අහල තියෙන විදිහට,
whale watching යන tourists කෙනෙක්ට බෝට්ටුවෙන් කඩන ටිකට් එකෙන් ලොකු ප්‍රතිශතයක් (6,500/= වගේ මතක) වනජීවී එකට දෙන්න ඕනේ. local ලාගෙන් එහෙම දෙන්න ඕනෙද දන්නේ නැහැ.
local ටිකට් price 6,500 වගේ වෙනකොට foreigners 20, 30 වගේ වෙනවා. මේ business එක කරන අය දේශීය සංචාරකයින්ට වඩා විදේශිකයන් ගන්න පෙලබෙනවා. බෝට්ටු leasing, තෙල්, මෙභෙයුම් පිරිවැය, සේවක පඩි නඩි, නඩත්තු වියදම්, වෙනත් ආදී නිසා ආදායම වැඩි කර ගැනීමට එහෙම කරන්නවා. බොහෝ විට දේශීය හා විදේශීය සංචාරකයින් එකම බෝට්ටුවේ ගෙනියන කොට දේශීය සංචාරකයින් පල්ලෙහා තට්ටුවට දාලා විදේශීය සංචාරකයින් උඩ තට්ටුවේ දාන්නෙත් මේ හින්දා. කෙසේ වුවත් locals ලාට වෙනස් විදහට සැලකීම වැරදියි. මෙවැනි දේවල් බහුලව සිදුවන්නේත් මේ සංචාරක ව්‍යාපාර ආශ්රිත කටයතු වලයි.
whale watching සදහා register කරන බෝට්ටුවක් වෙනත් කටයුතු කිසිවකට යොදාගන්න බැහැ. whale watching ම පමණයි. එමනිසා whale watching නැති කාලෙට එම බෝට්ටුවෙන් අදායම් උපයන්නේ කොහොමද කියන ගැටලුව එනවා.
ඉහත කරනා නිසා ව්‍යාපාරිකයන් හා වනජීවී එක අතර නිතර ගැටුම් ඇතිවෙනවා. සන්නිවේදනයත් දුර්වලයි.
තල්මසුන් සමග පිහිනීම Snorkeling වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව නීති විරෝදියි. නමුත් එය එළිපිට සිදුවෙනවා, රාත්‍රී කාලයේ පවා.
whale watching යන බොහෝ චීන, ජපන් සංචාරකයින් පිනවීමට තල්මසුන් එළවාගෙන යාමත් දකින්නට පුළුවන්. මෙයට බොහෝ යුරෝපීය සංචාරකයින් කැමැත්තක් දක්වන්නේ නැහැ.