ඩුබායි ගැන කෙටියෙන්...

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    ඩුබායි ගැන කෙටියෙන්...

    ඩුබායි ගැන කෙටියෙන්
    cover-15-1180x520.jpg

    01. විවාහයට පෙර ලිංගික සම්බන්ධතා තහනම් නගරයක්

    image-01-8.jpg

    ඩුබායි හිදී ඔබට විවාහයට පෙර ලිංගික සම්බන්ධතාවල නිරත වීමේ හැකියාවක් කිසිසේත් ම නෑ. එසේ කළහොත් ඔබව නීතියට අනුව බන්ධනාගාර ගත කිරීමට හෝ රටින් පිටුවහල් කළ හැකියි. එමෙන් ම ප්රසිද්ධියේ ආදරය පෙන්වීමත් ඔවුන් පිළිකුල් කොට සලකනවා. මුස්ලිම් රටක් වන ඩුබායි රටේ ප්රසිද්ධියේ සිප වැලඳ ගැනීම හෝ තම පෙම්වතියගේ අතින් අල්ලාගෙන යාම හෝ ප්රවේසමෙන් කළ යුතුයි. නමුත් ඔබ පෞද්ගලික ස්ථාන තුළදී සිදු කරන කිසිවක් ඔවුන් සොයා බලන්නේ නෑ. එසේම පුරුෂාධිපත්යය ඉහළින්ම පවතින නගරයක් ලෙසත් ඩුබායි
    සැළකෙනවා.


    02. විශාලම හා හොඳම දේ වෙනුවෙන් වෙහෙසෙන නගරයක්

    image-02-8-701x701.jpg

    ලොව ඕනෑම හෝටලයක් හා තරඟ කිරීමේ හැකියාව ඇති ඩුබායි හී හෝටල් ලොව සුඛෝපභෝගීම හෝටල් ලෙස සැලකෙනවා. එමෙන්ම ලොව හොදම හෝටලය වන බුරාජ් අල් – අරාබ් හෝටලය ද ඔවුන් සතුයි. මෙම හෝටල් ගොඩනැගිල්ලේ උස අඩි 1000ක්. එසේම මෙය සැලකෙන්නේ ලොව එකම තරු හතේ හෝටලය ලෙසයි. බුරාජ් අල් – අරාබ් ගොඩනගා තිබෙන්නේ කෘතීම දුපතකයි. එය කාමර 202කින් යුතුයි. තවද ලොව උසම ගොඩනැගිල්ල වන බුරාජ් කලීෆා (Burj Khalifa) ගොඩනැගිල්ල ද ඔවුන් සතු වෙනවා. අඩි 2,716.5 කින් යුතු එය තට්ටු 160කින් සමන්විතයි. මේ අනුව ලොව විශාලම සාප්පු සංකීරණය, ලොව දෙවැනි විශාලම මින් මැදුරට හා ලොව එකම තරු හතේ හෝටලයට ද හිමිකම් කියන්නේ
    ඩුබායි නගරයයි.


    3.ස්ථිර ලිපිනයන් නොමැති නගරයක්

    image-03-9.jpg

    ඩුබායි යනු ඉතාමත් වේගයෙන් සංවර්ධනය වන නගරයක්. එම හේතුව නිසා ඔවුන් සතුව පිළිගත් ලිපිනයන් ක්රමවේදයක් නැහැ. ඔවුන් ලිපිනයක් වෙනුවට ලියුම් කවරය මත ඔවුන් වෙනස් දෙයක් කරනවා. ඒ එම ස්ථානයට යන මාර්ගය සිතියමක් ලෙස ඒ මත ඇදීම, හෝ අත්යවශ්ය තොරතුරු එහි සඳහන් කිරීමයි. උදාහරණයක් ලෙස “සුදු පැහැති මුස්ලිම් දේවස්ථානයට පසුව, පළමු හරස් මාර්ගය, රත්රන් පැහැති ගේට්ටුව” ලෙස සටහන් කිරීම පෙන්වා දිය හැකියි. ඔබ පැමිණෙන්නේ නගරයේ සුපිරි හෝටලයකට නොවේ නම් විදේශයන් හි සිට පැමිණෙන අයටත් ඔවුන් මෙලෙස සිතියමක් සමඟ පැමිණෙන ලෙස උපදෙස් ලබාදෙනවා.
    04. මිහිපිට වේගයෙන්ම සංවර්ධනය වන නගරයයි

