.: ජීවිත යාත්‍රා - සම්මානි කුමානායක :.

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කතාව නොහිතපුම පැත්තකට ගලාගෙන යනවා. ලස්සනයි.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නියමයි සහෝ.. දිගටම කොටස් දාන්න පුලුවන් වේවා!!!

    අර පච පාලගේ සහ බඩී ද මෑන් ගේ සෝස මලේ කටුවේ නටු කතාවට උනා වගේ දෙයක් සිද්ද නොවේවා !!!!

    ජය වේවා !!!
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part-5 :.

    ~ පස්වෙනි කොටස ~


    අසිහියෙන් මෙන් දඟලමින් සිටින මේ තරුණයාව තව දුරටත් මෙලෙසින් ඔවුන් සමඟ රඳවාගත නොහැකි බව වටහා ගත් නිවැසියන් පියල් හා තවත් වැඩිහිටි පිරිමි දෙතුන් දෙනෙකු සමඟ ප්‍රගීත්ව ඔහුගේ නිවස කරා ගෙනයාමට තීරණය කළහ. ඒ මොහොත වන විට නම් සුනාමි තර්ජනය සම්පුර්ණයෙන්ම අවසන් වී ඇති බව ස්ථාවර වශයෙන්ම ජනමාධ්‍යය තුලින් දැනුම් දී තිබුණද ගීත්ගේ මිතුරන්ට ඔහු සමඟ යාමට අවසර නොලැබිණි.

    පියල්ගේ වෑන් රියෙන් තම නිවස බලා ගමන් කරමින් සිටියදී මුහුදුබඩ ප්‍රදේශ වලින් නැගෙන විවිධාකාර වූ විලාප හඬත්, තැනින් තැන ගොඩ ගසා ඇති ප්‍රාණය නිරුද්ධ වූ මිනිස් සිරුරුත් දකින වාරයක් පාසා තමාගේ හදවත දහස් වරක් කඩා වැටෙමින් මැරී මැරී ඉපදෙන බව ගීත්ට දැනුණි.
    කෙසේ හෝ දැඩි පොලිස් ආරක්‍ෂාව නොතකා ගීත්ගේ නවාතැන කරා ගිය පිරිසට දක්නට ලැබුණේ මීට දිනකට පෙර එහි අලංකාරව වැජඹෙමින් තිබූ සුවිසල් නව නිවස වෙනුවට ඇති ජනෙල් පියන් ගැලවී බිත්ති තැනින් තැන සිදුරු වී තිබුණු ගරා වැටුණු සුන්බුන් සහිත නිවසක කොටසක් පමණි..එය දුටු සැණින් නැවත වරක් සිහිසුන්වී ගිය ගීත්ව වාරු කරගත් වැඩිහිටි පිරිසට ඔවුන් අත තිබූ වතුර බෝතලයේ පිහිටෙන් නැවතත් ඔහුගේ පියවි සිහිය ගැනීමට හැකි විය.

    “අනේ අයියා..ඔයා හොඳින් ඉන්නවා නේද..?”

    තම නැගණියගේ සෙනෙහබර හඬ සිහිනෙන් මෙන් සවන් වැකුණු හෙයින් මෙතෙක් වෙලා අරමුණකින් තොරව එකම බැල්මකින් රළ පහරින් සුනුවිසුණු වූ තම නිවස දෙස බලා සිටි ප්‍රගීත් නිකමට මෙන් පිටුපස හැරී බැලූ විට දුටු දර්ශනයෙන් ඔහුට තම දෑස් අදහා ගන්නට පවා නොහැකි බවක් දැණිනි..
    දෑසේ කඳුළු පුරවාගෙන තමා ඉදිරියේ හිඳිනා තම හුරතල් නැගණිය හා ආදරණීය මෑණියන් දෙස මොහොතක් දෑස් අයා බලාගෙන හුන් ගීත් දිවගොස් ඔවුන්ව වැළඳ ගත්තේ සෙනෙහෙබර සිතිණි.

    “ මගේ චූටි නංගියා , සුදු අම්මා ඔයාලා ජීවත් වෙනවා..මට ඒ හොඳටම ඇති දෙවියනේ..”

    යැයි සතුටින් පැවසූ ඔහු එක්වරම යමක් සිහිවුණාක් මෙන් වටපිට බලා “ඒත් කෝ තාත්තා..ඇයි එයා පේන්න නැත්තේ ” යි තම මව හා නැගණිය දෙස බලා විමසූවේ ගැහෙන හදවතිනි.

    ඒ වදන් පෙළත් සමඟ මෙතෙක් වෙලා ආයාසයෙන් සිත තුළ දරාගෙන සිටි දුක හා වේදනාව කඳුළු ගංගාවක් ලෙසින් නිම්මිගේ දෑස් මතින් ගලා යන්නට විය.ඇගේ වැළපීම නිසාවෙන් තවත් අසරණ වූ ප්‍රගීත් හා සෙනායා ද තම මවට තුරුළු වෙමින් හදේ රැඳී වේදනාව කඳුළු මතින් පිටකරන්නට විය.
    සිතාගත නොහැකි අයුරින් එක්වරම ජීවිත මං පෙතේ අසරණ වී සිටිනා මේ ගැහැණිය හා දරු දෙදෙනා පිළිබඳව බොහෝ සෙයින් දුක් වූ පියල් ඇතුළු පිරිස ඔවුන්ගේ සිත් සනසවන්නට වෙර දරමින් ඔවුන්ව තම නිවස කරා රැගෙන යාමට කටයුතු කරන්නට විය.

    “ඔයාලා තුන්දෙනාවත් ඔහොම හරි එකට ඉන්න එක ගැන සතුටු වෙන්න අක්කේ..දැන් වෙනකොට මේ මුහුදු මාරයා නිසා තමන්ගේම කියල කාත් කවුරුවත් නැතිව අන්ත අසරණ වුණු කී දෙනෙක් නම් ඉන්නවද මේ පුංචි ලංකාව ඇතුලේ..ඒ අතින් ඔයාල තුන්දෙනාම ජීවත්වෙලා ඉන්න එකත් කොච්චර ලොකු දෙයක්ද..?"

    නිම්මි අසළට ගිය පියල් පැවසූ වේ හා පැටව් දෙදෙනෙක් මෙන් ඇයට තුරුළු වී සිටින දරු දෙදෙනාගේ හිස් සෙනෙහසින් පිරිමදිමිනි.

    තම මවත් නැගණියත් සමඟ වෑන් රිය වෙත ගමන් කරමින් සිටි ගීත්ට හදිසියේ සිහි වූ යමක් නිසාවෙන් ඉක්මණින්ම ඔවුන්ට ඉදිරියෙන් සිටි පියල් වෙත දිව ගියේ කලබලයෙනි.

    “ අනේ පියල් අංකල් නිසලුත් ඉන්නේ මුහුද අයිනට වෙන්න තියෙන ගෙදරකනේ..එයාලටත් මොනවහරි කරදරයක් වෙළද දන්නේ නැහැ..අපි පොඩ්ඩක් ගිහින් බලමුද..?”

    ගීත්ගේ කලබලකාරී වදන් ඇසුණු විගස වාහනයට නැගීමට තබා තිබූ පාදය වහා බිමට ගත් පියල්

    “අනේ දෙවියනේ..තව පොඩ්ඩෙන් මට මේ කොල්ලව අමතක වෙනවනේ..යමු යමු ඉක්මණට ගිහින් බලමු..” යැයි පවසා ප්‍රගීත් සමඟින් නිසල්ගේ නිවස සොයා දිව යන්නට විය.

