එහෙම හිතාගෙන හිටපංකො. ඔය උඹට වෙලා තියෙන්නෙ ITN නිව්ස් බලලා වගේ ඔලුව කුරුවල් වීමක්. කිසිම ප්‍රශ්නයක් නෑ ඩොලර් අරන් තියා ගනින්. හැබැයි ගත්ත ගාණට මේ කපේට විකුණන්න බැරි වෙන බව ඔලුවෙ කොහෙ හරි මුල්ලක තියා ගනින්. ඒකට සූදානම් වෙලා තමන්ගෙ stability එකට තියා ගන්නවා නම් කිසිම අවුලක් නැහැ.
සැබෑ පැනික් එක එන්නෙ දැන් නෙවෙයි, ඔය උඹ වගේම මේක මහබැංකු ජිල්මාට් එකක් කියලා හිතාගෙන ඉන්න උන් සිරාවටම රුපියල බහිනවා කියලා දැන ගත්තාම (සමහරවිට පිළිගත්ත financial ආයතන වල Assessment එකක් ප්‍රසිද්ධ වුණාම වගේ) ඩොලර් හලන්න ගන්න එකෙන්.
දැන්මම ටික ටික මාරු කරලා වෙන asset වලට මාරු වුණොත් ඔය ප්‍රශ්නෙ සීමා වෙනවා. හැබැයි උඹ වගේ පොදි ගහගෙන උන්ට පත්තු වෙලා හලන්න ගත්තාම මළ මගුලක් තමයි වෙන්නෙ. එතකල් හිටපංකො කැමති නම්. හැබැයි නොකීවා කියන්න එපා ඉතින්. මම දැන් කට කැඩෙනකල් කිව්වා උඹලට.
