ටෙස්ට් 01

L Style

Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    මෙන්න මේක තේරුම් ගනින්..
    අපි දැන් මොන දේ බැලුවත් ඒ මීට තත්පරෙන් පංගුවක් අතීතය.
    මොකද ඒ අපි බලන දේ මත පතිත වෙලා පරාවර්ථනය වෙලා එන ආලෝකය අපේ ඇසට එන්න යම් කාලයක් යනවා.
    කවදාවත් අපිට 100%ක් වර්ථමානය දකින්න බැහැ.
    මේක විද්‍යා ලෝකයේ දියුණු සංකල්පයක්.
    අපි දැනට දකින්නේ තත්පරෙන් පංගු කිහිපයක් අතීතය විතරයි.
    හැබැයි අපිට පුලුවන් අලෝකයේ ශක්ති පැලුම් හරහා තත්පර නොව විනාඩි,පැය ගණනක් අතීතය දකින්න.
    ඒකයි පොර කිව්වේ අපි හැමවෙලේම අතීතය පමණක් දකින ජීවීන් කොටසක් කියලා..:yes::yes:

    Meka machan western scentisla newe qwe. Ape buduhamuduruwo meka deshana karala tiyanawa. ekai kiyanne hamadema anithyai kiyala.
     

    blue_in_rio

    Well-known member
  • අපි හැමවෙලාවෙම අතීතය දිහා බලාගෙන ඉන්න මිනිස්සු විතරක් නෙමෙයි බන්, අපි හැම වෙලේම ජීවත් වෙන්නෙත් අතීතයේ.සරලවම කිව්වොත් මේ කමෙන්ට් එක ලියන්න ගත්තු මම නෙමෙයි දැන් ඉන්නේ.මේ විශ්වයේ කිසිම ජීවියෙක් හෝ වස්තුවක්, අපිට ගනන්කරන්න බැරි තරම් කාලයකදි පවා අතීතයට එකතු වෙනවා.ඒ වගේම අපිට ඒ අතීතය වෙනස් කරන්නත් බැහැ.හැබැයි අපිට අපේ අනාගතය වෙනස් කරගන්න පුලුවන්.ඒ නිසා ගෙවීගිය හැම තත්පරයක්ම ආදර්ශයට අරන්, අපි අපේ අනාගතය සකස්කරගන්න ඕනා.අතීතයේ කරපු වැරදි අවම කරගන්න හෝ, නොකරම ඉන්නත්, අතීතයේ කරපු හොඳ දේවල් තව දුරටත් කරන්න හෝ වැඩිදියුනු කරගන්නත් දක්ශ වෙන්න ඕනා.හැබැයි අපි අතීතයෙන් පාඩම් ඉගෙනගත්තට, අපි අතීතයේ ජීවත් වෙන්න හොඳ නෑ.එහිදි වෙච්ච වැරදි ගැන පසුතැවෙමින්, සාර්තකවීම් ගැන උදම් අනමින්, අතීතයේ ජීවත් වෙන එක නිසා තමයි අපි ගොඩක් දෙනෙකුට වැරදිලා තියෙන්නේ.ඒ වගේම අපි අනාගතය ගැන සිහින දකින එකත් සැලසුම් කරන එකත් හොඳයි.ඒත් ඒකේ උනත් සීමාවක් තියෙන්න ඕන.සැලසුම් හැදුවට වැඩක් නැහැ, ඒකේ පොඩි පියවරක් හරි තියන්න ඕනා.සිරිපාදෙට උනත් නගින්න කලින්, පළවෙනි පඩිය නගින්න ඕනා අනිත් පඩි නගින්න.ඒක නිසා හොඳම දේ තමයි, අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතය සකස්කරගන්න එක. :yes::yes:

    ඉතිං මචං, උබලගේ බොස් කියලා තියෙන්නේ ගොඩක් වටින කතාවක්.ඒකේ වටිනකම තවත් වැඩි වෙන්න නම්, ඒ මනුස්සයා කියපු විදියට වැඩකරලා, කම්පැනියත්, උබත් ඔක්කොමල්ල දියුණු වෙන විදියට කරපන්.අපි අතීතයේ මිනිස්සු උනාට, අපිට දියුණු කරන්න අනාගතයක් තියෙනවා. :cool::cool: