ටවර්හෝල් පදනමේ නළුවෙක්ව අංජුලා කසාද බඳී
ටවර්හෝල් පදනමේ නළුවෙක්ව අංජුලා කසාද බඳී
දෙවැනි ඉනිමේ අමීෂා එහෙමත් නැතිනම් අංජුලා රාජපක්ෂ පසුගියදා යුගදිවියට එළැඹුණා. ඇත්තටම අංජුලාගේ මනමාලයා කවුද?. මොනවාද කරන්නේ. අපි ඇයගෙන්ම ඒ ගැන අහලා බලමු.
වැඩි සද්දබද්දයක් නැතිව විවාහ වුණා නේද?
ක්ෂේත්රයේ ඉන්න අයට මම නොකිව්වා නෙමෙයි කිව්වා. පළමු දවසේ චාරිත්‍රානුකූලව පවත්වපු විවාහ උත්සවය ක්ෂේත්රයේ හිටපු ප්‍රවීණ කලාකරුවන්ට වගේම දෙපාර්ශ්වයේ ඥාතීන්ට තමයි ආරාධනා කළේ. විවාහ උත්සවය පැවැත්වූයේ අපේගම පරිශ්‍රයේ. එතැනදී රංගගේ මිත්‍රයන් වගේම මගේ මිතුරු මිතුරියන්ට ආරාධනා කළා.
ඔහු ගැන විස්තර දැන්වත් කියමු නේද?
ඔහුගේ නම රංග වීරකෝන්. නර්තන ශිල්පියෙක් වගේම ටවර්හෝල් කලාකරුවෙක්. ඔහුගේ පියා මේ රටේ ජනප්‍රිය කලාකරුවෙක්. නමින් කුවින්ටස් වීරකෝන්. මම කසාද බැන්ඳේ කුවින්ටස් වීරකෝන්ගේ පුතාව.
මේ ආදර කතාවට කොච්චර කාලයක් වෙනවාද?
මේක යෝජිත විවාහයක්. අපි දෙන්නා දැනහඳුනාගෙන අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත විවාහය සිද්ධවුණා.
කවුද මේ යෝජනාව මුලින්ම කළේ ?
රංග අයියා තමයි මුලින්ම මේ යෝජනාව ගෙන ආවේ.
අංජුලා ඔහුගේ දකින සුවිශේෂත්වය ගැන පැවසුවොත් ?
ඔහුගේ කලා හැකියාවන් දකින්න ලැබෙන්නේ වේදිකාවේදී සහ නර්තනයෙන්. මම රංගන ක්ෂේත්රයේ. ඉතිං අපි දෙන්නා එකම ක්ෂේත්රයේ දෙඅංශයක. එයාට මේ ක්ෂේත්රය ගැනත් හොඳ වැටහීමක් තියෙනවා.
විවාහයෙන් පසුව රඟපෑමෙන් සමුගන්නවාද?
කවදාවත් කිසිම හේතුවකට මම කලාවෙන් ඈත්වෙන්නේ නැහැ.
මේ දවස්වල දෙවැනි ඉනිමේ අමීෂාට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දෙවැනි ඉනිම කියන්නේ ආපහු වතාවක් ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබුණ හොඳ අවස්ථාවක් කියලා මට හිතෙනවා. හැමෝම කියන්නේ අමීෂාට හොඳ සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. දෙවැනි ඉනිම හින්දා මම ආපහු ජනප්‍රිය වුණා.
අමීෂාට ගොඩක් දෙනෙක් බණිනවා නේද?
ඒ ගැන මට සතුටුයි. මම චරිතය හරියට කරන හින්දානේ ප්‍රේක්ෂකයන්ට තරහායන්නේ. ඒක හින්දා අවංකවම මට සතුටුයි චරිතයට සාධාරණයක් ඉෂ්ට කළා කියලා.
අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැතිද?
ජනවාරි මාසයේ නම් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් ඒ ආරාධනා සියල්ල මම ප්‍රතික්ෂේප කළා.
ඇයි ඒ ?
මගේ විවාහ උත්සවයේ වැඩකටයුතු හින්දා තමයි ඒ නිර්මාණ මගහරින්න සිද්ධවුණේ. ලබන මාසයේ ඉඳන් ආපහු සුපුරුදු විදිහට වැඩපටන්ගන්නවා.
විවාහය හින්දා පෙම්වතියගේ චරිතයෙන් ඈත්වෙනවාද?
අනේ නැහැ. වෘත්තීය ජීවිතයයි පෞද්ගලික ජීවිතයයි මම කවදාකවත් පටලවාගත්තේ නැහැ. විවාහය මගේ ජීවිතයට ආශිර්වාදයක් කරගෙන වැඩ කරගන්නවා මිසක් ඒක බාධාවක් කරගෙන මගේ වැඩ නතර කරගන්නේ නැහැ.
රංගගෙන් ඔබේ වැඩවලට මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ ?
ඔහු මාව හොඳින් තේරුම් අරගෙන තියෙනවා. රූගත කිරීම්වලට යනකොට කාර්යබහුලත්වය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. අපි දෙන්නා හොඳ අවබෝධයකින් වැඩකරනවා.
ඔහු නර්තන ශිල්පියෙක් හින්දා අංජුලා ඉදිරියේදී නර්තනයට යොමුවේවිද?
මම නර්තනයෙන් සම්බන්ධවුණේ හිරු මෙගා ස්ටාර් රියෑලිටි වැඩසටහනට විතරයි. ඊට පස්සේ නර්තන ප්‍රසංග කිහිපයකට ආරාධනා ලැබුණ ඒවාට සහභාගි වුණා. රංග උඩරට නර්තන ශිල්පියෙක්. ඉතිං මම ඒ සම්ප්රදාය හදාරලා නැහැ. හැබැයි ඔහු නර්තන ශිල්පියෙක් විදිහට ඉදිරියටත් කටයුතු කරන එකට කැමැතියි.
රංග ටවර් හෝල් පදනමේ රංගන ශිල්පියෙක්. ඉදිරියේදී අංජුලා වේදිකාවට සම්බන්ධවේවිද?
මම ඇත්තටම වේදිකාවට සම්බන්ධවෙන්න ආසයි. හැබැයි ටවර් හෝල් කලාකරුවෙක් වෙන එක ලේසි නැහැ. හැමෝටම එහෙම වෙන්න බැහැ. ඉතිං මම හිතන්නේ නැහැ ඒක මට ලෙහෙසි පහසුවෙයි කියලා.
හැබැයි අංජුලාගේ හිත ගියේ ටවර් හෝල් රංගන ශිල්පියෙකුට?
එයාව මම අඳුරගන්නකොට මම දැනගෙන හිටියේ රංගන ශිල්පියෙක් කියලා. ඇත්තටම මම දැකලා තිබුණේවත් නැහැ වේදිකාවේ රඟපාලා තියෙනවා. ඉතිං ඊට පස්සේ තමයි විවාහ යෝජනාව ගෙනැල්ලා මම කැමැතිවුණාට පසුව තමයි ඔහු ඉන්න නාට්‍යයක් බලන්න ගියේ.
රංගගේ ආදරය අංජුලා එක්වරම කැමැත්ත දුන්නාද?
රංග මුලින්ම මා ගැන ඇහැව්වේ අපේ ගෙදරින්.
දිනේෂ් විතාන
ඡායාරූප - ධනුෂ්ක සේනාධීර