ටිකක් හිනාවෙන්න

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
ටිකක් හිනාවෙන්න

ගොපල්ලා රජ වූ හැටි..
ඔන්න එක රටක හිටියලු රජෙක්. රජෙක් කිව්වට රං ගොජෙක්. ඉතිං මේ රජාට හිටියලු… එකම එක දුවෙක්. ඉතිං රජා මළාට පස්සෙ රටේ රජකම දෙන්න පිරිමි පරාණයක් එපෑයෑ. ඉතිං රජා දහ අතේ කල්පනා කලාලු දුව ව දෙන්න සුදුසු කෙනෙක්. මොලේ තියන එකෙක් වෙන්නත් එපෑයෑ. මෙහෙම කල්පනා කරල කරල කරල කරල කරල (ඒ කිව්වෙ ගොඩක් කරල) රජ්ජුරුවො පුරෝහිතලට කතා කරල කිව්වලු මුළු රටේම අණබෙර ගස්සවල ඥානාන්විත පුරුසයන් ඉන්නවනං මාලිගාවට පැමිනෙන්ඩයි කියල නියෝගයක් නිකුත් කරන්ඩ කියල.

ඕං ඉතිං අණබෙරේ රටවටේ යනවලු.. ඩුං…ඩුං…ඩුං.. අසව් අසව්… නෛකශ්රී යෙන් විරාජමාන වූ අප මහා රාජෝත්තමයාණන්ගේ රාජාඥාවයි මේ…. ඩුං.. ඩුං.. ඩුං… රජතුමා ප්රිස්න තුනක් අහනවාය.. ඒවාට නිවැරදි පිළිතුරු (තැපැල් පතක පමණක් ලියා පහත ලිපිනයට යොමුකරන්ඩ කියන්ඩ බෑ..නෙ.) දෙන්ඩ සමතෙක් සිටීනම් ඔහුට රටේ රජකම සමග දියණිය විවාහ කරදෙනවාය…. ඩුං …ඩුං…ඩුං….

හැබැයි මේ තුනට උත්තර දෙන්ඩ බැරිවෙන අයගේ තුන නැතිවෙව.. ඒක නිසා කවුරුත් පළාතෙ ගියෙ නෑලු. ඕං ඉතිං හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන (ඒ කිව්වෙ ගොඩක් හොයල හොදේ) යනකොට එකම එක හරක් බලාගන්න ගොපල්ලෙක් විතරක් කැමති උනාලු අබියෝගෙ බාරගන්ඩ. පුරෝහිතලටත් අන්දොස්ලු මූ වගේ ගෝතයෙක් මේකට ආපු එකට. මූ නං එකත් එකටම සැට් එක කපාගෙන යන්ඩ ආපු එකෙක් තමා කියල කට්ටියම බලං ඉන්නවලු ගොපල්ලගෙ කල්ල වපන කල්.. හික්ස්… රජතුමා ඇහුවලු.. තමා මේ තරගයේ කොන්දේසි ගැන දැනුවත්ද ? එහෙමයි රජතුමනි..

හොදයි.. එහෙනං ප්රුස්න ඇසීම ආරම්භ කරනවා.. එහෙම කියල රජා දබරගිල්ල ඉස්සුවලු හරියට අම්පයර් අවුට් එක දෙන්නා වගේ.

එතකොට ගොපල්ලා ඇගිලි දෙකක් ඉස්සුවලු. මළා.. උත්තරේ හරි.. පුරෝහිතලගෙ ඇස් උඩ ඉන්දුනාලු දෙවැනි ප්රවස්නය – රජ්ජුරුවො ඇගිලි දෙකක් ඉස්සුවලු ගොපල්ල ඇගිලි තුනක් ඉස්සුවලු ඒ උත්තරෙත් හරි.. කාටත් පුදුමයි.. රජතුමා සිංහාසනෙන් නැගිටල අවසාන ප්රකස්නෙ ඇහුවලු. ඒකත් හස්ත සංඥාවෙන්. අත් දෙකින්ම විසාල රවුමක් ඇදල පෙන්නුවලු. එතකොටම ගොපල්ල ‘‘වං අතේ මාපට ඇඟිල්ලය්, දබර ඇඟිල්ලය් එකතු කරලා රවුමක් හදල, දකුණු අතේ දබර ඇඟිල්ල රවුම ඇතුලෙ එහාට මෙහාට කොරල පෙන්නුවා, අපේ රටේ මෛය්තුන සේවන සිම්බල් එක. (xxx ගනිං කියන හස්ත මුද්රාව) – (තරහ අවසර.. මේ කෑල්ල ගත්තෙ ඔබා අයියගෙ හෑන්ඩ් සිග්නල් පෝස්ට් එකෙන්)

