ඩොක්ටර් මට ප්‍රශ්ණයක්.

taxacco83

Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    ඩොක්ටර් මට ප්‍රශ්ණයක්.

    කාන්තාව :- ඩොක්ටර් මට ප්‍රශ්ණයක්. මගෙ දරුවට තාම අවුරුද්දක්වත් නෑ. ඒත් මට ආයෙ දරුවෙක් ලැබෙන්න යනවා.

    දොස්තර :- හොඳයි ඉතින් මගෙන් මොකක්ද වෙන්න ඕනෙ?

    කාන්තාව :- මේ දරුවව අයින් කරන්න තමයි ඩොක්ටර්. ඩොක්ටර්ට පුලුවන් මට උදවු කරන්න.

    දොස්තර :- ඒත් මේ දේ ඔයාගෙ ජීවිතේටත් අනතුරක් වෙන්න පුලුවන්.

    කාන්තාව :- ඒත් ඩොක්ටර්... මට මේක කොහොමහරි කරගන්න ඕනෙ.

    දොස්තර :- නෑ මම ඊට වඩා හොඳ විසඳුමක් කියන්නම්. ඒක ඔයාගෙ සෞඛ්‍යටත් හොඳයි. (කාන්තාව හිතනවා දොස්තර වැඩේට කැමති උනා කියලා)

    දොස්තර :- ඔයාට ප්‍රශ්ණෙ තියෙන්නෙ එක පාරට ළමයි දෙන්නෙක් බලාගන්න බැරි එකනෙ.

    කාන්තාව :- ඔව් ඩොක්ටර්.

    දොස්තර :- ඉතින් ඔයාගෙ ගෙදර ඉන්න බබාව ඔයාගෙ අතින්ම බෙල්ල කපලා මරලා දාන්න.

    කාන්තාව :- අපොයි ඩොක්ටර් ඒ මොන අපරාධයක්ද?

    දොස්තර :- ඉතින් මේ කරන්න යන එකෙයි ඒකෙයි වෙනසක් නැහැ. දෙන්නම දරුවො. වෙනස තියෙන්නෙ ඒ අපරාදේ ඔයා මගෙ අතින් කරවන්න යන එකයි. ඊට වඩා ඔයාගෙ අතින්ම කලානම් ඒක හොඳයිනෙ. දරු ගැබක් කියන්නෙත් ජීවිතයක්. තප්පරයක් තප්පරයක් පාසා මේ ලෝකෙ එළිය දකින්නත් කලින් මරාදාන ඒ අහිංසක දරුවන් ගැනත් මදක් හිතන්න. ඔවුන්ට මේ ලෝකෙට එන්න අයිතියක් නැද්ද? ඇයි ඒ අහිංසක දරුවට ජීවිතේ බාගෙට දීලා සරදමක් කරන්නෙ. කාටවත් කියන්න බෑ මට මේ දරුවා කුසට ආවේ පාරේ බිම බලාගෙන ඇවිදගෙන යද්දි කියලා. නැත්තන් මේ දරුවා පොතක් බල බල ඉද්දි කුසට ආවා කියලා. තමුන්ගෙ උවමනාවෙන් කරගන්න දේකට අහිංසක දරුවෙක්ගෙ ජීවිතයක් පළිද.?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තමුන්ගෙ උවමනාවෙන් කරගන්න දේකට අහිංසක දරුවෙක්ගෙ ජීවිතයක් පළිද.

    78.gif

    හ්ම්.. සහතික ඇත්ත....