ටයිටැනික් නැව ගිලුනද? ගිල්ලුවද?

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ටයිටැනික් නැව ගිලුනද? ගිල්ලුවද?

    titanic.gif


    ටයිටැනික් කිව්වම කොයි කාගෙත් හිතට ඉස්සරලම එන්නේ ජේම්ස් කැමරන් මහත්තයට පින්සිද්ද වෙන්න බලපු ටයිටැනික් චිත්‍රපටිය. දැනට අවුරුදු 100 කට කලින් උන මේ සිද්දිය ගැන මේ තරම් හොඳින් කවුරුත් දන්නේ ජේම්ස් කැමරන් මහත්තයගේ මේ අපූරු නිර්මාණේ හින්දා තමා. 1912 අප්‍රියෙල් 15 දා අත්ලන්තික් සාගරේදී අවසානාවන්ත විදියට මුහුදු බත් වුන ටයිටැනික් කතන්දරේ ගැන ගවේෂණයක ප්‍රතිඵල ටික දිගඅරින්නයි බලාපොරොත්තු වෙන්නේ.


    titanic-2.gif


    RMS ටයිටැනික්


    අයිතිය : White Star Line නැව් සමාගම

    අවසන් ගමන් මඟ : බ්‍රිතාන්‍යය සිට නිව්යෝර්ක් වෙත
    දිග : අඩි 882 අඟල් 6 (මීටර 269)
    පලළ : අඩි 92 ( මීටර 28)
    උස : අඩි 175 (මීටර 53.3)
    උපරිම වේගය : පැයට කිමී 44


    1912 අප්‍රියෙල් 10 දින මඟීන් 2435 ක් (නාවික කාර්ය මණ්ඩලය 892 ක් ඇතුළුව) පිරිස රැගත් "නොගිලෙන නැව" ලෙසින් නම් දරා සිටි ටයිටැනික් සවුතැම්ප්ටන් වරායේ සිට නිව් යොර්ක් බලා යාමට ගමන් ඇරඹූවා. ලෝකයේ නන් දෙසින් පැමිණි ධනවත් වංශාධිපතියන්ගේ සුඛ විහරණය උදෙසා ටයිටැනික් අති සුඛෝපභෝගී නෞව්කාව නිර්මාණය කර තිබුනා.


    නාන තටාක, උසස් තත්වයේ තානායම්,සුව පහසු නිදන කාමර,පුස්තකාල ආදී අංග රැසකින් ටයිටැනික් සමන්විත වුනා.එවකට තිබූ අධි තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගනිමින් ටයිටැනික් හි ආරක්ෂාව සහතික කර තිබුනා. ටයිටැනික් හි යොදා ගැනුණු ජලපරිරෝධක කුටීර සහස්වයංක්‍රීය ජලරෝධක කවුළු තාක්ෂණය ඊට කදිම නිදසුනක්.ගමනාරම්භයේ දී ගමන් කල පිරිසට ප්‍රමාණවත් නොවන ජීවිතාරක්ෂක බෝට්ටු ප්‍රමාණයක් රැගෙන යාමෙන් නැවේ ආරක්ෂාව පිලිබඳසැකයක්නොතිබිබවතහවුරුවෙනවා. ගමන් ගත් පිරිස දෙදහසකට අධික වුවත් 1178 කට පමණක් ප්‍රමාණවත් වන පරිදිජීවිතාරක්ෂක බෝට්ටු 20ක් පමණක් ටයිටැනික් හි අන්තර්ගත වුනා.


    1912
    අප්‍රියෙල් 10 සවුතැම්ප්ටන් හි ගමන් ඇරඹූ පසු අප්‍රියෙල් 14 වන විට ටයිටැනික් දින හතරක් ඇතුලත සිය ගමන් මගෙන් කිමී 600 ක් නිම කර තිබුනා. මේ වන විට නැව අත්ලන්තික් සාගරයේ දැඩි සීතල ප්‍රදේශයකට අවතීර්ණ වී තිබුනා. එදින රාත්‍රී 11.45 ට පමණ නැව යෝධ පාවෙන අයිස් කුට්ටියක හැපුණා.මින් නැවේ බඳෙහි එක් පසෙකට අධික ලෙස හානි වුනා.

