ජුදාස් මහතාගේ අඩි පාරේ ගිය තිස්ස මහතා

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ජුදාස් මහතාගේ අඩි පාරේ ගිය තිස්ස මහතා

    මේ ලෝකයේ නීචතම මනුෂ්‍ය පාවාදීම කෙළේ ජුදාස් මහතා විසින් යේසුස් වහන්සේ පාවාදීම බව මුළු ලෝකයාම පාහේ පිලිගනිති. ලෝකයේ නීචතම මහජන පාවාදීම කෙළේ පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂයේ මහ ලේකම් ධූරය දරමින් සිට මහින්ද රාජපක්ෂ නමැති මෘග චෞර ඒකාධිපතියා වෙත බල්ටි ගසමින් විපාක්ෂික මහජනතාව පාවා දුන් තිස්ස අත්තනායක මහතා බවද මුළු ලෝකයාම පිළිගන්නවා ඇත.
    ගෙත්සෙමන උයනේදී ජුදාස් මහතා යේසුස් වහන්සේව පාවා දුන්නේ රිදී කාසි 30 කට යැයි කීවද තිස්ස අත්තනායක මහතා අරලියගහ භවනේදී විපාක්ෂික ජනතාව පාවා දුන්නේ කෝටි 300 කටත් අධික මුදලකට යැයි ජනතාව කියති.
    තම පාවා දීම ගැන පසුතැවුනු ජුදාස් මහතා බෙල්ලේ වැල දාගෙන මිය ගිය නමුත් තිස්ස අත්තනායක මහතා තවමත් බෙල්ලේ වැල දා නොගත්තේ ජුදාස්ලා පසුතැවුනාට අත්තනායකලා පාවාදීම් ගැන පසුතැවෙන්නේ නැති බව අඟවමිනි.
    ලැබුනු මුදල් කන්ද වියදම් කිරීමටත් ක්‍රමයක් අවශ්‍ය බැවින් තිස්ස අත්තනායක මහතා පවුල් පිටින්ම පෙරේදා සිංගප්පූරුවට ගියේ එහි සිට ජයග්‍රාහී පිලේ පසුවන එක්සත් ජාතික පක්ෂයට ඇපයක් දාගත හැකිද කියා සොයා බලා පාවාදීමේ දෙවන කොටස වන යලිත් එජාපයට බල්ටි ගැසීම ක්‍රියාත්මක කිරීමට ය. එය සාර්ථක වීදැයි නොදන්නා නමුත් ඔහු අද අපූරු ලිපියක් පාර්ලිමේන්තුවේ කතානායක වරයා වෙත එවා තිබිණ. එහි සඳහන් වන්නේ තමා තවමත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් බැවින් තමාට අසුන් පැනවීමේදී විපක්ෂය පැත්තේ නොව ආණ්ඩු පක්ෂය පැත්තෙන් අසුනක් පනවන ලෙසයි.
    තමන් පසු නොතැවෙන බව කෙතරම් ඇඟවීමට තැත් කළද මෙයින් ගම්‍ය වන්නේ හැමදාම විපක්ෂයේ අසුන් ගැනීමට සිදුවීම සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මහතා පසු තැවෙන බවය.
    තිස්ස අත්තනායක මහතාට ආණ්ඩුව පැත්තෙන් අසුනක් දෙනවා දැයි ලංකා ඊ නිව්ස් එජාප ඇමැතිවරයෙකුගෙන් විමසා සිටි විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
    “ඔව් අපි එතුමාට අසුනක් හදලා දෙනවා. හැබැයි ඒ පාර්ලිමේන්තුවේ නොවෙයි, හොර අත්සන් ගැසීමේ වරදට හිරගෙදරින්“
    :lol::lol::lol::lol::lol::lol::lol:

    Tissa_Attanayaka_Breaks_Guiness-Record.jpg

    SOURCE
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මු ජුදාස් කලාම ගම්මන්පිල උසාවි යයි උට එට වඩා ජුදාස් වෙනන සුදුසු කම් තියනවා කියලා. උබලත් මහා අපරාද නේ කරන්නේ. දීපිය ගම්මන්පිලයට පට්ටම