ජෝතිට මල් මිටක්

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
ජෝතිට මල් මිටක්

නොමියෙන ගායන ශිල්පි, එච්. ආර් ජෝතිපාලයන්ගේ, අදට යෙදෙන 74 වැනි ජන්ම දිනය සිහිකිරීම පිණිස, මා අතින් පිදෙන පුංචි මල් මිටකි.​

දෙව්ලොව අද දින උපන් සාදයක්
ඇරයුම් නැති එක හිතට දුකක්
නෙලා එවන්නෙමි පරසතු කුසුමක්
ගායකයාණෙනි ශුභ උපන් දිනක් !

දෙව්ලොවදී ඔබ වියපත් වෙන්නෑ හැත්තෑ හතරයි අද සිටියානම්
ගීයක පදවැල් ලියා එවන්නම් ආයෙත් ඔබ ගී ගයනවනම්
ඔතා වළාවක සිතුම් එවන්නම් ඇහෙනවනම් හිත හඬන තරම්
මල් මාල දමා සුභ පැතුම් පතන්නට අද ඔබ අප ළඟ සිටියා නම් !

සුදු රෝස මලක් සුදු ඕළු මලක් හිමිදිරියේ පිපිලා
සුදු පාට මීදුම් ගලා සඳ මෝදු වෙලා නැගිලා
සුනිල වලා සළු පිළි පටලා සොඳුරු ලොවට මල් වැහි වැහැලා
මේ මිහි මඬලම උදම් වෙලා අද ඔබේ හඬට ඇත පෙම් බැඳලා

ඔබ අප සනසාලා පිනවාලා ගැයු ගී එදා
සිහිවේ සැමදාම සැමවේලෙ දුකකී මෙදා
කොවුලාසේ හඬ දෙන්න රස ගීත පවසන්න
දුර ඈත සිට එන්න යලි ගී ගයා

ඔබෙ ගීයෙන් අප සිත් ලැබුවේ
ඇති ඉහලම රසයයි මෙලොවේ
සපු මලකි පිපුනු ගී ඉත්තේ
ඔබෙ හඬයි අපේ සිත් ගත්තේ
මතු දින ඔබ ඉපදිය යුත්තේ
අප අතරම ගී රස මත්තේ

සිතක් නලවයි
නෙතක් හඬවයි
හදක් රිදවයි
අසා ඔබෙ පෙම් වදන්

දළුත් ලෙලදෙයි
නිතඹ නැලවෙයි
හැඩ වළලු නැටවෙයි
ඇසී ඔබෙ පෙම් වදන්

ටජ් මහල අද දෙදරයි
සරා සඳ දැන් අඳුරුයි
චන්දන ඇල්ලද වියලෙයි
අද කෝ ඔබේ පෙම් වදන්

මැවූ ගී සිතුවම්
සුන්දරයි අති මනරම්
කෙසේ අද වාවම්
නැතිව ඔබෙ පෙම් වදන්

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
පෙම්බර ජෝතී - අමරණීය කලාශූරියාට කල උපහාරය ඉතා අගේය. ස්තුතියි, ඔබට ජය සොයුරිය.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මා මගේ ජීවිතය තුල දුටු රත්තරං මිනිස් හදවත් දෙකක් විය..එකක් ජෝතිපාලයන්ගේය..අනෙක විජය කුමාරණතුංඟයන්ගේය..

එකම කුලකයක සැබෑ මානව හිතවාදීන් දෙදෙනෙකි...

කලකට ඉහත ප්‍රබූද්ධයින් අතර "පීචං" ගායකයෙක් වශයෙන් හැඳින්වූ ජෝති වඩාත් ජනප්‍රිය වුවේ ඔහුගේ මරණින් පසුවය...අදටත් තරුණ තරුණියන් ගායනා තරඟවලදී වැඩි වශයෙන්ම ගයන්නේ ඔහු එදා ගැයූ සුමධුර ආදර ගීතයි..

එක් කාල වකවානුවක රජයේ ගුවන් විදුලිය පවා ඔහුට තහනම් පෙදෙසක් විය . කිසිවෙක් ඔහුට එහි සරල ගී වැඩසටහනකටවත් ආරාධනා නොකලෝය...හැම ගායකයෙකුටම විනාඩි 30 ක කාලයක සරල ගී වැඩසටහනක් පිරිනැමුවද බලධාරීන් ජෝතිව එයින් වුවමනාවෙන්ම කපා හැර දැමුවේය..
ජෝති ඒ කිසිවකින් සැලුනේ නැත.....

එහෙත් එක් අභීත විප්ලවවාදී සංගීත කරුවෙක් බලෙන්ම ජෝතිව ගුවන් විදුලියට එක්කන් විත් ඔහු ලවා ගීතයක් ගායනා කරවා පටිගත කොට බලධාරීන්ගේ පුහු උඩඟු මතයන් සුන්නත් දූලි කොට දැමීය..

