මේ තියෙන්නෙ සම්පූර්න post එක..
මේ දාලා තියෙන පින්තූරේ එක්තරා පේජ් එකක දාලා තිබුන පෝස්ට් එකක් ( නම ගම ඕනේ නෑනේ, මටත් inbox ඇවිත් තිබුනා link එකත් එක්ක.) නිකන් ගිහිල්ලා බැලින්නන් බර ගානක් ශෙයාර් වෙලත් තිබුනා

ඉතින් මේ කියන කතාව ඇත්ත ද


ආයේ වටේ යන්න ඕනේ නෑ,මේ දාලා තියෙන පින්තූරෙම ගමුකෝ.මේ ටෙන්ට් එක කීයද ?? කන්න බොන්න යන වියදම ?? ට්‍රාන්ස්පෝට් වියදම ?? එතකොට ඉතින් කොල්ලොනේ...අමතර වියදම් එහෙම

??
උගුරට හොරා බේත් බොන්නේ නැතුව කියමුකෝ බලන්න කට්ටිය මොකද හිතන්නේ. අඩුම රු 20000 ක් වත් නැතුව මේ වැඩේ කරන්න පුලුවන් ද ?? කටින් හරි කට්ටිය ට්‍රිප් එහෙම ගිහින් ඇතිනේ නෙහ්


( මොකද අපේ උන්නන් වැඩිපුරම ට්‍රිප් ගියේ කටින්


)
ට්‍රිප් පැත්තකින් තියන්නකෝ.අල්ලපු වැටේ තියෙන කඩේට ගිහින් ශොපින් බෑග් එකකට බඩු ගේන්න පුලුවන් ද රු 500 ක් අතේ නැතුව.බෑනෙ නෙහ්.
ඉතින් වැල්වටාරන් කියන්නේ නැතුව කියන්න හදපු එක කියන්නකෝ.
ඔය එක එක සූපින් වැඩ ටිකක් ඇරෙන්න සල්ලි නැතුව කරන්න පුලුවන් මගුලක් නෑ බන්.ඒ හින්දා මහන්සි වෙන්න පුලුවන් කාලේ මහන්සි වෙලා සල්ලි ටිකක් හොයපල්ලා.අම්මගෙන් සල්ලි ඉල්ලන් ඩේටා කාඩ් එක දාගෙන FB එන සිගිති මොරාල් එකේ ඉන්න පේජ් ඇඩ්මින්ලා , රීච් වැඩි කර ගන්න සුරංගනා කතා කිව්වාට, හැබෑ ලෝකේ ඔය බයිලා නෑ පුතී.
අපි හෙව්වොත් අපි කනවා තමයි.උබලා කොච්චර උදව් කලත් උබලට නැති දවසක රුපියල් දාහක් ඉල්ල ගන්න එකෙක් නෑ බන්.ඒක තමයි තිත්ත ඇත්ත.
" පායනා කාලෙදි රෑ දවල් මහන්සී කන්න දේ රැස් කරයි..කූඹියෝ


"
ජීවිතේට ස්ට්‍රෝන් ටාගට් එකක් තියාගන්න


.
එක එකා දිහා බලාගෙන හිත යටින් හූල්ල හූල්ල , "සල්ලිම නෙමේ ජීවිතේ" කියලා හිත් රවට්ට ගන්න එකෙක්/එකියක් නොවී,අපිට නොලැබුන ජීවිතේ අපේ දරුවෙකුට හරි හදලා දෙන්න ඕනේ කියලා හිතන එකෙක් වෙන්න.
පොඩි එකෙක් නොදැනුවත්කමට "තාත්තේ මට අරක ඕනේ " කියද්දි අසරණ නොවී ඉන්න පුලුවන් තරමටමවත් ජීවිතේ ගොඩ දාගන්න.
ජීවිතේ බයක් නැතුව ගෙනියන්න පුලුවන් තැනකට ඇවිත් , නිවී සැලසිල්ලේ එලිමහනේ පුටුවක් තියාගෙන තේ එකක් බොන ගමන් හිතපන් " සල්ලිම නෙමේ ජීවිතේ " කියලා.අන්න ඒක පට්ට ෆීලින් එකක්

❤.
හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤
𝐵𝓊𝓈𝒾𝓃𝑒𝓈𝓈 & 𝐵𝓊𝓈𝒾𝓃𝑒𝓈𝓈 𝒪𝓅𝓅𝑜𝓇𝓉𝓊𝓃𝒾𝓉𝓎
𝔹𝕚𝕫𝕒𝕤𝕤𝕚𝕤𝕥 ℍ𝕠𝕝𝕕𝕚𝕟𝕘 (𝕡𝕧𝕥 ) 𝕃𝕋𝔻
𝓓𝓲𝓱𝓪𝓻𝓪 𝓓𝓮 𝓢𝓲𝓵𝓿𝓪

❤
Dihara De Silva