සාමාන්‍යයෙන් ජෙට් යානයක් ගමන් කරන්නේ අඩි 30,000ක් පමණ ඉහලකින්, අඩි 30,000ක් පමණ ඉහල අවකාශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 40 හා 50 වන අතර ජෙට් ඇංජිමක උෂ්ණත්වය සෙල්සියස් අංශක 2000ක් පමණ ඉතා ඉහලයි. එවිට ජෙට් ඇන්ජිම තුලට ඇතුල්වන් සීතල වායූ ඉතා ඉක්මනට ඉතා ඉහල උෂ්ණත්වයකට යොමු වෙනවා. එතකොට තමා අපිට පේන්නේ දිග දුමක් වගේ. ඇත්තටම වෙන්නෙ තාවකාලික වලාකුළු නිර්මාණයවීමක්. හොදම උදාහරණයක් තමා අපි හැමෝම අත්දැකලා තියෙන උදේට හරි සීතල ප්‍රදේශයක සිටින විට ( නුවරඑළිය) කටින් දුම පිටවන අවස්ථාව එතනදි වෙන්නෙත් මේ සංසිද්ධිය.
භෞතික විද්‍යාවේදී ස්වනික ගිගුරුම්(sonic boom) වශයෙන් කතා කෙරෙන සංසිද්ධිය තමයි ජෙට් යානය ගමන් කිරීමේදී සිදු වන්නේ.මෙහිදී බිහි වන පීඩන තරංගය නිසා වායු පීඩනය ක්ෂණිකව පහත වැටීමක් සිදු වන නිසා වාතයේ තිබෙන ජල අංශු ඝනීභවනය වී මීදුමක් සෑදීම මගින් ජෙට් යානය පසුපස මීදුම් වළාවක් නිර්මාණය වීම සිදු වන බවයි තවදුරටත් විද්‍යානුකූල පිළිගැනීම.

