ඩ්‍රෝන් සංග්‍රාමය
ඩ්‍රෝන් තාක්ෂණය ගැන ගැන බොහෝ රටවල් අන්කවරදාටත් වඩා උනන්දුවක් දක්වන්නට පටන් ගෙන තිබේ.ඩ්‍රෝන් තාක්ෂණය බිහිවන්නේ යුදමය කටයුතු උදෙසා වුවත් එහි සිවිල් භාවිතාව දැන් මුල් ප්‍රමුඛතාවය පරදා වර්ධනය වෙමින් තිබෙන්නේ සිවිල් සමාජයටද වදයක් බවට පත්වෙමින්ය.මේ තත්ත්වය සමහර රටවල් ඩ්‍රෝන් යානා භාවිතය සම්බන්ධව නීති රෙගුලාසි පැනවීම දක්වා දුරදිග ගොස් තිබේ.අදින් ඇරඹෙන ඩ්‍රෝන් සංග්‍රාමය ලිපිපෙල ඔස්සේ ඩ්‍රෝන් තාක්ෂණය සංග්රාම භූමියේ අත්කරගෙන තිබෙන ස්ථානය සම්බන්ධව කතා කෙරෙනු ඇත.
ඊශ්‍රායල හමුදා නාගරික සංග්රාම භූමියේ සටන් උදෙසා සන්නද්ධ ඩ්‍රෝන් යානා මිලදී ගැනීමට යන බව පසුගිය දින කිහිපයේ කතා බහට ලක්වූ මාතෘකාවකි.මෙම ඩ්‍රෝන් යානාවල විශේෂත්වය වන්නේ ඒවා හි මැෂින් තුවක්කුවක් හෝ බෝම්බ විදිනයක් රැදවීමට ඇති හැකියාවයි.සන්නද්ධ ඩ්‍රෝන් යානාවල නිෂ්පාදකයා වන්නේ ඩියුක් රොබොටික්ස් නම් සමාගමයි.උතුරුදිග ෆ්ලොරිඩා හි පිහිටා ඇති මෙම සමාගම ආරම්භ කරන්නේ 2014 වර්ෂයේදීය.සමාගම ආරම්භ කරන්නේ ඊශ්‍රායල විශේෂ කාර්යය බලකා සේවය කරන විශේෂ අවස්ථාවලදී පමණක් සේවයේ යොදවා ගන්නා හමුදා නිලධාරියෙක්,ඉන්ජිනේරුවෙක් සහ ඔවුන්ගේ මිතුරන් කිහිපදෙනෙකු විසින්ය.වීදි සටන් වලදී සිය සහෝදර සෙබලුන් මිය යනවා දකින සමාගමේ ආදිකර්තෘවරයා එම මරණ වළක්වාගැනීමට හැකි දෙයක් නිර්මාණය කිරීමට දරන උත්සාහයේදී ඔවුන් 'ටිකාඩ්' නම් සන්නද්ධ ඩ්‍රෝන් යානය හඳුන්වා දෙයි.
සමාගමේ පළමු නිෂ්පාදනය වන්නේ ටිකාඩ් ඩ්‍රෝන් යානයයි.එය දුරස්ථව පාලනය කල හැකි අතර සෙබලෙකුට තමන්ට අවශ්‍ය ඉලක්කය ලබාගෙන වෙඩි තැබීමට අවස්ථාව ලබාදෙයි.මෙය සිවිල් සමාජය විසින් භාවිතා කරන ක්වාඩ්කොප්ටර්වලට සමානය.නමුත් එවැනි ඩ්‍රෝන් යානයක රයිෆලයක් සවි කර වෙඩි තැබීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නේ ඊට භෞතික විද්‍යා මූලධර්ම හරස් වීමයි.වෙඩි තබද්දී ඇතිවන වාංගු වීම අවම කිරීමට රයිෆලය ඩ්‍රෝන් යානයෙන් වෙන්කර නමුත් සම්බන්ධ වෙනත් තැටියක ස්ථානගත කර තිබේ.
මෙම ඩ්‍රෝන් යානයක එම්4 රයිෆලයක්,එස් ආර් 25 රයිෆලයක් හෝ මි.මී.40 බෝම්බ විදිනයක් රැදවිය හැකිය.ඊට රාත්තල් 22 බරක් රැගෙන පියාසර කල හැකිය.2015 වර්ෂයේදී ඊශ්‍රායල විශේෂ කාර්ය බලකා සමාගම සැපයූ ඩ්‍රෝන් යානයක් ස්නයිපර් රයිෆලයක් රදවා ඉලක්කයක් විනාශ කලහ.මෙහෙයුම සාර්ථක වුවද රාත්තල් 30ක් බර රයිෆලයක් සහිතව ඩ්‍රෝන් යානයට ගුවනේ රැදී සිටිය හැකි වූයේ මිනිත්තු 5ක් තරම් කාලයකි.මෙවැනි වර්ගයේ ඩ්‍රෝන් යානා ඔබට ඇමසොන් වෙබ් අඩවිය හරහාද මිලදී ගත හැකිය.නමුත් ඒවාට එතරම් බරක් උසුලා සිටිය නොහැකිය.
එක්සත් ජනපද හමුදාවද මෙම ඩ්‍රෝන් යානයට උනන්දුවක් දක්වයි.පසුගිය වසරේදී ත්රස්තවාදයට එරෙහි සංග්‍රාමික තාක්ෂණික සම්මන්ත්‍රණයේදී ඩියුක් රොබොටික්ස් සමාගම මෙම නිපැයුම වෙනුවෙන් ත්‍යාගයක් දිනාගැනීමට සමත්විය.තවද ඩියුක් රොබොටික්ස් සමාගම පිහිටුවා තිබෙන්නේ එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් අණදෙන මූලස්ථානය මෙන්ම එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානයෙන්ද එතරම් දුරින් නොවේ.
Source:defenseone.com
-HarshaLulzSec-

TIKAD drone

ටිකාඩ් ඩ්‍රෝන් යානා භාවිතා කල හැකි වටපිටාවන්
සමාගමේ පළමු නිෂ්පාදනය වන්නේ ටිකාඩ් ඩ්‍රෝන් යානයයි.එය දුරස්ථව පාලනය කල හැකි අතර සෙබලෙකුට තමන්ට අවශ්‍ය ඉලක්කය ලබාගෙන වෙඩි තැබීමට අවස්ථාව ලබාදෙයි.මෙය සිවිල් සමාජය විසින් භාවිතා කරන ක්වාඩ්කොප්ටර්වලට සමානය.නමුත් එවැනි ඩ්‍රෝන් යානයක රයිෆලයක් සවි කර වෙඩි තැබීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නේ ඊට භෞතික විද්‍යා මූලධර්ම හරස් වීමයි.වෙඩි තබද්දී ඇතිවන වාංගු වීම අවම කිරීමට රයිෆලය ඩ්‍රෝන් යානයෙන් වෙන්කර නමුත් සම්බන්ධ වෙනත් තැටියක ස්ථානගත කර තිබේ.
ඩ්‍රෝන් යානයක අවියක් සවි කර වෙඩි තබන විට සිදුවන වාංගුවීම
මෙම ඩ්‍රෝන් යානයක එම්4 රයිෆලයක්,එස් ආර් 25 රයිෆලයක් හෝ මි.මී.40 බෝම්බ විදිනයක් රැදවිය හැකිය.ඊට රාත්තල් 22 බරක් රැගෙන පියාසර කල හැකිය.2015 වර්ෂයේදී ඊශ්‍රායල විශේෂ කාර්ය බලකා සමාගම සැපයූ ඩ්‍රෝන් යානයක් ස්නයිපර් රයිෆලයක් රදවා ඉලක්කයක් විනාශ කලහ.මෙහෙයුම සාර්ථක වුවද රාත්තල් 30ක් බර රයිෆලයක් සහිතව ඩ්‍රෝන් යානයට ගුවනේ රැදී සිටිය හැකි වූයේ මිනිත්තු 5ක් තරම් කාලයකි.මෙවැනි වර්ගයේ ඩ්‍රෝන් යානා ඔබට ඇමසොන් වෙබ් අඩවිය හරහාද මිලදී ගත හැකිය.නමුත් ඒවාට එතරම් බරක් උසුලා සිටිය නොහැකිය.
සමාගමේ නිලධාරි පිරිස ත්රස්තවාදයට එරෙහි සංග්‍රාමික තාක්ෂණික සම්මන්ත්‍රණයේදී සිය ත්‍යාගය ලබාගන්නා අයුරු