    image-04-12-701x701.jpg

    ලොව පුරා සිදුවන දොඹකර මෙහෙයුම් කටයුතු වලින් 20% ක්ම සිදුවන්නේ ඩුබායි නගරයේයි. ඩුබායි නගරයේ උමං රේල් පද්ධතිය 2009 වසරේදී ගොඩ නංවා අවසන් කෙරුනා. එය දුම්රිය ස්ථාන 42කින් යුතු වෙනවා.එමෙන්ම ඔවුන් නිමා කළේ මාස 18ක් ඇතුළතයි. “ඩුබායිලෑන්ඩ්”නම් උද්යානයක් ද මේ වනවිට එහි ඉදිකෙරෙමින් පවතිනවා. ඩිස්නිලන්තය මෙන් දෙගුණයක් විශාල මෙය ඉදිවූ පසු ලොව දැවැන්තම ජනතාකර්ශනයක් ඇති ස්ථානය වනු ඇතැයි විශ්වාස කෙරෙනවා. එහි දෛනික ජන අපේක්ෂාව ලක්ෂ 2ක්. මිනිසා විසින් නිර්මිත දූපත් රැසකින්ද සමන්විත මෙහි විශාලම දූපත වැලි ඝන මීටර මිලියන 94ක් පුරවා සෑදූ පාම් ජුමයිරා (Palm Jumeirah) වෙනවා.
    05. නගරයේ ජනගහනයෙන් 83% ක් විදේශිකයන්

    image-05-2-701x701.png

    ඩුබායි නගරයේ අහස උසට තිබෙන ගොඩනැගිලි බොහෝමයක සේවය කරන්නේ විදේශිකයනුයි. ඔවුන් අතර වැඩිපුරම සිටින්නේ ඉන්දියාව, පකිස්ථානය හා බංගලාදේශයේ සිට සංක්රමණය වූවන්. මේ පිරිස නගරයේ ජනගහනයෙන් 50% ක් පමණ වෙනවා. 17%ක් නගරවාසීන් වන අතර ඉතිරිය වෙනත් රටවල විදේශිකයන් වෙනවා. පන්ති පරතරය මෙම රට තුළ විශාල ලෙස දකින්නට පුළුවන්. විදේශ ශ්රමිකයන් ඉතා අඩු සෞඛ්ය, ජීවන, හා අධ්යාපන පහසුකම් යටතේ ජීවත් වෙද්දී ඉහළ පන්තියේ ශ්රමිකයන්ට ඉහළ වැටුපුත්, ස්වදේශිකයින්ට වෙනත් විවිධාකාර පහසුකමුත් ඩුබායි නගරය විසින් සපයනු ලබනවා. මෙම ක්රමය මානව හිමිකම් සංවිධාන වලින් විශාල වශයෙන් විවේචනය වන්නක්. පහළ පන්තියේ ශ්රමිකයන්ගේ ගමන් බලපත්රය බොහෝවිට ඔවුන් එරටට පැමිණි විගස හාම්පුතුන් විසින් තම බාරයට ගනු ලබනවා. එය නැවත හිමි වෙන්නේ තමන්ගේ ගුවන් ටිකට් පතට අදාළ මුදල නැවත තම හාම්පුතාට ගෙවීමෙන්
    පසුවයි.


    06. අපරාධ 0%

    image-06-1-701x701.jpg

    ඩුබායි නගරය මුස්ලිම් නීතිය දැඩිව ක්රියාත්මක වෙන නගරයක්. එමෙන්ම ලොව ආරක්ෂාකාරීම නගරයක් ලෙසත් ඩුබායි නගරය සැලකෙනවා. මෙය පාලනය වන්නේ ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් (Sheikh Mohammed bin Rashid Al Maktoum) යටතේයි. ඔහු යටතේ ඩුබායි පොලීසිය හා ආරක්ෂක අංශ මනාවට සංවිධානය කර තිබෙනවා. ලොව මිල අධිකම පොලිස් කාර් රථ ඩුබායි පොලිසිය සතුයි. ඒවා අතර ඇමරිකානු ඩොලර් 500,000 පමණ වටිනා ෆෙරාරි රථ, ඇමරිකානු ඩොලර් 400,000 පමණ වටිනා ලැම්බෝගිනි රථ හා ඇමරිකානු ඩොලර් මිලියන 1.79 පමණ වටිනා ඇස්ටන් මාටින් රථද අයත්
    වෙනවා
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    Dubai hitapu kenek nam newei meka liyala thiyenne. jumeira beach eke public nude sean ona tharam thiyenawa. Dubai wala tharam night club wena kohewath naha. nife road eke awidagena yana kenekuge athin adala room walata adagena yanna ona tharam bangali, morokkan, indian saha lankawe ganu innwa.
     
    • Like
    Reactions: CONCORDE777

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    යකෝ ඩුබායි නයිට් ක්ලබ් වැහි වැහලා..:eek:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඩුබායි කියන්නේ රටක්ද මනුස්සයා‍ෙ, ඩුබායි UAE වල නගරයක් නේද :sorry::cool:
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    Dubai hitapu kenek nam newei meka liyala thiyenne. jumeira beach eke public nude sean ona tharam thiyenawa. Dubai wala tharam night club wena kohewath naha. nife road eke awidagena yana kenekuge athin adala room walata adagena yanna ona tharam bangali, morokkan, indian saha lankawe ganu innwa.


    ow badu innawa palenna , eka eka jathiye , eka eka ganata.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    UAE වල තියෙන එක නගරයක් ඩුබායි... තව අබුඩාබි සාජ තියෙනවා