වැඩ ගොඩක හිටි නිසා උත්තර දීමට තබා ලොග්වන්නට ද බැරි වුනි. ඒ ගැන සමා වන්න......
සියළු ම විය හැකියාවන් මෙසේ දක්වමි.
1- ඔබේ දත් පිරිසිදු කිරීමේ යම් දුර්වලතාවයක් නිසා මැලියම් බැදී විදුරුමස් දියවීමේ රෝගය ඇරඹි ඇත්නම් එය සම් තත්ත්වයකට වැඩි දියුනු වූ විට මෙසෙ සිදුවේ
2- උක්ත කාරණය ම නිසා දත් දෙකක් අතරින් දිරායාම ඇරඹි ඇත්නම් ඔබ පවසන සංවේදීතාවය ඇති වේ.
3- ඔබ ඕනෑවට වඩා බුරුසුව බර කර දත් මදින්නේ නම් විදුරුමස ආසන්නව ඇති තුනි එනැමල ස්ථිය කැපී ගොස් උක්ත දන්ත සංවේදීතිවවය ඇති වේ
4- ඔබේ දත කුමක් හෝ කරුණක් නිසා පුපුරා ගොස් ඇත්නම් ඇතුලත ස්නායු ගෙනයන කල්කය ආසාදනයවීමේ මූලික අවස්ථාවේ දී දත අධි සංවේදීතාවයකට පත් වීමෙන් ද මෙම තත්ත්වය ඇතිවේ.
5- යම් තද දෙයක් හැපීමෙන්/දත යමක තදින් වැදීමෙන් බොහෝ කලකට පසුව දතේ කල්කය මියයාමේ මුල් අවස්ථාවේ ඇතිවන තත්ත්වයක් ලෙසද උක්ත සංවේදීතාවය හට ගන්නා අවස්ථා ඇත.
නොපමාව රෝගීන් ගැන සංවේදී සහ නූතන ප්‍රතිකාර ගැන දැණුමැති දන්ත වෛදයවරයෙක් හමුවී ඔබේ ප්‍රශ්නය පවසා රෝග නිධානය හැදින එයට ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඉල්ලමි.
නැවත, ප්‍රමාදය ගැන සමාව ඉල්ලා සිටිමි......
Bohoma pin.
Rep dunemi. Ihatha pahadili kireem siyalla nowatahe manda wadi washayen uththa yanuwen bawithawa athi hein. 