    ප්‍රගීත්ගේ නිවසට වඩා තරමක් කුඩා තනි තට්ටුවේ නිවසක් වූ නිසල්ගේ නවාතැන තනිකරම ගරාවැටුණු සුන්බුන් ගොඩක් පමණක්ම වී ඇති බැවින් මෙහි සිටි කිසිවෙකු මේ වනවිටත් ජිවත්ව සිටිනවා යන්න විශ්වාස කිරීමට නම් ඔවුන්ට කිසිසේත් නොහැකි විය. හද පිරුණු වේදනාවෙන් කඳුළු පිරුණු දෑසින් එදෙස බලා සිටි ගීත්ව වත්තන් කරගත් පියල් ද තවත් සුළු මොහොතක් එලෙසින්ම බලා හිඳ නැවත යෑමට සැරසුණත් එම සුන්බුන් අතුරින් යම්කිසි ඡායාවක් දුටු ප්‍රගීත් මඳක් නැවතී එදෙස බලා එක්වරම එතැනට දිව ගියේ පියල්ව ද මවිත කරමිනි. අවට තිබූ සුන්බුන් අතරින් පැන යමින් හැකි ඉක්මණින් එම ඡායාව දුටු තැනට ළඟා වූ ගීත් ගැලවී ගිය දොර පළුවක් මත වාඩි වී දැහැන්ගතව සයුරු රළ දෙස බලා හිඳි නිසල්ව වැළඳගත්තේ සහෝදරත්වය උතුරා ගිය හදිනි.

    ප්‍රගීත්ගේ අනපේක්‍ෂිත පැමිණීමෙන් හා වැළඳගැනීමෙන් මවිතයට පත්ව මොහොතක් ඔහු දෙස බලා සිටි නිසල් එක්වරම තම මිතුරාගේ උරහිසේ හිස හොවා ගනිමින් ඉකිබිඳින්නට වූයේ කුඩා දරුවෙකු මෙනි. මෙම දුක්බර සිදුවීම දැක මහත් වේදනාවට පත් වූ පියල් තරුණයන් දෙදෙනා ළඟට ගොස් ඔවුන්ව තදින් වැළඳගත්තේ ආදරණීය පියෙකු මෙනි.

    දර්ශනගේ නිවසට ගියත් නිසල් සිටියේ පසෙකට වී නිශ්ශබ්දවය. ඔහුගේ මිතුරන් හෝ එහි සිටි අනෙක් කිසිවෙකු හෝ නගන ලද කිසිඳු පැනයකට පිළිතුරු දීමට උත්සුක නොවූ ඔහු ආලින්දයේ කොනක තිබූ පුටුවකට වී බලාගත් වනම බලා සිටින්නට වූයේ නිවැසියන්ගේ සිත් වේදනාවට පත් කරමිනි.

    “ මගේ අතින් මගේ රත්තරන් අම්මගේ අත කවදාවත් අතහැරෙන්නේ නෑ ගීත්..ඒත් එයා නිසා මටත් බේරෙන්න බැරිවෙයි කියල හිතල වෙන්න ඇති අම්මා හිතලම මගේ අත අතහැරියේ..මං අයෙත් හැරිල යන්න හැදුවත් එක පාරටම ආව තවත් සැර රැල්ලක් නිසා මට අම්ම ලඟට යන්න බැරිවුණා..මට එයාව මඟහැරුණා බන් ”

    එතෙක් වේලා තමන්ගේ හිතේ සිරකරගෙන සිටි වේදනාවෙන් කොටසක් නිසල් එලෙසින් තම හොඳම මිතුරා වන ගීත් ඉදිරියේ අඬමින් දිගහැරියේ වෑන් රියෙන් දර්ශනගේ නිවස කරා එන අතරතුරේය.
    නිසල් මවට තම පණටත් වඩා ආදරය කළේය.ගොඩනැඟිලි ද්‍රව්‍ය සැපයුම් කොන්ත්‍රාත්කරුවෙකු වූ නිසල්ගේ පියා ඔහු කුඩා කාලයේදීම ඔහුව තම මව සමඟින් හැර දමා ගිය පසු අවට සමාජයෙන් එල්ල වූ සෑම අභියෝගයකටම නොසැලී මුහුණ දෙමින් තමාව මෙතරම් උස් මහත් කිරීමට කෙතරම් වෙහෙසක් දැරුවේද යන්න ඈ ලඟින්ම සිටි නිසල් හොඳින්ම දනියි.

    ඔහුගේ මව වන නිශානි ප්‍රථමික පංති වලට ඉගැන්වූ උපාධිධාරී ගුරුවරියෙකි. ඈ තම දෙමව්පියන්ගේ විරෝධය ද නොතකා නිහාල් සමඟ විවාහ වූයේ තමා දැඩි සේ ආදරය කළ එම තරුණයාත් සමඟ යහපත් ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කිරීමේ අරමුණෙනි. විවාහයෙන් පසුව ඔවුන් දෙදෙනා නිහාල්ගේ උපන් ගම වන දික්වැල්ල පදිංචිය සඳහා තෝරාගත් අතර එහි තිබූ ඔහුගේ ව්‍යාපාර කටයුතු ද හොඳින් කරගෙන යමින් සතුටින් ජීවත් විය.එහෙත් තම කුඩා ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වී මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් වෙද්දී නිහාල් නිවස සමඟ පැවති සම්බන්ධය කෙමෙන් කෙමෙන් ඈත් වී වෙනමම සමාජ රටාවකට පුරුදු වන්නට වූ අතර එහි අවසාන ප්‍රතිඵලය වූයේ හුරතල් වයසේ සිටි තම දරුවා ද ඔහු වෙනුවෙන් සිය පවුලත් අතහැර දමා පැමිණි ආදරණීය බිරිඳව ද අතහැර වෙනත් පොහොසත් තරුණියක් සමඟින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමය.

    සිය දෙමාපියන්ගේ කැමැත්තට පටහැනිව හිතුවක්කාරී අයුරින් තම ආදරය සොයා ගොස් අට වයසැති දරුවාත් සමඟ තනි වී අසරණ වූ නිශානි අවසානයේදී තම වැඩිමහල් සොහොයුරගේද උදවු ඇතිව නැවතත් තම ගම් ප්‍රදේශයට ගියාය. ඇය එහිදී තම නමට තිබූ ඉඩම් කැබැල්ලක සුන්දර කුඩා නිවසක් ඉදිකර ගත්තේ ඇගේ සහෝදරයින්ගේ උපකාරයෙන් හා මාසිකව තම වැටුපෙන් අය වන පරිදි ලබාගත් බැංකු ණයක් මඟිනි. නිහාල්ගෙන් දික්කසාද වූවත් ඒ වන විටත් තරමක් තරුණ වියේ පසු වූ සුන්දර රුවකට හිමිකම් කී ඇය තම සහෝදර සහෝදරියන් කෙතරම් ඇවිටිලි කළත් තවත් විවාහයක් පිළිබඳව නොසිතුවේ යමක් කමක් තේරෙන කුඩා වයසේදීම පිය සෙනෙහස අහිමි වූ තම දරුවාට යහමින් ලැබෙන මව් සෙනෙහසද බෙදීමට ඉඩ දිය නොහැකි බැවිණි.

    කෙසේ හෝ සිය වැටුපෙන් තම පුතණුවන් ද ජීවත් කරමින් ඔහුට හොඳින් උගන්වමින් දිරියෙන් ජීවිතයට මුහුණ දුන් නිශානිට මුහුදු රකුසාට බිලි වීමට මාසයකට පමණ පෙර එක්වර වැළඳුණු හර්දාභාධයක් නිසාවෙන් ඇය බෙහෙවින් රෝගාතුර විය.තම මව අසනීපයෙන් සිටි හෙයින් මිතුරාගේ නිවසේ පැවැත්වුණු පිරිත් පිංකම සඳහා රාත්‍රියේ නොරැඳී වේලාසන ගෙදර පැමිණි නිසල් පසු දින උදෑසනින්ම හන්දියේ කඩයට යෑමට පිටත් වූයේ මවට බෙහෙත් දීමට පෙර ආහාරය සඳහා යමක් රැගෙන ඒමටය.එහෙත් කඩයට ගොස් එන අතරතුර දී මුහුද දෙසින් නැඟුණු කලබලකාරී ගෝෂාවන් නිසාවෙන් ඔහු පය ඉක්මන් කර නිවසට ගියද එකවර වේගයෙන් පැමිණි කළු පැහැති මුහුදු රළ හමුවේ ඔහුටත් අසනීපයෙන් සිටි ඔහුගේ මවටත් කල හැකි දෙයක් නොවීය.

