සරලව කිවුවොත්
Primary Key කියල කියන්නේ ඔයාගේ National ID card number එක වගේ දෙයක්. ලංකාවේම ඒ number ඔයාට විතරයි තියෙන්නේ. අපි කිවුවොත් ඔයාගේ නම සිරිපාල පෙරේරා කියල, සිරිපාල පෙරේරා ලා ඕන තරම් ලංකාවේ ඉන්න පුලුවන්, හැබැයි ඔයාගේ NIC number එක තියෙන සිරිපාල පෙරේරා ඔයා විතරයි.
ඒ වගේ db වලත් Primary key කියන්නේ record එකක attribute එකක්. ඒකෙන් unique record එකක් අදුනාගන්න පුලුවන්. Primary key එක duplicate වෙන්නේ නැහැ. ඒ කියන්නේ අදාල table එකේ Primary key එකකින් define කරන්න පුලුවන් එක record එකයි. දෙවෙනි record එක යන්නේ තවත් වෙන value එකකින්.
පලවෙනි record එක item0001, නම් දෙවෙනි එක එක්කෝ item0002 වගේ වෙන්න ඕන. ඒ table එක ඇතුලේ ආයේ item0001 කියල record එකක් දාන්න බැහැ
උදාහරණ primay keys, StudentID, BookID, MemberID, NicNumber, ProductID, ඔය වගේ දේවල්
examples
Foreign Key කියල කියන්නේ අපේ db එකකේ තියෙන තවත් attribute එකක්. relational database model එකේදි ( මම හිතන්නේ ඔව් ) tables අතර connection එක තියෙන්නෙ මේකෙන්. හිතන්න table දෙකක් තියෙනවා. දෙක වෙන වෙනම tables. එක table එකක primary key එක StudentID, අනිත් table එකේ Primary key එක SubjectID' කාටහරි මේ table දෙක එකතු කරලා තව table එකක් හදාගන්න or තියෙන ඔය table එකකට අනිත් එකකින් data දාන්න නම් පුලුවන් අර එකක Primary key එක විදියට තියෙන දත්ත ප්‍රධාන table එකට එකතු කරන්න. ඒ කියන්නේ වෙනත් table එකක Primary key එක තමයි තවත් table එකක Foreign Key එක වෙන්නේ.
Foreign keys ඒ table එක ඇතුලේ duplicate වෙන්න පුලුවන්. ඒ කියන්නේ Foriegn Key එකක් විදියට පෙනී ඉන්න table එක ඇතුලේදී පමණයි. අනිත් table එකේදී ඒක අනිවාර්යෙන් Primary key එකක්.
example (ඔය පහල එකේ PatientID එක Primary Key, Foreign Key එක වෙන්නේ DoctorID එක , හැබැයි Doctor table එකේදී DoctorID එක තමයි Primay key එක වෙන්නේ ) ඒ කියන්නේ හැම ලෙඩාටම වෙන වෙනම ID එකක් තියෙනවා. හැම දොස්තරටම වෙන වෙනම ID එකක් තියෙනවා. සමහර ලෙඩ්ඩු එකම දොස්තරගෙන් බෙහෙත් ගන්නවා. ඒ වගේ දෙයක් පහල පෙන්නලා තියෙනව