Barbie, Oppenhemer ගත්තම නම් ඊට ඉස්සෙල්ලා ඔහොම එකම සතියෙ රිලීස් කරපු big budget ෆිල්ම්ස්වලට වඩා ලොකු වෙනසක් තිබ්බා බොහොම කලාතුරකින් වෙන ජාතියෙ. ෆිල්ම් 2 කම් ඩිරෙක්ට් කරලා තිබ්බෙ වර්තමානෙ හොලිවුඩ්වල ඉහළින්ම කතා වෙන ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක්. නෝලාන් වගේම Greta Gerwig ත් Lady bird, Little women වගේ ෆිල්ම්ස් ඩිරෙක්ට් කරලා critics ලා අතරෙයි, Audience එක අතරෙයි හොද නමක් දිනාගෙන තිබ්බා. ෆිල්ම්ස් 2 ටම ඉහළම critics, audience රියැක්ෂන් එකක් හම්බුණා. අනික ෆිල්ම්ස් 2 ම original films, franchise එකක sequel එකක් නෙවේ. ෆිල්ම්ස් 2 ටම රිලීස් වෙන්න සෑහෙන කාලෙකට ඉස්සෙල්ලා ඉදලම හුගක් die hard film audience එකෙනුයි, generic film audience එකෙනුයි 2 න්ම ලොකු අවධානයක් හම්බුණා. ඉතින් ඒ වගේ විශේෂ ෆිල්ම්ස් 2 ක් රිලීස් වුණු සතියට ඉස්සෙල්ලා සතියෙ රිලීස් කරපු තවත් sequel එකක් වුණු MI 7 එකට ඔය හේති නිසා audience එකෙන් ලොකු අවධානයක් හම්බුණෙ නෑ.