ඉස්සර නාලිකා කලේ ගුවන් කාලය විකුනපු එක විතරයි ටෙලි නිෂ්පාදකයාට තිබුනේ ගුවන් කාලය සල්ලි දීලා අරගෙන අනුග්‍රාහකයෙකු හොයාගෙන පෙන්වන්න විතරයි එතකොට නිෂ්පාදකට අනුග්රාහකගෙන් හොද මුදලක් ලැබෙනවා වගේම අනුග්රාහකයාට වෙලද දැන්වීම් සදහා ගුවන් කාලයකුත් ලැබුනා ඒ නිසා වඩාත් ගුනයෙන් උසස් නිර්මාණ බිහිවුනා
දැන් වෙන්නෙ නාලිකාවකින් සොච්චම් මුදලක් නිෂ්පාදකයාට ගෙවා ටෙලිය ලබා ගැනීමයි නාලිකාව වෙලද දැන්වීම් දාලා දාලා ටෙලියෙ එක කොටසක් විකාශය වෙනකොට ලක්ෂ ගානක් උපයලා ඉවරයි ඉතින් මේ ලැබෙන ලාභය නිෂ්පාදකට නැහැ අනික දැන් වියදම් කරලා හොද ටෙලියක් කලොත් නාලිකාවක් නැහැ පෙන්වන්න හේතුව අඩුම මිලකට තමා ඔව්න් නාට්‍ය ඉල්ලන්නේ මේ ක්‍රමය වෙනස් වන තුරු අපේ ටෙලි කාලාවට මහරාජාගේ සරණයි මොකද දැන් පවතින ක්‍රමය සිරස හදුන්වාදීපු කමයක් නිසා