    කෙසේ හෝ ඔවුන් දෙදෙනා එක්ව රුදුරු රළ පහරට එරෙහිව සටන් කරමින් උස් බිමක් කරා යාමට උත්සාහ දැරුව ද තමන්ගේ එම ප්‍රයන්තය කෙසේවත් සාර්ථක නොවන බව වටහාගත් නිශානි තමා සමඟ සිටියහොත් තම පණ සේ ආදරය කරන පුතණුවන්ටද එයින් බේරීමට නොහැකි වේ යැයි සිතා එතෙක් වේලා තදින් නිසල්ගේ අත අල්ලාගෙන සිටි ඇගේ අතේ ග්‍රහණය ලිහිල් කරන්නට විය. එහෙත් ඒත් සමඟම පැමිණි දෙවන රළ හමුවේ ඇයව ඈතට ගසාගෙන යන්නට වූයේ නිසල්ට සිතීමටවත් ඉඩක් නොතබාය. තම ජීවිතයේ වටිනාම සම්පත වන ආදරණීය මෑණියන්ව එසේ මුහුදු මාරයාට ගිලගන්නට දී බලා හිඳීමට අකමැති වූ ඔහු ඈ සොයා නැවත ආපසු පිහිනා යෑමට වෙර දැරුවද ඔහුවත් එම දැඩි රළ පහරට ගසාගෙන ගියේ පරඬලක් මෙනි.

    මහා ජල කඳකට මැදිව හුන් නිසල්ගේ පණ බේරාගන්නා ලද්දේ තරමක් උස්ව පිහිටි ගොඩනැගිල්ලක වහල උඩ නැග සිටි අසල්වාසී තරුණයෙකි. වේගයෙන් පැමිණි සුවිසල් ජල කඳට ගසාගෙන ගිය නිසල් දුටු එම තරුණයා කෙසේ හෝ වෙර දරා ඔහුව තමන් සිටි තැනට නොගන්නට නිසල් ද මේ වන විට ජීවතුන් අතර නැත. එහෙත් තමන්ගේ ජීවිතය බේරීම පිළිබඳව යටි සිතින් පසුතැවුණු නිසල් තම ආදරණීය මවගේ මෘත දේහයවත් සොයාගත නොහැකි අයුරින් මුහුදු රකුසා ඇයව බිලිගෙන ඇති බව සිහිවෙන වාරයක් පාසා දැනෙන වේදනාව උහුලා ගත නොහැකිව සිතින් මිය යමින් සිටියේය.
    නිසල් මෙලෙසින් කිසිඳු කතාවක් නොමැතිව නිසොල්මනේ පසෙකට වී සිටීම ගීත්ගේ හිතට ද විශාල වේදනාවක් ගෙනදෙන්නට වූවත් ඔහුගේ සිතත් තම පියා ගැන කිසිඳු තොරතුරක් නොමැතිව සසලව තිබූ බැවිනුත් තම මෑණියන් ළඟ හිඳිමින් ඇගේ සිත සනසවන්නට සිදු වූ නිසාවෙනුත් නිසල් සමඟ වැඩි වේලාවක් රැඳී ඉන්නට ඔහුට නොහැකි විණි.

    “ අනේ මල්ලී මට හොඳටම විශ්වාසයි එයා තාම ජීවත් වෙලා ඉන්න බව..මට ඒක දැනෙනවා..අනේ පින්සිද්ධ වෙයි මල්ලියේ පුලුවන්නම් තව පොඩ්ඩක් දයා ගැන හොයල බලන්නකෝ..” යැයි පියල්ව දකින සෑම විටෙකම හඬමින් පවසන තම මව පිළිබඳව ගීත් හා සෙනායා බෙහෙවින් දුක්විය.

    තම මිතුරිය වෙනුවෙන් හා ඇගේ දරු දෙදෙනා වෙනුවෙන් කරන්නට හැකි උපරිමය කර දෙන්නට සිතාගෙන සිටි තුෂාරි හා පියල් ඔවුන් දන්නා අඳුනන දොස්තරවරුන්ටද පොලිස් නිලධාරීන්ටද දයාන් ගැන විස්තර ලබාදෙමින් ඔහු සොයාගැනීමට හැකි සෑම දෙයක්ම කරන්නට විය.

    රුදුරු සුනාමි ව්‍යවසනය සිදුවීමෙන් දෙදිනක් ගත වී හමාර වන්නට ආසන්නව තිබියදී පියල්ගේ වෑන් රිය වේගයෙන් පැමිණ මිදුලේ නතර විය. ඉක්මණින් ඉන් බැසගත් ඔහු මුව පුරා සිනාසෙමින් ගෙතුලට පැමිණ නතර වූයේ නිශ්ශබ්දව කල්පනා කරමින් සාලයේ පුටු සෙටිය මත හිඳ හුන් ප්‍රගීත් හා සෙනායා අසළය.

    “ඔන්න දරුවනේ මං ඔයාලගේ තාත්තව හොයා ගත්තා..එයා හොඳින් ඉන්නවා..”
    ඉතා ප්‍රීතියෙන් ගීත් හා සෙනායා දෙස බලමින් පැවසූ පියල් ඔවුන් අසළින්ම හිඳ ගත්තේ දිගු කතාවකට මුල පිරීමට සැරසෙමිනි. නැවතත් ඔහු කතා කිරීමට සැරසෙත්ම ඇතුළු කාමරයක සිට ඉක්මන් ගමනින් පැමිණි නිම්මි හා තුෂාරි ද ඔවුන් ඉදිරියේ ඇති පුටු වල හිඳ ගත්තේ සැනසිලි සහගත බවක් රැඳුණු ප්‍රීතිමත් සිනාරැල්ලක් මුවඟ රඳවාගෙනය.

    “ මම අද උදෙන්ම ගියා මගේ යාළුවෙක් එක්ක කරාපිටිය හොස්පිට්ල් එකට..එයාගේ හොඳම යාළුවෙකුත් සුනාමියට අහුවෙලා තාමත් කිසි ආරංචියක් නැති නිසයි හොයන්න ගියේ..ඉතින් මාත් ඒ අතරේ දයා අයිය ගැනත් ටිකක් හොයල බැලුව..එහේ අඳුරන ඩොක්ට කෙනෙකුට මං කලිනුත් ඒ ගැන කියල තිබුණා..එතනදී හරියටම ඒ මනුස්සය හම්බවුණේ අපේ වෙලාවට..එයා තමයි මට දයාව හොයල දුන්නේ..”

    ජයග්‍රාහී හඬකින් එසේ පැවසූ පියල් ඉතා සතුටින් තමා ඉදිරියේ සිටිනා පිරිස දෙස මදක් බලා හිඳ නැවතත් තම හඬ අවදි කරන්නට විය.

    “ දයා අයියා නිම්මිගෙයි , සෙනායා දුවගෙයි පිටිපස්සෙන් දුවගෙන එනකොට එක පාරටම ආපු ලොකු රැල්ලකට එයාව ගහගෙන ගිහින් ගෙදරක සුන්බුන් අස්සේ හිරවෙලා එතන තිබුණු මහ මුවහත් තහඩුවකට දයාගේ කකුල හුඟක් තදට කැපිල තියෙනව..ඔයාලා හැමෝගෙම වෙලාවට වතුරට ගහගෙන යන මිනිස්සුන්ට උදව් කර කර හිටපු නේවි එකේ කොල්ලෙක් එයාව දැකල තියෙනව..බොහොම පරිස්සමින් එතන හිරවෙලා හිටිය දයාව අරගෙන දෙන්නත් එක්කම කොහොම හරි එතන තිබුණු ගෙදරක වහලකට නැගගෙන තියෙනව..කෑම්ප් එකේ ඉඳල පෝය නිවාඩුවට ගෙදර ආව කොල්ලෙක්ලු..ඒ ළමයට පින්සිද්ධ වෙන්න තමයි ඔයාලගේ තාත්තා බේරිලා තියෙන්නේ පුතා..”

    ගීත් දෙස බලමින් එසේ පවසා පියල් තම වදන් පෙළ අවසන් කළ සැණින් එතෙක් වේලා සතුටින් එවදන් අසා සිටි ප්‍රගීත් හා සෙනායා තම මව වෙත දිව ගොස් ප්‍රීතිමත් හදින් ඈට තුරුළු විය. නිම්මිද තම දෙනෙතින් සතුටු කඳුළු ගලා යද්දී තම දරුවන් දෙදෙනාව තුරුල් කරගත්තේ ඉමහත් සෙනෙහසිනි.

    “හැබැයි ඉතින් කකුලට නම් ගොඩක් ඩැමේජ් වෙලා..ගොඩක් වෙලා වතුරේ ඉඳල තියෙන නිසා තුවාලෙට සෑහෙන්න විෂබීජ ගිහින්ලු.. ඒ නිසා ඩොක්ටර්ස්ලා කියන්නෙ කකුල නම් බේරගන්න බැරිවෙයි කියල..”

    එවදන් ඇසෙත්ම මෙතෙක් වෙලා සිනහවෙන් විකසිත වී තිබූ මුහුණු මැලවී යන අයුරු පියල් බලා සිටියේ ඔවුන් පිලිබඳ වූ අනුකම්පාවෙනි.

    “ කකුලක් නැති වුණාට මොකද..ඒ මනුස්සයගේ ජීවිතේ බේරුණ එකම කොච්චර ලොකු දෙයක්ද..”
    මෙතෙක් වෙලා තම සැමියාගේ වදන් සියල්ල නිහඬව අසා සිටි තුෂාරි පැවසූවේ ඔවුන්ගේ සිත් සනසවන අපේක්‍ෂාවෙනි. මොහොතක් නිහඬව හිඳි නිම්මි"


    “ අනේ ඔව් තුෂාරි..දෙවියන්ගේ පිහිටෙන් අපේ මහත්තයගේ ජිවිතේ බේරිලා නම් එච්චරයි අපිට ඕනේ..එයාට කකුලක් නැති වුණාට එයාට නැගිටින්න අත දෙන්න අපි තුන්දෙනෙක් ඉන්නවනේ..ඔයාලට ගොඩක් පිං මේ කරපු උදව් වලට..මමයි මේ දරු පැටව් දෙන්නයි මොනතරම් හිතේ අමාරුවකින්ද හිටියේ මේ දවස් ටිකේ..”

    නොනවත්වා දෑසින් වැටෙනා කඳුළු පිසලමින් බිඳුන හඬකින් පැවසූ නිම්මි තමා අසලින්ම සිටි තම දරුවන් දෙදෙනා වැළඳ ගත්තේ හදෙහි කැකෑරෙන සියුම් වේදනාවකුත් සමඟින්ම හිත පුරා රැඳි සැනසුමෙනි.


    ~ මතු සම්බන්ධයි ~​
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මල හත්තිලව්වයි කිව්වලු මගෙ මතකය ආවා:rofl: කෝහොමද බන් නගා චරිත ටික හොයාගත්තෙ මේ කාතවෙ තියෙන නම් ගම් ඔක්කොම වගෙ මට සම්බන්දයි පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා:baffled:

