ටොයෝටා මිරායි

DJ_HarDWelL

Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    කාටද මතක ‘පොප්’ හඬින් දැල්වෙන වායුව ගැන?.ඔව්, ඒ තමා ‘හයිඩ්රිජන්’. පාසලේ විද්‍යා පන්තියේ ගුරුතුමා හෝ ගුරුතුමිය මේ පරීක්ෂණය ඔබට කරලා පෙන්නුවේ නැද්ද? එහෙම දැකලා නැත් නම්, ගන්න වතුර ටිකක්, දාන්න එය කුඩා බීකරයකට. හයිඩ්රොක්ලොරික් අම්ලයෙන් බින්දු කීපයක් උත්ප්‍රේරකයක් විදියට දාන්න. මොකද, ජලය, පහළ වොල්ටීයතාවයේ විදුළිය සන්නයනය කරන්නේ නැහැනේ. දැන් කොපර් ඉලෙක්ට්‍රෝඩ දෙකකට බැටරියක අග්‍ර සවි කරලා, ඒව වතුරේ බහා තියන්න. ඉලෙක්ට්‍රෝඩ වලින් වායුන් විමෝචනය වෙනවා ඔබ දකීවි. ඒ වායුන් අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන්. එක වායුවක්, අම්ලකර හෙවත් ඔක්සිජන්. අනෙක ප්‍රමාණයෙන් දෙගුණයක් එනවා ඔබට පෙනේවි. අන්න ඒක හයිඩ්රිජන්. තව ක්‍රම තියෙනවා. වතුරට කෝස්ටික් සෝඩා හෙවත් සෝඩියම් හයිඩ්රොක්ස්යිඩ් දාලා, ඇළුමීනියම් කෑලි එයට දමන්න. එවිට හයිඩ්‍රජන් විමෝචනය වෙනවා. ඔය ආකාරයට කුඩා කාලේ බැලුම් උඩ යැව්වා. මාතර සිට රත්නපුරේට එක බැලුමක් ගියා. මේවා කරන්න ගිහින් අත පය තුවාල කරගත්තාට වග කියනු නොලැබේ. ඒ වුනාට කරන්න නම් වටින වැඩ

    toyota-mirai.jpg

    ඉතින් ඔය කියන මිරායි වාහනේ ඉන්ධනය වන්නේ හයිඩ්රිජන්. මිරායි කියන්නේ, ජපන් භාෂාවෙන් ‘අනාගතය’ කියන එකටයි. 2014 නොවැම්බර් වල, ලොස් ඇන්ජලීස් නුවර තිබු වාහන ප්‍රදර්ශනයේදී ටොයෝටා සමාගම මේ වාහනය කල එළියට පත් කලා. ඒ අනුව ඔවුන් 2016 දී එක වතාවක් හයිඩ්රිජන් පිරැවූ විට කිලෝ මීටර 502ක් යන්න පුළුවන් මේ වාහනය එළි දක්වා තියෙනවා. මේ වගේ අළුත් වාහනයක් මුලින්ම ආවාම ඒ සඳහා හොඳම මාර්කට් එක ඇමරිකාව කියා ඔබ දන්නවා. ඊළඟට ජර්මනියේ මේවා විකුනාවී. වාහනේ නම් හරියට ටොයෝටා ප්‍රියස් එකක් වගේ. ඇත්තටම ඔය වැඩේ,ඒ කියන්නේ මොඩල් මාරුව වාහන කොම්පැණි කරනවා. ඒ කියන්නේ අළුතෙන් ප්ලෑන් ගහන්න ඕනා නැහැ. තියෙන ප්ලෑන් එකකට වැඩේ යනවා. ලාබයි පහසුයි. උදාහරණයක් කියන්නම්. බලන්න අළුත් ටොයෝටා යාරිස් වාහනේ. එය ගිය අවුරුද්දේ ටොයෝටා කොරොල්ලා එක වගේමයි.

    සයිලන්සරයෙන් දුම්, එනම් කාබන් ඩයොක්සයිඩ්, අවමයක් වශයෙන් එන කාබන් මොනොක්සයිඩ් , නයිට්‍රජන් ඔක්සයිඩ් වෙනුවට එන්නේ ආසුත ජලය හෝ ජල වාෂ්පයි. ඕන නම් සයිලන්සරේ කටේ තියාගෙන, ඒ වතුර බොන්න පුළුවන්. කිලෝ මීටර 4ක් වාහනේ යනකොට, මිලි ලීටර 240ක් වතුර එනවා. ඔබ දන්නවා ජලය ඉහත කී ආකාරයට විද්‍යුත් විච්චේදනය කලාම එන්නේ ඔක්සිජන් සහ හයිඩ්රිජන්. ඉතින් ඕකේ විලෝමය, එනම් හයිඩ්රිජන් ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කල විට එන්නේ වතුරනේ. මෙයින් ලැබෙනා ශක්තිය ගැන කිව්වොත්, එක් ද්‍රව හයිඩ්රිජන් ලීටරයකට කිලෝ වොට් 3 ක් ලැබේවි. ඉතින් ඔය බලය තනන උපකරණයට අපි Fuel cell stack කියා කිව්වොත්, එයින් කිලෝ වොට් 100 ක් පමණ ලැබෙනවා. අශ්ව බලය ගැන අපි මුලින් ළිපිවල කතා කලා. ඔය කියන ශක්තිය අශ්ව බලයට හරවාගන්නට, වොට් 746ක් කියන්නේ අශ්ව බලයක් ලෙස ගන්න.

    toyota-mirai-2-768x362.jpg

    ඔබ සමහරවිට අහලා ඇති Hybrid synergy drive කියන තාක්ෂනය ගැන. නැත්නම් පොඩ්ඩක් ගූගල් කරලා බලන්න. මොකද එය කියන්න ගියොත්පි ලිපීය දික් වෙනවා. ඉතින් මේ වාහනේ භාවිතා කරන්නෙත් අන්න ඒ තාක්ෂණයයි. මේ වාහනයත් හයිබ්‍රිඩ් තාක්ෂනය භාවිතා කරනවා. ඒ වාගෙම, බොහෝ හයිබ්‍රිඩ් සහ සම්පුර්ණ විදුළියෙන් දුවන නිසාන් ලීෆ් වැනි මෝටර් රථ වගේම Regenerative breaking මෙහි පාවිච්චි වෙනවා. කුඩා වේගයන් වලදී මේ FCV වාහනය , එනම් (Fuel cell vehicle) ෆුවෙල් සෙල් වාහනය, සාමාන්‍ය විදුළියෙන් පමණක් ක්‍රියා කරන වාහනයක් ලෙස ක්‍රියා කරනවා. එහෙත් ඉහළ වේගයන්හිදී අර කියන ෆුවෙල් සෙල් එකෙන් විතරක් වාහනයේ මෝටරයට බලය සපයනවා. නමුත් අති විශාල ත්වරණයක් හෝ වේගයක් ගැනීමේදී, බැටරියත්, ෆුවෙල් සෙල් එකත් දෙකම එකවර මෝටරයට විදුළිය සපයනවා.

    මිරායි වාහනයේ ෆුවෙල් සෙල් ක්‍රමයට කියන්නේ, Toyota Fuel Cell System (TFCS) කියා. මෙහි ඇති විශේෂය නම්, ෆුවෙල් සෙල් සහ හයිබ්‍රිඩ් තාක්ෂනය දෙකම තිබීමයි. හැබැයි ඛනිජ තෙල් වලට වඩා ෆුවෙල් සෙල් තාක්ෂණයේ කාර්යක්ෂමතාවය ඉහළයි. වාහනයේ හොඳ ත්වරණයකුත් තියෙනවා. තත්පර 9ක දී නිසලතාවයේ සිට පැයට කිලෝ මීටර් 97ක වේගයක් මෙයට ගන්නට පුළුවන්. රේසිං කාර් එකක් වගේ නොවුනත්, එය සාමාන්‍ය භාවිතයේ ඇති වෙනත් කාර් එකක් වගේ හොඳ ත්වරණයක්. ඉතින් ඔය බලය ගෙනෙන ඒකකය ට කියන්නේ Fuel cell stack කියා. එය හරියට ත්‍රිමාන මැට්‍රිසයක් වගේ (Three-dimensional lattice matrix structure) එතන තමා හයිඩ්රිජන් සහ ඔක්සිජන් එකට රසායනිකව එකතු වෙන්නේ සහ එයින් ඇතිවන බලය ලබා දෙන්නෙත්. ඔය ඒකකයෙන් වෝල්ට් 650ක වෝල්ටීයතාවයක් ලැබෙනවා.

    .හයිඩ්රිජන් කියන්නේ වහා දහනය වන වායුවක්. එයින් විශාල අනතුරු වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට 19 වන ශත වර්ෂයේ අග භාගයේ ‘සැෆ්ලින්’ ජර්මන් වචනෙන් කියන ‘හින්ඩන්බර්ග්’ නම් බැලුමක් වගේ ගුවන් ගත වුනු යානාවේ හයිඩ්රිජන් ගිනි ගෙන මහා විනාශයක් වුනා. හැබැයි, ටොයෝටා සමාගම කියන විදියට එහෙම වෙන්න හේතුවක් මේ වාහනේ හයිඩ්රිජන් ටැංකියේ වෙන්නේ නැහැ. තට්ටු තුනකින් යුතු කාබන් ෆයිබර් වලින් නිර්මාණය කරන ලද ටැංකියක ඒ හයිඩ්රිජන් තැන්පත් වෙනවා. එහි පීඩනය, 70 MPa (10,000 psi) වෙනවා. පිරැවූ හයිඩ්රිජන් සමඟ ටැංකියේ බර කිලෝ ග්‍රෑම් 88ක් පමණ වෙනවා. මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින් එම ටැංකියේ ශක්තිය සහ අනතුරු නොවීම ගැන ටොයෝටා සමාගම සෑහීමට පත්ව තියෙනවා කියනවා. ටැංකියේ ඇති හයිඩ්‍රජන් එලියට එන වෑල්ව්ස් පරිඝනකයක් ඇසුරෙන් ක්‍රියාත්මක වෙනවා. කිසියම් ප්‍රශ්නයකදී ඒ වෑල්ව්ස් වහනවා. අනෙක අති විශාල අනතුරකදී, වාහනය පොඩි පට්ටම් වෙන්නේ ටැංකිය බේරා ගෙනයි කියනවා. අනෙක හයිඩ්‍රජන් වාතයට වඩා සැහැල්ලුයි. 14 ගුණයක් සැහැල්ලුයි. ඒ නිසා අනතුරකදී ටැන්කියෙන් ඉවත් වෙන හයිඩ්‍රජන් වහා ආකාශයට එකතු වෙනවා කියන සාධකයත්, මෙතන අරගෙන තියෙනවා. ගිනි ගෙන පිපිරීමකින් අනතුරක් වන්නට සම්පීඩක තරංගයක් අවශ්‍ය වෙනවා. හයිඩ්‍රජන් සැහැල්ලු නිසා, ඊට පෙර වාතයට මුසු වේවි.

    මේ වාහනයේ බැටරි පැක් එක ලිතියම් අයන් නොවේ. ඒ බැටරිය ‘නිකල් මෙට්ල් හයිඩ්රයිඩ්’ කියන රසායනික නාමය ඇති සංයෝගයෙන් තනා ඇත්තේ. මෙය අළුත් දෙයක් නොවේ. හුදෙක් ‘ටොයෝටා කැම්රි හයිබ්‍රිඩ්’ වාහනයේ භාවිතා කරන බැටරි වර්ගයමයි. එහෙත් මේ නිසා සාපේක්ෂ වශයෙන් මිරායි වාහනේ බර නම් වැඩි වෙනවා. මොකද ලිතියම් බැටරි වලට වඩා නිකල් මෙට්ල් හයිබ්‍රිඩ් බැටරි බර නිසා. මිරායි වාහනේ ටොයෝටා කැම්රි වාහනේට වඩා බර වැඩියි. මෙහි භාවිතා කරන මෝටරේ, AC Synchronous වර්ගයේ එකක්. ඒ කියන්නේ, වේගය වෙනස් කිරීම සඳහා එයට සපයන ප්‍රත්‍යාවර්තක විදුළියේ සංඛ්‍යාතය වෙනස් කරනවා වෙන්නට ඕනා. එවිට සංඛ්‍යාතයට අනුලෝම සමානුපාතිකව මෝටරයේ වේගය වැඩි වෙනවා. සමහරවිට මෝටරයට යොදන ප්‍රත්‍යාවර්තක ධාරාවේ Duty ratio වෙනස් කරලා වේගය අඩු වැඩි කරනවාද දන්නෙත් නැහැ. ඒවා ගැන තවම ටොයෝටා සමාගමෙන් සඳහනක් නැහැ. ඒවා තවමත් වෙළඳ රහස්. (AC Synchronous motors , Duty ratio ගූගලේ ගසා බලන්න.) මේ වාහනයේ ඩිස්ක් වර්ගයේ තිරිංග ක්‍රම තියෙන අතර, වාහනයේ සුක්කානම විද්‍යුතයෙන් ක්‍රියාත්මක වෙනවා. ශෝකැබ් ශෝබ්ර් ක්‍රමය සහ වාහනයේ රෝද සම්බන්ද කර ඇත්තේ Independent MacPherson strut ක්‍රමයයි. පිටුපස double wishbone ක්‍රමය අනුව coil springs, සහ trailing arms සහ stabilizer bar තියෙන්නේ hydraulic shock absorbers සම්බන්ද කර කියා කියනවා.

    ඉතින් පෙට්‍රල් වාහනයක පෙට්‍රල් සහ වාතයේ අනුපාතය 1:14.7 ක් වුනාට මේ වාහනයේ හයිඩ්රිජන් සහ ඔක්සිජන් අනුපාතය කුමක් වේද ? වතුර වල රසායනික නාමය එච්-ටූ-ඕ නේ? ඒ කියන්නේ වතුර අණුවක් තැනී ඇත්තේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණුවක් එකතු වෙලානේ? දැන් ඔබට ඒ දහන අනුපාතය තේරෙන්න ඕනා. ඒ කියන්නේ මේ මිරායි වාහනයේ හයිඩ්රිජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2:1 වෙනවා. මේකේ ටර්බෝ හෝ සුපර් චාර්ජර් සවිකර තියෙනවා කියා නම් සඳහනක් තවම නැහැ . සමහරවිට අනාගතයේ එන වාහනවල ඒවාත් සවි කරාවි. මේ වාහනයේ කියන්න තරම් විශාල ත්වරණයක් නැති නිසා, එසේ ටර්බෝ සහ සුපර් චාර්ජර් ක්‍රම අනාගතයේ එන්නට පුළුවන්.

    වාහනයේ තියරිය නම් බොහොම සරළයි. අනෙක මේ වාහනෙත් ඛනිජ තෙල් වලින් වැඩ කරන වාහනයකට සමාන නිසා, ටොයෝටා ආයතනයට ගොඩක් ප්‍රශ්න නැහැ. හැබැයි, හයිඩ්රිජන් පුරවා ගන්නා ස්ථාන අවශ්‍ය වෙනවා. ඇමරිකාවට ජර්මනියට ඒවා ප්‍රශ්න නොවුනත්, ලංකාව කාර්මික වශයෙන් පහත් තලයක තිබීම මෙන්ම, දේශපාලන සංකීර්ණතා ඇති රටක මේ වාහනය ජනප්‍රිය කරවීම පිළිබඳ ප්‍රශ්න ඒවි. අනෙක ලංකාව ඝර්ම කලාපීය රටක් නිසා, ඇතිවන සෙන්ටිග්‍රේඩ් 30-35 රස්නය තුල හයිඩ්‍රජන් ගබඩා කිරීම පිළිබඳ වැඩි ප්‍රවේශම් වීමක් අවශ්‍ය වේවි. ඒ වුනාට, ඇත්තටම ලංකාව වගේ රටකට මිරායි වාහනයේ සංකල්පය වඩාත් වටිනවා. හේතුව ලංකාවේ අවුරුද්ද පුරා හිරු එළිය ඇති නිසා, සූර්ය කෝෂ හෝ සූර්ය තාපය වැනි දේ භාවිතා කර, ලංකාවේ බොහෝ බහුලව ඇති වතුර විද්‍යුත් විච්චේදනය කර හයිඩ්‍රජන් ලබා ගන්නට හැකි නිසයි.

    මෙහි වැදගත්ම දේ, මුළු ලෝකෙටම එපා වුණු, පරිසරයට සාපයක් වූ ඛනිජ තෙල් භාවිතය අඩු කිරීමට දායක වීමයි. මේ අතරේ පුනර්ජනනීය ශක්ති ප්‍රභව (Renewable energy sources) වලින් ලැබෙන ශක්ති ඒකකයකට යන පිරිවැය, ඛනිජ තෙල් වලින් ගන්නා ශක්ති ඒකකයකට යන පිරිවැය සමඟ, මේ නොබෝදා සමාන වුනා. මෙය ඉතාමත් වැදගත් කාරණයක්. ඉතින් ටොයෝටා සමාගමේ මේ ‘මිරායි’ රථයත් ඒ අරාබියේ ඉන්න කළුකඩ වෙළෙන්දන්ගේ ජාවාරමට පහරක් වෙනවා. අනාගතයේ මේ වෙළෙන්දෝ , එනම් වෙනත් වචනවලින් කිවහොත්, ඔපෙක් හවුලට ඕනා විදියට තෙල් මිළ තබාගෙන ලෝකය නටවන්න නම් වෙන්නේ නැහැ.


    උපුටා ගැනීම - http://vidulowin.lk/
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේකක් හැප්පිලා පොප් ගෑවොත් කිලෝමීටර් දෙකක් විතර ලොකු ආවාටයක් හැදෙයි :P:P:P
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    MSRP : From $57,500

    mewa apita ganna wene na mekata tax eka ekatu unama 20 million wt wei :confused:

    apo puluwani.. me anduwa thawa aurudu 2k wage hitiyoth ganna puluwani,,

    mama hitanne print karala bittiye gaha gannath rs25000k wage yawi me ganan wedi karana widihataa