ජෝතිපාලගේ එම සරල ගීතය ශ්‍රවණය කල බලධාරීන් "මේ මිනිහට මෙච්චර හොඳට සින්දු කියන්න පුළුවන් කියල අපි දැනගෙන හිටියෙ නෑනේ.. මාස්ටර් මිනිහට කියල තව සින්දු ටිකක් පටිගත කරල දෙන්න" කියා එම ගීතය තමන්ගේ වුවමනාවටම පටි ගත කල අභීත සංගීතවේදියාට ඔවුන් පිං සෙන්ඩු වී ඇත..

ජෝතිපාලගේ ජීවිතයේ ඔහු කිසිදා අමතක නොකල එම සංගිතවේදියා අන් කවරෙකුත් නොව ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ය...

පටිගත කල ගීතය "සමනොල මුදුනේ සිරිපද සිඹ සිඹ"කියනා සරල ගීතයයි...

ජෝති කේමදාසයන්ට කොච්චර ගරු කලේද හා කෘතගුණ සැලකුවාද යන්නට කදිම උදාහරණයකි ඔහුගේ පන නල වියැකෙන අවසන් මොහොතේ ඔහු විසින් කරන ලද අවසන් ඉල්ලීම.."මා මල පසු මගේ ඉහ ඉද්දර කේමදාස මාස්ටර්ගේ ජායාරූපයක් තියන්න"...

කොච්චර නම් අව්‍යාජ මිනිස් චරිතයක්ද අපට හා අපේ සංගීත ලොවට අහිමි වුයේ...

ඔබ අප අතර අමරණියයි ජෝති...

ජෝති ගැන මතකය අප වෙත ගෙන ආ ක්‍රිෂාන්ති සොයුරියට මගේ සහෝදර ආචාරය...

"ටජ් මහලක් තනවන්න නෑ මට ඔබෙ සෙනෙහසට හිමි
හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බඳිමී"....
 
Last edited:

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඒ තරම් හැගුම්බර කට හඩක් ...ඒතරම් අවාජ්‍ය චරිතයක් තවත් උපදීවිද ?

අගය කලයුතු නිර්මානයක්
 
AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මට වචන මදි මේ නිර්මා‍ණේ අගේ කරන්න....!
    මට කියන්න වචන මතක් වෙන්නේත් නැ.
    මෙක දැකලා...

    නියමයි ..! නියමයි..!!
     
    Last edited:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කලකට ඉහත ප්‍රබූද්ධයින් අතර "පීචං" ගායකයෙක් වශයෙන් හැඳින්වූ ජෝති වඩාත් ජනප්‍රිය වුවේ ඔහුගේ මරණින් පසුවය.
    :yes::yes::yes:
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අද ඉන්න හුඟක් සුපර් ස්ටාර්ස්ලා අද ඒ තැන් වල නැහැ ලංකාවේ ජෝතිපාල කෙනෙක් බිහිවෙලා හිටියෙ නැත්නම්..

    ඔහුගේ කටහඩේ තිබුණු පෞර්ෂය ඉන්පසු බිහි වුනු කිසුදු ගායකයකුගෙන් දකින්න ලැබුනේ නැහැ.

    මේ නිර්මාණය එවන් සුන්දර මිනිසෙකුට එලකිරි සමාජයෙන් පිදෙන් උත්ත්මාචාරයක් වේවා !

    සාර්ථක නිර්මාණයක් සහෝදරී !
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර

    සංගීත මඬලේ ප්‍රතිරාව නැංවූ නිර්මාන ගී
    ශිල්පියානෝ.....

    සිගිරි ලෙනේහි රූ අප්සරාවන් ඇන්දා වූ ඒ
    සිත්තාරානෝ....

    කව් ගී ලියූවෝ පිලි රූ නෙළුවෝ වෙන්වී ගියත්
    ලෝ නියාවෙන්....

    ආකාශ තලයේ ඔවුහු සරන්නෝ දෙවි දේවතාවුන්
    විලාසෙන්...

    මිහිතලා..... ඇති තුරා ....

    නාමයෙන් ඔබේ අරුණු මල් පිපේ....

    මිනිසා පිපාසෙන් හඬනා දිළින්දන් කඳුලේ ඔබගේ
    කලාවයි...

    ගිනියම් දවාලේ දිළිඳුන් හෙලුවේ ඩා බිංදු ඔබගේ
    කලාවයි.....

    ලිය මඬුලු අතරේ නිල් පළිඟු වතුරේ රේඛාව ඔබගේ කලාවයි....

    මේ සක්වලේහි ඔබගේ කලාවෙන්

    මිතුරෝ ඔබත් ජීව මානයි..................

    jothi7.jpg

    අකාලයේ අපට අහිමි වුණ ආදරණීය ගායකයානන්ගේ...
    ජන්ම දිනය වෙනුවෙනි....

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඒ වගේ හඬක් නැවතත් බිහිවේ නම් නැත එවන් ත්‍යගයක් ලාංකීය සංගීතයට
     
    ආහ්...දැනුයි දැක්කෙ.බෙහෙවින්ම තුති! අපගේ අමරණීය ගායකයාණන් සිහිපත් කිරීම ගැන.මම අද එළකිරියේ ඉන්නෙ ජෝතිගේ පෙරූ රත්තරං වැනි ගී හඬට බැඳි ආදරය ඔස්සේ ආ ගමනක ඵලයක් විදිහටයි.
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    Prathichara dakwu siyaluma yahalu yeheliyanta mage aadara sthuthiya .

    Oba siyallange prathicharada Jothi wenuwen nelaa gath sudu rosa mal mitak wewa !

    Sorry for using English fonts. Sinhala unicode cannot be accessed from last evening.

    :):):):):)
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මා මගේ ජීවිතය තුල දුටු රත්තරං මිනිස් හදවත් දෙකක් විය..එකක් ජෝතිපාලයන්ගේය..අනෙක විජය කුමාරණතුංඟයන්ගේය..

    එකම කුලකයක සැබෑ මානව හිතවාදීන් දෙදෙනෙකි...

    කලකට ඉහත ප්‍රබූද්ධයින් අතර "පීචං" ගායකයෙක් වශයෙන් හැඳින්වූ ජෝති වඩාත් ජනප්‍රිය වුවේ ඔහුගේ මරණින් පසුවය...අදටත් තරුණ තරුණියන් ගායනා තරඟවලදී වැඩි වශයෙන්ම ගයන්නේ ඔහු එදා ගැයූ සුමධුර ආදර ගීතයි..

    එක් කාල වකවානුවක රජයේ ගුවන් විදුලිය පවා ඔහුට තහනම් පෙදෙසක් විය . කිසිවෙක් ඔහුට එහි සරල ගී වැඩසටහනකටවත් ආරාධනා නොකලෝය...හැම ගායකයෙකුටම විනාඩි 30 ක කාලයක සරල ගී වැඩසටහනක් පිරිනැමුවද බලධාරීන් ජෝතිව එයින් වුවමනාවෙන්ම කපා හැර දැමුවේය..
    ජෝති ඒ කිසිවකින් සැලුනේ නැත.....

    එහෙත් එක් අභීත විප්ලවවාදී සංගීත කරුවෙක් බලෙන්ම ජෝතිව ගුවන් විදුලියට එක්කන් විත් ඔහු ලවා ගීතයක් ගායනා කරවා පටිගත කොට බලධාරීන්ගේ පුහු උඩඟු මතයන් සුන්නත් දූලි කොට දැමීය..

    ජෝතිපාලගේ එම සරල ගීතය ශ්‍රවණය කල බලධාරීන් "මේ මිනිහට මෙච්චර හොඳට සින්දු කියන්න පුළුවන් කියල අපි දැනගෙන හිටියෙ නෑනේ.. මාස්ටර් මිනිහට කියල තව සින්දු ටිකක් පටිගත කරල දෙන්න" කියා එම ගීතය තමන්ගේ වුවමනාවටම පටි ගත කල අභීත සංගීතවේදියාට ඔවුන් පිං සෙන්ඩු වී ඇත..

    ජෝතිපාලගේ ජීවිතයේ ඔහු කිසිදා අමතක නොකල එම සංගිතවේදියා අන් කවරෙකුත් නොව ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ය...

    පටිගත කල ගීතය "සමනොල මුදුනේ සිරිපද සිඹ සිඹ"කියනා සරල ගීතයයි...

    ජෝති කේමදාසයන්ට කොච්චර ගරු කලේද හා කෘතගුණ සැලකුවාද යන්නට කදිම උදාහරණයකි ඔහුගේ පන නල වියැකෙන අවසන් මොහොතේ ඔහු විසින් කරන ලද අවසන් ඉල්ලීම.."මා මල පසු මගේ ඉහ ඉද්දර කේමදාස මාස්ටර්ගේ ජායාරූපයක් තියන්න"...

    කොච්චර නම් අව්‍යාජ මිනිස් චරිතයක්ද අපට හා අපේ සංගීත ලොවට අහිමි වුයේ...

    ඔබ අප අතර අමරණියයි ජෝති...

    ජෝති ගැන මතකය අප වෙත ගෙන ආ ක්‍රිෂාන්ති සොයුරියට මගේ සහෝදර ආචාරය...

    "ටජ් මහලක් තනවන්න නෑ මට ඔබෙ සෙනෙහසට හිමි
    හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බඳිමී"....

    Hithawath Ron soyura, obage adahas ithaa agaya karami. Jothi , Vijaya susanyogaya gena liyawunu mae thorathuru kiyawa balanna.

    http://sarasaviya.lk/2010/02/11/_art.asp?fn=sa10021122&pn=*20,21

    And very interesting to listen to what Master Kemadasa said about Jothi. Master said Jothi had a "screen voice", but the media people who did not understand what he said , misquoted him as saying
    " cream voice " . Master had a hearty laugh when he mentioned this during an interview on local TV .

    Listen & enjoy, this is Master Kemadasa's voice.

    http://www.mediafire.com/download.php?2ud0njnndyn

    Let us also remember with gratitude, it was Mr. Stanley Oumar who wrote the lyrics & composed the music for Jothi's very first song " mage ran rajini".