ඩිජිටල්_ගැහිල්ල
හත් මතු පරම්පරාවටම කොමිස් ගලන්න ක්‍රමයක් හැදූ රාජපක්ෂලාගේ ‘ඩිජිටල් ගැහිල්ල‘ රනිල් නිසා නවතී
ශ්‍රී ලංකාවේ රූපවාහිනී යන්ත්‍ර භාවිතා කරන්නන් සියළුම දෙනා අදට පමණක් නොව මතු අනාගතයේදීද රාජපක්ෂලාට කොමිස් ගෙවිය යුතු වන මහා පරිමාණ දූෂණයකින් සහ රටම අනතුරේ වැටෙන අනර්ථකාරී ව්‍යාජ සංවර්ධන ක්‍රියාවකින් රටත් ජනතාවත් බේරා ගැනීමට බුද්ධිමත් සහ දේශප්‍රේමී ලෙස කල්පනා කරන අගමැතිවරයා නිසා හැකි වී ඇතැයි වාර්තා වේ. මෙම දූෂිත ක්‍රියාව නම් ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන කර්මාන්තය ඩිජිටල් කිරීමට යැයි කියා රාජපක්ෂලා විසින් ජපානය සමග කරන්නට ගිය මහා කුමන්ත්‍රණය නතර කර ගැනීමට හැකි වීමයි. මෙහි පසුබිම් කතාව මෙසේය.
ලෝකය රූපවාහිනී විකාශන ඩිජිටල් කරණය කරමින් සිටිති. එහිදී බහුතර ලෝකයා පිලිගත් ක්‍රමවේදයක් තිබේ. ඒ නම් DVBT2 නමැති ක්රමවේදයයි. නමුත් ජපානය වෙනත් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. ඒ නම් ISDBT නමැති ක්රමවේදයයි. මෙය හරියට අතීතයේ ලෝකයා PAL ක්‍රමය භාවිතා කරද්දී ජපානය NTSC නමැති ක්‍රමවේදයක් වීඩියෝ තාක්ෂනය සඳහා හඳුන්වා දුන්නා වැනි දෙයකි. එදා NTSC වීඩියෝ රෙකෝඩර් ගත් ලංකාවේ මිනිසුන් පසුව නන්නත්තාර වීය. මුළු ලෝකයම රෙකෝඩර්ද කැසට් ද නිපදැවූයේ ලෝක සම්මත PAL ක්‍රමවේදයට වන අතර NTSC ක්‍රමවේදය අභාවයට ගියේය.
රූපාවාහිනී විකාශන ක්රමවේදයද මෙවැනිය. ලෝකයා DVBT2 ක්‍රමවේදය භාවිතා කරද්දී ජපානය ISDBT ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
ලංකාවේ මෝඩ මැදමූලන රාජපක්ෂලාද ලෝකය ගැන දන්නේ තමන්ට ලැබෙන කොමිස් මුදල් අනුව පමණක් බැවින් ලංකාවේ රූපවාහිනී විකාශනය ඩිජිටල් කිරීමට යද්දී පෙර කී ජපානයේ ISDBT ක්‍රමවේදය මෙහි පැල පදියම් කිරීමට ජපානය සමග ගිවිසුම් ගසා තිබේ. ඩොලර් මිලියන 108 ක් වූ මෙම ගිවිසුම අනුව ලංකාව ජපානය කියන ආකාරයට ඩිජිටල් කරනය කරන විට පෑලියගොඩ සිට කොල්ලුපිටියට හයිවේ එකක්ද අපට ජපනා ලබා දෙන්නේය. එය ජනතාව අන්දන පගාවකි. (නිකම් නොවේ එයද ජපානයට පසුව ගෙවිය යුතු ණයකි)
මෙහි ඇති අපූරුව නම් මේ කියන ISDBT ක්‍රමවේදය ලෝකයේ කොහේවත් රටක අද දක්වා භාවිතා නොකරන්නක් වීමයි. එබැවින් ලෝකයේ අන් රටක නිපදවන සාමාන්‍ය රූපවාහිනී යන්ත්‍රයක් ලංකාවේ භාවිතා කළ නොහැකි වනවා ඇත. එවිට සිදුවන්නේ ජපනා හදන ISDBT ක්‍රමයට ගැලපෙන රූපවාහිනී යන්ත්‍ර පමණක් ලංකාවේ භාවිතා කිරීමට සිදුවීමයි. රාජපක්ෂලා ඊටද ගිවිසුමක් ගසා තිබේ. එනම් එම රූපවාහිනී යන්ත්‍රයක් කවුරුන් ලංකාවට ගෙන්වනවා වුවද රාජපක්ෂලා බිහි කළ සමාගමකට කොමිස් මුදලක් යෑමේ ගිවිසුමකි.
කෙසේ වෙතත් ලංකාවේ වීරෝධාර ජනතාව ජනවාරි 8 වෙනිදා රාජපක්ෂ තක්කඩි හැතිකරය පරාජය කළ බැවින් රටම වැටෙන්නට ගිය මහා අගාධයෙන් ගොඩ ගියේ ය. ජපානය සමග ගිවිසුමක් අත්සන් කළද රනිල් වික්‍රමසිංහ මහතා ඒ ගැන යලි සලකා බැලිය යුතු බවට ජපානයට කීවේය. ඒ අනුව සියළු රූපවාහිනී විකාශණ සමාගම් වලින් ද වෙනත් විද්‍යාඥයන්ගෙන්ද සමන්විත තාක්ෂණික කමිටුවක් හදා ජපානයේ ISDBT ක්‍රමවේදය ගැනත් ලෝකයේ අන් රටවල් භාවිතා කරනා DVBT2 ක්‍රමවේදය ගැනත් ඒ කමිටුවට වාර්තා කරන්නැයි පැවසීය. ඒ අනුව ජපානයත් අන් රටවලුත් තම තමන්ගේ ක්‍රමවේද ගැන පැහැදිලි කිරීම් කෙළෝය. දැන් තාක්ෂණික කමිටුව පිලිගෙන තිබෙන්නේ ලෝකයේ බොහෝ රටවල් භාවිතා කරනා DVBT2 නමැති ක්‍රමවේදය ලංකාවට ගැලපෙන බවයි.
නමුත් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වී ඇත්තේ ජපානය සමග ගිවිසුම ගහද්දීම රාජපක්ෂලාගේ කොමිස් මුදල ඔවුන්ට ගෙවා ඇති බවකි. මේ හේතුව නිසා ජපානය විවිධ පුද්ගලයන්ට විවිධ අල්ලස් දෙමින් තම ක්‍රමවේදය මෙහි පැල පදියම් කරවා ගැනීමට බොහෝ සේ උත්සාහ දැරුවද එය අසාර්ථක වී තිබේ.
රාජපක්ෂලා කැපූ තවත් මර උගුලකින් ලංකාව ගැලවී ගියේය.

Last edited: