මේ ත්‍රෙඩ් එක ජෙනරාල්ගේ සහ ඔහුට සහය දෙන අයගේ ඉල්ලීමක් නෙවෙයි.සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කිසි දවසක ඉල්ලා තිබුනේ නෑ.ඒ වගේම ඔහු එක්සත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුන වෙන මගේ පක්ෂයේ සාමජිකයෙකුත් නෙවෙයි. ඔහු තමයි ඒ අවස්ථාවේ ජවිපේ සහ එජාපයට තෝරා ගන්න පුලුවන් වුන පොදු අපේක්ශකයා.
අනිත් එක එහෙම වෙන පක්ෂයක නායකත්වය ඉල්වන්න තරම් බොලඳ මානසිකත්වයක් සරත් ෆොන්සේකාට නෑ.එහෙම ඉල්ලන එකේ තෙරුමක් නෑ.මොකද සරත් ෆොන්සේකා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරි මන්ඩලයේ හෝ එජාප මන්ත්‍රීන් අතර බලයක් තියෙන කෙනෙක් නෙවෙයි. ඒක තියෙන්නේ පක්ෂයේ ඉන්න සාමජිකයන්ට විතරයි.එක්සත් ජාතික පක්ෂය කියන්නේ සරත් ෆොන්සේකාට අලුත් දෙයක්.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තරඟ කරන්නේ,රනිල් වික්‍රමසිංහ කරු ජයසූරිය සහ දයාසිරි ,ජෝන් අමරතුංග කියන මංත්‍රීවරුන්.