම්මේ ටොමා ගොඩ කාලෙකින්. ජීවිතේට වටින උපදෙස් ගොඩක් අරන් ඇවිත්.
මටත් තියෙනව ඔය වැඩ කල් දාන ලෙඩේ. ජිම් යන්න හිතන් ඉන්නවා වෙලා නැහැ කියල කල් දානව. අදම හදාගන්න ඕනේ ඒ අඩුපාඩුව

ඇත්තටම නම් ඉතිං ඔය ප්‍රිතිය ලබන්න සෝවාන් වත් වෙන්න ඕනේ.
නැත්තන් තමන්ගේ ඉලක්ක වලට ඇවිත් එතනින් හිත සතුටු කර ගන්න තරමටවත් හිත දියුනු කර ගන්න ඕනේ. මිනිසාගේ සාමාන්‍ය ගතිය තමන්ගේ ඉලක්කයට ආවට පස්සේ ආපහු තවත් ඉලක්කයක් හදාගන ඒක පස්සේ දුවනවා. මේකේ කෙලවරක් නෑ. යම් තරමකට හෝ තමන්ගේ වර්ථමාන තත්වය ගැන සෑහීමකට පත් වෙලා ජීවත් වෙන්න පුලුවන් කෙනාට ගොඩක් සතුටින් ඉන්න පුලුවන් වෙනවා. නමුත් මිනිහෙක් නයතුරුස් වලට හිර උනොත් කවදාවත් වර්ථමාන තත්වය ගැන සෑහීමකය පත්වෙන්න බැරි වෙනවා. ඒ නිසා හැකිතාක් දුරකට නය අවම ජීවිතයක් ඇති කර ගන්න ඕනේ. ත්‍රෙඩ් එකේ කිව්වා වගේ ජීවිතය විවිධ අංශ වලින් සමබර කරගන්න ඕනේ.
මට හිතුනෙ එහෙමයි.....
මේයා කියන්න හදන්නෙ අටලොදහමින් කම්පා නොවි ජිවත් විම වගෙ දෙයක් වෙන්න ඇති අයියා.....මට හිතුනෙ එහෙමයි.....
![]()

මට උත්තරයක් හම්බුනු දවසටම තේරුම් කරන්නම්......![]()

ඔයාට උත්තරේ හම්බවෙනකොට අපි නොහිටියොත්..![]()
ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ....මට නම් මැරෙන මොහොතේදී හරි කමක් නෑ ඕක දැන ගන්න ලැබුනොත් ඇති.

උඹ මහ අමුතු ඩයල් එකක්නේ බං. උඹව තේරුම් කරලා දීහංකෝ අපිට![]()
එහෙම එකක් නෑ බන්......සාමාන්‍යය විදිහට තමා ඉන්නේ.
අපි ජීවත් වෙන එකේ තේරුමක් තියෙන්න ඕනෙනේ.
ඒ ජීවත් වෙන එකේ තේරුමද අර කේන්ද්‍රය කියහං?
ඇත්ත කතන්දරේ මම තවම ඒක තේරුම් අරගෙන නෑ.ඒක නිසා උත්තරයක් දෙන්නේ කොහොමද ?
මම කිහිප විටක් උත්සහ කරලා තියෙනවා ජීවිතේ ලෞකික දේවල් වලින් ඈත් වෙලා ජීවත් වෙන්න. රස්සාවල් වලින් අයින් වෙලා, තනියෙම ඈත පලාතක ජීවත් වුනා මාස ගානක්.හැබැයි ඒ ක්‍රමේ හරි ගියේ නෑ.පොත් පත්තර වලින් වත් තේරුම් ගියේ නෑ.
මම ආස කරන හැම දෙයක්ම වගේ මම කරනවා,
කනවා බොනවා, ට්‍රිප් යනවා, කෙල්ලෝ ආශ්‍රය කරනවා, පවුලේ මිනිස්සු හිතවතුන් යාළුවො ආශ්‍රය කරනවා, ආගමක් විශ්වාස කරනව, නැති බැරි මිනිස්සුන්ට උදව් කරනවා,හරි දේවල් වගේම වැරදි දේවල් කරනවා. නමුත් ඒ කිසිම දෙයක් නෙමේ මම හොයන්නේ කියල මට දැනෙනවා.
ඒත් මට ඒක තේරුම් කර ගන්න බැරුව ඉන්නේ.
මේ වගේ සිටුවේෂන් එකකට කියන නමක් වත් මම දන්නේ නෑ.
මම විශ්වාස කරන්නේ අපේ ජීවිත වල කේන්ද්‍රය අල්ල ගත්තොත් ඒ මනුස්සයා තෘප්තිමත්.

මට හිතෙන්නෙම උඹ මාර්ගඵල හොයනවා කියලා. අලේ බල්ලල්ලෑ බං. මට නම් තේරෙන්නෙ නෑ මේ උඹ කියන කතාවමට හිතෙන්නෙම උඹ මාර්ගඵල හොයනවා කියලා.

කමෙන්ට් එකට බොහෝම ස්තූතී මල්ලි.
දැන් ඒ රේස් එක අතරේ හොද මිනිස්සු සෑහෙන්න අඩුයි මල්ලි. හැමෝම තම තමන්ගේ තනි යුද්ධ ගෙනියනවා.
මේ සිංදුව මතක් උනා
වන්නි වන පෙතේ..
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ..
වෙසතුරු සදිසි පියවරුන්..
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..
කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා
ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්..
ජාත වී ඇතත් - පූරුවෙ කරන ලද පවක් පලදී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..
කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..
Thamange deyak nokara 
මම ඇවිල්ලා බලලා ගියා ඔයාලගෙන් මැසේජ් එහෙම තියෙයිද කියලා
මල්ලි ත්‍රෙඩ් එකට ආපු එක ගැන සතුටුයි. ලංකාවට එන්න තව කොච්චර කල් තියනවද.

මෙහේ කෝල් ගන්න පුලුවන් ක්‍රම ඔක්කොම දවස ගානේ බ්ලොක් කරනවා..

මම ෆ්‍රී වෙනකොට ඌ වැඩ..ඌ ෆ්‍රී වෙනකොට මම වැඩ..
දැන් තමයි ඒ වෙනස හොඳට දැනෙන්න පටන් ගත්තේ..
මගේම ත්‍රෙඩ් දිහා බැලුවාම මටම පේනවා දැන් පට්ට වෙනස් කියලා.. හරියට එකම ආත්මෙක ජීවිත දෙකක් වගේ..

මේක කියවද්දී, මේකත් මතක් උනා.
When asked what surprised him about humanity the most, the Dalai Lama replied:
“Man. Because he sacrifices his health in order to make money. Then he sacrifices money to recuperate his health. And then he is so anxious about the future that he does not enjoy the present; the result being that he does not live in the present or the future; he lives as if he is never going to die, and then dies having never really lived.”