ජොබ් වලදි මට හම්බවුනු අය ගැන මන් කියන්නම් .
කටාර් වල මන් වැඩ කරාපු කම්පැණියෙ හිටියෙ
පිල්ලො ,ඊජිප්ට් ,නෙපාලි ,ලංකාවෙ උන් සහ ඉන්දියන් මලබාරි , ඉන්දියන් තමිල් නාඩු.
කැපිලි කෙටිලි ගත්තොත් අපෙ උන්ගෙන් විෂෙශයෙන් සිංහල උන්ගෙන්ම තමා කැපිල්ල ආවෙ. පඩ ශො එක නෙ ? අපෙ එකාට කපලා අනික් උන්ගෙ හිත දිනා ගැනිමෙ ඓතිහාසික කැරි ගතියක් අපෙ සිංහලු ගාව තියෙනවා (මන් නම් එහෙම කරෙ නැහැ .මන් ඒ ක්‍රමෙ වෙනස් කරා )
එත් මලබාරි ,ඊජිප්ට් උන් එහෙම උන්ගෙ එකා බේරනවා හැම වෙලාවෙම.
උන් අතරත් මතබෙද නැතුවාම නෙමෙ. එත් පිට ජාතින් ඉස්සරහ උන් එකමුතුයි .
මගෙ මැනෙජර්ට මගෙ වයසෙම පුතෙක් හිටිය නිස මිනිහා මට සැලකුවෙ එයාගෙ පුතා කියලා හිතාගෙන.
අනික් උන්ට ඒ නිසා ඉරිසියාවක් තිබුනා.
එත් මන් අනික් උන්ටත් (රට ජාතිය බැලුවෙ නැහැ )
පුළුවන් තරම් උපකාර කරා .
ගොඩක් උන්ට කම්පියුටර් සම්බන්ධ දෙයක් නොදන්නවානම් අහන්නෙ මගෙන් .මන් ඉතිං උන්ට කියලා දෙනවා ලොබ නැතුව.
ඒක නිසා රටදි මට ලොකු අවුලක් උනෙ නැහැ.
ලංකාවෙ ගත්තොත්. මන් වැඩ කරෙ තැන් කිහිපයක අත්දැකීම් නම් .
ලංකාවෙ උන්ට කන්න නැතත් ඉස්කොලෙ නලලෙ තියෙන්නෙ.
උඹට කියන්න මන් ඉංග්‍රිසි කතා කරනවා ගින්දර වගෙ.
ඉන්ටර්නැෂනල් ඉස්කුල් ගිය උන් සහ සෙන් තොමස් ,වෙස්ලි වගෙ එව්වාට ගිය උන් එක්ක තමා මන් වැඩ කරෙ.
එත් උන් මගෙ එක්ක හිතලාම සිංහලෙන් කතා කරන්නෙ .
මන් උන් එක්ක ඉංග්‍රිසියෙන් කතා කරන්න හැදුවත් උන් සිංහලෙන් කතා කරන්නෙ .
මගෙ ඉංග්‍රිසි කථනය උන්ට වඩා හොඳයි ( ලොකු කමක් නෙමෙ .එත් ඇත්ත කියන්න එපැයි )
එත් මන් ගියෙ රජයෙ ප්‍රෙස්ටිජියස් ඉස්කොලෙකට නොවන සීන් එක උන්ගෙ හිතෙ තියෙනවා ඇඟෙව්වෙ නැති උනාට.
එක නිසා උන් කැමති නැහැ උන්ගෙ මාකට් එක නැති කරගන්න .
අපෙ උන්ට ඔනි අපෙ උන් විදියට කතා කරන්න .
නැත්තම් ඌට ඉංග්‍රිසි හරි නැහ ඌට ඉංග්‍රිසි බැහ වගෙ මානසිකත්වයක් ඉන්නෙ සහ කන්ඩෙම් කරනව.
හැබැයි දවසක් ක්ලයන්ට් කෙනෙක් කතා කරා සුද්දෙක් .
එකෙක් ෆොන් එක උස්සන් මට ගෙනත් දෙනවා උඹ කතා කරපන් කියලා.

උගෙ ඉස්කොලෙ නම් කියන්න බැහැ.
රටෙ ප්‍රධාන පෙලෙ නම ගිය ඉංග්‍රිසි තියෙන පාසලකට ගිය එකෙක් .
ඔන්න ඕකයි තත්වෙ පින්වතුනි.
අපෙ උන්ගෙ උද්ධච්ඡ කම් ,මහන්තත්ත කම් අපි අතර පමණයි .
බොසාගෙන් නම් බැනුම් අහලා තියෙනවා. එව්වා ඉතිං කොහෙත් වෙනවානෙ.
කැපිලි කෙටිලි නම් ලොකුවට සෙට් වෙලා නැහැ.
මොකද මන් පොඩ්ඩක් ෆ්‍රෙන්ඩ්ලි ඉන්න නිසා.
එත් ඉස්සරහට මොනවගෙ අත්දැකීම් ලැබෙයිද කියන්න බැහැ.