ප්රීනතී…..ප්රීඑතී….. පුරෝහිත ප්රීලතී…. ගොපල්ලා ප්රණස්න තුනටම සාර්තකව පිළිතුරු දීපු නිසා පොරොන්දු ප්රීකාරව දූ කුමරියත් රටේ රජකමත් ඔහුට හිමියි.. රජතුමා නිල නිවේදනේ ප්රෝකාස කලා. පුරෝහිතලගෙ කටවල් _කවල් වගේලු. ඇයි ඉතිං උංනෙ රටේ පඩිවරු. පඩියන්ටත් බැරි ප්රුස්නවලට නිකංම නිකං ගොපල්ලෙක් උත්තර දීලා රටේ රජකමත් ගත්තා. දැං ඉතිං මොනව කරන්නද..? කොහොම උණත් මූනෙ දැං රජා.

දින කීපයකට පස්සෙ.. අබිසේක මංගල්ල පදවි ප්රා ප්ති උස්සව එහෙම ඉවර වෙලා ටිකක් නිවාඩු පාඩු ආපු වෙලාවක් බලල පුරෝහිතල ගියාලු රජතුමා හම්බෙන්ඩ. රජා දැං රිටයඩ්.. තරහ අවසර රජතුමනි, ඔබතුමා අහපු හස්ත සංඥා ප්රරස්න අපට නං තේරුනේ නෑ. අපට ටිකක් පැහැදිලි කරල දෙන්න පුළුවන්ද? රජතුමා උගුර එහෙම පාදල තමන්ගෙ ප්රඩස්න ටික විග්රිහ කරාලු පුරෝහිතලට..

මම එක ඇගිල්ලක් උස්සල ඇහුවෙ මේ ලෝකෙ එක් මනුෂ්යෙෙයක් නිර්මාණය වෙන්නෙ කොහොමද කියල.. හරිනෙ… ගොපල්ල (දැං රජා) ඒක දැනං ඉදල තියනවා. මිනිහා ඒ ප්රුස්නෙට ඇගිලි දෙකක් ඉස්සුවනෙ. එක මිනිහෙක් නිර්මාණය වෙන්න දෙන්නෙක් එපෑ.. එතකොට ඇගිලි දෙකක් උස්සල මං ඇහුවෙ දෙන්නෙක් එකතු වුනාම මොකද වෙන්නෙ කියල..

එතකොට ගොපල්ල ඇගිලි තුනක් ඉස්සුව. උත්තරේ හරියට හරි.. දෙන්නෙක් එකතු වෙනකොට තුන්දෙනෙක් වෙනවනෙ.. මගේ අන්තිම ප්රුස්නෙ මං ඇහුවේ මේ ලෝකයම පවතින්නෙ මොකක් මතද කියල..

ඇත්ත නේන්නං …. xxx එකෙන්නෙ. ගොපල්ල හස්ත සංඥාවෙන් ඒක කිව්වනෙ..

ඕං දැං පුරෝහිතලට ආයෙත් ප්රවස්නයක් මතු වුණාලු ගොපල්ල මේ හැම එකක්ම නිවැරදිව දැනගත්තෙ කොහොමද කියල.. ඉතිං ගියාලු ගොපල්ල (රජා) හම්බවෙන්ඩ. ගිහිං බොහෝම බය පක්සපාතව ඇහුවලු අර ප්රවස්නවලට එහෙම නිවැරදිව පිළිතුරු දීපු රහස මොකද්ද කියල. රජ වුනත් ගොපල්ල ගොපල්ලමයිනෙ.. ඌ ඉතිං උගෙ සුපුරුදු කෂඩ තාලෙන්ම උත්තර දුන්නලු.

අනේ යකෝ…! තොපේ රජා තමා .. රජා… ඌ මගෙන් මාර ප්රුස්නනෙ ඇහුවෙ..? ඌ මගෙන් ඉස්සෙල්ලම ඇහුව එක හරකෙක් දෙනවද කියල. මොනව වුනත් මූ රජා හින්ද මං කිවව දෙන්නෙක්ම දෙන්නං කියල. මූ ඒ පාර තව දෙන්නෙක් ඉල්ලුව. ඒත් කමක් නෑ.. රජානෙ.. මං ඉතිං කිව්ව තව තුන්දෙනෙක්ම දෙන්නං කියල. මෙන්න බොලේ මේ ගොං රජා ඒ පාර මගෙන් පට්ටියම ඉල්ලුවා. එවෙලෙ ඌට දෙන්න ඕන උත්තරේ (නිකන් *කන් රජතුමා )තමා මං දුන්නෙ….
 
  • Like
Reactions: pody malli and stv

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
නංගිගෙ සිප් එක
ඔන්න ඔය පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ දුර ගමන් යන බස් පෝලිමකට ඇවිල්ලා ගැහැව්වලු බස් එකක්. ඉතින් අර සිමෙන්තියෙන් දෙපැත්තෙ බිත්ති හදලා තියෙන පෝලිමේ එක් කෙනෙකුට විතරක් එකපාරකට ඇවිල්ල නගින්න පුලුවන් විදිහේ බස් ස්ටෑන්ඩ් එකක් තමයි ඒක.

ඔන්න දැන් බස් එකට පෝලිමේ ඇවිත් මිනිස්සු පිරෙනවලු. ටිකවෙලාවකින් ඔය මොඩ් ඔෆිස් එහෙක වගේ වැඩකරනවැයි කියලා හිතන්න පුළුවන් ගෑනු ළමයෙක් පෝලිමේ ආවලු.. කිව්වත් වගේ මෙයා ඇඳගෙන ඉඳලාතියෙන්නෙ හෙනම හෙන ටයිට්ම ටයිට්, දනහිසටත් වඩා දිග සායක්ලු. ඊට හරියන අඩි උසම උස සපත්තු දෙකකුත් දාගෙන තමයි මෙයා ඉඳලා තියෙන්නෙ.

ඔන්න ඉතින් මෙයා දැන් ට්‍රයි කරනවලු බස් එකට නගින්න. ඒත් කකුල උස්සන්න බැහැ මොකද සාය එච්චරටම තදයි. ඔන්න ට්‍රයි කරල කකුල උස්සන්න හදනවා, ඒත් බැහැ. ඔන්න ඒ පාර මෙයා මොකද කරන්නෙ, සාය පිටි පස්සට අත යවලා සායේ සිප් එක පොඩ්ඩක් විතර පල්ලෙහාට දැම්මලු. ඔන්න ආයෙත් කකුල උස්සන්න හදනවලු, ඒත් බැහැල්ලු. ඒ පාර ආයෙමත් අත පිටිපස්සට දාලා සායෙ සිප් එක තව ටිකක් පල්ලෙහාට දැම්මලු. ඒත් නගින්න බැහැල්ලු. ආපහු සිප් එක තව ටිකක් පල්ලෙහට දැම්මලු. එතකොටම මේ ගෑනු ළමයගේ පිටිපස්සෙන් හිටපු හීනියට දාගත්ත අන්කල් කෙනෙක් එකපාරටම මෙයාගේ ඉනෙන් අල්ලලා උස්සලා බස් එකේ පඩිය උඩින් තිබ්බලු.

ඔන්න බොලේ මේ වෙච්ච වැඩෙන් මල පැනපු කෙල්ල අනිත් පැත්ත හැරිලා අර අංකල් කාරයට දෙනවලු දැන් බැෂ්ටිය.

"වනචරයා..... කවුරු කියලා හිතාගෙනද මාව ඇල්ලුවේ....? අපිට පාරෙ බැහැලා යන්න බැහැ මුන් වගේ මිනිස්සු නිසා....” කියල අරින්නෙමනැතුව දිගටම දෙනවලු ..

ඔන්න ඒ පාර අර අංකල් ඉඳන් කිව්වලු,

"අනේ නංගි, මමනම් හිතුවෙ ඔය නංගි මාව හොඳට අඳුරනවා ඇති කියලනෙ. මොකද ඔයා තුන්පාරක්ම මගේ කලිසමේ සිප් එක පල්ලෙහාටදැම්මනේ ...........!"
 

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo

නිරුවත් කෙල්ල
ඉහල පෙලේ රාත්‍රී සමාජ ශාලවක් අසලදී බීමත් නිරුවත් කාන්තාවක් ටැක්සි එකකට නැංගා.

ටැක්සි ඩ්‍රයිවර්ට මේ කාන්තාව කිව්වා එයා යන ස්ථානය.ඉතින් ටැක්සි ඩ්‍රයිවර් වාහනය එලවන ගමන් පසු පස බලන කන්නාඩියෙන් මේ ගෑනී දිහා බලනවලු.මේ ගෑනී අහනවා " මොකද හලො කන්නාඩියෙන් බලන්නේ තමුසේ මීට කලින් ගෑනියෙක් හෙලුවෙන් දැකලා නැද්ද?

මේ ඩ්‍රයිවර් කියනවා" නෑ නෝනා මම වල්කමට බලනවා නෙවෙයි,මම මේ බලන්නේ ඔයා ටැක්සියට ගෙවන්න සල්ලි තියාගෙන ඉන්නේ කොහෙද කියලා"
 

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo

ඇම්ඩන්ගේ කැටපෝලය
ඔන්න ඉතිං අපේ ඇම්ඩට පොඩි කාලෙ මාර ලෙඩක් තිබ්බ මිනිහගෙ වැඩේ රබර් පටි අරන් කැටපෝල හදන එක ඉතිං මේ වැඩේ පිස්සුවක් තරමටම වැඩි වුනා

ඉතිං ඇම්ඩගෙ අම්මයි තාත්තයි මිනිහව මානසික වෛද්‍ය වරයෙක් ලගට එක්ක ගියා. ඔන්න ඩොකා ඇම්ඩන් එක්ක ටෝක දැම්ම මිනිහ කියන්නෙ කැටපෝල ගැනමයි.

දොස්තර මිනිහගෙ කතාව ටික ටික වෙනස් කලා දැන්නම් ටිකක් හොදයි වගේ

ඉතිං දොස්තර මිනිහගෙන් ඇහුව
"හරි පුතාට දැන් ගෑනු ලමයෙක් ගෙනත් දුන්නොත් පුතා මොකද කරන්නෙ"......

"අංකල් පිස්සු කතා කරනව කෙල්ලෙක් දුන්නොත් කෙලින්ම කාමරේට අරන් යනව......"

ඩොක්ටර්ට තේරුනා දැන්නම් පිස්සුව හොදයි. දැන් මූට තියෙන්නෙ මොල් අමාරුව කියල

"හරි ඊට පස්සෙ මොකද කරන්නෙ‍....." ඩොකා ඇහුව

"කාමරේට ගෙනිහින් ඉතිං වෙන මොනව කරන්නද ඇදට නග්ගල ඇදුම් ටික ගලවනව.........."

ඩොකාටත් මාර ආතල් එකක් ආව මූ කොහොමද කරන්නෙ අහගන්න

"හරි පුතා ඊට පස්සෙ......"

"ඊට පස්සෙ ජංගිය ගලවනව"

"හරි හරි ඊට පස්සෙ...."

"ඊට පස්සෙ මොනව කරන්නද අංකල් ඒ ටිකවත් තේරෙන්නෙ නැද්ද".....

"හරි ඉතිං ඔයාම කියන්නකො....."

"ජංගියේ ඉලාස්ටික් එක අරං කැටපෝලයක් හදනව....." ඇම්ඩ එහෙම කීවම කාටද මෝල් වෙලා තිබ්බෙ කියල ඩොකාටම තේරුනා