ජොබක් හොයනවද? (මෙගා නූල්)

loku_pappa1

Active member
  • Aug 7, 2016
    374
    67
    28
    ජොබක් හොයනවද? (මෙගා නූල්)

    මුලින්ම කියන්න ඕනේ මං මේක කියන්නේ මගේ කොහෙවත් කහනවටවත් තියෙන අමාරුවකටවත් නෙවෙයි.ජොබ් නැති සිංහල කොල්ලන්ගේ හිත සුව පිනිස ජාත්‍යාලයෙන්:love:


    මචංලා මම කිරියේ මෙම්බර් වෙලා ටික කාලයයි.හැබැයි අවුරුදු ගානක් කිරියත් එක්ක සම්බන්දකම් තිබුනා.ත්‍රෙඩ් කියෙව්වා.ඒ කාලේ දිනපතාම ගොඩාක් වටින ත්‍රෙඩ් වැටුනා.පෝස්ට් වැටුනා.ඒත් දැන් එහෙම නෑ.වටිනා කියන ත්‍රෙඩ් වැටෙන්නේ අඩුවෙන්.කලාතුරකින්.හැබැයි ඒකට හරියන්න නිලියෝ ගැන වල් හෑලි ගැන වැටෙන ත්‍රෙඩ් නම් ඇති තරං.දැං එලකිරියේ ඉස්සර හිටිය බුද්ධිමත් විචාරශීලි මෙම්බර්ස්ලා අඩු වෙලා.ඒ වෙනුවට රැකියාවක් නොකර ගෙදරට වෙලා ටයිම් පාස් කරගන්න කිරියට එන අය වැඩි වෙලා මේ ත්‍රෙඩ් එක ඒ අයට සහ අතේ සතේ නැතුව කුලී වැඩ කරලා හරි කීයක් හරි හොයා ගන්න තිබ්බනං හොදයි කියලා හිතෙන එවුන්ට;)


    ලංකාව

    මචංලා ලංකාව දියුනු උන සහ දියුනු වෙමින් පවතින රටවල් අතර මැද තියෙන රටක්.(මම නෙවෙයි කියන්නේ ඈ:P)ඒ කියන්නේ පහල තැන ඉදලා වේගයෙන් ඉහලට යන රටක්.එහෙම රටවල් ගත්තාම නාගරීකරණය වේගයෙන් සිද්ද වෙනවා.ඒ කියන්නේ ගමේ යමක්කමක් තියෙන මිනිස්සු ගමෙන් නගරෙට සේන්දු වෙනවා.(අපේ ගමේ විතරක් මේ අවුරුදු 3-4 ඇතුලත පවුල් 10 -15 ක් ටවුන් එක කිට්ටුව ඉඩම් අරන් ගෙවල් හදා ගත්තා.මොකද දැං ඉස්සර වගේ නෙවෙයි මිනිස්සු යටිතල පහසුකම් ඕනෑවටත් වඩා බලාපොරොත්තු වෙනවා.රට නාගරීකරනය වෙනවා කියන්නේ නගරේ පහසුකම් වැඩි කරන්න ඕනේ.අළුතෙන් හොස්පිටල් හදන්න ඕනේ පාසල් හදන්න ඕනේ.පාරවල් හදන්න ඕනේ,ලොකු කරන්න ඕනේ.බස් ස්ටෑන්ට් රේල් ස්ටේෂන් අනං මනං බිල්ඩින් ගොඩාක් හදන්න ඕනේ.ගමේ ඉන්න උන් නගරෙට එනකොට නගරේ ඉන්න උන්? :confused: උන්ට එතකොට ගමේ ඉදන් නගරෙට එන උන්ට වැඩියෙන් උඩින් ඉන්න ඕනෙ.උන්ගේ දරුවන්ට හොද හයි ස්කූල් ඕනේ.හොඳ හොස්පිටල් ඕනේ.7ස්ටාර් හොටෙල් වලින් කන්න ඕනේ.ෂොපින් කරන්න
    හොඳ ෂොපින් සෙන්ටර් ඕනේ.ගෙදරට ආරක්ෂාවක් ඕනේ.ඔය ඔක්කොම එක තැනකිනුත් ඕනේ.දැං මොකද කරන්නේ ඔව්වා ඔක්කොම කරන්න කොයි ඉඩක් ඒවට තමයි luxury apartments තියෙන්නේ. :shocked:එයාලට නගරේම කොහෙන් හරි ඒ බිල්ඩිනුත් හැදෙනවා.

    සිංහලයා

    සිංහලයෝ කැමති නෑ තමුන්ගේ ලමයා කවදාත් මේසන් කෙනෙක් වෙනවට,බාබෙන්ඩ(සිංහලෙන් ඕකට කියන්නේ කම්බි බාස් වෙන්න ඕනේ) කෙනෙක් වෙනවට,කාපෙන්ට (වඩු බාස්) කෙනෙක් වෙනවට.ඔකෝටම ඕනේ තමන්ගේ දරුවා ඉන්ජිනිර්ස් කෙනෙක් කරන්න.නැත්ත office එකක වැඩ කරන කෙනෙක් කරන්න.පොඩි කාලේ ඉදලම ළමයගේ ඔළුවට දාන්නේ අර මුලින් කිව්ව ජොබ් දෙකයි පනහේ ජොබ් ඒව නම් කවදාවත් කරන්න ඉඩ තියාගන්න එපා කියලා.ලංකාවේ හැම ලමයෙකුටම ඉංජෙක් වෙන්නවත් ඩොක්ටර් කෙනෙක් වෙන්නවත් ඔෆිස් එකක වැඩට යන්නවත් බෑනේ.එතකොට එහෙම බැරි වෙන උන් අනාතයි.මොකද උගේ හිතේ පැලපදියම් වෙලා තියෙන්න මේසන්,වඩුවා කම්බි බාස් දෙකයි පනහට වැටිලනේ.ඉතිං ඌට ඒ ජොබ් කරන්න පුරුදු වෙන්න ලැජ්ජයි.:(

    මේසන් පඩිය

    දැං අපි මාතෘකාවට බහිමු.අර මං මුලින්ම කිව්ව ගොඩනැගිලි හදන්න කෝ මිනිස්සු? මිනිස්සු ඉන්නවා හැබැයි එන්න කැමති නෑ.මොකද ඒ මිනිස්සුන්ගේ හිත් වල තියෙන්නේ ඕව දෙකයි පනහේ වැඩ කියලා.ඇයි පොඩි කාලේ ඉදලම අපිට ඉගැන්නුවේ එහෙමනේ.ඒක අපේ දෙමව්පියන්ගෙවත් ගුරුවරුන්ගෙවත් ප්‍රශ්නයක් නෙවෙයි.අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද.(ඒ ගැන කතා කරන්න ගියොත් මාතෘකාවෙන් පිට පනිනවා.ඒ ගැන පස්සේ දවසක කතා කරමු.)නමුත් උඹලා දන්නවද මේසන් කෙනෙකුගේ දවසේ පඩිය කීයද කියලා.සාමාන්‍යෙන් කොළඹ පැත්තේ බිල්ඩින් සයිට් එකක 1500 ඉදලා 2200 දක්වා.සමහර තැන්වල 2500-2800ත් ගෙවනවා.ඒ 8.00-5.00 වැඩ කලොත්.සාමාන්‍යෙන් මේසන් කෙනෙක් රෑ 7.00-8.00වගේ වෙනකල් වැඩ කරනවා. එතකොට තව ot පැය 3ක් වගෙත් සෙට් වෙනවා.සාමාන්‍යෙන් සයිට් වල වැඩ කර මිනිස්සුන්ට කම්පැනිය ගානෙත් නිකං සතුටට හැමදාම වැඩිපුරත් ot පැය 3-4ක් දාලා දෙනවා.(සතුටට කියලා කිව්වට අසතුටු උනත් ඒක දෙනවා.එහෙම මුල ඉදලම සටිට් හැඩ ගැහිලා තියෙන්නේ :) )එතකොට මේසන්ට දවස+ot පැය 6 යි. දවසේ සැලරි එක 200යි කියලා ගත්තොත්.2000+250×6= 3500යි.එතකොට මාසෙකට(මාසෙට දවස් 5ක් නිවාඩු අරන් අරන් ආතල් එකේ ඉතිරි දවස් 25 වැඩ කලත් 3500×25=87500යි :shocked: ඔය මාපුතා අවමය.මේසන් කෙනෙක් ඔයිට වඩා ලොකු පඩියක් ගන්නවා.

    එතකොට ඔය වගේ පඩියක් ගන්න මේසන් කෙනෙක්ම වෙන්න ඕනෙද? :confused:

    නෑ.සාමාන්‍යෙන් මේසන් කෙනෙක්ට වැඩිය රේට් එක වැඩියි බාබෙන්ඩටයි කාපෙන්ටර්ටයි.උන් මීටත් වඩා වැඩි පඩියක් ගන්නවා.කොටින්ම කියනවනම් සාමාන්‍ය නෝමල් වැඩ කරන ලේබර් කෙනෙකුත් 55ක් 60ක් ෂුවරින් ෂොට් ගන්නවා.මං උඹලට කියන්නේ නෑ ඇවිත් ලේබර් වැඩ කරපියව් කියලා.මුල් කාලේ 1000ට 1200ට ලේබර් වැඩ කරපු මං දන්න උන් අද දවසේ පඩිය 3000ට වැඩ කරන උනුත් ඉන්නවා.ඒ පුතේ තමන්ගේ දක්ෂතාවය. :rolleyes:

    අපෝ ඔවා හරියන්නෑ කට්ටනේ! :sorry:

    මොන ජොබ් එකද යකෝ කට්ටක් නැත්තේ.ෆන් එකේ ඉන්නවා වගේ පෙනුනට ලොකු ලොකු පුටුවල වාඩිවෙලා ඉන්න එවුන් හෙනම මානසික පීඩාවකින් ඉන්නේ.උන් මාසෙට ලක්ෂ 10ක් හම්බකලත් පොරට ඒ සල්ලි වලින් එන්ජොයි කරන්න වෙලාවක් නෑ.හැබැයි මේ ජොබ් වල ලොකු රිස්ක් එකක් නෑ.පීඩාවක් නෑ.තමන්ගේ පාඩුවේ වැඩේ කලා පඩුවේ හිටියා.

