එහෙම් කරන්න බෑ. ඩෙලූජ් දාල බලපන්. ඒක අනික් ඔක්කොටොම වඩා ඇග්‍රසිව් බාන ඒවට සහ සීඩ් කරන ඒවට. උඹේ කනෙක්ශන් එක අඟලෙ බටයක් නම් සීඩ් කරන උගෙ/උන්ගෙ කනෙක්ශන් එක/වල එකතුව අඟල් කාලෙ බටයක් නම් දෙක එකට ජොයින් කලාම කොච්චර කලත් අඟල් කාලෙ බටෙන් එන සීග්‍රතාව මතනෙ උඹට වතුර ලැබෙන්නෙ. පබ්ලික් ට්‍රැකර්ස් ලිස්ට් එක ඇඩ් කරගෙන බලපන්.
උඹට පුළුවන් නම් අනික් එකෙක් වෙනුවෙන් සීඩ් කරපන් බාගෙන ඉවර වෙලා. බොහොමයක් සීඩ් නොකරන උන් තමා තමන් මොනවහරි බාගන්න ගියාම ස්පීඩ් එන්නෙ නෑ අරකයි මේකයි කියලා කෑ ගහන්නෙ. සීඩ් කරන එකා දන්නවා බාගන්න එකෙක්ට ඒකෙන් කොයි තරම් උදව්වක් වෙනවද කියලා. අඩු ගානෙ හුඟක් වටින ෆයිල්ස් මොනවහරි බානව නම්, සීඩ්ස් අඩුයි නම් ඒකවත් සීඩ් කරපල්ල. දැන් හුඟක් උන් ඔය ෆෙච් කරන මොකක් හරි එකකට ටොරන්ට් එක ඇඩ් කරලා බාගෙන විතරක් නිකන් ඉන්නවා. ඒව බොහොමයකින් සීඩ් කරන්නෙ නෑ.
මම මේ ලඟදි දෙමල ෆිල්ම් වගයක් බෑවා. සීඩ්ස් තිබ්බ 300ක් 400ක් විතර. ඒත් ඒ අතර ලංකාවෙ උන් 3ක් 4ක් සීඩ් කලා. 50kB/s - 70kB/s වලින් බෑවුනා අච්චර සීඩ්ස් ලා හිටියත් ලංකාවෙ උන් 3 - 4 ගෙන් විතරක්. මම උන්ව කික් කරලා අයින් කරලා දැම්මා. හේතුව අර තරම් සීඩ් කරන්න උන් ඉන්න ටොරන්ට් එකක් ලංකාවෙ උන් සීඩ් කරනකොට උන්ගෙන් ඩේටා කපාගෙන අපි බාන එක අපරාදෙ. උන්ගේ මනුස්සකමට සීඩ් කලාට අපි ඒ ඩේටා කන එක හොඳ නෑ තව ඕන තරම් සීඩ් කරන්න උන් ඉන්නකොට. ඒ තරම් සීඩ් කරන්න උන් ඉන්නකොට දෙමල ෆිල්ම් ටිකක් සීඩ් කරනව නම් ලංකාවෙ උන්, උඹලා බාන ඊට වඩා වැදගත් දේවල් සීඩ්ස්ලා හුඟක් අඩු ටොරන්ට් එකක් නම් අනිවා සීඩ් කරපල්ලා.
