ජෙප්පෝ සැබෑ දේශප්‍රේමියොද

lk6789

Member
Dec 31, 2014
1
2
0
ජෙප්පෝ සැබෑ දේශප්‍රේමියොද

මම ක්‍රියාකාරී දේශපාලනය කවදාවත් කරන එකෙක් නෙවේ.
මේක කියන්න හිතාගෙන හිටපු කතාවකුත් නෙවේ.
එත් නොකිය ඉන්න එකට වඩා, ඕන මගුලක් කියල, කියල දාන්න හිතුන.
මේ වගේ සයිට් එකක, මෙහෙම කතාවක් කියන එක වැරදිද මන්ද.

මම මේ කතාව දුර දිග ගෙනියන්න අදහසක් නැහැ.
මට හිතෙන දේ කිව්වා. එච්චරයි. ඕන කෙනෙක් ඕන විදිහට හිතුවට කමක් නැහැ.

අපේ රටට ප්‍රබල විපක්ෂයක් අවශ්‍ය බවත් ඇත්ත. ජීවන වියදමට සරිලන, මීට වැඩ ටිකක් හොඳ
වැටුපක් තිබුනානම් හොඳ බවත් ඇත්ත. ඒ ඔක්කොම ඇත්ත උනත්, එකට විසඳුමක් විදිහට
ජෙප්පෝ කියන විදිහට ලොකු වෙනසක් කරන්නම ඕනෙද. මටනම් පෙන්නේ නැහැ ජෙප්පෝ
තුල දේශ ප්‍රේමයක්. මට පෙන්නේ බල තණ්හාවකට ඕනෑම දෙයක් විකුණගෙන කන රැලක්
විතරයි.

ඔය ඉහත කී හොඳ දේවල් ඔක්කොම කරගන්න, ඔක්කොටම කලින් රටක් කියල එකක් තියෙන්න එපාය.
අර කවුද කියල තියෙන්නේ, සිංහලයට ඕන දෙයක් මතක තියෙන්නේ මාස තුනයි කියල.
ඒ කතාව ළඟදීම ඔප්පු වෙයි වගේ.
පොඩ්ඩක් ඇති හැකි උන් නම් රට පැනල හරි බේරෙයි.
රට පනින්න බැරි උදවියට මුහුදට තමා පනින්න වෙන්නේ.
හැබැයි, මුල අමතක වෙන සිංහලයට නම් හොඳ වැඩේ.
එත් ඉතින් මුල අමතක නොවෙච්ච සුලතරයකටත් අනුන් කරපු පවට කර ගහන්න වෙයි

සුබ අනාගතයක් හැමෝටම
 
kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    කොහොමත් මහින්ද මේ පර දින්නොත් ආයෙ චන්දයක් තියන්නවත් රටක් ඉතුරු කරන් නෑ
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ඔබ පොඩ්ඩක් යුටුබ් එකට ගිහින් අනුර කූමාර ගේ කතා අහලා බලහන්.. ඔබට තෙරෙයි කවුද බල තණ්හාවට විකුණන් කන්නේ කියලා...
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    1467208_1417863545171401_7196504570623592889_n.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    umbata uththara deela therumak ne wage. bala thanhawa thiyenawa nam anduwata yanna puluwankama thiyeddith yanne nathuwa hitiye mona kehel malakatada?
     
    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    මචං මෙහෙමයි ඔය ජෙප්පොන්ට කොහොමවත් බලේට එන්න බැ මෙතියෙන විදියට දිගටම ශ‍්රිලංක එජාප උන් තමයි මාරුවෙන් මාරුවට එන්නෙ ඒක නිස උන් බලන්නෙ කවද හ‍රි මුන්දෙගොල්ලො ලංකාව කුජීත ක‍රපු දවසක බලේට එන්න පුලුවන්ද කියල. ඒක නිසා මුන් හුගක් කැමති ශ‍්රිලංක එජාප උන් පුලුවන් ත‍රමක් අනාගන්නවනම්.

    අනිත් එක අපි හ‍රි මෝඩ මිනිස්සු වගෙයක් අපි හිතන් ඉන්නෙ කවුරුහ‍රි ඇවිත් රට හදල දෙයි කියල. හැබැයි අපි නොදන්න හෝ හිතන්නෙ නැති දෙයක් තමයි අපි රටේ මිනිස්සු හැදෙන්නෙ නැතුව රටක් හැදෙන්නෙ නැ කියල. උදාහ‍රනෙකට මචං බලපන් NHK වගේ චැනල් එකක ජපානෙ මිනිස්සු වැඩ ක‍රන විදියයි අපේ උන් වැඩ ක‍රන විදියයි.

    දැන් උබ කියයි එහෙනම් මේ ආන්ඩු වෙනස් ක‍රන්න ඕනෙ නැහැනෙ අපිම හැදෙමු කියල. ප‍්රශ්නෙ තියෙන්නෙ අපිට හැදෙන්න තියෙන පුංචි හ‍රි ඉඩක් තියෙනවනම් එකත් හිරක‍රගෙනයි මේ ආන්ඩුව ඉන්නෙ එකයි මේක වෙනස් ක‍රල පොඩ්ඩක් හ‍රි හුස්මක් ගන්න පුලුවන් තැනක් හදාගන්නයි ඕන. එතනදි 8 වෙනිදයින් පස්සෙ M3 ආවම මේ ඔක්කොම හ‍රියයි කියල බලා පොරොත්තුවෙන් පැත්තකට වෙලා හිටියොත් ආපහු වෙන්නෙ තව අවුරුදු 6 කින් ආපහු මේවගේ වෙනසක් ක‍රන්න කියකිය කැගහන්න.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    JVP නැත්තම් උඹලාට මෙහෙම කතා කරන්නවත් රටක් ඉතුරු වෙන්නේ නැහැ ලොක්කා.. මෙහෙම කියන මම කවදාවත් JVP එකට චන්දයක් දීල නැහැ මේ වෙනකම්. දුන්නු හැම චන්දයක්ම දුන්නේ සන්දාන ආණ්ඩු බලයට ගේන්න . ලංකාවේ ඉන්න ජනතාවට මෙහෙම හරි කන්න බොන්න ඉතුරු වෙලා තියෙන්නේ JVP එක පාර්ලිමේන්තුවේ ඉන්න හින්දයි.

    මයිත්‍රී ආව කියල මේ ක්‍රමයේ වෙනසක් වෙයි කියල මම හිතන්නේ නැහැ. මොකද එකට හේතුව මේ ඉන්න හොර රැල අයෙත් ආණ්ඩු පක්ෂෙට ජම්ප් එක දාන හින්ද කවදාත් මිනිස්සුන්ට යහපතක් වෙන්නේ නැහැ.

    ඔයා කියනවනම් රට හදන්න කලින් අපි හැදෙමු කියල එක හොඳ කතාවක් තමයි. එත් ප්‍රශ්නය තියෙන්නේ මිනිස්සුන්ගේ විනය ගැනයි. විනය ක්‍රියාත්මක ඉහල සිට පහලට මිසක් පාල සිට ඉහලට නෙවෙයි. ඔයා ජපානේ කිව්වනේ.. ඔව් ජපානේ මිනිස්සු මහන්සි වෙලා වැඩ කරනවා තමයි . එත් උන්ගේ පාලක පන්තියත් එහෙමම ඒ තරමටම මහන්සි වෙලා වැඩ කරනවා. අපේ පාලකයෝ ඉන්නේ උන් නිකම් පුටු රත් කරන්නයි මිනිස්සු වැඩ කරන්නයි කියල ඔයා කියනවනම් ඔයත් ඉන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා හිටපු තැනම තමයි.

    පළමුව විනය නිර්මාණය කර විනය පිළිපැද ජනතාවට පෙන්වීම පාලකයන් සතු වගකීමක්. ඒක එහෙම උනොත් ජනතාවත් විනය ගරුක වෙයි. අපේ රටේ ඉන්නේ පාලකයෝ විතරයි.. නායකයෝ නැහැ.. එතනයි ප්‍රශ්නේ..නායකයෝ ඉන්න එකම පක්ෂය JVP විතරයි දැනට අපේ ආශ්චර්යමත් දිවයිනේ..