    අපිට ඕවා කියන්න තෝ මොකෙද්ද? :D

    මචං, මමත් ගොඩක් එවුන් වගේ a/l කරලා ඉලක්කයක් නැතුව ඔහේ ඉන්නං වාලේ හිටපු එකෙක්.හැබැයි ගොඩක් කම්පැනිවල හොඳ ජොබක් බලාපොරොත්තුවෙන් ඉන්ටව් වලට ගියා.සමහර ඒවා සෙට් උනා.ඒත් මාස 2-3කට වඩා වැඩ කලේ නෑ.මොකද මම හොයපු සැලරි එක නිදහස තෘප්තිය ඒ එක තැනකවත් තිබුනේ නෑ.දවසක් සයිට් එකක වැඩ කරපු යාලුවෙක් කිව්වා මචං අපේ සයිට් එකට සර්වියර් හෙල්ප කෙනෙක් හොයනවා උබට ජොබකුත් නැති එකේ යමන් මාත් එක්ක කිව්වා.මාත් ඉතිං අතේ සතේ නැති හින්දා ගියා.ඔතන තමයි ජීවිතේ ටර්නින් පොයින්ට් එක උනේ.එතකොට මට වයස 21යි.(එතකොට හිතපල්ලකෝ මම අවුරුදු කීයක් පිස්සු කෙලලද)මම හම්බ කරපු සල්ලි වලින් අරං තිබුනේ සෝනි ඉරෙක්සන් w200ක් විතරයි.කොහොමහරි සයිට් එකට ගියාට පස්සේ ඒ ගැන හිතං හිටපු හැටි සම්පූර්නෙන්ම වෙනස් උනා.වැඩ කරන මිනිස්සු ෆුල් ආතල් එකේ ජෝක් එකක් කරගෙන් වැඩ කරනකොට යකෝ මේක පට්ට ජොබ් එකනේ කියලා.(හැබැයි පුතේ එහෙම කිව්වට සයිට් ජීවිතේ කියන තරං සුන්දර නෑ.ඒක තීරනය වෙන්නේ උබේ චරිතේ අනුව මොකද ඕකෙ ඇතුලේ හැම තරාතිරමකම වගේ මිනිස්සු ඉන්නවා.තට්ටු ගනං උස බිල්ඩින් ඩිසයින් කරන ඉංජිනේරුවාගේ ඉදලා කුඩුකාරයා දක්වාම.ඒ නිසා ප්‍රශ්න නම් ඇති වෙනවා.හැබැයි ඒ ප්‍රශ්න දා ගන්න උන්ට.අපෙ වැඩේ පාඩුවේ ආතල් එකේ කරන් හිටියනම් no problem.)ඊට පස්සේ මට හිතුනා කොහොම හරි සර්වියර් කෙනෙක් වෙනවා කියලා.කාලයක් යනකොට ජොබ් එක මගේ විනෝදාංශේ උනා.සුපිරි කම්පැනියක ජොබක් සෙට් උනත් ඒකට ගියෙත් නෑ.කොලම් බීම් අදුනන්නේවත් නැතුව සයිට් එකට අඩිය තිබ්බ මම අවුරුද්දක් විතර යද්දි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.කොහොමින් කොහොමින් හරි ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා වෙන සයිර් එකකට් ට්‍රාන්සර් ආවා.ඒකෙදී මගේ වැඩ දැක්ක අපේ සර්වියර් වැඩ බාරව හිටපු(සයිට් ඔක්කොගෙම) මල්ලි උඹ වරෙන් අපේ හෙඩ් ඔෆිස් එකට කියලා කතා කරලා කෝස් එකකට දැම්මා.කෝස් එක මාස තුනයි.සතයක්වත් මගෙන් වියදම් නෑ.කෝස් කාලෙත් පඩියක් හැදුනා.කෝස් එක ඉවර වෙද්දී කහ හෙල්මට් එකෙන් සුදු හෙල්මට් එකට මාරු උනා.අද මම ඉන්නේ ඒ කන්ට්‍රක්ෂන් සමාගමේ නෙවෙයි.1කට කිට්ටුව පඩියක් ගන්නවා.මම ආව වගේ ගමනක් උබලට එන්න බැරි වෙයි.සමහර විට ඊට වඩා වෙනස් දුර ගමනක් යන්න පුළුවන් වෙයි.

    ඔය ජොබ කරලා කාටද හරි ගියේ?

    මම දන්න අයියා කෙනෙක් ඉන්නවා a/l ෆේල්.නුවර පැත්තේ කොල්ලෙක්.අවුරුදු 19 දී පොරට වඩා වැඩිමහල් සෙට් එකක් එක්ක කාපෙන්ටර් වැඩ කරන්න කොළඹ ඇවිත් දැන් පොර සප්ලයි කෙනෙක්.(ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් සමාගම් වලට අවශ්‍ය මිනිස්සු හොයලා දෙන කෙනෙක්.ඒ හොයලා දෙන හැම කෙනාගෙම සැලරි එක වගේ 5% ක් සප්ලයිට)පොර මේ ලගදී ඇක්වා එකක් ගත්තා.(ගනං යන්න කලිං)

    ඇයි මෙහෙම කතන්දරේ කියන්න හිතුනේ?

    මේ කතන්දරේ ටයිප් කරන්න හේතුව මේ ලගදී අපේ සයිට් එකේ පොඩි මීටින් එකක් තිබ්බා.ඒකෙදි තීරනය උනා සයිට් එකට මිනිස්සු මදි නිසා බොසා අදුරන පොරකට මාර්ගෙන් ඉන්දියාවෙන් ලේබස්ලා ටිකක් ගෙන්න ගන්න.(නීතිමය පැත්ත නම් මම දන්නෑ)මම නම් තදින් විරුද්ද උනා මොකද මේ ජොබ් සේරම අපේ රටට එන්න ඕනෙ ජොබ්.ඒත් තනි මම මොනා කරන්නද.

    දැං අලුත් ප්‍රවනතාවක් තියනවා වතු දෙමලු කොළඹ එන.මේසන් හැන්දක් ජීවිතේටවත් අල්ලලා නැති උන් එනවා මේසන්ලා කියලා. මිනිස්සු නැති නිසා වැඩි පඩියට උන් ගන්නවා.රාජගිරියේ මං දන්න සයිට් එකක් තියෙනවා 70% විතර මාලදිවයින් තම්බි ඉන්න.ගොඩාක් අය දන්න altair tower එක ගහන්නේ ඉන්න අයගෙන් හුගක් අය ඉන්දියන්.

    ඉතිං අවසානෙට කියන්න තියෙන්නේ හැමෝටම ඉංජිනියර්ස්ලා ඩොක්ටර්ස්ලා වෙන්න බෑ.එහෙම බැරි උනා කියලා ජීවිතය දිනන උත්සහය අතාරින්න එපා.තව ජොබ් ඕනෙ තරම් තියෙනවා.කට්ට තමයි.ඒත් පඩි ගන්න දවසට පට්ට හැපි.(ඇයි යකෝ ලක්ෂයක් විතර ගන්නකොට කාටද සතුටු නැත්තේ)

    ජොබ් නැති උන් වරෙව් හැටන් පැත්තේ කිළිනොච්චි පැත්තේ පුක හෝදගන්න අත දිග නැති මල පොතේ අකුරක් නොදන්න දෙමළ හිච්චි කොල්ලොත් 50ක් 60ක් ගන්නවා.ඇයි අපිට බැරි?







     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Othana thama ban kela wena thana. Hugak unta podi thanakin patan ganna hithenne na. Patan gannakotama eka panala salli one. Ithin hari yaida ban?
     

    Sadaharitha

    Member
    Jul 15, 2016
    122
    16
    0
    උඹ කියල තියන කතාව සහතික ඇත්ත. මමත් කරන්නේ වඩු වැඩ. a/l ඉවර උනා ගමන් වඩු වැඩ ඉගෙන ගත්තේ ආසාවට ඒ කාලේ ඔය පොඩි පොඩි දේවල් හදන්න එහෙම සැහෙන්න ආසාවක් තිබුන නිසා Lalith Athulathmudali Vocational Training Center එකෙන් වඩු වැඩ ඉගෙන ගත්ත.

    ඒ යන කාලෙත් අම්මල උනත් මට කිව්වෙ ඔය පිස්සු වැඩ අතැරලා it course එකක්වත් කරන්න කියල. මට කිසි උනන්දුවක් තිබුනේ නැහැ.

    පස්සේ කාලෙක පොඩි පොඩි ජොබ් කර කර හිටිය. අන්තිමට මම යාලුවෙක් සෙට් කරපු furniture හදන තැනක ජොබ් ඒකට ගියා. උඹල විශ්වාස කරන එකක් නෑ අවුරුදු 25 දී මම ඒ ජොබ් ඒකට ගියේ 15000 පඩියට.

    කාලෙත් එක්ක පඩි වැඩි උනා ඒත් මම අන්තිමට ගත්තෙත් 37900 වගේ. උඹල හිතල බලපන් අද කාලේ ඔය ගානෙන් මොනවද කරන්න පුළුවන් කියල. මට සැහෙන්න එපා වෙලා හිටියේ ගෙදර ප්‍රශ්න කවද හරි ඉඩමක් ගන්න ඕනේ ගෙයක් අහන්න ඕනේ.. බැරිම තැන මම ටුක් ටුක් එකක් hire කළා රෑට.

    ඔහොම ඉන්නකොට තමයි මගේ යාලුවෙක් කිව්වෙ Sri Lanka Foreign Employment Bureau එකේ බලන්න පිටරට ජොබ් තියනව කියල. පහුවදාම බැලුව NZ තිබුන ජොබ් එකක්, මම ඒ වෙලේම ඒ agancy ඒකට කතා කලාම එයාල කිව්ව ඉක්මනට ඒක ඒක ජොබ් එකයි තියෙන්නෙ කියල.