    කතාව මේ වගේම ඉක්මනට ලියපන් මචන්:)
    ජයවේවා
    11.gif

    ඒකම තමයි අපි දෙන්නත් මේ කතා කරේ උඹේ නමත් හරි ඉන්නෙත් ගාල්ලේ ඒ මදිවට බස් එකකිනුත් වැටිලා....:D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒකම තමයි අපි දෙන්නත් මේ කතා කරේ උඹේ නමත් හරි ඉන්නෙත් ගාල්ලේ ඒ මදිවට බස් එකකිනුත් වැටිලා....:D
    :rofl:ඔවා විතරක් නෙමෙයි බන් ඕකෙ තියෙන ගොඩක් චරිත මට සම්බන්දයි:baffled::oo:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    kathva nam vadi kolitiyak naha. aththma kiuwoth chatar.
    eth liyanna digatama liyanna.
    mulma eka venne athine varadai hadaganna.
    sinhla pothpath sahiithya kiyavala the nam oyata udauvak veyi kiyla hithnava
    sujiva , chandi, yuvana shminrda, ganga shyni, lage poth valata pitin yanna liyanna puluvannam godak hodayi
    obata jayen jaya... uthsahayata behevin garu karami.
    suba pathum

    wow wenasa deyak. digatanma hodata liyanna

    ලස්සන කතාවක්

    මුල් කමෙන්ට් එක දැකල ටිකක් අප්සට් වෙලත් හිටිය....දෙබස් ඉතින් ලියන භාෂාවෙන් ලියල හරි යන්නෑනේ සහෝ....දැනෙන විදියට ලියන්න ඒ වයස් අනුව කතා කෙරෙන විදියට ලියන්න වෙනවා...එහෙම නැතුව ඒවත් දරුණු විදියට සිංහලෙන් ලියන්න ගියොත් මට නම් හිතෙන විදියට කතා බෝරිං වෙනවා....මං හිතන්නේ කමෙන්ට්ස් වෙනස් වෙලා තියෙන විදියෙන් ඔබ තුමාටත් හිතෙන්න ඇති මේක පැණි කතා ටයිප් එකක් නෙවෙයි කියල....බොහොම ස්තුතියි කමෙන්ට්ස් වලට ඉස්සරහටත් මේ වගේ අදහස් ලබාදෙන්න...:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Kathawa hodayi. digatama kotas danna.:yes::yes:

    කතාව නොහිතපුම පැත්තකට ගලාගෙන යනවා. ලස්සනයි.

    ලස්සනට ගලපනවා. හිතට දැනෙන්න.

    බොහොම ස්තූතියි෴

    ඔයාටත් දෙන්න තියෙනවා කමෙන්ට් එකක් "ලස්සනටම ලියන්න පුළුවන් අක්ක කෙනෙක් කියල" අපේ නගා කිව්වා :yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    patta machan . ane heta udema anith kallath dapan hoda eka wage

    තෑන්ක්ස් බ්‍රෝ!!! අනිවා ඉක්මනටම දානවා :yes:





    නියමයි සහෝ.. දිගටම කොටස් දාන්න පුලුවන් වේවා!!!

    අර පච පාලගේ සහ බඩී ද මෑන් ගේ සෝස මලේ කටුවේ නටු කතාවට උනා වගේ දෙයක් සිද්ද නොවේවා !!!!

    ජය වේවා !!!

    තෑන්ක්ස් ආ!!! ඌප්ස්, සෝමේගේ කතාව පටන් අරන් තිබ්බේ මගේ කතාවටත් කලින් මං කතාව ඉවර කරද්දී නෝන්ඩි නම් දදා හිටියා ;) දැන් නම් කතාව මතකත් නැතුව ඇති.....:yes:

    ප්‍රගීත් සුගීත් ද? :rofl::rofl::rofl:

    ප්‍රගීත්....ප්‍රගීත් :P
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :shocked: sugiyo oya okkoma publisher kenekta pennala. Publish krna balapanko Ahh ela mach . Ohoma kiyala kalin ekath mulin daily update karala passe banala tama update kare:D

    ඔව් මචන් වැඩේ කරන්න ඕනි මේ සැරේ නම් :yes: අහා ඒක මං කලින් ලියල තිබ්බේ නෑනේ බන් ලයිව් නේ ලිව්වේ මේක පොතක ලියල තියෙන්නේ නගා ටයිප් කරලා දුන්නම මං පෝස්ට් කරනවා :yes: