ඩොක්ටර් කෙනෙක් ඔස්ට්‍රේලියාවට යන්නේ කොහොමද?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    ඕස්ට්‍රේලියාව යනු

    ප්‍රධාන මහාද්වීපය සහ දූපත් රාශියකින් සමන්විත දකුණු අර්ධගෝලයේ පිහිටි රටකි. එය විශාල කාන්තාරවල සිට සශ්‍රීක වැසි වනාන්තර, දිය ඇලි, පොකුනු, සහ විස්මිත වෙරළ තීරයන්ගෙන්ද සමන්විතය. කැන්ගරුවන්ගේ සහ කෝලාසතුන්ට නිවහනක් වන අතර, මහා බාධක පරයේ වර්ණවත් සාගර ජීවීන් විශේෂද ඔස්ට්‍රේලියාව තමන්ගේ නිජභූමිය කරගෙන වාසය කරයි.

    ඕස්ට්‍රේලියාවට සන්ක්‍රමනය වූ විදේශීය උපාධිධාරී වෛද්‍යවරු ඔවුන්ගේ දක්ශතා හරහා ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවා පද්ධතියට දායක වන අතර, ඉහල වැටුප් ලබමින් ඉතා තෘප්තිමත් වෘත්තීය සහ සමාජ ජීවිතයක් ගත කරයි.

    1695543033269.jpeg

    ඔස්ට්‍රේලියාවට යන්නෙ ඇයි?

    බන්කොලොත් රටක ඩොකෙක් වෙලා මොකක් කරන්නද? බෙහෙත් නෑ ලෙඩ්ඩු මැරෙනව, දොස්තරලට බනිනව. හම්බෙන සොච්චම් පඩිය දැක්කම හිනා යනව 😆 ඇදුමක් පැලදුමක් තමන්ට ආස දෙයක් ගන්න තියා, කන්න බොන්න වත් ඇතිද?

    තව ටික කාලෙකින් ඩොකාලට පාරෙදි අල්ලන් ගහන තත්වයක් එන්නත් පුලුවන්.

    සුවවිරුවෝ සිට ඉස්පිරිතාල හැත්ත වෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ.

    මොනවගේ අයටද ඔස්ට්‍රේලියාවට ඇවිල්ල ඉන්න පුලුවන්?

    ලන්කාවෙ වගේ හනමිටි ගොන් අදහස් වලින් ඩොකාලට අයින් වෙන්න වෙනව.

    “ලෙඩා කියන්නෙ වහලෙක් සහ ගොන් ගොබ්බයෙක්”

    “උන් ඉන්න ඕනෙ අපේ අතපල්ලෙන් වැටිච්ච උන් වගේ අපිට වැදගෙන”

    “ලෙඩෙක් උනාම උන් කබ්බො, ඩොකාල තමයි රජවරු, අපි තමයි ලොක්කො, ගහපිය දන”

    කියන ගොබ්බ ගොන් “ටිපිකල් ගොබ්බ ලන්කා ඩොකා” මානසිකත්වයෙන් අයින් වෙන්න වෙනව.

    ඔස්ට්‍රේලියාව කියන්නෙ හරිම කුලුපගව වයිද්‍යවරයා සමග ගනුදෙනු කරන, සියලු වෘත්තීන් වලට ගවුරවයක් ලබාදෙන තැනක්. යම්කිසි කෙනෙක් (ලෙඩෙක් වැනි) තමන්ට වඩා පහත් ලෙස සැලකීම ඔස්ට්‍රේලියානු සම්ප්‍රදායට අනුකූල නොවන කෙනෙකුගේ ලක්ශනයක්.

    ඔයා කෙනෙක්ට පහත් කරල කතා කලොත් සැලකුවොත්, ඒකෙන් වෙන්නෙ ඔයා පහත් කෙනෙක් විදිහට ඔස්ට්‍රේලියානු සමාජය හිතන්න ගන්නව. එමගින් සිදුවන්නේ ඔබට ඔස්ට්‍රේලියාව එපා වීම පමනි.

    ඔස්ට්‍රේලියාවේ ඩොක්ටර් කෙනෙක් වෙන්න තියෙන ප්‍රදාන ක්‍රම මොනාද?

    1. දැනට තිබෙන සුදුසුකම් මත (AMC Assessment):

    දැනට ලබාගෙන ඇති සුදුසුකම් (ඩිග්‍රි වැනි), ඔස්ට්‍රේලියානු මෙඩිකල් කවුන්සියලය හරහා assess කරගැනීම.
    මෙහිදී, ඔබේ දැනට තිබෙන සුදුසුකම් ඔස්ට්‍රේලියානු අද්‍යාපන මට්ටම් වලට ගැලපේද යන්න පරීක්ශා කරනු ලැබේ.
    (කොටින්ම කිව්වොත්, තමන් අරන් තියෙන මෙඩිකල් ඩිග්‍රි එකේ කොලිටි එක හොදයි ද කියල බලනව)

    වැඩි විස්තර ඔස්ට්‍රේලියානු වයිද්‍ය කවුන්සිලයේ වෙබ්පිටුව මගින් ලබාගත හැක
    https://www.amc.org.au/

    2. අනුමත වයිද්‍ය පාලන ආයතන හරහා (CAP):

    ඔස්ට්‍රේලියාව විසින් ඇතැම් රටවල් වල වයිද්‍ය කවුන්සිල හරහා Assessment කරගත් අය සදහාද අවස්තාව දෙනු ලබයි.

    GMC (PLAB විභාගය සදහා හෝ GMC හි කරන ලද අනුමත පාඨමාලා සදහා) - එන්ගලන්තය
    MCC (LMCC) - කැනඩාව
    ECFMG - (USMLE) - ඇමරිකාව
    MCNZ - (NZREX) - නවසීලන්තය
    MCI - අයර්ලන්තය
    NBOME - (COMLEX-USA) - ඇමරිකාව

    වැඩි විස්තර ඔස්ට්‍රේලියානු වයිද්‍ය සභාවේ වෙබ්පිටුව මගින් ලබාගත හැක.
    https://www.medicalboard.gov.au/

    3. වයිද්‍ය කවුන්සිල exams (Standard pathway)

    ඉහත සදහන් සුදුසුකම් සපුරා නොමැති අය සදහා ඔස්ට්‍රේලියානු වයිද්‍ය කවුන්සිලයේ විභාග සමත් වී ඔස්ට්‍රේලියානු වයිද්‍යවරියක/වරයෙකු විය හැක. මෙහිදි AMC exams සහ Clinical Examination (CE) යන කොටස් දෙක සමත් විය යුතුය.

    වැඩි විස්තර ඔස්ට්‍රේලියානු වයිද්‍ය කවුන්සිලයේ වෙබ්පිටුව මගින් ලබාගත හැක
    https://www.amc.org.au/

    4. ඔස්ට්‍රේලියානු සිටිසන් කෙනෙකු විවාහ කරගැනීම.

    කෙනෙක්ට හිතෙන්න පුලුවන් මෙහෙම

    “එක්සෑම් කරන්න බෑ, ඒව කරල දැන් එපා වෙලා ඉන්නෙ”,
    “ඇසෙස්මන්ට් උත් අමාරුයි, කියන තරම් ලේසි නෑ”
    “අනිත් එක ඔය එක්සෑම් ඉවර කරන්න කොච්චර කල් යයිද දන්නෙත් නෑ”
    “ලන්කාවෙ තවත් නම් ඉන්න බෑ, ඉදල වැඩකුත් නෑ ඉක්මනට යන්න ඕනෙ”,
    “අඩු ගානෙ ටිකක් කල් බලන් ඉන්න හරි පුලුවන් මොකක් හරි ශුවර් එකටම යන්න පුලුවන් විදිහක් තියෙනව නම්”
    "AMC එක්සෑම් එකින් එක හිමීට කරගන්නම්, එතකන් කොහොමද ජීවත් වෙන්නෙ සහ ඉක්මනින් එන්නෙ කොහොමද"

    දැන් මොකද කරන්නෙ? කොහොමද ඔස්ට්‍රේලියාවට එන්නෙ?

    ලේසියෙන්ම ඔස්ට්‍රේලියාවට ඉක්මනින් ඇවිල්ල පදින්චි වෙන්න තියෙන හොදම විදිහ තමයි මේක. ඒක නිසා සිටිසන් තියෙන කෙනෙක් ඉන්නව නම් කතා බහ කරල බලන්න හොදද කියල. TR හෝ බ්‍රිජින් වීස, පාට්නර් වීස, පී.ආර්, ඊට පස්සෙ සිටිසන් හම්බෙනව බැන්දම.

    සමහර අය සිටිසන් අරන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ල ඉගෙන ගන්නව (Masters or PhD වගේ) එයාලත් හොදයි බදිනව නම්. මොකෝ එයාල කවද හරි ඉගෙන ගන්න එක ඉවර කරනව, එතකොට අනිත් අයටත් වඩා හොද ජොබ් හොයාගන්නව එයාල.

    (ස්ටූඩන්ට් වීස ඉන්න අය ගැන නෙමෙයි කිව්වෙ, එයාලව බැන්දොත් නම් කට්ට තමයි)

    කොහොමද ඒ වගේ කෙනෙක් හොයාගන්නෙ?

    1. Social media: instagram, facebook වගේ ඒවල friend suggestions එන්න පුලුවන්.

    2. ෆේස්බුක් වගේ ඒවලින් එන රික්වෙස්ට් චෙක් කරන්න. සිටිසන් ගත්ත අය ඔයාලට රික්වෙස්ට් එවනව වෙන්න පුලුවන් ඔයාල නොදැන හිටියට. එහෙම එව්වොත් ගනන් ගන්නෙ නැතුව ගොනෙක් වගේ ඉන්න එපා. මැසේජ් එව්වොත් රිප්ලයි නොකර ඉන්නත් එපා.
    සිටිසන් තියෙන අය ගොඩක් වෙලාවට එයාලගෙ විස්තර දාල තියෙනව එයාලට සිටිසන් තියෙනව කියල. ෆොටෝස් දාල තියෙන ඒව බැලුවමත් පේනවනෙ ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ කියල.

    3. යාලුවන් හරහා හෝ නෑදෑයන් හරහා හොයාගන්නත් පුලුවන්. එයාල දන්න අය ඉන්න පුලුවන්.

    4. මන්ගල යෝජනා දැන්වීම්. නිව්ස්පේපර් ස් වලත් තියෙනව. ඒත් ලේසියෙන්ම හොයන්න කතා කරන්න පුලුවන් ඉතින් ෆේස්බුක් වගේ ඒවලින් තමයි.

    ලන්කාවෙ ඉන්ටර්න්ශිප් එකත් කරලම ඔස්ට්‍රේලියා එන්නද?

    තමන්ගෙ කලින් හිටපු සීනියර්ස් ල, එහෙම නැත්තන් ඔස්ට්‍රේලියාවෙ දැනට වැඩ කරන තමන් දන්න අනෙකුත් ඩොක්ටර්ස්ල කියන්න පුලුවන් “ආ, ලන්කාවෙ ඉන්ටර්න් කරලම එන්න, ඒක තමයි හොදම” වගේ කතා. ඒව ඉතින් කලින් අය වැටුනු වලේ ඊට පස්සෙ ඉන්න අයවත් වට්ටන්න කියන කතා.
    ලන්කාවෙ වගේ නෙමෙයි ඔස්ට්‍රේලියාවෙ ඉන්ටර්න් එකක් කරන්න පුලුවන් නම් තමයි හොදම දේ, ඉතා දියුනු ක්‍රම සහ වයිද්‍ය උපකරන භාවිතා කරල පුහුනු වෙන්න අවස්තාව හම්බෙනව.
    ඒත් ඉතින් ඔස්ට්‍රේලියාවට ඇවිල්ල ඊට පස්සෙ AMC exams වල අඩුම තරමෙ part 1 කරල වගේ තමයි ඉන්ටර්න් යන්න පුලුවන්.
    ඒත් ලන්කාවට වෙලා නොදියුනු උපකරන සහ රෝහල් එක්ක පුරුදු වෙනවට වඩා හොදයි කෙලින්ම ඔස්ට්‍රේලියාවෙම පුහුනු වෙන එක. ගොඩක් වෙලාවට ඉන්ටර්න්ලට ඔස්ට්‍රේලියාවෙ ගෙවනව.

    හරි, ඉන්ටර්න් කරල හෝ නොකර ඔස්ට්‍රේලියාවට ආවාම, AMC එක්සෑම් කරනකන් මම ජීවත් වෙන්නෙ කොහොමද?

    ඒකට විවිද ක්‍රම තියෙනව.

    1. ජොබක් හොයා ගැනීම
    පලවෙනි විකල්පය විදිහට තාවකාලික ජොබක් හොයාගන්න පුලුවන් ඒත් ජොබ් කරන ගමන් එක්සෑම් කරනව කියන්නෙ එපා වෙන වැඩක්. මුලින් ආවාම හොද ජොබ් හම්බෙන්නෙත් නෑ ඔයා ඩොක්ටර් කියල හොද ජොබ් දෙන්නෙ නෑ.

    2. සිටිසන් වැනි අය හා විවාහ වී පැමිනීම
    සිටිසන් අය බැන්දම තියෙන තව වාසියක් තමයි ඉතින් ඔයා AMC එක්සෑම් කරගන්නකන් එයා ඔයාව බලාගනී. ඔයාට තියෙන්නෙ නිදහසේ පාඩම් කරල විභාගෙ පාස් කරගන්න ට්‍රයි කරන එක.

    ---
    අනෙකුත් ත්‍රෙඩ්.

    ඔස්ට්‍රේලියාවෙන් බදිමු
    https://elakiri.com/threads/ඔස්ට්‍රේලියාවෙන්-බඳිමු.2115231/

    Australian Passport ගමු
    ඉතා දැකුම්කලු නිල් පැහැයකින් යුක්ත. අධි ආරක්ශිත උපක්‍රම භාවිත කර තනා ඇති, ලස්සන, ලෝකයේ බලවත්ම පොත් පින්චකි 😍. 2023 හෙන්ලි පාස්පෝට් දර්ශකය අනුව, රටවල් 186 කට අධික ප්‍රමානයකට වීසා නැතුව ගමන් කිරීමේ හැකියාව ඔස්ට්‍රේලියානු පාස්පෝට් එක සතු වෙනවා.
    https://elakiri.com/threads/ඔස්ට්‍රේලියන්-පාස්පෝට්-ගමු.2120477

    Australian සිටිසන් ගමු
    https://elakiri.com/threads/ඔස්ට්‍රේලියානු-පී-ආර්-pr-සිටිසන්-ගමු.2099294/
     
    Last edited:

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    බෝට්ටුවෙන් නම් යන්න බෑ ඩොක්ටර් වුනත් මන් ඇඩ් එකක් දැක්කා
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    බෝට්ටුවෙන් නම් යන්න බෑ ඩොක්ටර් වුනත් මන් ඇඩ් එකක් දැක්කා

    ඔස්ට්‍රේලියාවෙ සිටිසන් තියෙන කෙල්ලෙක්/කොල්ලෙක් එක්ක යාලුවෙලා ඒ විදිහට යන්න පුලුවන් බන්. ලන්කා නීතිය අදාල නෑ එතකොට. ඔස්ට්‍රේලියාවෙ ඉන්න කෙනාට තමන්ගෙ සහකාරිය/කරුවා ගෙන්න ගන්න පුලුවන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,687
    87,064
    113
    ආශ්චර්යමත් රටක

    ගොඩක් ඒව හරි තැනින් තැන අමු ගොංපාට් කීපයක් තියෙනවා. 😂😂 මේ එකක් 👇🏼

    ඔස්ට්‍රේලියාවේ ඩොක්ටර් කෙනෙක් වෙන්න තියෙන ප්‍රදාන ක්‍රම මොනාද?
    4. ඔස්ට්‍රේලියානු සිටිසන් කෙනෙකු විවාහ කරගැනීම.

    😹😹😹😹😹

    මේ අනිත් එක. 👇🏼මේක නං කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. කරන්න පුලුවන් උනත් ඒක පට්ටම අමාරු වැඩක් ෂුවර් එකටම.

    ලන්කාවෙ ඉන්ටර්න්ශිප් එකත් කරලම ඔස්ට්‍රේලියා එන්නද?

    තමන්ගෙ කලින් හිටපු සීනියර්ස් ල, එහෙම නැත්තන් ඔස්ට්‍රේලියාවෙ දැනට වැඩ කරන තමන් දන්න අනෙකුත් ඩොක්ටර්ස්ල කියන්න පුලුවන් “ආ, ලන්කාවෙ ඉන්ටර්න් කරලම එන්න, ඒක තමයි හොදම” වගේ කතා. ඒව ඉතින් කලින් අය වැටුනු වලේ ඊට පස්සෙ ඉන්න අයවත් වට්ටන්න කියන කතා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    ගොඩක් ඒව හරි තැනින් තැන අමු ගොංපාට් කීපයක් තියෙනවා. මේක නං කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. කරන්න පුලුවන් උනත් ඒක පට්ටම අමාරු වැඩක් ෂුවර් එකටම.

    ඉතින් බ්‍රෝ සිටිසන් තියෙන කෙනෙක් යාලු කරගන්න පුලුවන් නම් ඒකත් එක ක්‍රමයක් ඔස්ට්‍රේලියා එන්න ඩොක්ටර් කෙනෙක්ට. අනිත් ඒව වගේම තමයි. ක්‍රම ටික දැම්මෙ. කැමති කෙනෙක් තමන්ට පහසු විදිහට කරගනී. ඔයා ඇයි රිද්දගන්නෙ? 😁

    ඉන්ටර්න්ශිප් කතාව තවත් එක ක්‍රමයක්, අර කිව්ව වගේ පාට් 1 එක වත් කරන්න ඕනෙ. අමාරුයි තමයි ඉන්ටර්න් ගන්න AMC භාගෙට කරල, ඒත් බැරි නෑ. කරපු අය ඉන්නව. ඒත් AMC ෆුල් කරගත්තොත් අව්ලක් නෑ.

    අලුත් පාස් අවුට් උනු ඩොකාලට ඉරිසියා කරන්න එපා බන් උබ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,687
    87,064
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් බ්‍රෝ සිටිසන් තියෙන කෙනෙක් යාලු කරගන්න පුලුවන් නම් ඒකත් එක ක්‍රමයක් ඔස්ට්‍රේලියා එන්න ඩොක්ටර් කෙනෙක්ට. අනිත් ඒව වගේම තමයි. ක්‍රම ටික දැම්මෙ. කැමති කෙනෙක් තමන්ට පහසු විදිහට කරගනී. ඔයා ඇයි රිද්දගන්නෙ? 😁

    සිටිසන් කෙනෙක් බැඳලා ඕසි ආව කියලා ඩොක්ටර් කෙනෙක් විදියට ප්‍රැක්ටිස් කරන්න බෑනෙ ඕයි. 😹😹
    ඒකට අනිත් ක්‍රම වලට යන්න ඕන. 😂😂

    ඉන්ටර්න්ශිප් කතාව තවත් එක ක්‍රමයක්, අර කිව්ව වගේ පාට් 1 එක වත් කරන්න ඕනෙ. අමාරුයි තමයි ඉන්ටර්න් ගන්න AMC භාගෙට කරල, ඒත් බැරි නෑ. කරපු අය ඉන්නව. ඒත් AMC ෆුල් කරගත්තොත් අව්ලක් නෑ.

    ඉන්ටර්න් නොකර පාට් 1 කරන්න පුලුවන්ද කියන එක මම හරියටම දන්නෙ නෑ. ඒක දන්නෙ නෑ කියලා මම කිව්වනේ. බැරි ඇති කියල මම හිතුවෙ.

    අලුත් පාස් අවුට් උනු ඩොකාලට ඉරිසියා කරන්න එපා බන් උබ.

    හරි බන් එළ. 👍
     
    • Haha
    Reactions: nvhcc89

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කවුද ඩෝව් දොස්තර කෙනෙක් වෙලා ඕස්ට්‍රේලියා වගේ 3rd වර්ල්ඩ් කන්ට්‍රීස් වලට යන්නේ
     
    • Haha
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    සිටිසන් කෙනෙක් බැඳලා ඕසි ආව කියලා ඩොක්ටර් කෙනෙක් විදියට ප්‍රැක්ටිස් කරන්න බෑනෙ ඕයි.
    ඒකට අනිත් ක්‍රම වලට යන්න ඕන.

    දැන් මම එහෙම කිව්වද බැන්දාම ඩොක්ටර් කියල?

    ත්‍රෙඩ් එකේ ටොපික් එක "දොස්තර කෙනෙක් වෙන්නෙ කොහොමද" නෙමෙයි "දොස්තර කෙනෙක් ඔස්ට්‍රේලියා යන්නෙ කොහොමද" කියන එක. ඉතින් සිටිසන් කෙනෙක් බැදලත් ඩොකෙක්ට ඔස්ට්‍රේලියා යන්න පුලුවන්. මොකක්ද අවුල?

    "දොස්තර කෙනෙක් වෙන්නෙ කොහොමද" කියල දැම්මෙ අනු මාතෘකාවක් විදිහට, ඒත් ප්‍රදාන ටොපික් එකට අදාල දේවල් දැම්ම.

    සිටිසන් කෙනෙක් බැන්දාම ඩොක්ටර්ස් ලට වාසි ගොඩක් තියෙනව. මෙතන කිව්වෙ නෑ ගොඩක් ඕෆ් ටොපික් යන්න ආස නැති නිසා.

    ඒත් මේ ත්‍රෙඩ් එකට සම්බන්දයි ඔස්ට්‍රේලියානු සිටිසන් කෙනෙක් බදින එකත් ඔස්ට්‍රේලියාවට එන එක ක්‍රමයක් විදිහට. මොකද එතකොට හිත නිදහසේ ජීවත් වෙන ගමන් හිමීට එක්සෑම් ටික කරගන්න පුලුවන්. නැත්තන් පට්ට කට්ටක් කන්න වෙන්නෙ ජොබ් කරන ගමන් එක්සෑම් කරන්න ගියාම.
     
    බ්ලා බ්ලා වැඩක් නෑ මේ උබ දාපු එක 👇🏼😹

    ඔස්ට්‍රේලියාවේ ඩොක්ටර් කෙනෙක් වෙන්න තියෙන ප්‍රදාන ක්‍රම මොනාද?

    1. දැනට තිබෙන සුදුසුකම් මත (AMC Assessment):
    2. අනුමත වයිද්‍ය පාලන ආයතන හරහා (CAP):
    3. වයිද්‍ය කවුන්සිල exams (Standard pathway)
    4. ඔස්ට්‍රේලියානු සිටිසන් කෙනෙකු විවාහ කරගැනීම.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    බ්ලා බ්ලා වැඩක් නෑ මේ උබ දාපු එක 👇🏼😹

    "දොස්තර කෙනෙක් වෙන්නෙ කොහොමද" කියල දැම්මෙ අනු මාතෘකාවක් විදිහට, ඒත් ප්‍රදාන ටොපික් එකට අදාල දේවල් දැම්ම.

    ඒත් මේ ත්‍රෙඩ් එකට සම්බන්දයි ඔස්ට්‍රේලියානු සිටිසන් කෙනෙක් බදින එකත් ඔස්ට්‍රේලියාවට එන එක ක්‍රමයක් විදිහට. මොකද එතකොට හිත නිදහසේ ජීවත් වෙන ගමන් හිමීට එක්සෑම් ටික කරගන්න පුලුවන්. නැත්තන් පට්ට කට්ටක් කන්න වෙන්නෙ ජොබ් කරන ගමන් එක්සෑම් කරන්න ගියාම.

    ඔයාට සෑහෙන ඇරියස් තියෙනව වගේ 😂 ඇයි රිද්දගන්නෙ ඔයාම?
     
    • Haha
    Reactions: shenat

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,228
    9,125
    113
    කොහෙ යන්නද..නාමල් මාත්තයා ජීවන තත්වේ උසස් කරන්න ඉන්නේ අපේ :yes: :yes: