ජීවිතේ ගැන කලකිරුණා මං රට හැරයන්න තීරණය කළා - පියුමි

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මෙයා රට අතෑරලා යන්නේ නෑ..
    කොටින්ම කිව්වොත් යන්න බෑ..
    බැරි බව දන්න නිසා තමයි යනවා යනවා කියලා දෙතුන් පාර හයිලයිට් කරලා කියන්නේ ඩිමාන්ඩ් කරගන්න
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,509
    667
    113
    India
    මෙයා රට අතෑරලා යන්නේ නෑ..
    කොටින්ම කිව්වොත් යන්න බෑ..
    බැරි බව දන්න නිසා තමයි යනවා යනවා කියලා දෙතුන් පාර හයිලයිට් කරලා කියන්නේ ඩිමාන්ඩ් කරගන්න
    ඒ ඇයි යන්න බැරි ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    ඒ ඇයි යන්න බැරි ?

    ලංකාවෙ විතරයි මුංට පිලිගැනීමක් තියෙන්නෙ..ගියත් යයි මොකෙක් හරි මෝඩයෙක් කරගැහුවොත්..නැත්නම් කොහොමද මුං ඵහේ ගිහින් ජීවත් වෙන්නෙ..මුංට මහන්සිවෙලා වැඩ කරල පුරුද්දක් නෑ.. 😁
     
    • Like
    Reactions: shenat

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,509
    667
    113
    India
    ලංකාවෙ විතරයි මුංට පිලිගැනීමක් තියෙන්නෙ..ගියත් යයි මොකෙක් හරි මෝඩයෙක් කරගැහුවොත්..නැත්නම් කොහොමද මුං ඵහේ ගිහින් ජීවත් වෙන්නෙ..මුංට මහන්සිවෙලා වැඩ කරල පුරුද්දක් නෑ.. 😁
    ඒක ඇත්ත . මුන්ව කරගහන්න උන් ඉන්නවා බන්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Animated GIF
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,614
    6,177
    113
    රටේ මහජන ආරක්ෂක ඇමති මුන්ගේ ලගට ජන්ගිත් ගෙනල්ල දීලා අන්දලත් දෙන එකේ මුන්ට මේ රටේ ඉන්න බැරි හැටියක්. :angry:
    Bump
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    okunta kala kirenna tharan jeewithayak ne, sathiyak ashraya karala baluwoth hitha ganna puluwan, okunge life eka apayak, thanikara show off ekak.
    eda wela hoya ganna semi nude phots dala jeewath wena genu Okun.
     
    • Love
    Reactions: baba-chuti

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අපිත් ඉතිං අන්දමන්ද දූපත් වලටවත් යමු නේත...?

    EAmr-PAWsAEoiWR.jpg
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ජීවිතේ ගැන කලකිරුණා මං රට හැරයන්න තීරණය කළා - පියුමි​

    Monday, June 21, 2021


    piyumi-hansamali-leave-sri-lanka

    • පියුමි ඇත්තටම එදා මොකද වුණේ?

    ඇත්තටම යහම්පත්, මම කිසිම පුවත්පතකට, ටී.වී., රේඩියෝ වැඩසටහන්වලට ඉන්ටර්වීව් එකක් දෙන්නේ නෑ කියලයි හිතාගෙන ඉන්නේ. මොකද ලංකාවේ මිනිස්සු මේවා කතාකරනවාට වැඩිය, කතාකරන්න ඕනෑ දේවල් තිබෙනවා. මුළු ලංකාවම දන්නවා අපට අසාධාරණයක් වුණේ කියලා. එදා සිදුවූ දේවල් දැන් හැමෝම දන්නවා. ඒවා යළිත් මතක් කරලා දෙන්න ඕනෑ නැහැ.


    • ඔයා ලොකු පීඩනයක ඉන්න බවයි මට නම් පේන්නේ. ඇත්තටම ඔයාට සිදුවූ මේ අසාධාරණය ගැන මොකද අද දවසේදී හිතෙන්නේ?


    කෙටියෙන්ම කිව්වොත් පියුමි හංසමාලි කියන්නේ හරිම විනෝදයෙන් කාලය ගෙවන කෙනෙක්, මොන තරම් ප්‍රශ්න තිබුණත් මේකත් මගේ යාළුවෝ එක්ක පැමිණි ගමනක් වගෙයි. එකම දේ මගේ බබා නැති එකයි. ජීවිතේ පළමු වතාවට දරුවා නැතුව මෙතරම් කාලයක් එක තැනක හිටියාමයි. මොකද මම පිටරටවල්වලත් සංචාරය කළ කෙනෙක්. ඒ ඉන්නෙත් වැඩිම වුණොත් සතියයි. ඒත් අසාධාරණයෙන් කරපු මේ දේ හින්දා දවසේ 14 ක් මෙහෙ ඉන්න වුණා. අපේ පී.සී.ආර්. පරීක්ෂණ කළා. ඒ සියල්ලේම ප්‍රතිඵල ලැබුණා, අපි සියලු දෙනාම නෙගටිව් බවට. අපි කාටවත් කොරෝනා රෝගය වැළඳිලා නෑ. මම කිසිම පුවත්පතකට සාකච්ඡාවක් දුන්නේ නෑ. ඔයාලට විතරයි මම මේ කථා කරන්නේ. ටී.වී., රේඩියෝ හැම එකකින්ම වගේ කතා කළා. ඒත් මම කිව්වේ දෙන්නේ නෑ කියලා. මොකටද දෙන්නේ? ලංකාවම දන්නවා


    අපේ රටේ මිනිස්සු කන්න බොන්න නැතුව ඉන්නවා. ඒ අස්සේ අපේ ඒවා දාගෙන ආපහු නාලිකා කාරයෝ දඟලයි. බොරුවට අපිව දාලා, රටේ වෙන වෙන දේවල් යටගහන එක තමයි සිද්ධවෙන්නේ.
    මට ඉක්මණට ඕනෙ මේ රටෙන් යන්න – පියුමි හංසමාලි
    • පුද්ගලික තරහ මරහද මේ සමහරු ඔයාගෙන් පිටකරන්නේ?


    ඇත්තෙන්ම හරිම දුකයි මිනිස්සු ගැන. අපි හොඳින් සතුටින් ඉන්න එක සමහරුන්ට දරාගන්න බැරිව ඇති.


    • නිරෝධායනය වෙන කාලයේදී ඔයාට ඇතිවුණු හැඟීම් කොහොමද?


    සාමාන්‍යයෙන් සුපුරුදු විදිහට ගෙදර හිටියා වගේම හිටියා. බබාගේ වැඩ කටයුතු විතරයි මට කරන්න බැරිවුණේ.


    අපි හරිම පීඩනයකින් තමයි මෙහාට ආවේ. අපට අසාධාරණයක් වුණා. ඒ අසාධාරණයට මම කෑගැහුවා හැරෙන්න මෙහෙට ආවට පස්සේ,

    මෙහෙ භාරව ඉන්න හමුදාවේ අය හරිම නිහතමානී ලෙස අපව පිළිගත්තා. පොලිසියේදී අපට අපරාධකරුවන් විදිහට සලකලයි කතාකළේ.

    කැගහලා ප්‍රශ්න කළේ. මම අර විදිහට කෑගහන්නත් හේතු තිබුණා.
    මට ඉක්මණට ඕනෙ මේ රටෙන් යන්න – පියුමි හංසමාලි
    • මොනවද ඒ හේතු?

    අපිට අධිකරණයෙන් එන්න කියලා, එතනදී ඇප හම්බවෙලා මම ගෙදරත් ගිහින් බබා එක්ක සෙල්ලම් කර කර ඉද්දී

    යළි මට එන්න කියලා නිරෝධායනයට එක්කන් ගියා. ඒකට තමයි එදා මා කෑගැහුවේ. ඇඳුම් ප්‍රශ්නයක් බොරුවට මඩ ගහන්න යොදාගත්තා.

    මේවා කොයිතරම් කැත වැඩද? අපිව වෙන වෙන අයගේ ලකුණු දාන්න, මඩ ගහන්න මෙතනදී පාවිච්චි කළා කියලයි මට නම් හිතෙන්නේ.
    ඒ අසාධාරණයටයි එදා මම ආවේගයෙන් කතා කළේ.
    ඒ ආවේගයෙන්, ලොකු මානසික පීඩනයකින් බණ්ඩාරවෙල නිරෝධායන කඳවුරට ආවේ. මෙහෙට ආවාට පස්සේ හරිම නිහතමානීව

    හමුදාවේ උසස් නිලධාරීන්ගේ සිට පහළ ශ්‍රේණි දක්වා අය අපට හැම දෙයකින්ම සංග්‍රහ කළා. කෑම බීම වෙලාවට දුන්නා.

    දුක, සැප හැම දෙයක්ම සොයා බැලුවා. හරියට ට්‍රිප් එකක් ආවා වගේ දැනුණේ. ඇතුළට වෙලා ඉන්නවා.

    දුකට තිබෙන්නේ බබා නැති එක විතරයි.

    මට ඉක්මණට ඕනෙ මේ රටෙන් යන්න – පියුමි හංසමාලි
    • මෙහෙම ඉඳිද්දී ඔයාට මොකද සිතෙන්නේ හැම දෙයක් ගැනම?
    ජීවිතේ පළමු වතාවට මෙවැනි තත්වයකට මම මුහුණ දුන්නේ. ගෙදර හිටියොත් මට වැඩ තිබෙනවා. මෙහේ හරි නිස්කලංකයි.

    මෙය එක්තරා හැරවුම් ලක්ෂයක් ජීවිතේ ඉස්සරහට යන්න. මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී බොරුවට අපිව මෙහෙම එක තැනකට ගාල් කළා.

    ඒක ලංකාවම දැක්කා. ටී.වී. නාලිකාවලින් ඒ හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන පෙන්නුවේ හරියට අර සහරාන්ගේ ප්‍රහාරය දා

    ෂැංග්‍රිලා එකට බෝම්බකරුවන් ගිය විදිහටයි. ලංකාවේ මිනිස්සු මෝඩ නෑ. මේ වෙනදේවල් යට ගහන්න මේක උඩට ඇදලා ගත්තා.

    අපිව පාවිච්චිකළා. හරියට චන්දිමාල්ගේ කාමරයේ මිනීමැරුමක්,


    වෙන මොනවා හරි භයානක දෙයක් සිද්ධවුණා වගේ ඒ සී.සී.ටී.වී. දර්ශන පෙන්නුවේ. ලංකාවෙ මිනිස්සු හැම පාරම රැවටෙනවා.

    මේ පාරත් රැවැට්ටුවා හා සමානයි. ගොඩක් දේවල් යටගහන්න අපිව ඉත්තන් විදියට පාවිච්චි කළා.

    • ඒ හින්දා නේද ජාත්‍යන්තර සඟරාවක් පවා එයා ගැන සඳහන් කරලා නැවේ සිද්ධිය යටපත් වුණා කියලා තිබ්බේ?


    ඇත්තෙන්ම ඔව්. ජාත්‍යන්තර සඟරාවක් වන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව දාලා තිබුණා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය ලංකාවේ මොඩ්ල් කෙනෙක්ගෙන් වැහිලා ගියා කියලා. එය අන්තර්ජාලයෙත් සඳහන් වෙලා තිබුණා. ‘ද ඉකොනොමිස්ට්’ අන්තර්ජාල සංස්කරණයත් ලෝකයේ පුරාම අය බලන එකක්. අන්තිමට නැවක් ගැන කතාකරන එක යටවුණා, පියුමි හංසමාලි කියන මොඩ්ල් හින්දා. හරිම අසාධාරණයි මේ වුණුදේ. නිරෝධායනය වෙලා සුපුරුදු පරිදි ගෙදර ගිහිල්ලා අපේ ගමන යළි අරඹනවා. මට එළියට ගියා කියලා ප්‍රශ්නයක් නෑ. වෙනදා හිටිය පියුමි හංසමාලිම තමයි. පියුමි කවදාවත් වෛර කරන කෙනෙක් නොවෙයි. බැහැයි අසාධාරණයට කට වහගෙන ඉන්න බැරිකෙනෙක්.


    • ඔයා අනෙක් අය වෙනුවෙන් නිතරම අසාධාරණයට එරෙහිව කතාකරන කෙනෙක්. ඒ නිසා තමයි මෙතැනදී ඔයාට වැඩියෙන් පහර ගහන්න හැදුවේ?


    ඔව්. ඒක තමයි සිදුවුණේ. අපි නීතියට බාධා කළේනෑ. අපට අසාධාරණයක් වුණා. අපි නිරෝධායනය වෙලා දැන් යළිත් ගෙවල්වලට යනවා. පොලිසියෙන් එදා අපට එන්න කියූ වෙලාවෙදිත් එයට ගරු කරමින් එක කෝල් එකටත් අපි ගියා. පොලිසියේ එන්න කියලා කෝල් එක දුන්න ගමන් ගියා. එන්න බැහැ කියලා මගහැරියේ නෑ. හැමදේම නීතියට ගරු කරමින් කරලා අපට අසාධාරණයක් සිදුවුණා. කමක් නෑ. තිබුණු තරහව දැන් නෑ. ඕවා ගැන දිගින් දිගටම යළි හාරා අවුස්සන්න මම කැමැති නෑ.


    • ඔයාගේ දරුවා මේ කාලයේදී කොහොමද ඔබත් සමග ගනුදෙනු කළේ?


    එයා හරිම දුකෙන් හිටියේ. සමහර දවස්වල හරියට දුකෙන් ඉඳලා මහ හයියෙන් කෝල් කරලා ඇඬුවා. එයා මගේ අම්මාත් එක්ක ඉන්නේ. හැමදාම අහනවා කවද්ද එන්නේ කියලා. හරිම දුකක්, කනගාටුවක් ඇතිවෙනවා එහෙම අහද්දී. මෙහෙම මම කවදාවත් මෙතරම් කාලයක් එයාව තනිකරලා ඉඳලා නෑ.

    • පියුමි මේ සිදුවීමත් එක්ක ඔයාගේ රසික රසිකාවියන්ට, රටට කියන්න තිබෙන්නේ මොකක්ද?


    මගේ රසික රසිකාවියන්ට මට ආදරය කරන අයට කියන්න තිබෙන්නේ මාත් එදා වගේම ඔයාලට ආදරෙයි කියලයි. මගේ රසික රසිකාවියෝ දන්නවා, මම කෙටි සීමා මායිම්වලට යටවෙලා ජීවත්වෙන්නේ නැති ගතවෙන හැම තත්පරයකදීම හිනාවෙලා සතුටින් ඉන්න ගැහැනියක් කියලා. මගේ ජීවිතේ මම හොඳට විඳිනවා. මම විඳින ජීවිතය බලා ගෙන බිත්ති අතරට කොටුවෙලා ඉන්න කාන්තාවෝ මට මඩ ගහනවා. ඒකට කමක් නෑ. මම විඳින ජීවිතය ඒගොල්ලන්ට බලාගෙන ඒක විඳින්න ලැබෙන්නේ නැති නිසා මට ගොඩාක් මඩ ගහලා කමෙන්ට්ස් දානවා. මම ඒවා ගණන් ගන්නේ නෑ. මට ඒවා වැඩක් නෑ. මගේ රසික රසිකාවියන්ට හොඳ මොළයක් තිබෙනවා. මේක කිසිම වැඩකට නැති වැඩක්. තේරුමක් නැති ලොකු ජෝක් එකක් මේක. ඒක තේරුම් ගැනීම ඔවුන්ට භාර කරනවා.

    • ඔයා මේ සිදුවීමෙන් පසු අපේ රටත් අතහැරලා යයි කියලත් මට හිතෙනවා. එහෙම අදහසක් තිබෙනවාද?



    කොහොමටත් මම අවුරුදු දෙකක ඉඳලා ප්ලෑන් කරලා තිබෙනවා රට යන්න. මොකද මගේ බබාට අවුරුදු 10 යි. එයාගේ අධ්‍යාපන කටයුතුවලට කොහොමටත් රට යන්න තමයි ඉන්නේ. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් බොහෝ දුරට මම ලංකාවෙන් යනවා. මොකද මට මේ වෙච්ච දේවල් එක්ක මගෛ් ජීවිතේ ගැන කලකිරිලා තිබෙන්නේ. මේ මගේ රට මම ඉපදුණු දා සිට ජීවත්වූ රට. ඒත් හරිම කලකිරීමක් තිබෙනවා මේ අසාධාරණයට මාව ලක්කිරීම ගැන. කොහොමත් මට ඉක්මනටම ඕණේ මේ රටෙන් යන්න. මොකද මගේ දැන් ජීවිතේ ‘ටාගට්’ නෑ. මම ජීවිතේ ආසකරපු දේවල් හැම එකකටම මම ගිහින් තිබෙනවා. එකම බලාපොරොත්තුව තිබෙන්නේ මගේ බබාගේ අධ්‍යාපන කටයුතු විතරයි. එයාට උගන්වන්න ඉක්මනට රට යන්නයි ඕනේ. තව ටිකක් කල් තිබ්බා. ඒත් මේ ප්‍රශ්නය හින්දා ඉක්මනට මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් යන්න තමයි මට ඕනෑ කරන්නේ.


    • මේ වෙලාවෙදි ඔයාගේ හිත මිතුරන්, කලා කරුවන්ගෙන ඔයාට ලැබුණු සහයෝගය කොහොමද?


    මෙහෙමයි, පියුමි හංසමාලිට ගොඩාක් යාළුවෝ ඉන්නවා. මම උදවු කරපු. හැබැයි මේ දින 14 දී තමයි මට කවුද හරි යාළුවෝ කියලා පෙන්නලා දුන්නේ. ඒක මගේ ජීවිතේට ලැබුණු ලොකුම චාන්ස් එකක්. අවංකවම මට උදව්කරන්න හිටියේ යාළුවෝ දහදෙනෙක් විතරයි. ගොඩාක් අය අවස්ථාවාදියි. තමන්ගේ වුවමනාවට උදව් ගත්තට පස්සේ ඒ අයට අපිව මතක නෑ. අපි පාරේ ඉන්න සතකුට කන්න දෙන්න. ඌ දිගටම නැට්ට වනාගෙන එනවා. ඒත් මිනිස්සු කියන අය හරිම භයානකයි. උදව් කළත් කිසිම කෙළෙහි ගුණයක් නෑ.


    මම දැනගන්න ඕනේ ඒ අනුව හැඩ ගැසෙන්න. ගොඩාක් යාළුවෝ ඔනෙ නෑ. ජීවිතේ ගෙනියන්න හොඳ යාළුවෝ 4-5 දෙනෙක් ඇති. දැන් මම ආසයි තනියෙන් ඉන්න. තනියෙන් ඉන්න එක ගොඩාක් හොඳයි. මෙහිදී මම ගොඩාක් දේවල් ජීවිතය ගැන ඉගෙන ගත්තා. ඒකයි මම කිව්වේ මේක මගේ ජීවිතේ ‘ටර්නිං පොයින්ට්’ කියලා.

    සාකච්ඡාව - සමන්ත යහම්පත්
    (ඉරිදා ලංකාදීප පුවත්පත)
    කෝ ගියාද?🤭
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :lol: මෙහෙම article ලියාගෙන ලොවෙත් නැති වටිනාකම් දෙන්න තරම් මුන් කවුද බන්?? සරලව කිවුවොත් නීල කාස ගනිකාවනෙ මේ.. එහෙම ගනිකාවක්ට ඇයි බන් මේ මයික් අල්ල අල්ල වොයිස් කට් ගන්නේ? පත්තරවල ආටිකල් ලියන්නෙ??

    ගනිකාවක් කොයි ලෝකෙ ගියත් මොකක්ද බන් වෙන පාඩුව මේ රටට?? පිස්සු හිත්තල ගොඩක් බන් මේ රටේ ඉන්නේ.. “Stop Making Stupid People Famous” කියල තමයි හැමදාම කියන්නේ මේක උන්ටත්...