ටිකට්පත රුපියල් පන්දාහයි
ශ්රී ලංකාව සහ එංගලන්තය අතර අද පටන් ඇරඹෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ අඩුම ප්රවේශ පත්රයක මිල රුපියල් 5000/- වශයෙන් නියම කිරීමෙන් දහස් ගණනක් ක්රීඩා ලෝලීන් මහත් අපහසුතාවයට පත්ව සිටී.
මෙම ටෙස්ට් තරඟය නැරඹීම සඳහා දිනයක අවම අයකිරීම රුපියල් 5000/- වන අතර සම්පූර්ණ දින පහම තරඟය නරඹන්නේ නම් රුපියල් 25000/-ක් වැයවෙයි.
මෙම මුදල කිසිසේත්ම ශ්රී ලාංකිකයෙකුට ඔරොත්තු නොදෙන අතර තමන්ගේ මාසික ආදායමවත් 25000 ඉක්මවන්නේ නැති බව ක්රීඩා ලෝලීහු පවසති.
මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙන ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසන්නේ මෙම තරඟ නැරඹීම සඳහි විශාල එංගලන්ත ක්රිකට් ලෝලීන් පිරිසක් පැමිණ සිටින බැවින් ඔවුන්ගෙන් උපරිම ආදායමත් ලබාගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි. මෙම තරඟාවලියේ ප්රවේශපත්ර වෙන් කර ඇත්තේ රුපියල් 5000 සහ 7500 මිළ ගණන් වලට වන අතර එය ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ගන්නා ලද තීරණයක් බවද ඔහු වැඩිදුරටත් පවසයි.
මේ අතර අද ගාල්ලේදී පැවැත්වෙන මුල්ම ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා නායක මහේල ජයවර්ධන විසින් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.
PS
දැන් කියන්නේ සුද්දො එන්න ඕනේ හින්දා ලංකාවේ එවුන්ට එන්න එපයි කියලද? මොකද සුද්දො අලි වංශේ නිසාද ? අඩොව් අපේ රටේ තියන මැච් බලන්නේ අපිද පර සුද්දොද ? යකෝ දැන් බැලුවම සුද්දාගේ රට නේ මේක . අපි වහල්ලු වගේ අයින් වෙලා ඉන්න ඕනේ
http://www.lankacnews.com/sinhala/news/53354/

Last edited: