ටෝයියනේ දීපන් උත්තර

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
ටෝයියනේ දීපන් උත්තර

මම අද දැක්ක එකෙක් මෙන්න මෙහෙම කතාවක් කියල තියෙනවා. ඇත්තටම මේ විදියට හිතන එවුනුත් මේ රටේ තාම ඉන්නවානේ... මේ කතාව තිබුනේ වෙන ත්‍රෙඩ් එකක වුනත් මම මේකට උත්තරේකුත් එක්ක මෙතන දාන්නේ හැමෝටම හිතන්න දෙයක් මේකේ තියෙන නිසා.

..යකෝ තොපේ මහින්දය කරපුවට දත්මිටි නෙමයි කන්න ඕනේ ඕකගේ රීරි මාන්සේ..අනික යකෝ ෂෙඩ් එකෙන් තෙල් ටික ගහන්න ගිහින් 117ට තෙල් ගහද්දි අනේ යකෝ මීටත් වඩා බාල තෙල් අපි 162ටත් ගැහුවනෙ කියල මතක් වෙද්දී මිනිස්සුන්ට දත්මිටි කැවෙන එකේ වැරද්දක් නෑ..මේ කිව්වේ එකක් විතරයි..

දුකයි බන් උඹල වගේ එවුන් මේ රටේ ඉන්න එක ගැන. උඹට ඔය පැට්‍රෝල් ටික රුපියල් 45ක් වැඩියෙන් ගන්න වෙච්ච එකට මහින්දගේ රීරි මාංස කන්න හිතෙනවනම් මේ ටික ගැන පොඩ්ඩක් හිතපන්:

1) 2002-2003 කාලේදී බොරු සටන් විරාමයක් ඇති කරලා කොටින්ට ආයුධ ලබාගන්න ඉඩ දීල අපේ කොල්ලෝ දස දහස් ගානක් මරන්න පාර කපල දුන්න රනිල් ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?

2) විධායක බලතල යොදල ඔය සාම ගිවිසුම නවත්තන්න පුළුවන්කම තියෙද්දී එහෙම නොකර නිකම් ඉඳල කොටින්ට දකුණට ඇති තරම් බෝම්බ ගේන්න ඉඩ දීපු චන්ද්‍රිකා ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?

3) මිලේනියම් සිටි සිද්ධියෙන් බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් හෙළිදරව් කරලා ඒ හැමෝම කොටි පිස්තෝල කල්ලියේ ගොදුරු බවට පත් වෙන්න ඉඩ දීපු රනිල් ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?

4) යුද්දේ එක දිගට කරලා ඉවර නොකර යුද මෙහෙයුම් සාර්ථක වේගෙන එද්දී ආයේ සාම සාකච්ඡා තිය තිය හමුදාව දුර්වල කරලා, ඔවුන්ගේ ධෛර්යය බිඳ දාල, අලිමංකඩ මුලතිවු කඳවුරු පරාජය වෙන්න ඉඩ ඇරලා වෙලා, අපේ කොල්ලෝ දහස් ගානකට මැරෙන්න ඉඩ දීපු චන්ද්‍රිකා ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?

මචන් උඹ ලැජ්ජා වෙයන්. මේ රටේ නිදහසට වඩා, දහස් ගණනක් රණවිරුවන්ගේ ජිවිත වලට වඩා රුපියල් 45ක් ලොකු වෙච්ච එක ගැන.
 
Last edited:
  • Like
Reactions: funkyguy89

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    අඩෝ මම හිතුව උබ මාර උපාසකයෙක් කියල. බැලිනන් හොර උපාසකයෙක් නේ
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අඩෝ මම හිතුව උබ මාර උපාසකයෙක් කියල. බැලිනන් හොර උපාසකයෙක් නේ

    යකෝ රටට ජාතියට අනතුරක් වෙනකොට සිංහලය සිල් අරන් පැත්තකට වෙලා ඉන්නේ නැ. සිල් ගන්න වෙලාවට සිල් ගන්න ඕනේ. රටට කෙල වෙනකොට ඉදිරිපත් වෙන්නත් ඕනේ.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ආ ටෝයියනේ වරෙල්ලා එළියට. ඇවිත් දීපල්ලා උත්තර.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    එතකොට 2005 කොටින්ට සල්ලි දීලා ජනාදිපති උනා. කොටි ඒ සල්ලි වලින් ආයුද අරන් අපෙ කොල්ලො මැරුවා.. එව්වා ??

    https://www.youtube.com/watch?v=X098lHCKpSE


    හරි එව්වත් හරි. ඒහෙනන් සලකපන්කෝ දැන් අපේ රණවිරුවන්ට.. දැන්වත්?ඒවට කැක්කුම එව්වට නැද්ද බං උබලගේ :rolleyes:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    wadak nehe unp ekata dila.
    un goma godak.
    jvp thamayi ekama wikalpaya.

    දැන් ජනතා විමුක්ති පෙරමුණ මේ දේවල් ගැන කට ඇරලා වචනයක් කියනවද? මොකද අනුර කුමාරයාට දිව නැමෙන්නේ නැත්තේ බෙදුම්වාදය පරද්දනවා කියල කියන්න? මොකද උන් රටේ ප්‍රධාන ප්‍රශ්නය වන රට බෙදෙන්න යන එක සහ රටේ ආරක්ෂාව යට ගහල ඉරාකේ පාලම ගලෝගෙන ආව වගේ ගොන් කතා ටිකක් කිය කියා යන්නේ?

    ජනතා විමුක්ති පෙරමුණ අද ඉන්නෙත් UNP කාරයෝ ඉන්න මතේම තමයි. මුන් දෙගොල්ලොම හදන්නේ රට පාවා දෙන්න.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    wadak nehe unp ekata dila.
    un goma godak.
    jvp thamayi ekama wikalpaya.

    11822693_905209879527387_5765693661375636735_n.jpg
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    පැට්‍රොල් නිකන් දෙන්න පුළුවන්නේ බන් මේ ලෝකේ දෙයක් කරන්නේ නැති මේ ආණ්ඩුවට. :angry::angry::angry::angry:


     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Mu ta kiyala wadak na ban sirawtama lankawe bahuthrya hen selfish.. eekane ban apee rta wala wadihigi niwasa wadi.. ammala hhalaa unath bari unana ewaa hin danwa puluwn kale hama dem kargena..awasthaa wadi kama ban..bada gana wihrak siiima..sinhala ewunge thamayi ooka wadipurma.. mewa kiyanna giama reo nam kapenwa baraama eeth atha meekai...
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    එතකොට 2005 කොටින්ට සල්ලි දීලා ජනාදිපති උනා. කොටි ඒ සල්ලි වලින් ආයුද අරන් අපෙ කොල්ලො මැරුවා.. එව්වා ??

    https://www.youtube.com/watch?v=X098lHCKpSE


    හරි එව්වත් හරි. ඒහෙනන් සලකපන්කෝ දැන් අපේ රණවිරුවන්ට.. දැන්වත්?ඒවට කැක්කුම එව්වට නැද්ද බං උබලගේ :rolleyes:

    Umbala atha daruwoo ban..umbala mee wage deyak deshapalanikawa dakinna madi ban buddiya morala.. salli dunna kiyamu..urekunah wiyadam karla kawanne mas gnna ban..
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    එතකොට 2005 කොටින්ට සල්ලි දීලා ජනාදිපති උනා. කොටි ඒ සල්ලි වලින් ආයුද අරන් අපෙ කොල්ලො මැරුවා.. එව්වා ??

    https://www.youtube.com/watch?v=X098lHCKpSE


    හරි එව්වත් හරි. ඒහෙනන් සලකපන්කෝ දැන් අපේ රණවිරුවන්ට.. දැන්වත්?ඒවට කැක්කුම එව්වට නැද්ද බං උබලගේ :rolleyes:

    අනේ මේ මංගලගේ ගොන් කතා පිළිගන්න එවුන් තාම ඉනවානේ? එතකොට අපරාදේ නේද මහින්ද කොටි පැරද්දුවේ? නැතිනම් 2015දීත් සල්ලි දීල දිනන්න තිබුනනේ. යකෝ මම කියල තියෙන්නේ අපි ඔක්කොම ඇස් දෙකට දැකපු දේවල්. ඔය වගේ කට කතා නෙවෙයි.

    දැන් එතකොට රණවිරුවන්ට සලකන්නේ UNP යහපාලනේද? හොඳට පේනවා සලකන හැටි. රාජිත කෙලින්ම කිව්වා සුද්දෝ ගෙන්නලා යුද අපරාද පරීක්ෂණයක් තියනවා කියල. නඩු අහන්නේ සුද්දෝනම් තීන්දුව ගැන අහන්න දෙයක් නැනේ.රණවිරුවෝ යුද අපරාද කාරයෝ කරලා එල්ලුම්ගහට යවන එකද සැලකිල්ල?

    දැන් රනිල් කියනවා බලය බෙදල දේශපාලන විසඳුමක් කියල එකක් දෙනවලු, එතකොට මෙච්චර ජිවිත පුජා කරලා යුද්ධ කරේ මොකටද? ඒක හරියට අර දෙවන ලෝක යුද්ධය ඉවර උනාට පස්සේ ආයේ නාසි කාරයො එක්ක සාකච්ඡා කරල උන්ට ආයේ ජර්මනිය බාර දෙනවා වගේ වැඩක්නේ. රණවිරුවෝ දිනලා දීපු නිදහස පාවා දෙන එකද රණවිරුවන්ට සලකනවා කියන්නේ?
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    අනේ මන්ද අප්පා අපේ අප්පෝච්චා යුද්ධෙ ඉවර කරත් මේ මිනිස්සු තාම කියවන්නේ යුද්ධෙ ගැනමනේ.....වෙන අලුත් එතක් හොයා ගනිල්ලකෝ බන්...යුද්ධෙ කරපු ආමි එකේ කොල්ලෝවත් ඔය තරම් ඕක ගැන කියවන්නේ නැතුව ඇති...ගෙදරට වෙලා ක කා බි බී හිටපු උන් දැන් කියවන්නේම යුද්ධෙ ගැන...
     
    • Like
    Reactions: harshana123

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අනේ මන්ද අප්පා අපේ අප්පෝච්චා යුද්ධෙ ඉවර කරත් මේ මිනිස්සු තාම කියවන්නේ යුද්ධෙ ගැනමනේ.....වෙන අලුත් එතක් හොයා ගනිල්ලකෝ බන්...යුද්ධෙ කරපු ආමි එකේ කොල්ලෝවත් ඔය තරම් ඕක ගැන කියවන්නේ නැතුව ඇති...ගෙදරට වෙලා ක කා බි බී හිටපු උන් දැන් කියවන්නේම යුද්ධෙ ගැන...

    ඔවු උඹලට හරි ලේසියිනේ හැම එකාම යුද්දේ සම්පුර්ණයෙන් මතක නැති කරලා දැම්මම. UNP එකේ එවුන්ට ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු හොයන්නයි ඊලාම් සිතියම් ගහගෙන ඡන්ද ඉල්ලන්නයි හොඳයි. TNA එකට මැතිවරණ ප්‍රකාශයෙන්ම රටෙන් කෑල්ලක් ඉල්ලන්න හොඳයි. සිංහලයෝ මේ ඔක්කොම අමතක කරලා, බෙදුම්වාදය ගැන, ත්‍රස්තවාදය ගැන කතා නොකර කොත්තමල්ලි බීල බුදියාගන්න ඕනේ.