This is an opportunity for those who are willing to assist Flood Victims in Sri Lanka. Kindly contact respective Frico Offices. They will ensure that collected dry rations are distributed among the flood victims.
මේ දිනවල පුවත්පත්වල කියවන්න ලැබෙන්නේ, රූපවාහිනීයේ දකින්න ලැබෙන්නේ ඉතාමත් කනගාටුදායක පුවත්. කඳු නාය ගිහින් පවුල් පිටින් අතුරුදන් වෙලා. ඇල දොළ ගංගා පිටාර ගලලා, ගෙවල් දොරවල් යටවෙලා. මංමාවත් වතුරින් යටවෙලා වාහනයකටවත් යන්න බැහැ. මිනිසුන්ට ඉන්න හිටින්න තැන් නැතිවෙලා.
සමහරවිට අපේම පවුල්වල, අම්මා, තාත්තා, සහෝදර, සහෝදරියෝ, නෑදෑයෝ කෑම නැතිව, බීමට පිරිසිදු වතුර ටිකක් වත් නැතුව අසරණ වෙලා ඇති. දුප්පත් පොහොසත් භේදයක් නැතුව හැමෝම අද අසරණ වෙලා.
මැදපෙරදිග ජීවත්වන අපට ඔවුන් වෙනුවෙන්, අපේම අය වෙනුවෙන්, අපි සියල්ලන්ම එකාවන්ව එකතුවෙලා කිසිවක් කලහැකි නම්.