ජොබෙන් අයින් වෙන්න හේතුවක්

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    ජොබෙන් අයින් වෙන්න හේතුවක්

    උඹල දන්නවනේ මගේ සීන් එක. ;ලඟදිනේ ජොබට ගියේ, හද්ද පාඩුයි කියලත් දන්නවනේ පඩියයි වැඩ කරන වෙලාවයි එක්ක බැලුවම. පැය 11.30 ගානේ දවසට මාසෙට හම්බෙන්නේ 22,000යි. පෝය දවස්වලයි හැම මර්කන්ටයිල් නිවාඩුවකයි වැඩ කරලත් එච්චර තමයි හම්බෙන්නේ.



    ඉතින් මම කලින් වගේම ෆයිවර් වැඩේට බහින්නයි ෂොපිෆයි කරන්නයි හිතන් ඉන්නේ මේ ජෝබෙන් අයින් වෙලා අප්‍රේල් වලදී. මොකද අප්‍රේල් සිංහල අවුරුද්දට උන් සතියක් නිවාඩු දෙනවා. ඒ දෙද්දී එහෙම්මම නවතින්න හිතාගෙන ඉන්නේ.



    මට උඹලගෙන් ඕන උපදෙස තමයි නවතින්න කලින් වැඩ කරන සෙට් එකට කියල නවතින්න ඕනද? එහෙම කියනව නම් මොකක් කියලද නවතින්නේ. ඇත්තම සීන් එක නම් කියන්න බෑ. පඩි මදි කතා වගේ එව්වවත් ෆ්රීලාන්ස් සීන් වත් කියන්න බෑ. එතන ඩිසයිනින් සෙට් එකේ ඉන්නේ 4ක් වගේ, ඔෆිස් එකේම 10ක් වගේ වැඩ. මම නයිටා ට්‍රේනී විදිහට ගත්ත නිසා ආයේ HR කියල නම් නවතින්න දෙයක් නෑ. අර එකට වැඩ කරපු සෙට් එක නිසා මනුස්සකමට කියල අයින් වෙනවද කියල බැලුවේ. නැත්තන් සද්ද නැතුවම අවුරුදු නිවාඩුවෙන් පස්සේ නොගිහින් ඉන්න පුළුවන්, හැබැයි උන් කෝල් කරලා අහයිද කියල බයයි එන්නේ නැද්ද කිය කිය. :(
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Nawathinawanam mama me dawasata ayin wenawa kiyala resignation letter ekak dila professional widiyata nawathiyan machan.

    Mama nam kiyanne nawathinna epa kiyala. Work karana gamanma kohomahari market eka hadaganna try karanna. Ethakota aduma tharama freelance wade hari nogiyoth wena job hari hoya ganna puluwan wenna experience eka thiyanawa.
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Nawathinawanam mama me dawasata ayin wenawa kiyala resignation letter ekak dila professional widiyata nawathiyan machan.

    Mama nam kiyanne nawathinna epa kiyala. Work karana gamanma kohomahari market eka hadaganna try karanna. Ethakota aduma tharama freelance wade hari nogiyoth wena job hari hoya ganna puluwan wenna experience eka thiyanawa.


    බෑ බන්. සතියේ දවස් දෙකයි නිවාඩුවක් තියෙන්නේ. ඒ දවස් දෙකට මට දෙයක් කරගන්න තරම් කාලයක් නෑ. මොකද ඩිසයින් එකක මොඩිෆිකේෂන් එකක් එහෙම ආවොත් කවුරුත් ඊළඟ සෙනසුරාද වෙනකන් ඉවසන් ඉන්නේ නෑනේ, රෙසිග්නේෂන් ලෙටර් එකක් දෙන්නේ මචන් ඊළඟ මාසේ වැඩ කරපු දවස් 8ට පඩිය ගන්න ඕන නම් විතරයි. එහෙම නැත්තන් නයිටා නිසා උන් අපිව ගණන් ගන්නේ නෑ ලොවෙත් අයින් වෙනවා කියල,. අනික රෙසිග්නේෂන් ලෙටර් එකක් අවශ්‍ය නෑ අපිට,. නයිටා කියල ගන්නෙම මාස හයක්වත් ඉන්නවද කියල බලන්නනේ ෂුවර් නැති නිසා. ඒක නිසා අපිට ඕන වෙලාවක අයින් වෙන්න නිදහස තියෙනවා.
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Job karala epa wenne nedda


    එපා වෙන්න කලින් තමයි මේ අයින් වෙන්න හදන්නේ. නැත්තන් කල් ගිහින් පසුතැවෙන්න වෙන්නේ. :(