    මම පහුවදාම එතනට ගියා. මගේ සුදුසුකම් ඔක්කොම හරි. visa වැඩ ඔක්කොටම එයාල ගත්තේ ලක්ෂ 5. air ticket ඒක මට ගන්න උනා, තව මෙහෙ accommodation එහෙමත් මට හොයා ගන්න උනා (ඒකට මට එළකිරි සහෝදරයෙක් තමා සැහෙන්න උදව් කලේ). කොහොම හරි මාස ඒක හමාරකටත් අඩු කාලෙකින් මම මෙහෙට ආව.

    දැන් මම ලක්ෂ 5 ආසන්න පඩියක් ගන්නවා. වියදම්මන් වැඩි තමා ඒත් සැහෙන්න balance කරගන්න පුළුවන්.

    මම මේ තරම් විස්තරක් එක්ක කිව්වෙ මේ ත්‍රෙඩ් ඒක දාපු සහෝදරයා කිව්ව වගේම හැමෝම doctor කෙනෙක් engineer කෙනෙක් වෙන්නම බලන්නේ නැතුව මී පැත්තටත් යොමු වෙන්නෙ.

    p.s මෝටර් රත කාර්මිකයන්ට මෙහෙ සැහෙන්න ඉල්ලුවක් තියනව.
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මම මචං මුලින්ම සයිට් එකකට යනකො අඟල් නූල් දන්නෑ මුළු මට්ටමක් ජීවිතේට දැකලා නෑ.හැබැයි අද ලයිසන් සර්වියර් කෙනෙක් කරන වැඩ කරනවා.මම අද ජොබ් එකෙන් අයින් වෙනවා කිව්වොත් හෙට පඩි වැඩි කරලා තියා ගන්නවා.:cool::cool:(හැබැයි මං එහෙම කරන්නෙ නෑ.:Dඒත් දැන් එක අවුරුද්දට වෙන තැනකට යන්න ගිහින් තුන් පාරක් පඩි වැඩි කලා:D:D.ආයෙනම් යන්න හැදුවොත් පලයන් කියලා කරබගනියි.:P)මේ මං ගැන පම්පෝරියක් ගහනවා නෙවෙයි.:rolleyes:දැං මං මේ ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු 5ක් වත් නෑ.හැබැයිලක්ෂ ගානක ඉඩම් ගත්තා.වයිෆ් පොලොන්නරුවේ.එහෙන් අඩුවට කුඹුරු ගත්තා දැං ඒවා අඳේට දීලා වැඩ කරවනවා කන්නෙකට වී විකුනලා ලක්ෂ 3ක් විතර ගන්නවා.(තාම හැබැයි කන්න 2යි ගත්තේ ලඟදී.ලක්ෂයක් ගත්තත් මදැයි පැත්ත පලේතේ නොයා වෙන්නෙ මොනවද කියලා කිසි දෙයක් නොදැන.) බයික් කට්ටක් ගත්තා.වීල් කට්ටක් ගත්තා.මේ දවස් වල ගේ හදන්න පඩිය ඉතුරු කරනවා:).(දැං 65%-70% විතර හරි)මදැයි බං අවුරු 5ට.මගෙ ප්ලෑන අවුරුදු 40 වෙද්දි පාඩුවේ ගෙදරට වෙලා ඉන්න.කාර් කට්ටක් ගන්න නම් තාම උවමනාවක් නෑ.ගේ හදල ඒක බලනවා;)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැන් කාලේ ඉදිරියට එන්න ඕන එකට සැහෙන අවස්ථා වැඩියි,
    අවශ්‍ය හණමිටි අදහස් අතාරින එක විතරයි,
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    දැන් කාලේ ඉදිරියට එන්න ඕන එකට සැහෙන අවස්ථා වැඩියි,
    අවශ්‍ය හණමිටි අදහස් අතාරින එක විතරයි,

    ඔය අදහස් නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ බං
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,603
    113
    බඩේ ගිණියම තියෙනව නම් මේ මොනවා තිබුනත් වැඩක් නෑ