    අනතුරෙන් පසුව නැව සමබර කිරීම සඳහාජලපරිරෝධක කුටීර 16න් 5ක් විවෘත කෙරුණා. නමුත් මේ වන විට නැවේ බඳට සිදුවී තිබු හානිය ඉතා අනතුරුදායක තත්වයක පැවතුනා. මීළඟ පැය 2 1/2 වන විට නැවෙහි ඉදිරි පස කොටස කෙමෙන් කෙමෙන් ගිලී යමින් තිබුනා. මේ වන විට නැවේ සිටි පිරිසජීවිතාරක්ෂක බෝට්ටු ආධාරයෙන් ඉවත් කෙරෙමින් තිබුනා. තිබූජීවිතාරක්ෂක බෝට්ටු ප්‍රමානවත් නොවූ නිසා කාන්තාවන් හා දරුවන් ප්‍රථමයෙන් යැවීමට නැවේ කාර්ය මණ්ඩලය තීරණය කර තිබුනා.
    අලුයම 2.20 ට පමණ නැවේ සමබරතාවය බිඳී නැව කොටස් දෙකකට කැඩී ගියා. ඉන් දහසකට අධික පිරිසක් සමඟම නැවෙහි පසුපස කොටස මුහුදු පතුලට ඇදුනා. දැඩි සීතල නිසා මුහුදට වැටුණු සියල්ලන්ම මිනිත්තුවකට අඩු කාලයක දී මරණයට පත්වුනා.ජීවිතාරක්ෂක බෝට්ටු මගින් ජීවිත බේරාගත්තවුන් RMS කැපාර්තියා නැවේ කාර්ය මණ්ඩලය මඟින් පසුව බේරා ගැනුණා. මුහුදු වතුරේ පැවති අධික සීතලත් තැනින් තැන පිහිටිපාවෙන අයිස් කුට්ටිත් නිසා කැපාර්තියා හට ටයිටැනික් වෙත පැමිණීම ප්‍රමාද වුනා. 710 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීම හේතුවෙන් කැපාර්තියා හි කාර්ය මණ්ඩලය සම්මානයට පාත්‍ර වුනා.අනතුර සිදුවන අවස්තාවේ දී නැව පිරිස සමඟ අතහැරයාම හේතුවෙන් වයිට් ස්ටාර් ලයින් හි සභාපති J Bruce Ismaj ට දොස් පැවරුණා.
    ටයිටැනික් කොටස් දෙකකට වෙන්වී අඩි 12415 (මීටර 3784) ක් ගැඹුරු මුහුදු පතුල් තැන්පත් වුනා.1514 දෙනෙකුට මරු කැඳවමින් ලෝක ඉතිහාසයේ ඛේදජනක සිදු වීමක් එලෙසින් නිමා වුනා.


    මුහුදු පත්ලේ තැන්පත් වූ ටයිටැනික් හි වීඩීයෝ පටයක්
    මෙතනින් බලන්න.
    ටයිටැනික් අනතුරට පත්වූ අයුරු නිරූපණය කෙරෙන වීඩියෝවක්.

    මෙතරම් තාක්ෂණික ක්‍රමවේදයන් යොදා තිබූ නොගිලෙන නැව ගිලී යාමට හේතුව කුමක්ද? 892 අති දක්ෂ නාවික කාර්ය මණ්ඩලයකින් සමන්විත ටයිටැනික් පාවෙන අයිස් කන්දක හැපුනේ නැවේ කාර්ය මණ්ඩලයේ වරදින්ද? ටයිටැනික් අනතුර පිටුපස කිසියම් අද්භූත බලවේගයක් ක්‍රියාත්මක වූවාද?

    මේ සියලුම දේවල් දෙවන කොටසින්
    (Click Here)