ජෝතිට මල් මිටක්
නොමියෙන ගායන ශිල්පි, එච්. ආර් ජෝතිපාලයන්ගේ, අදට යෙදෙන 74 වැනි ජන්ම දිනය සිහිකිරීම පිණිස, මා අතින් පිදෙන පුංචි මල් මිටකි.
දෙව්ලොව අද දින උපන් සාදයක්
ඇරයුම් නැති එක හිතට දුකක්
නෙලා එවන්නෙමි පරසතු කුසුමක්
ගායකයාණෙනි ශුභ උපන් දිනක් !
දෙව්ලොවදී ඔබ වියපත් වෙන්නෑ හැත්තෑ හතරයි අද සිටියානම්
ගීයක පදවැල් ලියා එවන්නම් ආයෙත් ඔබ ගී ගයනවනම්
ඔතා වළාවක සිතුම් එවන්නම් ඇහෙනවනම් හිත හඬන තරම්
මල් මාල දමා සුභ පැතුම් පතන්නට අද ඔබ අප ළඟ සිටියා නම් !
සුදු රෝස මලක් සුදු ඕළු මලක් හිමිදිරියේ පිපිලා
සුදු පාට මීදුම් ගලා සඳ මෝදු වෙලා නැගිලා
සුනිල වලා සළු පිළි පටලා සොඳුරු ලොවට මල් වැහි වැහැලා
මේ මිහි මඬලම උදම් වෙලා අද ඔබේ හඬට ඇත පෙම් බැඳලා
ඔබ අප සනසාලා පිනවාලා ගැයු ගී එදා
සිහිවේ සැමදාම සැමවේලෙ දුකකී මෙදා
කොවුලාසේ හඬ දෙන්න රස ගීත පවසන්න
දුර ඈත සිට එන්න යලි ගී ගයා
ඔබෙ ගීයෙන් අප සිත් ලැබුවේ
ඇති ඉහලම රසයයි මෙලොවේ
සපු මලකි පිපුනු ගී ඉත්තේ
ඔබෙ හඬයි අපේ සිත් ගත්තේ
මතු දින ඔබ ඉපදිය යුත්තේ
අප අතරම ගී රස මත්තේ
සිතක් නලවයි
නෙතක් හඬවයි
හදක් රිදවයි
අසා ඔබෙ පෙම් වදන්
දළුත් ලෙලදෙයි
නිතඹ නැලවෙයි
හැඩ වළලු නැටවෙයි
ඇසී ඔබෙ පෙම් වදන්
ටජ් මහල අද දෙදරයි
සරා සඳ දැන් අඳුරුයි
චන්දන ඇල්ලද වියලෙයි
අද කෝ ඔබේ පෙම් වදන්
මැවූ ගී සිතුවම්
සුන්දරයි අති මනරම්
කෙසේ අද වාවම්
නැතිව ඔබෙ පෙම් වදන්